“රජ පවුලයි මා වවුලෝයි” ප්‍රගීත් බිලිගත් හැඩයි

"රජ පවුලයි මා wawuloyiඅභිරහස් ලෙස අතුරුදන් වූ ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා පැහැරගෙන ගොස් ඝාතනය කොට ඇත්තේ දෙදහස් දහයේ ජනාධිපතිවරණය සඳහා ඔහු ඇතුළු පිරිසක් ප්‍රකාශයට පත්කළ “ හංස සංදේශය “ පුවත්පතට ලියු “රජ පවුලයි මා වවුලෝයි එල්ලීගෙන රටම හපයි “ ශිර්ස පාටය යටතේ පළවූ ලිපිය නිසා බව විශ්වාස කළහැකි තොරතුරු දැන් හෙළිදරවු වී ඇත .

මෙම ලිපියේ ප්‍රගීත්ගේ මුල් පිටපත අස්ථාන ගත වීය . පසුව හෙළිදරවු වුයේ එය රජයේ ඔත්තුකරුවකු විසින් සොරකම් කොට ආරක්ෂක අංශ වෙත ලබාදී ඇති බවයි .

ප්‍රගීත් අතුරුදන් වීමට දින ගණනකට පෙර ඔහුගේ මිතුරකු වන කෙලී සේනානායකට රහස් පොලීසියෙන් කැඳවීමක් ලැබිණි . බොහෝවිට ප්‍රගීත් තම මුද්‍රණ කටයුතු කළේ කෙලී ගේ මුද්‍රනලයේය . රහස් පොලීසියට කැදවූ කෙලී ගේ අත් අකුරු පරීක්ෂාවකින් පසුව ප්‍රශ්න කරනු ලැබීය . ඉන්පසුව ඔහු වෙත ඉදිරිපත් කර ඇත්තේ ප්‍රගීත්ගේ ඉහත කී ලිපියේ මුල් පිටපතයි . පරිගණක යතුරු ලියනය කොට තුබූ ලිපිය අත් අකුරින් සංස්කරණය කොට තිබිණි . එම අත් අකුරු හදුනාගත හැකිදැයි කෙලීගෙන් විමසු විට නැතැයි පිළිතුරු දී ඇත . රහස් පොලීසියට අවශ්‍ය වුයේ ලිපිය සංස්කරණය කළ තැනැත්තා හදුනාගැනීම බව පෙනෙන්නට ඇත . එහිදී කෙලීට දැනගන්නට ලැබී ඇත්තේ ඉහළින් ආ නියෝගයක් මත මෙම පරීක්ෂණය සිදුකරණ බවයි .

ප්‍රගීත් ලියු ඉහත කී “රජ පවුලයි මා වවුලෝයි එල්ලීගෙන රටම හපයි “ ලිපිය ඇතුළත් “හංස සංදේශය “ පුවත්පත මුද්‍රණය කරන ලද්දේ ද කෙලී සේනානායක මහතාට අයත් “නවමග” මුද්‍රනාලයේය.

ප්‍රගීත් පැහැරගැනීම ආරක්ෂක අංශ සම්බන්දවී සිදුකරණ ලද්දක් බවත් එය ඉහළ බලවතුන්ගේ නියෝග මත සිදුවූ බවත් දැන් හෙළිදරවු වෙමින් පවතියි . එයට ප්‍රගීත්ගේ ඉහත ලිපිය හේතුව වියහැකි බව ඉහත තොරතුරු වලින් පැහැදිලි වනු ඇත .

( “රජ පවුලයි මා වවුලෝයි “ ලිපිය ඉදිරියේදී බලාපොරොත්තු වන්න )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *