විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යහපත් ප්‍රතිචාරයක් අවශ්‍යයි – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න-Vedio

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිලිබදව අපිට ලැබෙන ආරංචි අනුව එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රීලංකා නිදහස් පක්ෂයඅතර පසුගිය දින පැවති සාකච්ඡා වලදී කාරණා ගනනාවක් සම්බන්දයෙන් එකගතාවයකට පැමිණ තිබෙනවා.මැතිවරණ ක්‍රමය හා බලය බෙදාහැරීම සම්බන්ධයෙන් පුලුල් වශයෙන් එකගත්වයකට පැමිණ තිබෙනවා.බලය බෙදාහැරීම සම්බන්දයෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂය යහපත් ප්‍රතිචාර දක්වා තිබෙනවා.නිදහස් පක්ෂ පලාත් මහ ඇමතිවරුන් විසින් බලය බෙදීම පිලිබදව යෝජනා රාශියක් ඉදිරිපත් කොට තිබෙනවා.

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය එකගත්වයකට පැමිනියත් නිදහස් පක්ෂය මේ වන විටත් ඔවුන්ගේ ස්ථාවරය පැහැදිලි කර නෑ.විධායක ජනාධිපති ධූරය සුලු වෙනස්කම් පමණක් සිදුකොට ඉදිරියට පවත්වාගෙන යාමට ඔවුන් උත්සහ දරණ බවක් අපට ආරංචී වී තිබෙනවා.ජනවාරි අටවෙනිදා බලයට පත් වුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ප්‍රතිඥා දෙමින්.නමුත් නිදහස් පක්ෂය ගන්නා ඇතැම් තීරණ වලට ඒවා පටහැනි බව අපට පෙනීයන කරුණක්.විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ස්ථාවරයේ කිසියම් වෙනසක් තිබෙන බවක් අපට පෙනෙන්නේ නෑ.

සෝභිත හිමියන්ගේ අවමගුල් උත්සවයේදීත්,ගියවසරේ නිදහස් පක්ෂයේ සංවිධායක වරුන්ගේ රැස්වීමකදීත්, සිවිල් පුරවැසි සංවිධාන හමුවූ අවස්ථා වලදීත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට එතුමා ප්‍රකාශ කලා.ජනාධිපතිතුමාගේ එම ස්ථාවරය අපට ලොකු ධෛර්යක් .කණගටුවට කරුණක් වන්නේ ,2015 ජනාධිපතිවරණය ජයග්‍රහණයට දායක නොවූ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් පිරිස විධායක ජනාධිපති ක්‍රමය ඉදිරියටත් පවත්වාගෙන යාමට උත්සහ දැරීමයි.අපි ඒ අයගෙන් ඉල්ලා සිටින්නේ.විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ක්‍රියාවලියට යහපත් ප්‍රතිචාරයක් ලබාදෙන ලෙසටයි.

 

https://www.facebook.com/wicjaya/videos/503048906703228/

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *