සයිටම් ප‍්‍රශ්නය දේශපාලන කුමන්ත‍්‍රණයක් , ආණ්ඩුව දැඩි තීන්දුවක් ගත යුතුයි – සයිටම් දෙමාපිය සංගමයේ සභාපති ගැමුණු විජේරත්න

ජනාධිපතිතුමාගෙ මැදිහත් වීමකිනුත් සයිටම් ප‍්‍රශ්නය, එහෙමත් නැත්නම් පුද්ගලික වෛද්‍යවිද්‍යාල ප‍්‍රශ්නය තවම විසඳිලා නෑ.
ජනාධිපතිතුමා මැදිහත් වුවත් තාම ඒ කාර්යභාරය අවසන් කරල නැහැ. ගැසට් පත‍්‍රයක් නිකුත් කරනව කියල කිව්වත් තවම ඒ ගැසට් පත‍්‍රය නිකුත් කරල නැහැ. ගැසට්පත‍්‍රය තුළ අදාල පාර්ශවයන්ට පිළිගත හැකි විසඳුම් තියනවා. ජනාධිපතිතුමාගේ ලේකම් තුමා විසින් ඒ නිවේදනය නිකුත් කරල තිබුණ. ඒකෙ විසඳුම් තිබුණ හැම පාර්ශවයකටම පිළිගත හැකි විසඳුම්. අපිත් කියන්නේ මේක වහාම විසදන්න. දැන් කල් මැරුවා ඇති කියලයි. සාධාරණ විසඳුමක් ලැබිලා මේ ප‍්‍රශ්නය ඉක්මනින් නිමාවිය යුතුයි.
මේ ප‍්‍රශ්නය දැන් දිගුකාලයක් තිස්සේ ඇදෙමින් තියෙනව. මෙයින් දෙපාර්ශවයේම ළමයින්ගේ වටිනා කාලය, මුදල් නාස්තිවෙනව. විරෝධතා නිසා සාමාන්‍ය ජනතාවට, ගමනාගමනයට හිරිහැරයක් වෙනවා. දැන් රජයේ දෙපොළ හානිකරන තත්ත්වයකට පවා ඇදවැටිලා තියෙනවා?
අද මම කතාකරන්නේ දෙමාපිය සංගමය විදිහටත් වැඩිය වෘත්තිය සමිතියක් නායකයෙක් විදිහටයි. නමුත් මේක මේ ප‍්‍රශ්නය දැනටම් උඩුදිව්වා වැඩියි. මේ ප‍්‍රශ්නයෙදි සෞඛ්‍ය ඇමතිවරයා විදිහට රාජිත සේනාරත්නත්, උසස් අධ්‍යාපන ඇමිති වරයා විදිහට කිරිඇල්ලත් වගකීම් රහිතව ක‍්‍රියාකරල තියෙනව. ඒ නිසා තමයි මේ රටට මේ ඛේදවාචකයට මුහුණ දෙන්න වෙලා තියෙන්නෙ. සයිටම් එක පැත්තෙනුත්, රජයේ විශ්ව විද්‍යාල පැත්තෙනුත්, ආණ්ඩව හැටියටත් තුන්කොන් සටනකට මේක ඇදල දැම්මේ ඇමතිවරුන්ගේ හිතුවක්කාර ක‍්‍රියාකලාප නිසා.
ගැසට්පත‍්‍රය පත‍්‍රයේ අඩංගු කරුණු දෙපාර්ශවයටම එක`ග වෙන්න පුලූවන් ඒවද?
එක`ග නොවෙන තැන් තියෙනව. මම දැක්කා නෙවිල් ප‍්‍රනාන්දු මහත්මයත් එකගත්වයක් පල කරල නෑ යම් යම් කරුණුවලට. වෛද්‍ය නිලධාරින්ගේ සංගමයත් යම් යම් කරුණුවලට එකගත්වයක් නෑ. නමුත් හැමදෙනාම සතුටු කරන එක`ගතාවයකට එන්න ලැබෙන්නෙ නෑ. සියයට සීයක් හැම දෙනාවම සතුටු කරන්න බැරිවෙයි. මේ නිසා මැද තැනකට ආ යුතුයි. ශිෂ්‍යන්ටයි සාධාරණයක් විය යුත්තේ. මෙහෙම කරන්න ගියොත් මේ ටේ ප‍්‍රශ්නයක් විසදන්න බෑ. මම කියන්නේ ආණ්ඩුවක් විදිහට දැඩි තීන්දුවක් ගත යුතුයි ‘අපි මේ ස්ථාවරයේ ඉන්නව. අපිට කරන්න පුළුවන් දේ මෙපමණයි. මීට වඩා අපිට කරන්න දෙයක් නෑ’ කියලා ස්ථාවරයක ඉන්නව නම් කාටත් එතෙන්ඩ එන්න සිදුවෙනව. මම බලාපොරොත්තු වෙනව අගමැතිතුමත් මේකට මැදිහත් වෙයි කියල. මෙතෙක් ජනාධිපතිතුමා විතරයි මෙයට මැදිහත් වුනේ.
මේ ප‍්‍රශ්නෙදි කතාකරන්නේ රජයේ පාර්ශවයයි, රජයේ විශ්වවිද්‍යාල පාර්ශවයයි, වෛද්‍ය නිලධරින්ගේ සංගමයයි, නෙවිල් ප‍්‍රනාන්දු ආයතනයේ පැත්තතයි ගැන පමණයි. සයිටම් විශ්වවිද්‍යාලයේ සිසුන් ගේ පාර්ශවය ගැන ප‍්‍රමුකත්වයක් නෑ නේද? මේ ප‍්‍රශ්නයේ දී අසරණ වෙලා ඉන්නේ ඔවුනුයි.
 මේ වන විට ශිෂ්‍ය කණ්ඩායම් තුනක් පිටවෙලා තියෙනව. දැන් විභාගයට මුහුණ දෙන්නේ හතරවන කණ්ඩායම. ඔවුන්ට හරිම ආසාධාරණයක් සිදු වෙලා තියෙනව. පළමු කණ්ඩායමේ ශිෂයන් වෙනුවෙන් අධිකරණයේ පිහිට පැතීමට පවා ඔවුන්ට සිදුවුනා.
අධිකරණය මගින් විසඳුමකට එන්න හැකි වුණා ද.
එක බරපතල ප‍්‍රශ්නයක් බවට පත් වුනා. ඒ පිළිබඳව මම සයිටම් එකට චෝදනා කරනවා. සාමාන්‍ය ක‍්‍රමයට ප‍්‍රශ්නය විසඳගන්නෙ නැතුව නීතියට ගිහින් විකල්ප මාර්ගයකින් යන්න ගිය නිසා ඒ දරුවොත් අසරණ වෙලා තියනව. දැනට ඉගෙන ගන්න දරුවොත් අසරණ වෙලා තියෙනව.
මේවන විට හතරවන කණ්ඩායමට විභාගයට සුදානම් වෙන්න කියල දැනුම් දීලා තියෙනව. ඒකට දරුවන් ඉදිරිපත් කරන්න දෙමාපියන් සූදානම් නෑ. නිසි පුහුණුවක් නැතුව විභෘගෙට වාඩිවෙලා නැවත අධිකරණයට යන්න අවශ්‍යතාවයක් නැහැ. බාල දොස්තර කෙනෙක් බිහිකරන්නත් අපිට අවශ්‍ය නැහැ. ඒ නිසා අපි කියන්නේ මේ සායනික පුහුණුවල අඩුපාඩු සපුරලා විභාගෙට තියන්න කටයුතු කරන්න කියලා. උසස් අධ්‍යාපන ආමාත්‍යාංශය සයිටම් ආයතනයට දැනුම් දුන්නා මේ වෙලාවේ විභාගය නොතියා කල් දාන්න කියල. සයිටම් ආයතනයත් අත්තනෝමතික ක‍්‍රියා කිරීමක් කරනව. අපි කියන්නෙ ඒකයි. සයිටම් එකේ මේ අත්තනෝමතික ක‍්‍රියාමාර්කය අපි පිළිගන්නේ නැහැ. මොකද දරුවන්ගේ ජීවිතය සයිටම් එකේ මුදල්වලට සම කරන්න හැකියාවක් නැහැ. අපේ දරුවන්ගේ ජීවිත අපිට ඔක්කෝටම වැඩිය ලොකුයි. මේ නිසා අපි කියන්නේ මේ සෙල්ලම දිගින් දිගට ගෙනියන්නෙ නැතුව විසඳන්න කියලයි.
මේ ප‍්‍රශ්නය දිගින් දිගට යන්න කොට දේශපාලඥයින් මැදිහත් වෙනව. ඔවුන් අනුග‍්‍රහය දක්වනවා. දේශපාලන අනුග‍්‍රහය තුළ තමයි මේ සිදුවන චණ්ඩි කතන්දර සිදුවෙමින් තියෙන්නේ. ඒ නිසා අපි කියන්නේ මේවා කරන්න එපා කියලයි. අපිට දරුවන්ට වඩා කවුරුවත් නෑ. අපේ ඉවසීමා සීමා වෙන්න පුළුවන්. ආණ්ඩුව සයිටම් එක නලව නලව ඉඳලා හරියන්නේ නැහැ. ඒ වගේම ජී.එම්. ඕ. එකත් නලව නලව ඉඳලා හරියන්නෙ නෑ. ආණ්ඩුව හරි තීරණයක් ගත යුතුයි. දැඩි තීරණයක් ගත යුතුයි. එහෙම නැතුව මේ ප‍්‍රශ්නය විසඳන්න බෑ. මෙයින් අසරණ වෙන්නේ ශිෂයන්. දැන් ඉන්න හතරවන කණ්ඩායමේ ළමයි 58 දෙනෙක් ඉන්නවා. මීට ප‍්‍රථම කණ්ඩායම් වල එතරම් ළමයි හිටියේ නැහැ. නමුත් අපේ කණ්ඩායමට සායනික පුහුණුව අඩුවෙනුයි ලැබුණේ.  එක් බරපතල ප‍්‍රශ්නයක් එහෙම නැතුව විභාගෙ තියන්න අපි ඉඩ දෙන්නේ නැහැ. සයිටම් ආයගනය විභාගය තියන්න සැලසුම් කරලා තිබුණා. දෙමාපියන් වශයෙන් අපි ඒකට විරුද්ධ වුනා.
මේ ප‍්‍රශ්නය දිහා බලන කොට මෙය විසඳන්න නම් හැම පාර්ශයක්ම දැඩි තීරණවල නොසිට යම් නම්්‍යාතාවක් දැක්විය යුතුබව පේනවා. නම්‍යතාවකින් තොරව, දැඩි තීරණවල ඉන්නේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයද? සයිටම් එකද?
දෙපැත්තම දැඩි ස්ථාවරයන්වල ඉන්නව. සයිටම් එකත් ඒ ආකාරයෙන්ම ඉන්නව. වෛද්‍ය නිලධාරින්ගේ සංගමයත් ඉන්නව. මේ නිසා මම කියන්නේ ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවේ පාර්ශවයන්ට තදබල ක‍්‍රියාමාර්ගයකට යන්න කාලය එළඹිලා තියෙනව.  මේක ඉක්මනින් විසඳුවෙ නැත්නම් ලේ වැගිරිමකින් අවසන් වෙන්නත් පුළුවන්. මේ සටනේ දෙගොල්ලම හදන්නේ තමන් දිනන්න. ඒක බරපතලම ප‍්‍රශ්නයක්. මේ දෙපැත්තටම හිරවෙලා අපේ දරුවො අසරණ වෙලා ඉන්නවා. රජයේ විශ්වවිද්‍යාලවල ඉන්නෙත් අපේ දරුවො, සයිටම් එකේ ඉන්නෙත් අපේ දරුවෝ. රටේ තරුණ දරුවොත් එක්කයි ආණ්ඩුව මේ සෙල්ලමක් කරන්නෙ.  අපි කියන්නේ ආණ්ඩුව බලය පාවිච්චිකරල සාධාරණ විසඳුමකට කඩිනමින් එන්න කියලයි.
ආණ්ඩුව මේකයි රජයේ ස්ථාවටය කියල තීරණයකට ආවොත් දෙපැත්තම එය පිළිගනීද?
පිලිගත්තෙ නැහැනෙ මෙච්චර කල්. පිලිගන්වන්න වෙනව. මේක තමයි රජයේ ස්ථාවරය කියල.
ආණ්ඩුවේ නිර්නායක හදන්නේ කවුද? රජයේ වෘත්තීය වේදින්ද? ස්වාධීන බුද්ධිමතුන් විසින් ද? පාර්ශව දෙකේම නියෝජිතයන් එකතුවෙලාද? නැත්නම් කොහොමද?
ජනාධිපතිතුමාගේ හොඳ නිවේදනයක් ජනාධිපතිතුමාගේ ලේකම්තුමා විසින් දැනුම් දීලා තිබුනා. ඒක හොඳ කාලීන හා වැදගත් පණිවිඩයක්. වෛද්‍ය අධ්‍යාපනය කියන්නේ ඉතාමත් උසස් දෙයක්. ඒ පිළිබඳ විශේෂඥයින්ගේ දැනුම ලබාගන්නව නම් වැදගත්. ස්වාධීන විශේෂඥ කණ්ඩායමකින් උදව් ලබාගෙන මේය විසඳීමට යෝජනා ගේනව නම් වැදගත්. කාටත් පිළිගන්න පුලූවන්. ඒ වගේම පක්‍ෂග‍්‍රාහිව ක‍්‍රියාකිරීමත් බරපතල ප‍්‍රශ්නයක්. සයිටම් එක පැත්තටවත්, ජී.එම්. ඕ. එක පැත්තටවත් නෙමේ. අපි කතා කරන්නේ අපේ දරුවො වෙනුවෙන්.  මේක විසඳෙන්නෙ නැත්නම් අපි වෘත්තීය සමිති විදිහට ක‍්‍රියාත්මක වෙනව.
ඔබ නියෝජනය කරන්නේ පුද්ගලික බස් හිමියන්ගේ වෘත්තිය සංගමය. රටේ වෙනත් වෘත්තිය සංගම් මේකට මැදිහත්වෙන්නෙ නැද්ද? වාරය, දුම්රිය, රජයේ ලිපිකරු, බැංකු ආදී වෘත්තිය සමිති රැුසක් තියෙනවා.
ඉදිරි දින කීපයේදී අපි වෘත්තිය සමිති මැදිහත් වීමක් වෙනව. ලංකාවේ තියන වෘත්තිය සමිති සියල්ලම අපි ඒක රාශි කරමින් ඉන්නව. ප‍්‍රවාහන වෘත්තිය සමිති ඇතුළු වෘත්තිය සමිති ගණනාවක් අපි එකතු කිරීමට සැලසුම් කරමිනි සිටිනව. ලබන ඉරිදට අපි සියලූම වෘත්තීය සමිති මගින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරන්න සැලසුම් කරල තියනව.
ජාතික වාත්තිය සමිති සම්මේලනය දෙකඩ වීමක් සිදුවෙලා තියෙනව නේද?
ඔව්. එහි දෙකඩ වීමක් සිදුවෙලා තියෙනව. සමන් රත්නප‍්‍රිය සහෝදරය වෙනම කණ්ඩායමක් ලෙස පෙනී සිටිනව. වෘත්තිය සමිති ඒකාබද්ධව වැඩ සාමුහිකතාවයකින් වැඩ කරන්න  ඕනෙ. එහෙම නැතිවෙනකොට ප‍්‍රශ්න ඇති වෙනව. ඒක නිසා අපි වෘත්තීය සමිති සංධානයකට නොයා අපේ අනන්‍යතාවයකින් වැඩ කරගෙන යන්නේ. අපේ වෘත්තිය සමිතිය ලංකාවේ ප‍්‍රබලම වෘත්තිය සමිතියක්. අපිට පුළුවන්  ඕනැම අවස්ථාවය රටට දැනෙන්න යමක් කරන්න. අපි වැඩකටයුතු කරන්නේ හරි වැරදි වටහාගෙනයි.
ඔබ කියනවා සයිටම් ප‍්‍රශ්නෙදි දෙපැත්තටම දේශපාලන බලපෑම් තියනව කියල. සයිටම් එක පිටුපස්සෙ ඉන්න දේශපාලන කණ්ඩායම කවුද? රජයේ වෛදශ නිලධාරි සංගමය හා විශ්වවිද්‍යාල සිසුන් පැත්තෙ ඉන්න දේශපාන කල්ලිය කවුද?
සයිටම් එක කියන්නේ දේශපාලන කුමන්ත‍්‍රණයක්. යහපාලය ගේන්න ඉස්රවෙලා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩ කෙරුවෙ මහින්ද රාජපක්‍ෂට  සහයෝගය පිණිස. ඔවුන් ජනවාරි 8 විප්ලවයට දායකත්වය ලබා දුන්නේ නැහැ. ඔවුන් මහින්ද රාජපක්‍ෂ මහත්තයගෙ හස්තයෙන් ර`ගදැක්වීමක් කරන බව පේනව.  සයිටම් එක පැත්තෙනුත් නෙවිල් ප‍්‍රනාන්දු මහත්තය මහින්ද රාජපක්‍ෂගෙ බොහොම හිතවතෙක්. ඔහු ජනවාරි 8 ට පෙර පූර්ණ වශයෙන් මහින්ද රාජපක්‍ෂට වැඩකරපු කෙනෙක්. මේක මම ප‍්‍රථමවරට අද හෙලිකරන්නේ, මේ අතර තවත් කෙනෙක් මේක ඇතුළෙ ඉන්නවා. ඒ තමයි ආනන්ද සමරසේකර සයිටම් උපකුලපති. එයා තාජුඩින් ඝාතනයෙත් යම් සැකකරුවෙක්. ඔහු සයිටම් ප‍්‍රශ්නය මේ තත්ත්වයට අවුල් කරන්න විශාල මෙහෙයුමක් කළා. මම හිතන්නෙ මොහුගේ ක‍්‍රියාකලාපයෙන් ආණ්ඩුව අස්ථාවර කරන්න උත්සාහ කරනවද කියල සැකයක් තියනව. ඔහු මේක ඇතුළට ඇවිල්ලා මහින්ද රාජපක්‍ෂගෙ කොන්ත‍්‍රාත් එකක් කරනව කියල හිතන්න පුලූවන්. සිසුන් අධිකරණයට යාමට මූලික අඩිතාලම හැදුවෙත් ආනන්ද සමරසේකර. අපි යන්න  ඕන මාර්ගයෙ නොගිහින් විකල්ප මාර්ගවල ගියහම වැඩ අවුල් වෙනව. මම හිතන්නෙ මේක දේශපාලන කුමන්ත‍්‍රණයක්.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *