හම්බන්තොට වරාය – ඉඩම් අක්කර 15,000ක් චීන ආයෝජකයින්ට පැවරීමට එරෙහි වාසුගේ පෙත්සම ඉවතට

හම්බන්තොට වරාය හා ඒ අශ්‍රිත ඉඩම් අක්කර 15,000ක් චීන ආයෝජකයින්ට පැවරීමට රජය ගෙන ඇති තීරණය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ ඇති බව වාර්තාවේ.

සිසිර ද ආබෘ,බුවනෙක අලුවිහාරේ  සහ අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර  විනිසුරුවරුන් විසින් මෙම තීන්දුව ලබා දුන් බව සදහන්.

හම්බන්තොට වරාය සහ ඒ ආශ්‍රිත ඉඩම් අක්කර 15,000ක් චීන අයෝජකයින්ට පැවරීමට රජය විසින් ගෙන ඇති තීරණය නීතියට පටහැනි  බව පෙත්සම ඉදිරිපත් කරමින් වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා සඳහන් කර ඇති අතර ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතියක් ලබා ගෙන නොමැති බව  ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා එසේ කිරීම ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට පටහැනි බව පෙන්වා දී තිබුණි.

පෙත්සමට එරෙහිව මූලික  විරෝධතා ඉදිරිපත් කරමින් නීතිපතිවරයා කියා සිටියේ පෙත්සම්කරු සත්‍ය කරුණු වසන්කර ආදාළ පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි.

එම ව්‍යාපෘතිය ආරම්භ වන්නේ 2012 වසරේ අත්සන් කළ අවබෝධතා ගිවිසුමක් අනුව බව සඳහන් කළ නීතිපතිවරයා එය වත්මන් රජයේ ව්‍යාපෘතියක් ලෙස හැගවීමට පෙත්සම්කරු උත්සහ කරන බව පෙන්වා දී ඇත.

එය සාවද්‍ය  කරුණක් බැවින් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇති අතර ඉදිරිපත් වූ කරුණු සලකා ලැබූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවන් පෙත්සම නිශ්ප්‍රභ කිරීමට තීන්දු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *