නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබාදෙනවා – අගමැති //vedio//

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබද සම්මන්ත‍්‍රණයක් දකුණු අප‍්‍රිකාවේ හිටපු නියොජ්‍ය අගවිනිසුරු ඩික්ගැන් මොසිනේකේ මහතාගේ ප‍්‍රදානත්වයෙන් පසුගිය 28 වනදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක කමිටුවේ සභාපති අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, මැතිඇමතිවරුන්, ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයන් ඇතුළු විශාල පිරිසක් සහබාගී විය. දකුණු අප‍්‍රිකාවේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීමට එකගත්වයකට පැමිණි ආකාරය සම්බන්ධයෙන් මොසිනේකේ මහතා මෙහිදී විශේෂ දේශණයක් පවත්වන ලදි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබාදීමට සියලු පාර්ශව එකගත්වය ප්‍රකාශ කර තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම සම්මන්ත්‍රණය අමතා ප්‍රකාශ කර සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමතිවරයා..

ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධව අපි ක්ෂේත්‍ර ගනනාවක එකගතාවයන්ට පැමිණ තිබෙනවා. විශේෂයෙන් බලය බෙදාහැරීම සම්බන්ධව හා රාජ්‍යයේ ස්වභාවය සම්බන්දයෙන් . අපි හැමෝම එකගවෙලා තියෙන්නෙ රට බෙදන්නෙ නෑ කියලා.බුදුදහමට මුල් තැන දෙන්න සියලු පාර්ශව එකග වෙලා තියෙනවා.ඒ අතරම සියලු ආගම් ඇදහීමේ අයිතිය අපට තිබිය යුතුයි. මම හිතන්නෙ ව්‍යවස්ථා සම්පාදනය ගැන තීරණාත්මක අවදියකයි අප සිටින්නේ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *