රාජපක්ෂලාගේ වැඩ අපේ පක්ෂයට ලැජ්ජාවක් – චන්ද්‍රිකා – කුරුණෑගලදී

මේ රටට ශක්තිමත් පක්‍ෂ දෙකක් අවශ්‍යයි. දැනට තියෙන ලොකුම පක්‍ෂ දෙක ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි, එක්සත් ජාතික පක්‍ෂයයි. එක පක්‍ෂයක් තිබුණොත් ඒකාධිපතිවාදය කරා වැඩිදියුණුවෙලා යන්න පුළුවන්. රාජපක්‍ෂගේ කාලයේ සිද්ධ වුණා වාගේ. ඉතින් මේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය බේරාගත යුතුයි. මගේ ඇෙ`ග් ලේවල තියෙන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය.
සාධාරණ සමාජයක් සඳහා වූ පුරවැසි බලය විසින් සංවිධානය කරන ජනහමු මාලාවේ කුරුණෑගල ජනහමුව අමතමින් හිටපු ජනාධිපත් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය එසේ ප‍්‍රකාශ කළාය. තවදුරටත් ජනතාව ඇමතූ හිටපු ජනාධිපතිතුමිය මේසේ ද පැවසුවාය.

හැමදාම ගැටුම්කාරී දේශපාලනයකට යොමු වෙලා සිටිය අපිට එක`ගතාවයෙන්, සුහදතාවයෙන් කටයුතු කරන්නට ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගන්න පුලූවන් වුණා. කවුරු මොනවා කිව්වත් ඒ තුළින්, මාස හයක් වැනි කෙටි කාලයක් ඇතුළත ඉතා විශාල වැඩ කොටසක් ඉටු කරන්න පුළුවන් වුණා. තවත් වැඩකටයුතු රාශියක් කරන්න තිබුණත්, පැරදිච්ච මහින්ද රාජපක්‍ෂ මහත්තයාගේ, ජනතාව ප‍්‍රතික්‍ෂේප කරපු මහින්ද රාජපක්‍ෂ මහත්තයාගේ, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රීවරු, ඔක්කමල්ලා නෙමේ. සමහර මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තුවේ මහා කාලගෝට්ටියක් ඇති කරලා, පැදුරු අරන්ගිහින්, අරක්කු අරන්ගිහින් පාර්ලිමේන්තුවේ බුදිගෙන, කඩාකප්පල් කාරීවැඩ කරලා මේ රජයෙන් කරන්න හදපු වැඩ කොටස කරන්න දුනනේ නැහැ. පාර්ලිමේන්තුවේ පනත් අනුමත කරන්න දුන්නෙ නෑ. කෙසේ වෙතත් ජනතාවට පොරොන්දු වූ පරිදි විශාල වැඩ කොටසක්  අපි ඉටු කෙරුවා.

මම මේ රජයේ තනතුරු දැරුවේ නෑ. මට තනතුරු ගන්න කිව්වා. මම බෑ කිව්වා. මට නම් බල පෙරේතකමක් නෑ. දෙසැරයක් මේ රටේ සර්වබලධාරී විධායක ජනාධිපති ¥රය දැරුවට පස්සේ මම ගෙදර ගියා. මගේ මිත‍්‍රයෝ මට කෙටුම්පත් හදලා ගෙනත් දුන්නා. මැඩම් තුන්වෙනි හතරවෙනි සැරේට ඉල්ලන්න කියලා. මම බෑ කිව්වා. මොකක්ද ඒ ජරා වැඬේ? මගේ දෙමව්පියෝ එහෙම දේශපාලනයක් නෙමේ මට ඉගැන්නුවේ. එහෙම මනුස්සකමක් නෙමේ මට ඉගැන්නුවේ. රටට මොන හෙනයක් ගැහුවත්, රටේ සියලූම සම්පත් හූරාගෙන කාලා ජීවත් වෙන්න නෙමේ මම ඉගෙන ගත්තේ. මම ඉගෙන ගෙන තියෙන්නේ ජීවිතය ජනතාව වෙනුවෙන් කැප කරලා රට වෙනුවෙන් සේවය කරන්න. මම නම් පැරදිලා නෙම් ගෙදර ගියේ. මෙයා පැරදිලා තමයි ගෙදර ගියේ. මම එක චන්දෙකින්වත් පැරදිලා නෑ මේ දක්වා. ඊයේ පෙරේදා තිබුණ ඡුන්දෙත් අපි දිණුවා. ජනවාරි 8 වෙනිදා තිබුණ ඡුන්දෙ. වැදගත් දේශපාලනයක් කරන කෙනෙක් හැටියට මම ගෙදරට වෙලා හිටියා මෙයාට එහෙම ඉන්න බෑ.

මම ජනාධිපති ¥රය පැරදුනා තමයි. අනේ මට මන්ත‍්‍රීකෙනෙක් විදිහටවත් ඉන්න දෙන්න. මොන විලිලැජ්ජාවක්ද මේක. දැන් පක්‍ෂය භේද බින්න කරලා, පක්‍ෂය දෙකට තුනට කඩලා කටයුතුකරනවා. මිත‍්‍රවරුනි, මේ පුද්ගලයා ගැන කතා කරන්න ගියොත් මට දශක ගාණක් කතා කරන්න පුළුවන්. ඒවා පස්සෙ කතා කරමු. නමුත් එතුමා මේ රටට කරපු ඇබැද්දිය, අපේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට කරපු විනාශය ගැන මට තවදුරටත් බලාගෙන ඉන්න බැරිවුනා.

අපි එදා ආණ්ඩුව වෙනස් කෙරුවා. රට සාර්ථක අතකට යොමු කරගත්තා. නමුත් ඒක ආපස්ස අදින්නට, ආපහු මෙයාට බලය දෙන්නලූ. ඒ මොනවා කෙරුවටද? යුද්ධයක් කරපු හන්දලූ. යුද්ධ එයා තනියම කෙරුවෙ නෑ. එයා කිලිනොච්චිය, මුලතිව් විතරයි අල්ලගත්තෙ. යාපනේ අල්ලගත්තේ මගේ ආණ්ඩුවෙන්. නැගෙනහිර අල්ලගත්තේ යූ.එන්.පී. ආණ්ඩුවෙන්. යාපනය සති දෙකක් ඇතුළත අල්ලගත්තේ මගේ ආණ්ඩුවෙන්. අපි යුද්දෙන් තුන්කාලක් විතර දිනලා එතුමට රට බාර දුන්නේ. අම්මේ….. කියන දේවල්. අර යුද්ධය දිනපු මහ වීරයා සරත් ෆොන්සේකා බිමදාලා ඇදගෙන ගිහිල්ලා හිර කූඩුවට දාලා වද දුන්නා. අනේ මේ බොරුවලට රැුවටෙක මිනිස්සුත් ඉන්නවනි අපේ ගම්වල. යුද්ධය දිනපු නිසා අපිට ඡුන්දය දෙන්න  ඕනැ. එහෙනම් මටත් දෙන්න  ඕනෑ. සරත් ෆොන්සේකා මැතිතුමාට දෙන්න  ඕනෑ ඔක්කොටම ඉස්සරවෙලා.  තව ජෙනරාල්වරු හිටියා. යාපනය අල්ලගත්ත ජෙනරාල්වරු හිටියා. ජෙනරාල් රොහාන් වීරසූරිය, ජෙරී සිල්වා, රොහාන් දළුවත්ත මගේ අනසක යටතේ යාපනේ අල්ලගත්තෙ ඒ අය. ඔවුන් සම`ග කටයුතු කරපු සොල්දාදුවන් හා අනෙක් අය.

මිත‍්‍රවරුනි මේක අපි හිතලා මතලා තේරුම්ගතයුතු දෙයක්. කමක් නෑ අපි හිතමු මුළු යුද්දෙම දිණුවා කියලා තනියම, එහෙමනම් යුද්ධයකට යන මහා විශාල මුදලක් නිසා අපේ වගේ දුප්පත් රටක ආර්ථිය බොහොම දුර්වල වෙනවා. 2009 මැයි මාසේ යුද්දෙ ඉවරවුනේ, දැන් අවුරුදු හයකුත් පහුවෙලා, යුද්දෙ දිණුවට පස්සේ මෙයා බලේ හිටියා අවුරුදු පහමාරක්. එතකොට යුද්දෙ දිණුවට පස්සෙ එතනින් ඉතුරුවෙන මුදලින්, ඉතුරුවෙන සම්පත් වලින් ජනතාවගේ දිළිඳුකම නැති කරන්න කටයුතු කරන්න  ඕනෑ. සංවර්ධනය කරන්න  ඕනැ. මොනවද කෙරුවේ. දිළිඳුකම 2009 ට පස්සේ මේ රටේ විශාල වශයෙන් ඇතිවෙලා තියෙනවා.

මන්දපෝෂණය මේ රටේ වැඩිවෙලා තියෙනවා. මෙයාගේ මුළු වසර නමේක ආණ්ඩුකාලේ මේ රටේ මත්කුඩු පානය, කසිප්පු භාවිතය වැඩිවෙලා තියෙනවා. වැඩි හරියක් අපේ තරුණයො, කොළඹ විතරක් නෙමේ ඈත ගම්මානවල, කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙ. යාපහුවේ පාසැල් ඉදිරියට ගිහිල්ලා කුඩු පැකට් විකුණනවා. ඒවා අපේ ආණ්ඩුව කාලේ තිබුණෙ නෑ. යන්තම් හරි ආරංචිවුනොත් මම කොළඹින් හරි කණ්ඩායම් යවලා ඒවා අල්ලලා මර්ධනය කරනවා. ලෝකේ මත්කුඩු හා මැත්පැන් පානය කරන රටවල්වලින් ප‍්‍රධාන එකක් ලංකාව. මේ රාජපක්‍ෂ මැතිතුමාගේ කෙරුවාව. ස්ත‍්‍රී ¥ෂණය විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. ළමා අපචාර, ළමයින් ¥ෂණය කිරීම වැඩිවෙලා තියෙනවා.

මම හැදුවා ළමා ආරක්‍ෂණ අධිකාරිය කියලා එකක්. රටේ ඉන්න දරුවන්ට ආදරේට. මට පේනවා අපේ රටේ අම්මලා බොහොම දුක් වෙනවා. ඔවුන්ගෙ දරුවන් මත්කුඩු මත්පැන් වලට යොමුවීම, පහුගිය කාලේ ගෙදරින් ගිහිල්ලා ආපහු එනකොට බයේ ඉන්නේ අපචාරවලට ගොදුරු වෙයිද කියලා. මේවා ගැන හිතලා මම වැඩ කෙරුවා. ලෝකයේ පළමුවෙනි රට ලංකාව ළමා ආරක්‍ෂණ අධිකාරියක් හැදුව. මාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගෙන්නලා ඒ ගැන ප‍්‍රසංශා කෙරුවා උත්සවයක් තියලා. ඒක කෙසේ වෙතත් අපට ස්ත‍්‍රී අපචාර හා ළමා අපචාර විශාල වශයෙන් අඩුකරගන්න පුළුවන් වුණා. මම ගෙදර ගියාට පස්සේ විහිළු කාරියක් ගෙනල්ලා එතෙන්ඩ දැම්මා. ඒක කෑවා. එකේ මම ඉතුරුකරලා ගිය මුදල්ටිකත් අතුරුදහන් කරලා. ඊට පස්සේ තවත් කවුද ගෙනත් දැම්මා. ඒකෙන් වෙච්ච දෙයක් නෑ. එන්න එන්න ළමා අපචාර ස්ත‍්‍රී ¥ෂණ වැඩි වෙලා.

මිත‍්‍රවරුනි, අපි මොනවටද මෙයාට ඡුන්දෙ දෙන්නේ?  රටේ ආර්ථිය අන්ත ප‍්‍රපාතයකට ඇදලා දාලා ගෙදර ගියේ. ගෙදර ගියේ නෑ. පන්න දැම්මා. ගෙදර යනකොට ආර්ථිකය අන්ත ප‍්‍රපාතයකට ඇදලා දාලා. රජයේ භාණ්ඩාගාරයේ පඩි ගෙවන්න තව මාස හයකට සල්ලි තිබුණෙ නෑ. ආණ්ඩුවේ සමහරු ඇමතිවරු කැමති නෑ ඇත්ත කතාකරන්න. මට කලින් කතා කරපු කථික මහත්වරු කිව්වා වගේ ලක්‍ෂ 100 ක් වැය වෙන්න  ඕන සංවර්ධන කටයුත්තකට ලක්‍ෂ 250 යි. මම ආරම්භ කරපු වයඹ ප‍්‍රදේශයෙ නොරොච්චෝලේ විදුලි බලාගාරය. මම අත්සන් කෙරුවේ චීනෙට ගිහිල්ලා.  ඩොලර් මිලියන 240 යි. පුලූවන්තරම් සාකච්ඡුා කරලා, පුලූවන්තරම් අඩුකරගෙන. වැඩ පටන්ගත්තා මුල්ගල තියලා. මෙයා ජනාධිපති වෙච්ච ගමන් කොම්පැනියේ ලොක්කෙකුට එන්න කිව්වා. මට 50% ක්  ඕනැ කියලා කිව්වා. ඒ ගොල්ල දෙන්න බෑ කිව්වා. ඊට පස්සේ අවුරුදු දෙකක් වහලා තිබ්බා. ඊට පස්සේ තවත් කොම්පැනියක් පගාව දෙන්න කැමති කරගත්තා. 240 ට අත්සන් කරපු ව්‍යාපෘතිය ඩොලර් 520 යි. පගාව ඩොලර් බිලියන 15 යි. (කෝටි 1500 යි.* එක මිනිහෙකුගේ කොමිස් එක. මේ රටේ ලොක්කො ගන්නවානම් අපි ගත්තහම මොකද වෙන්නේ කියලා තවත් කොටසක් කොම්පැනි කාරයෝ ගත්තා.

මේ වාගේ මම අත්සන් කරපු 10 ක් විතර කැන්සල් කරලා ආයෙ ආපහු දුන්නා. දකුණු අධිවේගී මාර්ගය, මම පටන් ගත්තේ. දැන් කියනවා එයා විතරයි හැදුවේ කියලා. කොළඹ කටුනායක අධිවේග මාර්ගය, අපි පටන් ගතතේ මේ දෙකේම කොන්ත‍්‍රාත් කැන්සල් කරලා දෙක හමාරකට, තුන්ගුණේකට වැඩිය තමයි අලූතින් අත්සන් කෙරුවේ. මේ වාගේ විස්තර කියන්න පුලූවන් හෙට උදේ වෙනකම්.

මිත‍්‍රවරුනි මේ සල්ලි කොහෙන්ද? හොරකම් කරලා සාක්කුවලට දාගත්ත මුදල් කාගෙද? එයාලගේ ආච්චිඅම්මලා ගේ ද? නෑ ජීවන වියදම අඩුකරන්න පුළුවන් මුදල්. මේ රටේ සේවකයින්ගේ පඩි වැඩි කරන්නට තියන මුදල්. අවුරුදු එකොළහක් මම මේ රටේ ජනාධිපතිපදවිය දැරුවා. පළවෙනි වසර අටේ අපි පුළුවන්තරම් ¥ෂණය අඩුකරලා, නාස්තිය අඩුකරලා, රටේ ආර්ථිකය පාලනය කරපු නිසා සැලසුම් සහගතව, හොඳ ප්ලෑන් එකක් හදාගෙන අපිට රජයේ සේවකයින්ගේ පඩි පස්ගුණයකින් වැඩි කරන්න පුළුවන් වුණා අවුරුදු 8 ක් ඇතුළත. ඊට පස්සේ ශතයක්වත් වැඩිකරලා නෑ මේ ආණ්ඩුව බලයට එනකම්. ඇවිල්ලා එක්තරා ප‍්‍රමාණයක් වැඩි කෙරුවත් ඊට වැඩිය අපි වැඩිකරන්න කැමති වුණත් කරන්න විදිහක් නෑ. දැන් ඉතින් ¥ෂණය මැඩපවත්වාගන්න විවිධ ක‍්‍රියාදාමයන් ආපහු ගෙනල්ලා ¥ෂණය කරපු අයව පරීක්‍ෂා කරලා ඒ අයට දඬුවම් කරන අතරේ, ඉදිරියට අපේ ආණ්ඩුව යටතේ ¥ෂණය නොවෙන්නට වෙනම වැඩපිළිවෙලවල් හදාගෙන, නීති රීති හදාගෙන කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒකට ටිකක් කල් යනවා.

මිත‍්‍රවරුණි, මේ ඔක්කොම විනාශ කෙරුවට පස්සේ මට ආපහු දෙන්නලූ. මම කැමතියි දැනගන්න මොකක් සඳහාද කියලා. මොකකටද දෙන්නේ? රට තවත් කන්නද?
මම කතා කරන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගැන. මෙතන ඉන්නවා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ අපේ සහෝදර සහෝදරියෝ, මිත‍්‍රවරුණි, මම ඉපදුනේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ. මැරෙන්නෙත් ඒකේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය කියන්නේ මොකක්ද කියලා මම හොඳට දන්නවා. මේ රටේ ඉන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සියලූ නායක නායිකාවන්ට වැඩිය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආරක්‍ෂා කරන්නට මට යුතුකමක් හා වගකීමක් තියෙනවා.  මම දන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය රාජපක්‍ෂගෙ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නෙමෙයි. කණගාටුයි කියන්න මගෙ තාත්තා හදපු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නෙමෙයි. 1951 මේ රටේ බිහිවුන පක්‍ෂ අතරින් පොදු ජනතාවගේ මහා බලවේගයක් හැටියට බිහිවුන, ස`ග, වෙද, ගුරු, ගොවි, කම්කරු පංචමහා බලවේග මත පදනම් වුන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අද කෑලිවත් නෑ. අද ස`ග, වෙද, ගුරු, ගොවි, කම්කරු වෙනුවට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ රාජපක්‍ෂ මහත්තයා එතනෝල්, මත්කුඩු රජවරුන්ට එන්න කියලා ගෙන්නගෙන පාර්ලිමේන්තුවට ගෙනිච්චේ.

අපේ තරුණ තරුණියන්, ගෙදර ඉන්න මිනිස්සු වෙරි කරලා, කසිප්පු පොවලා, මරණය කරා දක්වා දක්කගෙන යනවා. මිනී මරුවෝ, ස්ත‍්‍රී ¥ෂකයො, පට්ටපල් හොරු, මෙන්න මේක තමයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අද පදනම් වෙලා තියෙන මහා බලවේගය. මේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය මම අඳුරන්නෙ නෑ. මේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනස් කරන්න තමයි මම අවුරුද්  9 ක් නිහඬව ඉඳලා මට ගහද්දි ගහද්දි මම කටවහගෙන නිහඬව හිටියා. මම මගේ ජීවිත කතාවේ දැන් ඒවා ලියනවා. හැමෝම එපා කියද්දි එයාව ජනාධිපුටුවේ ඉන්දෙවුවට කැත විදිහට ගැහුවා. මොකද එයාට බණ්ඩාරනායක නමට විරුද්ධව අසනීපයක් තියෙනවා. ඒ නම අහනකොටත් මොනවා හරි කුණුහරුප කියනවා. මිත‍්‍රවරුනි නිහඬව ඉඳලා මම එළියට ආවේ රට බේරා ගැනීමේ සටනට අනෙක් සියලූ දෙනාම එකතුවෙලා, මගේ ශක්තියත් එකතු කරන්න. විශේෂයෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය බේරා ගන්න. මේ වටිනා පක්‍ෂය අපේ රටට අවශ්‍යයි. ප‍්‍රජාතන්ත වාදය ගැන මම විශ්වාස කරනවා. ප‍්‍රජාතාන්ත‍්‍රවාය ගැන විශ්වාස කරනවානම් මේ රටට ශක්තිමත් පක්‍ෂ දෙකක් අවශ්‍යයි. දැනට තියෙන ලොකුම පක්‍ෂ දෙක ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි, එක්සත් ජාතික පක්‍ෂයයි. එක පක්‍ෂයක් තිබුණොත් ඒකාධිපතිවාදය කරා වැඩිදියුණුවෙලා යන්න පුළුවන්. රාජපක්‍ෂගේ කාලයේ සිද්ධ වුණා වාගේ. ඉතින් මේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය බේරාගත යුතුයි. මගේ ඇෙ`ග් ලේවල තියෙන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය. එහෙම නම් මිත‍්‍රවරුණි, පක්‍ෂය, පක්‍ෂය, පක්‍ෂය කියලා මේ පක්‍ෂය ඩැහැගෙන ඉන්න මිනීමරුවන් පස්සේ ගිහිල්ලා පක්‍ෂය විනාශ කරන්න කටයුතු කරන්නේ කොහොමද කියනඑක මට විශාල ප‍්‍රශ්නයක්. මම හු`ගක් හිතුවා. ගැඹුරට හිතුවා. හු`ගක් කණගාටුවුණා. මට අන්තිමට තීන්දු කරන්න සිදුවුනා, මේ උතුම් පක්‍ෂය බේරාගැනීමට නම්, අපි රට බේරාගතයුතුයි කියලා ඉස්සෙල්ලාම. රට බේරාගන්නා සූදානම්  ඕන කෙනෙක් එක්ක මම එකතුවෙනවා කියලා.

හොරු මිනීමරුවො, ස්ත‍්‍රී ¥ෂකයො නොවන අය. අපිත් එක්ක මේ සටනේ එහෙම අය නෑ.
එහෙනම් මොකක්ද මේ කියන්නේ? ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්සත් ජාතික පක්‍ෂයත් එක්ක එකතු වෙන්න බැරිලූ. මේ පක්‍ෂ දෙකට එකතු වෙන්න පුළුවන්නේ. මගේ ගෙදර කට්ටිය එහා ගෙදර කට්ටියත් එක්ක හැමදාම ඇනකොටාගෙන උසාවි ගිහින් ඉන්නවා. නමුත් අපි හිතමු දෙගොල්ලන්ගෙම ගෙදර ඉදිරියට මහා භයානක රාක්‍ෂයෙක්, එහෙමත් නැත්නම් කොටියෙක් ඇවිල්ලා ඉන්නවා කියලා. අපි තනි තනිව මූට විරුද්ධව සටන් කරන්න ගියොත් අපි විනාශයි. දෙගොල්ලම එකතුවෙලා, ගෙවල් දේකේම තියන අවි ආයුධ එකතුකරගෙන එළියට බැහැලා සටන් කෙරුවොත් අපිට වූ ව විනාශ කරන්න පුළුවන්. අපි එකතුවිය යුතුයි,

මිත‍්‍රවරුණි, මාස 8 ක් 9 ක් එක්සත් ජාතික පක්‍ෂයත් සම`ග ආණ්ඩුවෙ කටයුතු කෙරුවා. අපි පක්‍ෂ දෙක වෙනම කටයුතු කෙරුවා. ආණ්ඩුවේ කටයුතු එකට කෙරුවා. ඉතාමත් සුහදව, තාමත් ශක්තිමත් ලෙස අපිට කටයුතු කරන්න පුළුවන් වෙලා තියෙනවා. බොරු කෙරුවේ නෑ කවුරුත් එකිනෙකාට. අපි තීන්දු කෙරුවා යම්කිසි වැඩපිළිවෙලක්. ඒ වැඩ පිළිවෙල සඳහා බොහෝ අවංකව කැපවෙලා කටයුතු කෙරුවා. එක්සත් ජාතික පක්‍ෂයේ නායකයො, මම, අපි එකට කටයුතු කෙරුවා. මම තනතුරක නැතිවුණාට උදව් කෙරුවා ආණ්ඩුවේ කටයුතුවලට. අපේ පක්‍ෂයෙයි, ආණ්ඩුවේ හිටපු නායකයොයි අපි සියලූ දෙනාම. මොකක්ද මෙතන තියන ප‍්‍රශ්නය?

මේ රට අවුරුදු 2500 ක උතුම් ශිෂ්ඨාචාරයක් තියෙන රටක්. මුළු ලෝකයම පුදුම කරන දේවල් අපි කරලා තියෙනවා. ලෝකයේ දියුණු වාරි ඉංජිනේරුවරු හිටපු රටක්. අවුරුදු 200 කට 300 කට එහා. ලෝකයේ අද දියුණුයි කියා ගන්නා රටවල්වල රජවරු අකුරු ලියන්න දන්නේ නෑ. ඇ`ගිලි අත්සන් ගහන කාලේ, අපේ රජවරු කවි පොත් ලිව්වා. සංදේශ ලිව්වා. මේ

තමුන්නාසේලාගේ දිස්ත‍්‍රික්කයේ දඹදෙණි යුගයේ , ට පෙරත්, මේ වගේ ශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාරයක් ඉතිහාසයක් තිබුණා. අපිට මොකක්ද දැන් වෙලා තියෙන්නේ? අපි ඒවා දෑතින් අරගෙන, අපේ සම්පත් වලින් නිදහසින් පස්සේ  ඕනතරම් ඉදිරියට යන්න අවකාශ තිබුණා.  දැන් අවුරුදු 70 කට කිට්ටු කාලයක් ගෙවිලා තියෙනවා නිදහසින් පස්සේ. මීට ඉස්සර අපි සුද්දන්ට බැන බැන හිටියා. දැන් අපි රට බාර අරගෙන තියෙනවා ලාංකිකයන් වශයෙන්. එක ආණ්ඩුවක් ඇවිල්ලා හොඳින් වැඩ කරනවා.  අඩුපාඩු තියෙනවා ඇති. ඒත් පොදුවේ ප‍්‍රවාහය ඉතාමත් සාර්ථකයි. ඊට පස්සේ මේක ආපස්සට අදිනවා ගව් ගාණක්. ආයේ කවුරුහරි හොඳ ආණ්ඩුවක් ඇවිල්ලා ආයේ ටිකක් ඉදිරියට ගෙනියනවා. අන්තිමට පටන්ගත්ත තැනමයි. අතෙන්ඩ යනවා. මෙතෙන්ඩ එනවා. අන්තිමේදී පටන් ගත්ත තැනට වැඩිය ආපස්සට ගිහිල්ලා. මිත‍්‍රවරුණි, මේක අපි නතර කරමු.

එදා මට මතකයි, අපේ තාත්තලා, අම්මලා දේශපාලනය කරපු කාලේ, වැදගත් මිනිස්සු දේශපාලන නායකයො හැටියට හිටියේ. ඞී.එස්. සේනානායකලා, සර් ඞී.බී. ජයතිලකලා, එස්. ඩබ්ලිව්. ආර්.ඞී. බණ්ඩාරනායකලා, සර් ජෝන් කොතලාවලලා, එන්. එම්. පෙරේරා, කොල්වින් ආර්.ඞී. සිල්වා, එස්. ඒ වික‍්‍රමසිංහ, පීටර් කෙනෙමන්, ශේ‍්‍රෂ්ඨ පුද්ගලයො. ශතපහක්වත් හොරකම් කරපු පුද්ගලයො නෙමෙයි ජනතාවගෙ නාමයෙන්. තමුන්නාසේලාගේ දිස්ත‍්‍රික්කයේ එම්.ඞී. බණ්ඩලා වැනි පුද්ගලයො හිටියා. ඇස්. ජී. නිශ්ශංක ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආරම්භක නායකයෙක්. එතුමාගේ ගෙදර තමයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය බිහිවුනේ කොළඹ, කිරුලපනේ. අද කෝ ඒ වගේ මිනිස්සු? සියයට පහක් නෑ. අත්වල ඇ`ගිලි දහයෙන් ගණන් කරන්න පුළුවන්. මොකක්ද වුනේ අපේ දේශපාලනයට? කොතන හෝ අපේ දේශපාලන ගමන විකෘතිවෙලා තියෙනවා.

අද දේශපාලනයට පොරකකා, වලිකකා එන්නේ කවුද? ඉගෙනගන්න බැරි, ඉගෙන ගන්න පුළුවන් වුණත් ඉගෙන ගන්න කැම්මැලි, අට පාස් වුනේ නැති. ඉගෙන ගත්තේ නැති වුණත් බිස්නස් එකක් කරන්නවත් ශක්තියක් නැති, මහන්සිවෙන්න කැමති නැති,  ඕනෑම දහජරා වැඩක් කරලා මුදල් විතරක් හොයන්න කැමති, වැඩියෙන්ම මුදල් හොයන්න පුලූවන් බිස්නස් එක පාර්ලිමේන්තුව, පලාත් සභාව, පාර්ලිමේන්තුව කියලා හිතන කොටසක් තමයි අද පාර්ලිමේන්තුවට එන්නේ, තමුන්නාසේලාගේ ඡුන්දෙ හි`ගාකාගෙන. සියයට අනූවක් දේශපාලඥයන් ඒවගේ. අද මම ඉදිරිපත් වෙන්නැති නිසා කියනවා නෙමේ. මම මේක ජනාධිපති කාලෙත් කිව්වා. මට මතකයි මහින්ද රාජපක්‍ෂ ‘මැඩම්  ඕවා කියන්න එපා’ කිව්වා. මම ඇහුවා ‘ඒ ඇයි? එහෙනම් වෙන මොනවද කියන්නේ?’ ඉතිහාස වෙනස් වුණා විවෘත ආර්ථිකේ මේර රටට ඇතුල්වෙච්ච දවසේ. විවෘත ආර්ථිකේ ප‍්‍රශ්නයක් නෑ. විවෘත ආර්ථිකේ ගෙනල්ලා. ඩොක් ගාලා දැම්මා, විදේශ රටවල, බටහිර රටවල පැරණි ආර්ථිකය විවෘත ආර්ථිකයට පරිවර්තනය වෙන්න වසර 250 ක් 300 ක් ගතවුණා. අපේ අවුරුදු 2 න් කරන්න බැලූවා. ඒ ෂොක් එක අපේ සමාජයට දරාගන්න බැරිවුනා. සමාජ ආර්ථික ව්‍යුහයට දරාගන්න බැරිවුණා.

මේ තුළ හැම කෙනාම ඡුන්දෙට එනවා. ඇයි මේ? අරක්කු ටිකක් ගෙනල්ලා බෙදපුවාම, මුදල් ටිකක් බෙදපුවාම, බොරු කිව්වාම, ඔව්, ඔව්, මම තමයි රජා කියලා කිව්වාම, අනේ අපේ මිනිස්සු රැුවටිලා ඡුන්දය දෙනවා. මිත‍්‍රවරුනි මම ඉතා  ඕනෑකමින් ඉල්ලා සිටින්නේ, මගේ පක්‍ෂය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය, කරුණාකරලා දෙසැරයක් හිතන්න.

අපේ පක්‍ෂය තමුන්නාසේලාට වටිනවා නම්, අපේ පක්‍ෂය මිනීමරු හොරු කණ්ඩායමක් ඩැහැගෙන ඉන්නවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය මංකොල්ලකාගෙන, අපේ පක්‍ෂයේ දැන් ඉන්න නායකයට ශක්තියකුත් නෑ ඒක නවත්වන්න. ඒක වෙනම කතාවක්. ඒ නිසා තමයි ඒක සිද්ධ වුනේ. ජනතාව පැන්නුවා. එක එක දේවල් කරලා, කුමන්ත‍්‍රණ කරලා ආපහු අල්ල ගත්තා. දැන් රටත් අල්ලගන්න හදනවා. අපිට මේකට ඉඩ දෙන්න බෑ. ඒ නිසා මම ඉතා  ඕනෑකමින් ඉල්ලා සිටින්නේ පක්‍ෂය බේරාගන්න  ඕනෑ, ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයින්ගෙන්, කරුණා කරලා පක්‍ෂය බේරාගන්න රට බේරාගන්න  ඕනැ. මම පුදුම කතාවක් කියන්නේ, රට බේරාගන්න නම් ජනවාරි 8 වෙනිදා අපි ආරම්භ කරපු ගමන සාර්ථකව නිමකරන්න  ඕනෙ. ඒ ව්‍යාපාරය සාර්ථකව ඉදිරියට ගෙනියන්න  ඕනෙ.

ඒක කරන්න පුළුවන් මහින්ද රාජපක්‍ෂටද? කොහෙත්ම නෑ. ඒ ජයග‍්‍රහණය සාර්ථකව ඉදිරියට ගෙහිල්ලා, රටට දීප්තිමත් අනාගතයක් දෙන්න පුළුවන්, එදා ජනවාරි 8 ජයග‍්‍රහණය සඳහා සංසයා පිටුපස එකතුවුණ සියලූම දේශපාලන පක්‍ෂ, සියලූ බලවේග සහ මේ රටේ පුරවැසි බලවේගයන්, ඒක ශ‍්‍රී ලංකාද, යූ.එන්.පී. ද, සමසමාජද මොකුත් ඒ ගැන හිතන්න එපා. පක්‍ෂ පාට පැත්තකින් තියලා අපි සියලූ දෙනාම එකතුවෙලා මේ කටයුත්ත අවංකව, හොරමැරකම් නැතුව, කරන්න සූදානම්නම්. අපි මේ ගොල්ලො බලයට ගේමු. එතන ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයෝ ඉන්නවා.

මම ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයෙක්. මෛත‍්‍රීපාල සිරිසේන ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයෙක්. තවත් එක එක්කෙනාගෙ නම් මම කියන්නෙ නෑ. සෑහෙන ගාණක් ඉන්නවා. මේ කටයුත්ත සාර්ථක වෙනකම් බලාගෙන ඉන්නවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයෝ මැතිවරණයට ඉදිරිපත්වන අයත්, පක්‍ෂ දෙක එකතුවෙලා. අනිකුත් පක්‍ෂ 11 ක් මෙතන හිටියා.

සරත් ෆොන්සේකා මැතිතුමා වෙනම ඉල්ලනවා. එතුමා එතුමාගේ පක්‍ෂය දියුණු කරගන්න පුලූවන් කියලා වෙනම ඉල්ලනවා. ජයග‍්‍රහණයෙන් පස්සේ යහපාලනයක් නැවත ඇති කරන්න එතුමත් නැවත එකතුවෙන බව නියතයි. ජනතා විමුක්ති පෙරමුණ සහයෝගය දෙනවා. සියලූම මුස්ලිම්, දෙමළ සුළු ජාතික පක්‍ෂ අපට සහයෝගය දෙනවා. එහෙමනම් මෙතන පක්‍ෂයක් නෑ.

අපි සියලූ දෙනාම එකට එකතුව අපි අර සිහින දුටු ලෝකය, මේ පවිත‍්‍ර ලෝකය, පිරිසිදු පාලනය, මේ රටේ නැවත වතාවක් ඇති කර ගැනීමට, පෙරටත් වඩා සාර්ථකව ඇති කරගැනීම සඳහා තමුන්නාන්සේලා සියලූ දෙනාම එකට එකතුව, වැදගත්, නියෝජිතකයෙක් පාර්ලිමේන්තුවට පත්කරගන්න කටයුතු කරගනිමු. ඔවුන් හරහා මේ ජනවාරි 8 වෙනිදා බලවේගය, ජයග‍්‍රහණය කරවලා රට ආරම්භ කරපු ගමන සාර්ථකව ඉදිරියට ගෙනයන්නට  සියලූ දෙනාම සහයෝගය දෙන්නට කියලා ඔබ හැමට යෝජනා කරමින්, සියලූම කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ, වයඹ පලාතේ, මේ අතුගල්පුරයේ මගේ හිතවත් මව්පියවරුන්ට, සහෝදර සහෝදරියන්ට දීප්තිමත් අනාගතයක් අගොස්තු 17 වෙනිදායින් පසු උරුම වේවා කියමින්, ඔබ සැමට ජයවේවා කියමින් මා නිහඬ වෙනවා.

මනෝජ් රූපසිංහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *