අසාර්ථක නිසා වෛද්‍ය වර්ජනය අතහරින්න සිදුවුණා – සමන් රත්නප‍්‍රිය

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වැඩ වර්ජනයට සෞඛ්‍ය සේවයේ කිසිම අංශයක සහයෝගයක් ලැබුණේ නෑ. අසාර්ථක නිසා වර්ජනය අතහරින්න සිදුවුණා. නිදහස් අධ්‍යාපනය හා අධ්‍යාපනයේ නිදහස සඳහා වූ ජාතික සංවිධානයේ කැඳවුම්කරු සමන් රත්නප‍්‍රිය මහතා එසේ ප‍්‍රකාශකළේ ඊයේ (25* පැවති මාධ්‍ය හමුවකදීය.
පසුගිය 21 වෙනිදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය පාගමනක් සංවිධානය කරල තිබුණා, සයිටම් විශ්වවිද්‍යාලය වසාදමනු කියන කාරණය මූලික කරගෙන. ඒ පාගමන ලිප්ටන් වටරවුමට ඇවිල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තට ආවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගොඩනැගිලිවලට, වාහනවලට සැලකියයුතු අලාභහානියක් කරලා තියෙනව. මේය ප‍්‍රජාතන්ත‍්‍රවාදී සටන් ක‍්‍රියාමාර්ගවලට එහා ගියපු කාරණයක්. ශිෂ්‍යන්ට අයිතිවාසිකමක් තියනව සටන් කරන්න. ජනතාවට අයිතිවාසිකමක් තියෙනව සටන් කරන්න. ඒකට කිසි ගැටළුවක් නැහැ. වෘත්තිය සමිති විදිහට අපිට අයිතිවාසිකමක් තියෙනව අදහස් ප‍්‍රකාශ කරන්න. වෘත්තිය සටන් කරන්න ඒ ගැන කිසි ගැටලූවක් නැහැ.  ජාත්‍යන්තර වශයෙන් අයිතිවාසිකම් තහවුරු කරලා තියෙනව. රට ඇතුළෙ අයිතිවාසිකම් නෛතිකව තහවුරු කරල තියෙනව. නමුත් ඒ අයිතිවාසිකම් ක‍්‍රියාත්මක කිරීමේදී අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදීව කටයුතු කළ යුතුයි. නමුත් 21 වෙනිදා උද්ගෝෂණ යේ අපි ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදීබව දකින්නෙ නැහැ.
මීට පෙර අපි වෘතිය සමිතියක් විදිහට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දවස් 21ක් අඛණ්ඩ සත්‍යග‍්‍රහයක් කෙරුවා. මාරාන්තික උපවාසයක් පටන් ගත්තා දවස් තුනකින් ඒක නතර කෙරුවා අපේ ඉල්ලීම් ලැබුණ නිසා. ඒ වගේම වැඩවර්ජන කෙරුවා. දවස් විසිගණනක උපවාසයක් කරලත් අපි සෞඛ්‍ය ආමාත්‍යාංශයට බලෙන් ඇතුළු වුනේ නැහැ. කිසිම අලාභහානියක් කෙරුවෙ නැහැ. පරිපාලයත් එක්ක ප‍්‍රශ්න තිබුණත්, සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ අපේ මූලස්ථානය. පාළකයන් සමග ඒ ඒ මොහොතවල්වල ප‍්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් මේ වගේ ජාතික දේපලවලට අලාභහානි කරන තත්ත්වයන්වලට අපි යන්නේ නෑ. එහෙම කරනවනම් ඒවා කඩාකප්පල්කාරී ක‍්‍රියා. අනෙක් අතින් මේක රාජ්‍ය දේපළ විනාශ කිරීමේ ක‍්‍රියාවක්.
සටන් කරන්න, අදහස් ප‍්‍රකාශකරන්න  ඕනැ. නමුත් මේක ප‍්‍රාජාතන්ත‍්‍රවාදයට එහා ගිය බලහත්කාරක්. රජයේ දේපළ හානි කිරීමක්. ඒ තත්ත්වය දැක්කම ඉතාම කණගාටුයි. යකඩ ගේට්ටු කඩලා තිබුණා. දොරවල් කඩල තිබුණා. වාහනවල වින්ඞ්ස්ක‍්‍රින් කඩල තිබුණා.  සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුල්වෙන ගේට්ටුව සම්පූර්ණයෙන්ම පෙරළලා තිබුනා. ඒ වගේ විශාල අලාභ හානි ප‍්‍රමාණයක් කරල තිබුණා. මේක අයුතු අතුලූ වීමක් වගේම රාජ්‍ය දේපල විනාශ කිරීමක්.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේපල මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙවත්, රනිල් වික‍්‍රමසිංහ මහතාගෙවත්, රාජිත සේනාරත්න මහතාගෙව් දේපළ නෙමෙයි. මේ රටේ ජනතාවගේ බදු මුදල් වලින් හදපු දේපළ. මේවා හදන්න  ඕනැ කාගෙ සල්ලිවල්න්ද? හදන්න වෙන්නෙත් අපේ සල්ලිවලින්ම තමයි. ලක්‍ෂ ගණනක අලාභය අපේ බදු මුදල් වලින්ම හදන්න වෙනවා. මෙය බරපතල වැරැුද්දක්.
මේ සිද්ධියෙන් පස්සේ පැය හතරක වැඩ වර්ජනයක් ප‍්‍රකාශයට පත්කෙරුව. ඊට පස්සෙ එයාලා ජෙනරල් කවුන්සිල් එකේ මීටින් එකක් කැඳවල තීන්දුවක් ගත්තා අඛණ්ඩ වැඩ වර්ජනයක් කරනව කියල. වැඩවර්ජනයක් කියන එක සරල කාරණයක නෙමෙයි. වැඩ වර්ජනයකට පෙර කි‍්‍රමාර්ග රැුසක් ගන්න තියෙනව. පිකටින්, පැයක විරෝධතාවයක්, පෙළපාලි කරන්න පුළුවන්. ඒවා කරල බැරිම නම් තමයි අඛණ්ඩ වැඩවර්ජනයක් කට යන්න  ඕනැ.
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සේවකයන්ට අදාල සේවා කොන්දේසියක් මෙතන කඩවෙලත් නැහැ. නෛතික කාරනා පිළිබඳ ප‍්‍රශ්නයකුත් නැහැ. එහෙම කඩවෙච්ච හැම අවස්ථාවකම අපිත් වැඩවර්ජන කෙරුවා. ඒ ගොල්ලොත් කෙරුවා. අපි ඒගොල්ලන්ට සහයෝගයක් දුන්නා. අනුරුද්ධ පාදෙනිය මහත්තයලට අපි සහයෝගය දුන්නා.
වෛද්‍ය ශිෂ්‍යයන්ට පහර දුන්නා කියලයි වර්ජනය කෙරුවෙ. එතන සැලකියයුතු කොටසක් හිටියෙ වෛද්‍ය ශිෂ්‍යයොත් නොවන, අන්තරයෙත් නොවන අයයි. මේක බලහත්කාරී ව්‍යාපාරයක් බව ඉතාම පැහැදිලියි. මේ වගේ සමාජවාදී ව්‍යාපාරවලින් රටට මොනවද ලැබෙන්නේ. වෘත්තිය සමිතියක් විදිහට නොකළ යුතු තීන්දුවක් තමයි වෛද්‍ය සංගමය ගත්තේ.
රජයේ දේපළ විනාශ කරපු පිරිස ඉවත් කරන්න පොලිස් නිලධාරින් ක‍්‍රියාමාර්ගය ගත්තා. එහෙම ගත්තෙ නැත්නම්, සෞඛ්‍ය අමාත්‍යාංශය බිමට සමතලා වෙනකම් ඉන්න පුළුවන්ද? එතන ගැටළුවක් තියෙනව. අපි කිසිසේත්ම මර්ධනයට එක`ග නැහැ. මර්ධනයට විරුද්ධයි. නමුත් ඒ ් සිදුවීම  උසාවියටවත් ඉදිරිපත් නොකර, දෙගොල්ලම නීතිය ඉදිරියට යන්නැතුව රටේ සාමාන්‍ය ජනතාව විනාශය කරා අරගෙන යන්න, ජනතාවගේ ජීවිත නැතිකරන්න අඛණ්ඩ වැඩවර්ජනයක් පටන් ගත්තා. දවස් හතරකට ආසන්න ප‍්‍රමාණයක් වැඩ වර්ජනය කෙරුවා. අනිත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කිසිම සහයෝගයක් මේ අයට දුන්නෙ නැහැ. සහකාර වෛද්‍ය නිලධාරින්ගේ සිට කනිෂ්ඨ කාර්ය මණ්ඩලය දක්වා කිසිම කණ්ඩායමක් මේ අයට සහයෝගයක් දුන්නේ නැහැ. එයාලා සටනෙදි හුදකලා වුණා.

මනෝජ් රූපසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *