ජනාධිපති සෙවනේ සිටින පිරිසක් මහින්දට කඩේ ගිහින් මාට්ටු

ජනාධිපතිතුමාගේ උපදේශක හා මාධ්‍ය අංශයේ තනතුරු දරන කිහිප දෙනෙකු මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්චා පවත්වමින් කරගෙන ගිය රහසිගත දේශපාලන සෙල්ලමක් හෙළිදරවු වී ඇති බව ජනාධිපති තුමාට සම්බන්ධ ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත . මෙම තත්ත්වය වාර්තා වීමත් සමග ඔවුන්ගේ අදහස් නොතකා තනිව තීරණ ගැනීමට ජනාධිපතිතුමා පෙළබී සිටින බවද කියති .

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග දැඩි කෝපයකින් සිටින මෙම පිරිස මහ මැතිවරණයෙන් එජාපයට ඉහළ ජයක් අත්‍ වුවහොත් තමන්ගේ තත්ත්වය දුර්වල වන බව සිතා මහින්ද ශක්තිමත් කිරීමේ උත්සාහයක නියලී සිටින බව හෙළිදරවු වී ඇතැයි කියති . ජනාධිපතිවරයා ශක්තිමත් වන්නේ රනිල්ට එරෙහිව ශක්තිමත් විපක්ෂයක් ගොඩ නැගීමෙන් පමණක් බවත් එය කළ හැක්කේ මහින්ද ශක්තිමත් කිරීමට රහසේ කටයුතු කිරීමෙන් බවත් මෙම පිරිසගේ තර්කය වී ඇතැයි කියති .

මහින්ද රාජපක්ෂ මහතාට සන්ධානයේ නාමයෝජනා ලබාදීමටද තිරය පිටුපස සිට විශාල වැඩ කොටසක් කළේ මෙම කණ්ඩායම බව හෙළිදරවු වී තිබේ . මොවුන්ගේ එම ක්‍රියාව නිසා ජනාධිපතිතුමාට ඔහුගේ කිට්ටුම සගයන්ද අහිමිවී ඔහු තනිවී ඇති බවට දැන් චෝදනා එල්ලවී තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *