සයිටම් පාලනය කළමනාකරණ කමිටුවකට

සයිටම් ආයතනයේ පාලනයට කළමනාකරණ කමිටුවක් පත් කර එහි මුදල් පාලනය කමිටුවට භාර කරන බවද සයිටම් ආයතනය කොටස් වෙළඳ පොළේ ලැයිස්තුගත කරන බවද සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පැවසීය. ලබන අඟහරුවාදා මේ පිළිබඳව කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇනුමැතිය ලැබීමෙන් පසු ගැසට් නිවේදනය නිකුත් කරන බවද ඇමතිවරයා කීය.

මෙම පියවර ගන්නේ සයිටම් ආයතනය ප්‍රමිතියකින් යුත් ආයතනයක් බවට පත් කිරීමට බවද ඇමැතිවරයා කීය. නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගෙන ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර ලබන රෝහලක් බවට පත් කරන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. ඇමැතිවරුන් දෙපළ ඒ බව ප්‍රකාශ කලේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ කල් තැබිමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී ඊයේ විවාදයට ගත් අවස්ථාවේදීය.

රෝෂන් තුෂාර , ස්වර්ණා විජේකෝන්

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *