ඇමති (අ)මාරුව – අනුර සූරියබණ්ඩාර

මෑත දී සිදු කෙරුණු කැබිනට් සංශෝධනය පිළිබඳ,එකාබද්ධ විපක්‍ෂයෙන්, ජනතාවිමුක්ති පෙරමුණෙන් පමණක් නොව ආණ්ඩුවේ ප‍්‍රධාන පාර්ශව කරුවකුවන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන ඇතැම් ඇමතිවරුන්ගෙන් ද විවේචන එල්ලවෙමින් පවතී. විවේචනය වන්නේ කැබිනට් මණ්ඩලයේ වගකීම් බෙදීයාම විද්‍යාත්මක පදනමක සිදුව නැතැයි යන්නය.  විදේශිය අමාත්‍යාංශය යටතට ලොතරැුයි මණ්ඩලය පැවරීම වැනි හේතු ඊට මූලික වී තිබේ. මෙසේ අදාළ නොවන අංශ අදාළ නොවන අමාත්‍යාංශවලට පැවරීමට බලපෑ හේතුව වශයෙන් අනුමාන කළ හැක්කේ ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ කැමැත්ත නොව අදාළ ඇමතිවරුන් යම්යම් වගකීම් තමා යටතට පත්කරන්නැයි ජනපති අගමැති දෙපළගෙන් ඉල්ලා සිටීම හෝ බලකිරීම බවද පෙනේ.
මෙය මෙවැන්නක් සිදුවූ එනම් යම්යම් ඇමතිවරුන් යම්යම් විෂය පථ තමා යටතට පත් කළ යුතුයැයි ඉල්ලා සිටි පළමු අවස්ථාව නොවේ. නිදසුනක් වශයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේ ශ‍්‍රී.ල.නි.ප. – ජ.වි.පෙ. පරිවාස ආණ්ඩුව සමයේ ජවිපෙ ඇමතිවරුද යම්යම් විෂයපත තමන්ගේ ආමාත්‍යාංශය යටතට පත්  කළ යුතුයැයි ඉල්ලා සිටියහ. ජේ.ආර්. ජයවර්ධන සමයේ අමාත්‍යමණ්ඩලයට කාර්යභාරයක් නොමැති අමාත්‍යවරයෙකු ඇතුළත් වීම ද තවත් නිදසුනකි.
අනුපාත ඡුන්ද ක‍්‍රමය හේතුවෙන් මෙරට පාර්ලිමේන්තුව මුහුණ දුන් ප‍්‍රධාන අභියෝගය වන්නේ මැතිවරණයකින් පැහැදිලි බලයක් ලබාගැනීම තනි පක්‍ෂයකට උගහට වීමය. එහෙයින් ආණ්ඩුවක් පිහිටුවීමට විවිධ පාර්ශවයන්හි සහයෝගය ලබා ගන්නට සිදුවේ. එසේ සහයෝගය ලබා දීමට අදාළ පාර්ශව දොළපිදේනි වශයෙන් අමාත්‍ය, නියෝජ්‍ය අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය ධුර අපේක්‍ෂාකරති. ජම්බෝ කබැනට් මණ්ඩල මෙරටට හුරු වූයේ එහි ප‍්‍රතිඵයයක් වශයෙනි.
අනුපාත ක‍්‍රමය හේතුවෙන් ඡුන්ද අපේක්‍ෂකයෙකුට දිස්ත‍්‍රික්කය පුරා ඡුන්ද එකතු කරන්නට සිදුව තිබේ. පෙර මෙන් නොව රට හෝ දේශපාලන ප‍්‍රතිපත්ති මත පිහිටා ඡුන්දය පාවිච්චි කරන ඡුන්ද දායකයන්ද දැන් ඇත්තේ නැත. ඡුන්දය දීම වෙනුවෙන් ඡුන්ද දායකයෝ ද රැුකියා උසස්වීම් කොන්ත‍්‍රාත්වැනි ප‍්‍රතිලාභ  ඡුන්ද අපේක්‍ෂකයන්ගෙන් අපේක්‍ෂ කරති. වැඩක් කළ හැකි අමාත්‍යාංශයක් සියල්ලන්ගේම අපේක්‍ෂාව වී ඇත්තේ ඡුන්දදායකයාගේ ඉහත අපේක්‍ෂාව පරිපූර්ණය කිරීමේ අටියෙනි. නිදසුනක් ලෙස ගතහොත් රවී කරුණානායක ඇමතිවරයාට පැවරී ඇත්තේ විදේශකටයුතු පමණක් වූ විට ඡුන්දදායකයනට රැුකියා ලබාදීම ඔහුට ගැටළුවකි. එහෙයින් ඡුන්දදායකයාගේ මනදොල පිරවීමට ලොතරැුයි මණ්ඩලයත් ඉල්ලා සිටින්නට ඔහුට සිදුවේ. වරෙක එක්තරා බුද්ධශාසන අමාත්‍යවරයකු සිය ඡුන්දදායකයකුට පවසා තිබුණේ සිය අමාත්‍යාංශ යටතේ රැුකියා නොමැති බැවින් මහන වීමට පන්සලක් සොයා දිය හැකි බවය.
තවත් හේතුවක් වන්නේ ආණ්ඩුවට සහය දීම වෙනුවෙන් මන්ත‍්‍රීවරු කේක් ගෙඩියෙන් කොටසක් බලාපොරොත්තු වීමය. ආණුවට සහය දක්වන සුළු පක්‍ෂ තමන්ට අවශ්‍ය අමාත්‍යංශ, නියෝජ්‍ය අමාත්‍යාංශ ගැන ප‍්‍රසිද්ධියේම හෙට්ටු කරති. යහපාලන ආණ්ඩුවට සහය දීමට ඉදිරිපත් වූ ශ‍්‍රිලනිප මන්ත‍්‍රි කණ්ඩායමේ ඇතැමුන් අන්තිම මොහොත දක්වා සහය පළකළේ මහින්ද රාජපක්‍ෂටය. ඔවුන් යහපාළනය සමග සමග එක්වූයේ රටේ යහපත උදෙසා නොව (රටේ යහපත පේක්‍ෂා කළේ නම් ඔවුන් මුලදීම මෛත‍්‍රීගේ සහයට ඉදිරිපත් වනු ඇත* බලය හා තනතුරු අපේක්‍ෂාවෙනි.  ඔවුන් ආණ්ඩුව සම`ග රඳවා තබාගන්නට තනතුරු දීමට සිදුව තිබේ. එවන් තත්ත්වයක් තුළ අමාත්‍යාංශ 30කට 35කට සීමා කිරීම් වැනි ඉලක්කයක් කිසදා සපුරාගත නොහැකි ඉලක්කයක් වනවා නිසැකය. එසේනම් කළ යුතු වන්නේ සමානුපාතික ඡුන්ද ක‍්‍රමය වෙනුවට වෙනත් පිළිගත හැකි සාධාරණ මැතිවරණ ක‍්‍රමයකට රට ගෙනයාමය. එහෙත් ජවිපෙත් වෙනත් සුළු ජාතික පක්‍ෂ සහ කුඩා දේශපාලන පක්‍ෂත් වැඩි කැමැත්තක් ඇත්තේ පවතින ඡුන්ද ක‍්‍රමය පවත්වා ගෙන යාමට බව පෙනෙන්න්ට තිබේ.
රැුකියා ලබාදීමට තර`ග විභාග ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කිරීම වැනි විනිවිද පෙනෙන ක‍්‍රමයක් සකස් කිරීමෙන් ද රැුකියා ඉල්ලා මන්ත‍්‍රිවරු පසුපස යාමේ සිරිත නවතා ගන්නට පුළුවන් නමුත් වැඩ කළ හැකි (රැුකියා, කොන්ත‍්‍රාත් දිය හැකි* අමාත්‍යධුර වෙනුවෙන් සටන් කරන තරමට පාර්ලිමේන්තුව එවැනි ප‍්‍රතිපත්තිමය තීන්දුවක් වෙනුවෙන් වැඩකරන්නට ඉදිරිපත් වන බවක් පෙනෙන්නට නැත. 88- 89 කැරැුල්ල සම්බන්ධයෙන් විමසා බැලීමට පත්කළ තරුණ අසහන කොමිසමේ නිර්දේශයක් වූයේද රජයේ රැුකියා සඳහා තරග විභාග ක‍්‍රමයක් හදුන්වා දීමය. ආර්. පේ‍්‍රමදාස පාලන සමයේ ඒ ක‍්‍රමය ක‍්‍රියාවට යෙදුණද නැවත මන්ත‍්‍රි චිට් ක‍්‍රමය ක‍්‍රියාවට නගනු ලැබිණ. මහින්ද රාජපක්‍ෂ යුගයේ අවසන් කාලය වනවිට උපාධිධාරි පත්වීම් පවා ලබා දුනනේ මන්ත‍්‍රිලැයිස්තු හරහාය. ලලිත් දිසානායක හිටපු අමාත්‍යවරයා නාමල් පසුපස අරණායක ගිය රාජ්‍ය නිලධාරින්ට දොස් පවරන නමුත් නාමල් පසුපස රාජ්‍ය නිලධාරින් යාමට හේතුව පසුගිය සමයේ රජයේ රැුකියා ලැබූවෝ  මහින්ද වාදීහු පමණක් වීමය.
අමාත්‍ය මණ්ඩල විද්‍යාත්මක පදනම ගැන ජවිපෙ චෝදනා ඉවසිය හැකි නමුත් ඒකාබද්ධයේ කතා සම්බන්ධයෙන් කිව යුත්තේ කිඹුලා කෑම ඉවසිය හැකි නමුත් කොහිලකටු ඇනීම ඉවසිය නොහැකි බවයි.
මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩුපක්‍ෂයේ මන්ත‍්‍රිවරු සිටියේ අතේ ඇ`ගිලි ප‍්‍රමාණයටත් අඩු සංඛ්‍යාවකි. අනෙක් සියල්ලෝම අමැතිවරු නියෝජ්‍ය ඇමතිවරුය. එකල රාජපක්‍ෂගේ දෑත ශක්තිමත් කරන්නට ඉදිරිපත් වූ සැමට මුදලින් ද සංග‍්‍රහ කළ බවට පතිරුණු කතාවල සත්‍ය අසත්‍යතාව ඔප්පු වී නැති නමුත් එසේ ඉදිරිපත් වූ බොහොමයකට තනතුරුවලින් සැලකු බව රහසක් නොවේ. එසේ ඇමතිකම් දුන් පදනම විද්‍යාත්මකද යනවග දිනේෂ් බන්ධුල වැනි අය පැහැදිලි කළ යුතුය.
ඇත්ත තත්ත්වය නම් මහින්ගේ ආණ්ඩුවේ සියලූ බලතල තිබුණේ රාජපක්‍ෂවරුන්ගේ අතේ ගුලිකරගෙන බවයි. ආණ්ඩුවේ කෙරුම්කාරයා වූයේ බැසිල්ය. තමන් යටත් ඇති ආයතනයක රැුකියාවක් ලබාදීම පවා ඇමතිවරුනට නාමල් බේබිගෙන් අවසර ඉල්ලා සිටින්නට සිදුව තිබිණ. නමුත් අද මෙන් ඒ දෙවල් විවේචනය කරන්නට මන්ත‍්‍රිවරුන්ට එදා අවසර තිබුණේ නැත. විදේශ අමාත්‍යාංශයට ලොතරැුයි මණ්ඩලය ඈඳීම අද විවේචනය කරන දයාසිරිලා එදා කට ඇරියේනම් සිදුවනු ඇත්තේ කුමක්දැයි සිතාගන්නටත් නොහැකිය.
ජනවාරි අට වෙනසට දායකවුවකු ලෙස එකල මේ ලියන මා තුළද කැබිනට් මණ්ඩලය 35කට සීමාවනු දැකීම, රැුකියා ලබාදීමට විද්‍යාත්මක හා විනිවිද පෙනෙන සුළු ක‍්‍රමයක් සැකසීම, කොන්ත‍්‍රාත් ලබාදීම ටෙන්ඩර් පටිපාටියකය යටත්කිරීම වැනි බාලාපොරෝත්තු තිබුණ බව සඳහන් කළ යුතුය. එහෙත් 27න් පටන් ගත් සම්මුතිවාදි කැබිනට්ටුව දැන් බොහෝ විශාල වී තිබේ. රැුකියා ලබාදීම සම්බන්ධවද පැහැදිලි විනිවිද පෙනෙන ස්වරුපයක් නැත. ගමේ පාරට තාර කොන්ක‍්‍රිට් දැමීම තවමත් කෙරෙන්නේ ආණ්ඩුවේ හිතවතුන් හරහාය. මෙය පැහැදිලිවම ජනතාවගේ යහපාලන අපේක්‍ෂා බිඳ දැමීමකි.
වික්ටර් අයිවන් මහතා නිතර පෙන්වා දෙන පරිදි යහපාළන ආණ්ඩුව කළ පළමු වැරැුද්ද ජනාධිපතිවරණය නිම වූ වාහාම මහමැතිවරණකට නොයාමය. මහින්ද හිතවාදීන්ව සිටි පිරිසක් ආණ්ඩුවට එක්කර ගනිමින් යහපාලනයට යාමට උත්සාහ කිරීමය. කල්ගත නොකර මහ මැතිවරණයකට යොමු වූයේ නම් පවතිනවාට වඩා පැහැදිලි බලයක් සතුකර ගැනීමේ හැකියාව තිබුණි. ආණ්ඩුව ගෙනයාමට වරදාන දීමට එවිට සිදු නොවනු ඇත. ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුවට ගරහන ඇතමුන් එසේ විනිනම් මේ වන විට විශ‍්‍රාම සුවයේය. තනතුරු පුදමින් පරාජිතයන් ලංකර ගැනීමද එවිට සිදු නොවන්නට තිබුණි.
යහපාලය පිළිබඳ බලාපොරොත්තු තැබූ පිරිසට මේ ඇමති මාරුව පිළිබඳ ගැටළු තිබේ. මෙය ඇමති මාරුවක් නොව ඇමැති අමාරුවට පිළියම් සෙවීමක් ද යන සැකය ඔවුනට ඇතිවන්නේ නම් පුදුම නැත. ඒ අතර ආණ්ඩුව පසුවන්නේ ගෙදර ගියොත් අඹු නසී ම`ග සිටියොත් තා නසී තත්ත්වයේ බවද පිළිගත යුතුය.  ඇමතිකම් දුන්විට ජනතාව අමනාප වේ. ඇමතිකම් නොදුන් විට මන්ත‍්‍රිවරු අමනාප වේ.
මේ උභතෝකෝටිකයට විසඳුම ඇත්තේද ආණ්ඩුව අතේමය. ව්‍යස්ථාවේ වෙනසක්, මැතිවරණ ක‍්‍රමයේ වෙනසක් එහිදී මුලික වනු ඇත. ඡුන්ද අපේක්‍ෂකයන් තෝරා පත්කිරීමේදී තනතුරු අපේක්‍ෂකයන් නොව සැබෑ ජනතා සේවකයන් විය හැකි පිරිසකට මුල් තැන දීම දෙවැන්නයි. ඒ හැරෙන්නට වෙනත් විකල්පයක් නැත. එහෙත්, කවදා පායද්ද අප දිනිසුරාණෝ.

අනුර සූරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *