පනත සම්මතකොට වසර 14යි- ජාතික බීජ සභාව තවම නෑ

මෙරටට බීජ ආනයනය අපනයනය කිරීම විදිමත් හා පරිසර ආරක්‍ෂිත ලෙස මෙන්ම කාර්යක්‍ෂම ලෙස කිරීම සඳහා ජාතික බීජ සභා පනත සම්මත කොට වසර 14ක් ගත වී ඇතත් ඒ යටතේ පිහිටවිය යුතු ජාතික බීජ සභාව තවමත් පිහිටුවා නැති බව හෙලිදරව් වෙයි.
මේ පනත සම්මත කොට ඇත්තේ 2003 වසරේදීය. බීජ ආනයන අපනයන කටයුතුවල දී ඇතිවන ප‍්‍රශ්න නිරවුල් කිරීම සඳහා ජාතික බීජ සභාවක් පිහිටුවීමටත්, ඒ සඳහා සියලූ අංශවල සහභාගීත්වය ලබාගැනීමටත් එමගින් අරමුණු කොට තිබිණි. එසේ වුවද මේ වන තෙක් ජාතික බීජ සභාව පිහිටුවා නැත. මේ බව සඳහන් වන්නේ වෙරිටේ රිසරච් ආයතනය කළ පර්යේෂණ වාර්තාවකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *