ග්ලයිෆොසේට් ගැන රතන හිමියන් කියන්නේ මුසාවාද

ග්ලයිෆොසේට් වල්නාශකය ගැන රථන හිමියන් කරන ප‍්‍රකාශය කිසිම අධ්‍යයනයකින් තහවුරු නොකළ මුසාවාද බව ක්‍ෂේත‍්‍රයේ තතුදත් විද්වත්හු ප‍්‍රකාශ කරතිග  ග්ලයිෆොසේට් උග‍්‍ර පිළිකාකාරකයක් බවත් එමගින් මළ දරු උපත් ඇතිවීම, වඳභාවය මෙන්ම වකුගඩු රෝග ඇතිවන බවත් රතන හිමියන් ප‍්‍රකාශ කොට ඇත.
උන්වහන්සේ කියන මේ කිසිවක් කිසිදු අධ්‍යයනයකින් තහවුරු කොට නැති අතර යුරෝපා සංගමය කළ අධ්‍යයනයකින් තහවුරු වී ඇත්තේ ග්ලයිෆොසේට් ආරක්‍ෂාකාරී වල් නාශකයක් බවයිග එබැවින් ඒ සඳහා දී තිබූ නිෂ්පාදන සහතිකය වසර දහයකින් දීර්ඝ කිරීමට පසුගිය අපේ‍්‍රල් මාසයේ දී යුරෝපා සංගමය තීරණය කළේය.
රතන හිමියන් තම ප‍්‍රකාශවලදී ලෝක සෞඛ්‍ය සංවිධානය ගැන සඳහන් කරතත් එම සංවිධානය කිසිදු විටක ග්ලයිෆොසේට් උග‍්‍ර පිළිකාකාරකයක් ලෙස වර්ග කොට හෝ නම් කොට හෝ නැත.
ඕස්ටෙ‍්‍රලියාවට ආනයනය කරන කෘෂි ද්‍රව්‍ය සඳහා භාවිතා කිරීමට එරට අනුමත කොට ඇති එකම වල් නාශකය ග්ලයිෆොසේට් පමණකිග මෙම වල්නාශකය වැඩියෙන්ම භාවිතා කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙහිය.
ග්ලයිෆොසේට් තහනම් කොට ඇති ලෝකයේ එකම රට ශ‍්‍රී ලංකාවයිග එය සිදුකර ඇත්තේ ද රතන හාමුදුරුවන් ඇතුළු සුළු පිරිසකගේ හෟ නැගීම් නිසාය.
හාමුදුරුවනේ – මුසාවාදා වේරමණී ශික්‍ෂාපදං සමාදියාමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *