මහේන්ද්‍රන්ගේ කාලෙට වඩා වැඩි පොලියට කබ්රාල්ගෙ කාලෙ බැදුම්කර දීලා !

පස් අවුරුදු බැඳුකර නිකුත් කිරීමේ දී අර්ජූන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයාව සිටියදී පැවැත්වු 2015 පෙබරවාරි 27 වැනි දින වෙන්දේසියේදී බැඳුම්කර  සඳහා ලබාදුන් පොලියට වැඩි පොලී අනුපාත යටතේ නිවාඞ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයාව සිටිය දී තිස් අවුරුදු බැඳුම්කර නිකුත්කොට ඇති බව ඒ ගැන පරීක්‍ෂණ පවත්වන ජනාධිපති කොමිසම හමුවේ හෙළිදරව් වී ඇත. 2010 වසරේදී තිස් අවුරුදු බැඳුම්කර සියයට 13.5ක පොලියක් යටතේ නිකුත්කර ඇති අතර 2012 වසරේදී සියයට 12.5ක පොලියක් යටතේ නිකුත් කර ඇත. මේ බව හෙළිදරව් වූයේ නිතිඥ චානක ද සිල්වා මහතා විගණනාධිපතිවරයාගෙන් කළ ප‍්‍රශ්න කිරීම් වලදීය.
ප්‍රශ්නගත 2015 පෙබරවාරි 27 වැනි දින වෙන්දේසියේදී බැඳුම්කර  සඳහා ලබාදුන් පොලිය සියයට 12.5කි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *