කුරුණෑගල සන්ධාන රැස්වීමකදී මහින්දට දෝස්මුරයක්

කුරුණෑගල එජනිස අපේක්ෂකයන් සහ මැතිවරණ සංවිධාන ක්‍රියාදරයන්ගේ සහභාගීත්වයෙන් සිකුරාදා පැවති රැස්වීමකදී මහින්ද රාජපක්ෂ මහතාට බලවත් විවේචනයක් එල්ල වූ බව යුක්තිය ට වාර්තා වෙයි . දිස්ත්‍රික්කයේ රැස්වීම්වලදී මහින්ද හැර වෙනත් අපේක්ෂකයන්ට ප්‍රචාරය නොදීමට තීරණයක් ගෙන තිබියදී හිටපු ජනාධිපතිවරයාගේ කතාවල දී ඇතැම් අපේක්ෂකයන් පමණක් වර්ණනා කීරීම ගැන මෙම විරෝධය පල වී ඇත .රැස්වීමේදී නැගී සිට තම විරෝධය ප්‍රකාශ කළ පළාත් සභා මන්ත්‍රී ප්‍රියංකර හේරත් ප්‍රකාශ කොට ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වර්ණනා කීරීම වරදක් බවයි . මෙම විරෝධයට අනෙක් අපේක්ෂකයින්ගේද සහාය පලවී ඇත .විරෝධයට මුලිකත්වය ගත් ප්‍රියංකර හේරත් මහතා මැතිවරණ අපේක්ෂක ජයරත්න හේරත් මහතාගේ පුත්‍රයාය . තම පක්ෂයේ මැතිවරණ සටන පසුබැස තිබීම නිසා අපේක්ෂකයින් නායකත්වය සමග ගැටුම් ඇති කර ගන්නා තත්ත්වයට පත්ව ඇතිබව නිරීක්ෂකයෝ කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *