‘ඥානසාර නාඩගමේ’ පිටපත හා අධ්‍යක්ෂණය කාගේද ? – භාතිය බරුකන්ද

‘කන්දක් විළිලා මී පැටියෙක් වදන ලදැයි’ කියන බොහොම පැරණි කතාවක් අප අතර තිබේ. මේ කතාව කවුරුන් විසින් මුලින්ම කියන ලදැයි සඳහන් නැත. එහෙත් ඔහු කවුරුන් හෝ වේවා ඔහුගේ කටේ මසුරන් දැමිය යුතුය. මන්ද මේ මොහොතේ ලංකාව තුළ සිදුවන බොහොමයක් දේවල් මේ කතාව තව තවත් ඉතිහාස ගත කිරීමට හේතු වන හෙයිනි.
පසුගිය 20 වැනි දා අස්ගිරි පාර්ශ්වය ආණ්ඩුවට දැඩි අවවාදාත්මක ස්වරයෙන් යුතු මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය. එදිනම තවත් නිවේදනයක් නිකුත් කළ බොදුබල සේනාව  හෙට (21* ගලගොඩඅත්තේ ඥානාසාර හිමියෝ අධිකරණයට ඉදිරිපත් වන බව කීවේය. කතාව පරිදිම ඥානසාර හිමියෝ අධිකරණයට ඉදිරිපත් වූහ. නඩු තුනක් එකවර කැඳවන ලදි. ඥානසාර හිමියන්ගේ නීතිඥයෝ ඇප ඉල්ලූහ. පොලිසිය එයට විරුද්ධ නොවීය. ඥානසාර හිමියෝ ඇප ලදහ.
මේ අතර එදිනම තවත් සිදුවීමක් සිදුවිය. ස්ථානය වුණේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවයි. එහිදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ප‍්‍රියන්ත ජයකොඩි මහතා විශේෂ හෙළිදරව්වක් කළේය. ඒ ජාතින් හා ආගම් අතර සංහිඳියාව බිඳ දැමීමේ ප්රජකාශ කළ බවට ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් මෙන්ම අමාත්යඅ රිෂාඩ් බදියුද්දීන් සහ උතුරු පළාත් සභා මන්ත්රීව එම්ගකේග සිවාජිලිංගම් ඇතුළු පුද්ගලයන් සම්බන්ධයෙන් ලද පැමිණිලි 21ක් පිළිබඳ විශේෂ විමර්ශනයක් ක්රිඑයාත්මක වන බවයි.
බැලූ බැල්මට ස්වාධීන සිදුවීම් යැයි පෙනෙන ඉහත සඳහන් සිදුවීම් තුන දෙස අවධානය යොමු කරන  ඕනෑ පුද්ගලයෙකු තුළ ඇති වන හැඟීම කුමක් විය හැකිද ? අපි ඒ ගැන විමසිය යුතුය. මන්ද ‘එන පොට හොඳ නැති බව’ හොඳටම පැහැදිලි හෙයිනි.
පොලිෂ් නැති පොලිසිය
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිදුවීම් මාලාව සමග ශ‍්‍රී ලංකා පොලීසියේ ක‍්‍රියාකාරීත්වය කිසිසේත් යහපාලනය හෝ නීතියේ ආධිපත්‍ය අගයන ජනතාවගේ සිත් ගත්තේ නැත. ඊට බොහෝ හේතු තිබේ. එය සරල කාරණයක් අනුව පැහැදිලි කරන්නේ නම් අධිකරණයට පැමිණෙන තුරු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වූයේ නැත. ඇත්ත අවශ්‍යතාවක් තිබුණේ නැත. එසේ නොමැති නම් හැකියාවක් තිබුණේ නැත. මේ කුමන වචන භාවිත කළ ද ඥානසාර හිමියෝ ස්වේච්ඡුාවෙන් අධිකරණයට පැමිණෙන තුරු ශ‍්‍රී ලංකා පොලිසිය උන් වහන්සේ සොයමින් මුළු ලංකාවම පීරූහ. ( හොරට නිදන මිනිහා ඇහැරන්න බැහැ වාගේ*
ඊළඟ විස්මිත සිදුවීම සිදු වුණේ ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කළ (වූ* අවස්ථාවේදීය. ඥානසාර හිමියන්ගේ නීතිඥයින් සුපුරුදු පරිදි ඇප ඉල්ලූවේය. තෝරාගත් පිරිස් සම්බන්ධයෙන් සිදුවන සුපුරුදු ආකාරයෙන්ම පොලිසියේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයේ නියෝජ්යරි පොලිස්පති කමල් ද සිල්වා ඥානසාර හිමියන් ඇපමත නිදහස් කරනවාට විරුද්ධ වූයේ ද නැතග
මීට පෙර පල්ලි ගිනි තබන බවටත්, මුස්ලිම් පවුල් මරා දමන බවටත් ඥාණසාර හිමියන් විසින්  සාහසික ප්ර කාශ සිදුකළ බවට පොලීසියම මීට වාර්තා කර තිබුණු බවත් සැකකරු විසින් සිදුකළ එවැනි බරපතළ ප්ර කාශ සම්බන්ධයෙන් එහි ඇති භයානකත්වය හඳුනා තමන් විසින් රාත්රීි 12ට පමණ අවදිව නියෝග ලබාදුන් බවත් සිහිපත් කළ අතිරේක මහේස්ත‍්‍රාත් බුද්ධික ශ‍්‍රී රාගම මහතා  අද දිනයේ සැකකාර ඥානසාර හිමියන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් පොලීසිය විරුද්ධත්වයක් නොමැත්තේ මන්දැයි විමසා සිටියේ යග සාමාන්ය  සැකකරුවන් වෙනුවෙන් පොලිසිය මේ ආකාරයට ක්රි යා නොකරන්නේ මන්දැයි ඊළඟට විමසූ අතිරේක මහේස්ත‍්‍රාත්වරයා ‘රටේ කුමන තත්ත්වයක් ඇති වුවත් අධීකරණය ඊට වග නොකියන බවත් පොලිසිය නිසි පරිදි කරුණු වාර්තා නොකිරීම මත ඥානසාරට ඇප ලබා දෙන බවත් කීවේය. නඩු විභාගය අගෝස්තු මස 10 වැනි දිනට කල් ගියේය.
ලංකාවේ පොලිසිය පොලිෂ් නැති බව පෙනුනේ මේ අවස්ථාවේදීය. ඒ සාමාන්‍ය ජනතාව වන අපට පමණක් නොව කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් බුද්ධික ශ‍්‍රී රාගල මහතාටය. අතිරේක මහේස්ත‍්‍රාත්වරයා නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් මෙසේ විමසා සිටියේ ඥානසාර හිමියන්ට ඇප ලබා නොදෙනාවට පොලීසිය විරුද්ධ නොවීම පිළිබඳ විස්මයකින් ද විය හැකිය. ( අවධාරණය ලේකඛයාගේ*
රටම අවධියෙන් බලාසිටි තීරණාත්මක සිදුවීමක් හාස්‍යජනක ආකාරයට අවසන් වූයේ මේ ආකාරයටය. දැන් අපට තිබෙන්නේ රිෂාඞ් බදුර්ධීන් හා ශිවාජි ලිංගම්ලාට එරෙහිව මේ ශ‍්‍රී ලංකා පොලිසියම කරුණු විමර්ශනය කරමින් නඩු පවරා යුක්තිය ඉටු කරන ආකාරය බලා සිටීමට පමණකි.
ලෝකයාට කියන්නේ කුමක්ද ?
හිතූ හිතූ ආකාරයට නීතිය නමමින්ද, පක්ෂපාතීත්වය හා දීනත්වය දිගින් දිගටම ප‍්‍රකාශ කරමින් ද පොලිසිය හැසිරෙන මේ නින්දා සහගත ආකාරය දැන්වත් (?* වහාම වෙනස් කළ0 යුතු බව මේ සමස්ත සිදුවීම් ජාලය දෙස උනන්දුවෙන් බලා සිටින ජනතාවගේ අදහසයි. මන්ද අපි මේ සෑම විටම, සෑම අවස්ථාවකදීම ලෝකයාට ප‍්‍රදර්ශනය කරමින් සිටින්නේ යුක්තිය ඉටු කිරීමේදී අප විසින් දක්වන නොහැකියාවයි. යුක්තිය ඉටු කිරීමට අපට නොතිබෙන උනන්දුවයි. බලය ඉදිරියේ අප කොතරම් දුරට දීන වන්නේද යන කතාවයි.
මේ තත්ත්වය ලංකාවට රටක් වශයෙන් කිසිදු ආකාරයකින් යහපත් නොවන බව නම් මේ සමස්ත සිදුවීම් ජාලයම තමන්ට අවැසි ආකාරයට කළමනාකරණය කරන පාර්ශ්වය වටහා ගත යුතුය.
ඊට ප‍්‍රධානතම හේතු වන්නේ පසුගිය යුධ සමයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, සිදු වූ බව කියන යුධ අපරාධ ආදියෙන් මේ මොහොත දක්වා ලංකාව නිදොස් කර නිදහස් කර නොතිබීමයි. යහපාලන ආණ්ඩුව බලයට පත් වූ විගස සිදු කළ සාධනීය ප‍්‍රයත්නයන් කිහිපයක් මගින් අප ආසන්න අනතුරකින් මුදවා ගනු ලැබ තිබුණ ද යුක්තිය ඉටු වීමේදී ශ‍්‍රී ලංකාව තුළ දැකිය හැකි දැවැන්ත දුර්වලතා හා පක්ෂපාතීත්වය ජාත්‍යන්තර ඉදිරියේ අප නැවත නැවත පරීක්ෂාවට ලක් කරමින් සිටින බව අප වටහා ගත යුතුය. එදා උතුරු නැගෙනහිර දමිළයින්, ඊට කලකට පෙර දකුණේ සිංහල මවුවරුන් ද මේ ආකාරයෙන්ම යුක්තිය ඉටුකර ගැනීමට කළ අරගලයන් හිදී මෙන් ම අද මුස්ලිම් ජනතාව ද අපේක්ෂාභංගත්වය කරා ළඟා වෙමින් සිටින බව අප සියලූ දෙනාම වටහා ගත යුතුය.
අස්ගිරි පාර්ශ්වයේ හදිසි මාධ්‍ය නිවේදනය කා සඳහාද ?
ඉහත සඳහන් කළ සිදුවීම් කිහිපය තුළ අස්ගිරි කාරක සංඝ සභාව විසින් පසුගිය 20 වැනිදා නිකුත් කළ මාධ්‍ය නිවේදනය හා අස්ගිරි පාර්ශ්වයේ ඇති අන්තර් සම්බන්ධය ගැන අප කිසියම් අවබෝධයක් ලබාගත යුතුය. මන්ද මෙරට භික්ෂූන් වහන්සේලාගේ, විශේෂයෙන් ප‍්‍රධාන නිකායික භික්ෂූන් වහන්සේලාගේ අදහස් හා ආකල්ප, ඇලීම් සහ බැඳීම් රටේ සමස්ත දේශපාලන හා සමාජයීය වටිනාකමක් ( සංකේතාත්මක ? * ගන්නා හෙයිනි.
අස්ගිරි කාරක සංඝ සභාව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් මේ වන විවිධ දේශපාලනඥයින් ඇතුළු පාර්ශ්ව විසින් තම අදහස් ඉදිරිපත් කරමින් සිටිනා පසුබිමක මෙම මාධ්‍ය නිවේදන මෙරට සමස්ත දේශපාලන ක‍්‍රියාදාමයට කරන්නා වූ බලපෑම අපගේ අවධානයට යොමු විය යුතුය. ඊට හේතුව වන්නේ මෙම මාධ්‍ය නිවේදනය ඇතැම් විට ‘පනින රිලවුන්ට ඉණිමං බැන්ඳා’ වැනි හෝ ‘අඬන්න හිටිය මිනිහාට ඇඟිල්ලෙන් ඇන්නා’ වැනි කරුණු වලින් පිරී පවතින හෙයිනි.
අස්ගිරි කාරක සංඝ සභාව විසින් ඥානසාර හිමියන්ගේ මතවාද සාධාරණීකරණය කරමින් ද (ගලගොඩ අත්තේ ඥානසාර භික්ෂුඝවගේ ආවේගකාරී හැසිරීම් රටාව සහ අදහස් ප්ර්කාශන ශෛලිය කිසිසේත් අනුමත නොකරන නමුත් උන්වහන්සේගේ මතවාදය බැහැර නොකරන බව* පසුගිය කාලය පුරාම බොදුබල සේනාව ඇතුළු කණ්ඩායම් විසින් සමාජය තුළ ස්ථාපිත කිරීමට තැත් කළ වත්මන් ආණ්ඩුව භික්ෂූන් දඬයම් කරන බවට අනුබල සපයමින් ( ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඉදිරිපත් කරන කරුණුවල සත්යාකසත්ය භාවය සොයා පිළියම් කරනු වෙනුවට වාමාංශික යයි කියාගන්නා දේශපාලනඥයන් සහ සමාජ ක්රිබයාකාරීන් කිසිදු ගෞරවයකින් තොරව භික්ෂූන් වහන්සේලා විවේචනය කරමින් නමින් පමණක් ආමන්ත්රාණය කිරීම හෙළා දකින බව / ජාතිවාදී හැඟීම් අවුස්සන ඇතැම් දේශපාලනඥයන්ගේ ප්රකකාශ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නා රජය ඊට ප්රසතිචාරය පළ කරන භික්ෂූන් වහන්සේලා නිහඬ කිරීමට උත්සාහ දරන බව * සහ ඒකාබද්ධ විපක්ෂය ඇතුළු කල්ලිය විසින් ද අනුබලය සපයන ‘ආණ්ඩුව මුස්ලිම් අන්තවාදයට යටව ඇති බව’ යළි යළිත් අවධාරණය කරමින් ද ( ජාතික සංහිඳියාවට මුවාවී සිදු කෙරෙන රක්ෂිත සහ ඒ ආශ්රි ත ඉඩම් කොල්ලයක්, ඇතැයි පවසන අස්ගිරි නිවේදනය එම ,ඉඩම් කොල්ලය, මෙන්ම උතුරු-නැගෙනහිර පුරාවස්තු විනාශය නතර කිරීමටත් රජය කටයුතු කළයුතු බව* අස්ගිරි කාරක ඝංඝ සභාව විසින් නිකුත් කළ මෙම මාධ්‍ය නිවේදනය ඇතැම් මාධ්‍ය හඳුන්වා දී තිබුණේ ‘අස්ගිරියෙන් ආණ්ඩුවට අවවාදයක්’ යනුවෙනි.
ජනමාධ්‍යවලට හා විචාරකයින්ට අනුව මෙම මාධ්‍ය නිවේදනය මගින් ආණ්ඩුවට අවවාදාත්මක ප‍්‍රකාශයක් කළත් මෙම සිදුවීම්වල සමස්තය ගැන අවධානයෙන් සිටින පාර්ශ්වයන්ගේ අදහස වන්නේ  මෙම මාධ්‍ය නිවේදනයේ සැබෑ වුවමනාව, එමෙන්ම කඩිනම් වුවමානව ඊට වඩා ඉතාම පටු එකක් වූ බවයි. එනම් සති කිහිපයක් සැඟව සිටි බොදුබල සේනාවේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අධිකරණයට ඉදිරිපත් වීමට සුදුසු වාතාවරණයක් රට තුළ නිර්මාණය කිරීම පමණක් වන බවයි.
මේ කතාව අපට පහසුවෙන් බැහැර කළ නොහැකිය. මන්ද සති ගණනාවක් පුරා විවිධ හේතු ඉදිරිපත් කරමින් අධිකරණය මගහැර සිටි ඥානසාර හිමියෝ මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කළ දිනට පසුදාම අධිකරණයට ඉදිරිපත් වූ හෙයිනි. එමෙන්ම අපේක්ෂිත ආකාරයෙන් ම පොලිසියේ කිසිදු අවහිරයකින් තොරව ඇප ලබා ගැනීමට අවස්ථාව උදාකරගත් හෙයිනි.
ඉතිං, හෘද සාක්ෂියක් ඇති ජනතාවක් ලෙස ඔවුන් මේ සිදුවීම් ජාලය වෙන කුමනාකාරයෙන් ගළපා ගන්නද ? මේවායේ එකිනෙක අතර අන්තර් සම්බන්ධයක් නොමැත්තේද ?
ඥානසාර හිමියන් උසාවියෙන් ඇප ලබා ගෙන ජනමාධ්‍ය හමුවට පැමිණ කී කතාව මේ සඳහා වඩාත් අනුබල දෙයි. ඥානසාර හිමියෝ ඇප ලබා ගෙන පිටත පැමිණි විගස කීවේ ‘‘ මෙතෙක් තමන් නැගූ ප්රබශ්න දැන් මහා නායක හිමිවරුන්ට බාර බවයි’’
ඥානසාර හිමියෝ මෙහිදී අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා ජයග‍්‍රාහී වී ඇති බව අස්ගිරි කාරක සංඝ සභාව විසින්් අස්ගිරි මහා නාහිමියන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ මාධ්‍ය නිවේදනය මගින් පැහැදිලි වෙයි. ( ගලගොඩ අත්තේ ඥානසාර භික්ෂු්වගේ ආවේගකාරී හැසිරීම් රටාව සහ අදහස් ප්රලකාශන ශෛලිය කිසිසේත් අනුමත නොකරන නමුත් උන්වහන්සේගේ මතවාදය බැහැර නොකරන බව*
මේ අනුව අපට ඉතා පැහැදිලිව සඳහන් කළ හැකි වන්නේ අස්ගිරි පාර්ශ්වය විසින් කඩිමුඩියේ මෙවැනි මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අධිකරණයට පැමිණ පහසුවෙන් ම ඇප ලබා ගැනීම සඳහා මතවාදී සහ බලපෑම් සහගත ආරක්ෂාවක් ලබා දීමට බවයි.
දැන් අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා ඒ කරුණ ඉටුවී තිබේ. ජාතිවාදය අවුළවමින් රට ගිනි තැබීමට, නීතියේ ආධිපත්‍යයට බලපෑම් කිරීමට කිසිදු බියක් නොදක්වන භික්ෂුවකගේ මතවාද අභිෂේක කොට තිබේ.
මේ කාගේ වුවමනාවද ?
ලංකාවේ දේශපාලන, සමාජ හා සංස්කෘතික වපසරිය තුළ භික්ෂූව (සිවුර* විසින් හොබවන දැඩි ආධිපත්‍ය ස්වරූපය ප‍්‍රශ්න කිරීම එක් අතින් සියතින්ම ගෙළ සිඳ ගැනීමක් වශයෙන් සැලකිය හැකිය. මන්ද සිවුරේ ආධිපත්‍ය අප අපේක්ෂා කළාටත් වඩා සියුම්ව හා ප‍්‍රබල ලෙස සමස්ත රාජ්‍ය හා සමාජ යාන්ත‍්‍රණය තුළ සක‍්‍රීය ආධිපත්‍යක් පතුරුවා ගෙන වැජඹෙන හෙයිනි.
එහෙත් මේ භික්ෂු ආධිපත්‍ය හා බල හැකියාව සමස්ත සමාජයේ අවම වශයෙන් ඔවුන් විසින් ආධිපත්‍ය හොබවන සිංහල බෞද්ධ සමාජයේ සුභසිද්ධිය සඳහා අවම වශයෙන් හෝ යොදවා තිබේද ? යන්න අප හිතට එකඟව, ඊනියා හැඟීම් හා බැඳීම්වලට යට නොවී ප‍්‍රශ්න කළ යුතුය. එවිට ලැබෙන පිළිතුර වන්නේ ‘බින්දුව’ බව නොබියව ප‍්‍රකාශ කළ හැකිය.
උදාහරණ වශයෙන් අස්ගිරි පාර්ශ්වය ම සැලකිය හැකිය. මෙම ලේඛකයාගේ මතය දැඩි විසංවාදී එකක් විය හැකි වුවත් ඉතා පැහැදිලිව අවධාරණය කළ යුත්තේ අස්ගිරි පාර්ශ්වය ඉතා පැහැදිලිව මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන බැඳියාවන් අනුව කටයුතු කරන බවයි. ඔවුන් මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ හා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව ඇසේ ඇණුන කටුවක් වශයෙන් දකින බවයි. මේ සඳහා පසුගිය ආසන්න කාලය තුළින් අවශ්‍ය තරම් උදාහරණ අපට සපයා ගත හැකිය. එයින් එකක් වන්නේ ජෙනරාල් සරත් ෆොන්සේකා ( දැන් ෆීල්ඞ් මාෂල් * මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දඩයමට ලක්ව සිටි අවස්ථාවේ මෙරට බහුතරයක් භික්ෂූන් වහන්සේලා ගත් උදාසීන හෝ මහින්දවාදී ස්ථාවරයයි. දෙවැන්න මීට වඩා හාත්පසින් ම වෙනස් දෙයක් වුවද එය මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පවතින බැඳීම/ බිය පළ කරන අවස්ථාවයි. ඒ නාමල් රාජපක්ෂ මහතා මහනුවර දළඳා මාළිගාව ඉදිරිපිට කාර් රේස් පැද්ද අවස්ථාවයි. තෙවැනි අවස්ථාව වන්නේ පසුගිය දා මහනුවර මඟුල් මඩුවේදී පැවැති උඩරට විරුවන් දේශපේ‍්‍රමීන් වශයෙන් නම් කළ රාජ්‍ය උත්සවයයි.
මේ සෑම අවස්ථාවකදී ම අස්ගිරි පාර්ශ්වය පටු එහෙත් දැඩි ස්වභාවයක් ( මහින්දවාදී* අනුගමනය කළ බව අපට ඉතා පැහැදිලිව වටහා ගත හැකිය. ඒ කිසිවක් නිසා නොව ඔවුන් විසින් සානුබල සපයන සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය වත්මන් ආණ්ඩුවේ වන්දනාවට සහ ආශිර්වාදයට ලක් නොවීමයි. අප මේ තත්ත්වය වටහා ගත යුතුය. මන්ද සිවුරේ බලය මෑත කාලීන ලංකාවේ දේශපාලනය සමග මිස සාමාන්‍ය ජනතාවගේ පොදු වුවමනා එපාකම් නියෝජනය නොකළ බව අපගේ ඇස් පනා පිටම පෙනී යන හෙයිනි. ඒ සඳහා මහ නුවරින්ම ලබාදිය හැකි උදාහරණය වන්නේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සෑම මොහොතක් පසාම දැඩි පීඩාවට පත් කරන නුවර දළඳා මාළිඟාව ඉදිරිපිට මාර්ගය යළි මහජනතාවට විවෘත කිරීමට මෙම නායක භික්ෂූන් වහන්සේලා දක්වන මාරාන්තික විරුද්ධත්වයයි.
මෙවැනි අවස්ථාවාදී හා පටු තත්ත්වයක් තුළ අවසාන වශයෙන් කිව යුත්තේ එකට එකක් පසුපස මේ පැමිණෙන සියලූ රංගධාරීන්ගේ එකම අපේක්ෂාව වන්නේ, 2015 ජනවාරී 08 වැනිදා මේ කිසිවකුගේ සාටෝපකාරී කතා විශ්වාස නොකළ 62 ලක්ෂයක් ජනතාව විසින් ඉදිරියට තැබූ පය කුමනාකාරයෙන් හෝ යළි ආ පසු හරහා තම වරදාන හා බලය වෙනුවෙන් යළි බිම සකස් කර ගැනීම බවයි. ඒ සඳහා සෑම කතාවකම පිටපත, නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය එකම අතකින් සිදුවන බවයි.
සටහන
භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *