නව ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය කඩාකප්පල් කිරීමට අන්තවාදීන් උත්සහ දරමින් සිටිනවා. – චමීර පෙරේරා // Vedio//

පසුගිය මහින්ද රාජපක්ෂ කාලයේ ගෝඨාභය රාජපක්ෂ කෙමන ලෙස කටයුතු කල බොදු බල සේනාව,රාවණා බලය, සිංහල රාවය වැනි අන්තවාදී භික්ෂු කල්ලි ජනවාරි 8 දේශපාලන පරිවර්තනයෙන් පසුව නැවත වතාවටත් දේශපාලන අවකාශය අල්ලා ගැනීමට උත්සහ දරමින් සිටින කුමන්ත්‍රණයක් පෙනෙන්නට තිබෙනවා.ඒක ඉතාම බරපතල තත්වයක් .අපි ජනවාරි 8 දේශපාලන පරිවර්තනය කලේ මෙවැනි අන්තවාදී කල්ලි පරාජය කිරීමට .මෙවැනි කල්ලි යහපාලන ආණ්ඩුවේ අනුග්‍රහය ලබමින් ක්‍රියාත්මක වන තත්ත්වයකට පත්වීම එක්තරා විදියකට ජනවාරි 8 දේශපාලන පරිවර්තනය වෙනුවෙන් පෙනීසිටි ලක්ෂ 62 ක ජනතාවට කරන බරපතල අසාධාරණයක් . ගලබොඩ අත්තේ ඥානසාර භික්ෂුව ඊයේ දින ඇප පිට නිදහස් වෙනවා . මේකෙන් අපට පෙනෙන්නේ රජය විසින් යම් ආකාරයේ දේශපාලන රැකවරණයක් ලබාදී ඇති ආකාරයයි.

මොහුගේ හැසිරීම සම්බන්ධයෙන් පොලීසිය පැමිණිලි කර තිබෙනවා .වචන භාවිතය , අන්‍ය ජාතීන්ට විරුද්ධව වෛරී සහගත ප්‍රකාශ නිකුත් කර තිබෙනවා . අධිකරණය විසින් පොලීසියේ විරෝධතාවයක් තිබෙනවාද යන්න ප්‍රශ්න කරන විට ඔහුව නිදහස් කිරීමට පොලීසිය කැමැත්ත ප්‍රකාශ කරනවා. මෙය කොයි තරම් විහිලුවක්ද අප බලාපොරොත්තු වූයේ සාමාන්‍ය ජනයාට වගේම නීතිය ක්‍රියාත්මක වෙයි කියලා . විවිධ පුද්ගලයන් ඔහුගේ හැසිරීම සාධාරණීකරණය කරනවා.ඔහුව අත්තඩංගුවට ගැනීමට අපොහොසත් වන පොලීසිය ඊයේ දිනයේ ශිෂ්‍යයන්ට එලව එලවා පහර දෙනවා. මේක බරපතල ප්‍රශ්නයක් .

මෙවැනි තත්වයක් ඇතිවුනොත් රජය බලාපොරොත්තු වන දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට බාධා ඇතිවෙනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීම සදහා වඩා ශක්තිමත් පුරවැසි බලවේගයක අවශ්‍යතාවය මතුවී තිබෙනවා. එවැනි පුරවැසි බලවේගයක් මෙම අන්තවාදී කොටස විශාල බාධාවක් වෙලා තිබෙනවා.පුරවැසියෙක් විදියටත් වාමාශිකයෙක් විදියටත් වමේ කේන්ද්‍රීය විදියටත් අපට ලොකු සැකයක් මතුව තිබෙනවා. රජයේ නායකයින්ගේ අවංකභාවය පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතිකිරීමේ ක්‍රියාදාමය හා සම්බන්දව . නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතිකිරීමට සැබෑ ලෙසම උවමනාවක් තිබෙනවා නම් මෙවන් ජාතිවාදී බලවේග වලට හිස එසවීමට ඉඩ නොතැබිය යුතුයි . බලය බෙදීම ,විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වැනි කාරනා වලදී අන්තවාදී කොටස් වලට නැගීසිටීම විශාල බාධාවක් විය හැක.දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ රජයේ අවංක කැපවීමක් තිබෙනවා නම් ප්‍රජාතන්ත්‍රවාදය ,නිදහස ,සාධාරණත්වය ,සමානත්මතාව ඇතිකල යුතුයි .

සටහන – ගයාන්  රත්නායක

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *