පහුගිය ආණ්ඩුව ජාතිවාදී කණ්ඩායම් පිටුපස හිටියා. මහින්ද, ගෝඨාභය ජාතිවාදී කල්ලි හැදුවා. – ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

මේ වෙනකොට ජාතිවාදයත් නැවත ඉස්මතු වෙමින් තිබෙනවා. ජාතිවාදය නිසා අපි  ඕනෑ තරම් බැට කාලා තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂය කළු ජූලිය ඇති කරලා දෙමළ ජනතාව මරලා, කඩ ගිනි තියලා, ප‍්‍රභාකරන්ට අවස්ථාව හදලා දුන්නා. අවුරුදු 30ක් ඒ යුද්ධයෙන් අපි බැට කෑවා. ඒ යුද්ධය ඉවර කරලා සමගිය හදන්න  ඕන වෙලාවක නැවත ජාතිවාදී ගැටුම් හදන්න උත්සාහ කරනවා. එක පැත්තකින් සිංහල, දෙමල ජාතිවාදය. තවත් පැත්තකින් සිංහල-මුස්ලිම් ජාතිවාදයත් ඇති කරන්න හදනවා. කවුරු  ජාතිවාදය ඇති කළත් වැරදියි. මේ ජාතිවාදී කි‍්‍රයාවලට එරෙහිව ආණ්ඩුවේ කි‍්‍රයාමාර්ග මොනවද? පහුගිය ආණ්ඩුව ජාතිවාදී කණ්ඩායම් පිටුපස හිටියා. මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය ජාතිවාදී කල්ලි හැදුවා. වර්තමාන ආණ්ඩුව ජාතිවාදය ඉස්මතු කරන්න ඉඩ දීලා නිහඬව බලාගෙන ඉන්නවා. ඒ නිසා ජාතිවාදී කල්ලිවලට ඉඩ හැදිලා තිබෙනවා. විල්පත්තුවේ කැලෑ කැපීම කරන්නේ ජාතිවාදී පදනමෙන්. එය වැලැක්වීමට මැදිහත් වෙන්නෙත් ජාතිවාදී පදනමෙන්. ආණ්ඩුව මේ ප‍්‍රශ්නයට නීතිමය මැදිහත් වීමක් කරන්න  ඕනෑ. නැගෙනහිර ප‍්‍රදේශය පුරා විද්‍යාත්මක ස්ථාන, සිද්ධස්ථාන විනාශ කරලා පල්ලි හදනවා කියලා චෝදනාවක් තිබෙනවා. ආණ්ඩුව කළ යුත්තේ පොලීසිය, පුරාවිද්‍යාඥයින් යොදවලා මේ චෝදනාව විමර්ශනය කරන එකයි. එය සත්‍යයද අසත්‍යයද දියලා හෙළිදරව් කරන එකයි. නමුත් ආණ්ඩුව නිහඬයි. ජාතිවාදීන්ට ජාතිවාදය අවුස්සන්න ඉඩ දීලා බලාගෙන ඉන්නවා. ඒ අවස්ථාව ප‍්‍රයෝජනයට අරගෙන ඇතැමුන් මුස්ලිම් ජනතාවට පහර දෙනවා. සිද්ධස්ථානවලට පහර දෙනවා. ඒවට එරෙහිව නීතිමය පියවර නැහැ. මේ ජාතිවාදී ගැටුම් තවදුරටත් වර්ධනය වුණොත් එය අධිරාජ්‍යවාදීන්ට වාසියි. බංකොලොත් දේශපාලනඥයින් තමයි ජාතිවාදය වපුරන්නේ. ආණ්ඩුව ජාතිවාදය ඇතිකිරීමට තිබෙන ඉඩ අහෝසි කළ යුතුව තිබෙනවා.
මේ පිළිබඳව පොලීසිය බොරු ප‍්‍රකාශ කරමින් ඉන්නවා. පොලීසිය  ඕ.අයි.සී. ලාට ජාතිවාදී ගැටුම් මැඩ පවත්වන්න බලය පවරලා තියෙනවා කියලා පොලීසිය කියනවා. නමුත්  ඕ.අයි.සී.ලාට ඒක කරන්න පුළුවන්කමක් නැහැ. ඇතැම් පුද්ගලයින් අත්අඩංගුවට ගන්න නියම කළාට අත්අඩංගුවට ගන්නේ නැහැ. අත්අඩංගුවට ගතයුතු පුද්ගලයින් ඇතැම් ඇමතිවරු හංගාගෙන ඉන්නවා කියලා චෝදනාවක් තිබෙනවා. මෙම ජාතිවාදීන්ට එරෙහිව පියවරක් ගන්න ආණ්ඩුව බයෙන් ඉන්නවා. ඊළඟ ඡුන්දෙදී ඡුන්දේ නැති වෙයි කියලා ආණ්ඩුවට බයක් තිබෙනවා. ඒ නිසා අනවශ්‍ය ගැටුමක් නිර්මාණය වෙලා තිබෙනවා. මේ ආණ්ඩුව කිසිදු ප‍්‍රශ්නයක් ගැන සංවේදී නැහැ. ආණ්ඩුවට සංවේදී නැතිවීමේ රෝගය වැළඳිලා. ඒ නිසාම මේ ආණ්ඩුවට එරෙහිව දැවැන්ත ජනතා බලයක් ගොඩනැගිය යුතුව තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ තීරණය කරලා තිබෙනවා ආණ්ඩුවේ ආර්ථික කොල්ලයට, වංචාවට හා ¥ෂණයට, ජාතිවාදයට එරෙහිව රට පුරා උද්ඝෝෂණ මාලාවක් පවත්වන්න. එහි ආරම්භයක් ලෙස ලබන 22දා කොළඹ විහාරමහා දේවී එළිමහන් රංග පීඨයේදී උද්ඝෝෂණ රැුලියක් පවත්වනවා. ඉන් අනතුරුව රට පුරා උද්ඝෝෂණ මාලාවක් සහ රැුස්වීම් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
රජයේ බදු ප‍්‍රතිපත්තිය විය යුත්තේ තියෙන අයගෙන් අරගෙන නැති අයට දෙන එකයි. නමුත් මේ ආණ්ඩුවේ බදු ප‍්‍රතිපත්තිය වෙලා තිබෙන්නේ නැති අයගෙන් අරගෙන තියෙන අයට දෙන එක. රවී කරුණානායක මුල්ම අයවැය ඉදිරිපත් කරද්දී මන්දිර බද්දක් ගැන කතා කළා. මිලියන ගාණක බදු ආදායමක් ගන්නවා කියලා. නමුත් දැන් ඒ මන්දිර බදු නැහැ. වැට් බදු, ආරක්‍ෂක බදු, ජාතිය ගොඩනැගීමේ බදු කියලා ජනතාවට වක‍්‍ර බදු ගහනවා. බදු වලටත් බදු ගහනවා. ඒ නිසා තමයි දුරකතන බදු 49%ක් වෙලා තිබෙන්නේ. බදු ප‍්‍රතිපත්තිය වෙනස් කරනවා කියලා තව තවත් බදු වැඩි කරන්න හදනවා. මේ ආණ්ඩුවට තිබෙන එකම ආදායම බදු ආදායමයි. මේ ආණ්ඩුවේ සෘජු බදු අඩුයි. වක‍්‍ර බදු වැඩියි. වක‍්‍ර බදු කියන්නේ භාණ්ඩ හා සේවා මත පනවන බදු. ඒ කියන්නේ පොදු ජනතාවගෙන් අය කරනා බදු. ජනතාවට බදු ගහලා තමයි මේ ආණ්ඩුව ආදායම් හොයන්නේ. මේ ආණ්ඩුවලට තිබෙන්නේ අසාධාරණ බදු ප‍්‍රතිපත්තියක්. ආණ්ඩුව මන්දිර බදු ගහනවා කියලා කළේ බොරුවක්. එහෙම කරන්න කරුණු දෙකක් තිබුණා. ආණ්ඩුවට වුවමනාව තිබුණා, පොදු ජනතාවට බදු ගහද්දී ඉහළ පන්තියටත් බදු ගහනවා කියලා ප‍්‍රකාශයක් කරන්න. ඊට අමතරව විරුද්ධවාදීන් කිහිප දෙනෙක්ගෙන් පළිගන්න වුවමනාව ආණ්ඩුවට තිබුණා. ඒත් මන්දිර බද්ද අය කරද්දී ආණ්ඩුවේ ඇමතිවරුන්ටත් ඔවුන්ගේ යාළුවන්ටත් ඒක ගෙවන්න වෙන නිසා  ඒක පැත්තකින් තිබ්බා.
අලූත් ව්‍යවස්ථාවක් හදන්න මේ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ කමිටු පත්කළා. නමුත් දැන් ඒ කි‍්‍රයාවලිය මග නතර වෙලා. ආණ්ඩුවේ දෙපාර්ශ්වය අතර මේකට එකඟතාවයක් නැහැ. අලූත් ව්‍යවස්ථාවක් හදනවා නම් ප‍්‍රධාන කරුණු 3ක් සැලකිල්ලට ගන්න වෙනවා. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, නව මැතිවරණ ක‍්‍රමයක් සකස් කිරීම සහ උතුරේ ජනතාවට විසඳුමක් ලබාදීම. මෙහි ඇතැම් කරුණු ආණ්ඩුවට සෘජුව බලපානවා. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න මෛතී‍්‍රපාලගේ කණ්ඩායම කැමැති නැහැ. එම වෙනස්කම් නැතිව අලූත් ව්‍යවස්ථාවක් එන්නේ නැහැ. ඒ නිසා තමයි ප‍්‍රමාද වෙන්නේ. අනෙක් පැත්තෙන් මේ කණ්ඩායම ජනමත විචාරණයක් ගේනවට කැමති නැහැ. ජනමත විචාරණයක් නැත්නම් අලූත් ව්‍යවස්ථාවක් නැහැ. දින 100 ආණ්ඩුව ඇතුළේ සිදුවුණේ විධායක ජනාධිපති ක‍්‍රමයේ ඉතාම සුළු වෙනස්කම් පමණයි. මොකද ඒ වෙලාවේ ජනාධිපතිවරණයකට නොගිය නිසා.  ඒ නිසා අලූත් ව්‍යවස්ථාවකට ජනමත විචාරණයකට යන්න වෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ අපි අලූත් ව්‍යවසථාවක් හැදිය යුතුයි කියන ස්ථාවරයේ ඉන්නවා. තවත් බොහෝ දේශපාලන පක්‍ෂ රැුසක් ඒ ස්ථාවරයේම ඉන්නවා. මහින්ද රාජපක්‍ෂ කල්පනා කරනවා අලූත් ව්‍යවස්ථාව ගේන එක පාවිච්චි කරලා රට බෙදන්න යනවා කියලා ආණ්ඩු විරෝධයක් හදන්න. අපි ආණ්ඩුවට කියනවා ඒවට බය වෙන්නේ නැතිව අලූත් ව්‍යවස්ථාවක් ගේන්න කියලා. මොකද මේ වෙලාව තමයි අලූත් ව්‍යවස්ථාවක් ගේන්න හොඳම අවස්ථාව. මේ ව්‍යවස්ථාව 19වැනි වතාවක් සංශෝධනය කරපු පැරණි එකක්. ජනතාවට කිසිවක් ලබා නොදෙන එකක්. නැවත ගේන්නේ ධනපතින්ට වාසි වන ව්‍යවස්ථාවක් වුවත් මීට වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්, මානව හිමිකම් ලබාදෙන ව්‍යවස්ථාවක් රටට ලබාදිය යුතු යැයි අපි විශ්වාස කරනවා.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *