ජනමත විමසුම් සියල්ලෙන් එජාපය ඉදිරියෙන්

ප්‍රධාන දේශපාලන පක්ෂවලින් මෙන්ම ඔත්තු සේවාවලින්ද , ස්වාධීන ආයතනවලින්ද මේ වනවිට සිදුකොට ඇති ජනමත විමසුම් සියල්ලෙන් මහ මැතිවරණයේදී එජාපය ඉහළ ජයග්‍රහණයක් අත්කර ගන්න බව තහවුරු වී ඇතැයි අපගේ ආරංචි මාර්ග කියයි .

මැතිවරණයේදී එජාපයට මන්ත්‍රී ආසන එකසිය දහ නවයක් හිමිවන බව ජාතික ඔත්තු සේවාව වාර්තා කොට ඇතිබව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි . එම සංඛියාව එකසිය පහත් එකසිය විසි දෙකත්  අතර වෙනස්විය හැකි බව වෙනත් සමීක්ෂණ මගින් පෙන්වයි .

සොසල් ඉන්දිකේටර් ආයතනය කළ සමීක්ෂණයකට අනුව අගමැති අපේක්ෂක ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට සියයට තිස් නවයයි දශම අටක ජනප්‍රියතාවක් හිමිවෙද්දී මහින්ද රාජපක්ෂ මහතාට හිමිව ඇති ජනප්‍රියතාවය සියයට විසි හතයි දශම පහකි . සන්ධානයේ ජනමත සමීක්ෂණ මගින් ද මීට ආසන්න ප්‍රතිපල වාර්තා වී ඇතැයි කියති .

සන්ධානයට සම්බන්ද ආරංචි මාර්ග කියන්නේ සියයට තිහක් තවමත් තීරණයක් ගෙන නොතිබීම තමන්ගේ වාසියට හරවාගත හැකි බවට ඔවුන් අතර විශ්වාසයක් පවතින බවයි . එසේ වුවද දේශපාලන නිරීක්ෂකයන් කියන්නේ සියයට විසි පහක් පමණ චන්දය නොදෙන ප්‍රතිශතයක් සිටින බැවින් ඉහත කී බලාපොරොත්තු මිත්‍යාවක් වන බවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *