ජනාධිපති හකීම් – අනුර සූරියබණ්ඩාර

මේ ලියන මොහොතේ දකුණු අප‍්‍රිකාව සහ ඉන්දියාව අතර ක‍්‍රිකට් තරගයක් රූපවාහිනිය ඔස්සේ විකාශය වෙමින් තිබේ. දකුණු අප‍්‍රිකාණු කණ්ඩායම සුදු ජාතිකයන් මෙන්ම කළු ජාතිකයන්ගෙන් ද සමන්විතය. සුදු ජාතිකයන් සහ කළු ජාතිකයන් එක්ව දකුණු අප‍්‍රිකාව වෙනුවෙන් තරග වදිනු දකින විට මට දැනෙන්නේ මහත් සතුටකි. ඒ කලකට ඉහත දකුණු අප‍්‍රිකාව යනු වර්ගබේද වාදයෙන් උත්සන්නව ලෝකයෙන් කොන් වූ රටක්ව පැවති බැවිනි. ඒ ඉතිහාසය වෙනස් කළේ නෙල්සන් වැන්ඩෙලා නමැති අසහාය මිනිසා විසිනි.
නෙල්සන් මැන්ඩෙලා බලයට පත්වීමට පෙර දකුණු අප‍්‍රිකාවේ ක‍්‍රිකට් සීමාවී තිබුණේ සුදුජාතිකයන්ට පමණි. කළු ජාතිකයන්ට සැලකුණේ සතුනට මෙනි. උද්‍යාන පවා ඔවුනට තහනම්ව තිබුණි. ‘No Blacks , No Dogs’ ‘කල්ලන්ටත්, බල්ලන්ටත් තහනම්’ තත්ත්වය වූයේ එයයි.
තමාගේ පාලනයටතේ එනම් දකුණු අප‍්‍රිකා මහජන ආණ්ඩුව යටතේ සුදු කළු බේදය තුරන් කළ බව සංකේතාත්මකව ලොවට ප‍්‍රදර්ශනය කරන්නට නෙල්සන් මැන්ඩලා යොදාගත් එක් අවස්ථාවක් වූයේ 1995 රග්බි ලෝක කුසලාන තර`ගයයි.
රග්බි යනු කළු ජාතිකයන්ගේ මංශ ගතව පැවති ක‍්‍රිඩාවක් වුවද ඔවුන්ට ප‍්‍රසිද්ධියේ රග්බි ක‍්‍රිඩා කරන්නට තබා රග්බි තර`ගයක් නරඹන්නට පවා වර්ණ බේදවාදී සුදු ජාතික පාලනය යටතේ අවසර ලැබුණේ නැත. ස්පි‍්‍රන් බොක් කණ්ඩායමට මුල්වරට කළුජාතිකයකු ඇතුළත් කරනු ලැබුණේද වර්ණභේදවාදය පරාජය වීමෙන් පසුවය. ක‍්‍රීඩකයා චෙස්ටර් විලියම්ස් ය.
ප‍්‍රස්තුතය එය නොවේ. 1995 රග්බි ලෝක සූරතාව නැරඹීමට නෙල්සන් මැන්ඩෙලා පැමිණ සිටියේ එතෙක් සුදු ජාතිකයනට වෙන් වූ කණ්ඩයමක් වූ ස්පින් බොක් කණ්ඩායමේ නිල ඇඳුමිනි. ඔහු එසේ කළේ කළු සුදු භේදය තවදුරටත් දකුණු අප‍්‍රිකාවේ වලංගු නැති බව ලොව හමුවේ කියා පෑමටය.
ඉහත සිද්ධිය මතක් කිරීමට සිදුවූයේ මුහුණු පොත ඔස්සේ මෑත දී හුවමාරු වී තිබුණු ඡුායාරූපයක් දුටු බැවිනි. එහි දැක්වෙන්නේ ජානාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මුස්ලිම් හිස් වැස්මකින් සැරසී යම්කිසි උත්සව අවස්ථාවකට සහභාගී වී සිටින ආකාරයයි. රවුෆ් හකීම් ඇමතිවරයා ද රාජිත සේනාරත්න ඇමතිවරයා මෙන් පෙනෙන තවත් අයෙක් ද ඡුායාරූපයේ සිටිති. ඔවුන්ද මුස්ලිම් හිස්වැසුම් පැළඳ ගෙනය. මුස්ලිම් හිස්වැස්ම පැළඳ සිටින ජනාධිපතිවරයාට ඔහුගේ ආරම්භක වෘත්තිය ද සඳහන් කරමින් අවලාදාත්මක ප‍්‍රකාශයක් ද ඡුායාරූපය සම`ග පළකර තිබුණි.
නෙල්සන් මැන්ඩෙලා ස්ප‍්‍රින් බොක් ජර්සියෙන් සැරසීමත්, මෛත‍්‍රීපාල සිරිසේන මුස්ලිම් හිස්වැසුම පැළඳීමත් එකම කාසියේ දෙපැත්තයි. එනම් ජාතික සම`ගියේ සංකේතය යි.
බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදින්ගෙන් ශ‍්‍රී ලංකාව නිදහස් කර ගැනීමේ සටන සිංහල දෙමළ මුස්ලිම් සියල්ලන්ගේ සහයෝගයෙන් සිදු කෙරුණකි. නමුත් නිදහස ලබාගත් පසුව අපට ඒ සම`ගිය ඒ ආකාරයෙන් පවත්වා ගැනීමට හැකි වී නැත. මෙරට දෙමළ ජනතාව සිංහල මහාසමාජයෙන් වෙන්වීමට වසර 30ක් තිස්සේ කළ සටනකින් පරාජය වී සිටිති. එක්ව නිදහස ලබා ගැනීමට සටන් කළ දෙමළ ජනතාව වෙන්ව වෙනම රටක් ඉල්ලන තත්ත්වයට පත් වූයේ කෙසේ ද යන්නට සිංහල දෙමළ මුස්ලිම් සියල්ලන්ම එක්ව පිළිතුරු සෙවිය යුතුය.
දෙමළාට ඉන්දියාව තිබේ. මුසල්මානුවන්ට මැද පෙරදිග තිබේ. සිංහලයාට ඇත්තේ ලංකාව පමණක් බව සිංහල ජාතිවාදයේ මතයේ පදනමයි. එහෙයින් ඔවුන් මරදනය කර ඉනුත් නොනැවතී පලවාහැර හෝ සිංහල අයිතිය ආරක්‍ෂාකර ගැනීමට ජාතිවාදීහු හීන දකිති.
මේ තර්කයේදී අපට නෙල්සන් මැන්ඩෙලාගෙන්ම පාඩම් ඉගෙන ගැනීමට පුළුවන. සුදු ජාතිකයන් යනු දකුණ් අප‍්‍රිකාවේ ආක‍්‍රමණික සුළු තරයයි. ඔවුන් විසින් දකුණු අප‍්‍රිකාවේ ස්වදේශික ජනතාවක් වූ කළු ජාතිකයන්ගේ අයිතිය මානව හිමිකම් නිදහස යකඩ සපත්තුවෙන් පගා පාලනය කරනු ලැබිණ. එවැනි තත්ත්වයක චරුණු අරගලයකින් පසුව බලයට පැමිණ මැන්ඩලා සුදු මහත්වරුනි මෙය අපේ රට ඔබේ මුල් රටවලට ගොස් අපේ රට අපට දෙන්නැයි සුදු ජාතිකයාට කීවේ නැත. ඔහු බිහි කළේ සුද්දාටත් කල්ලාටත් සමතැන ලැබෙන දකුණු අප‍්‍රිකානු ජනතා ආණ්ඩුවකි.
මුස්ලිම් ජනතාව දෙමළ ජනතාව නැති ලංකාවක් තැන සිහින දකින්නෝ පැහැදිලිවම උන්මත්තකයන් පිරිසකි. අපේ අසල්වැසියා ඉන්දියාව ජාති ආගම් භේද පසෙක ලා පෙරට ගමන් කරමින් තිබෙන ආකාරයෙන්වත් අප පාඩම් උගත යුතුය.
මුරලිලාට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට ඉඩ නැති වුව ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දෙමළ මුස්ලිම් සියල්ලන්ට පොදුය. එරට මුස්ලිම් ෂික්  ඕනෑම පුරවැසියෙකුට අගමැති ජනාධිපති දක්වා  ඕනෑම ඉහළ තරනතුරකට පත්වීමට කවර හෝ බාධාවක් නැත. මන්මොහන් සිං, අබ්දුල් කලාම් නිදර්ශන දෙකක් පමණි.
ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මුස්ලිම් හිස්වැසුමක්ලාගත් පමණින් කුලප්පුවන මී ගොනුන් රාවුෆ් හකීම් ගේ කෙනකු ජනපති වන්නට උත්සාහ කළොත් කුමක් නොකරනු ඇද්ද?
අප සටන් කළ යුතු වන්නේ ඒ බලය පැරදවීම සඳහාය. රාජ්‍ය නායත්වයට සුදුසුකම සිංහල බෞද්ධකම සම`ග ගැට ගැසීම රටට විනාශයකි. සුදුසු හැකියාවන් ඇති සැමට ජාති ආගම් භේදයෙන් තොරව ඉදිරියට ඒමට අවස්ථාව උදාකළ යුතුය. අයි.එස්. ත‍්‍රස්තාවාදයත් අනාගතයේ මෙටර බිහිවීම වලක්වා ගත හැකි වන්නේ එම`ගිනි.
පටු ජාතිවාදී ඉතා සුළු පිරිසක් හැර බහුතර සිංහල ජනතාවගෙන් එවැනි වෙනසකට විරෝධයක් ඇතැයි සිතිය නොහැකිය. අදාල අංශවල වගකීම වන්නේ ජාතිවාදී ආගම්වාදී සුළුතරය මතවාදීව පරාජය කර සම්මුතිවාදී බහුතර මතය ජයග‍්‍රයණය කරවීමයි. ඊළ`ග ව්‍යවස්ථා සංසෝධනයේ දී ජනාධිපති ධූරය අගමැති ධූරය දක්වා සියලූ ඉහළ යැයි සම්මත තනතුරු සිංහල දෙමළ මුස්ලිම් සියල්ලන්ටම විවෘත බවට වගන්තියක් එක්කරන්නේ නම් වඩාත් යහපත්ය. ඒ සඳහා මාවත විවෘත තැබිය යුතුය.

අනුර සූරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *