මහජන ධනය පාවිච්චි වෙන්නේ දේශපාලකයන්ගේ වුවමනාවලටයි – ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අචාර්ය අනිල් ජයන්ත.

අපේ රටේ සමාජ ප‍්‍රශ්න ගැන, කුමන හෝ හේතුවක් නිසා හෝ් කතිකාවතක් වෙනවා බොහොම අඩුයි. හුදෙක් දක්නට ලැබෙන්නේ දේශපාලන සංවාද වාද විවාද පමණයි. ඒ අතින් අපේ රටේ ඒ නිසා හිඩැසක්ව පවතින මේ රික්තය අවම කර මේ සම්මන්ත‍්‍රණය, ආමන්ත‍්‍රණය කිරීමට සලසාදීම පළිබඳව සංවිධායක මණ්ඩලයට මා ස්තූතිය පුදකරනව.
ඒ අනුව අද අපි කතාකරන්න යන්නේ ‘ආණ්ඩුවේ බර දැරිය යුත්තේ ජනතාවද?’ කියන ප‍්‍රශ්නය ගැන සාකච්ඡුා කිරීමේ දී, අපිට මේකට සරල උත්තර දෙකක් ගන්න පුළුවන්, ඔව් හෝ නෑ වශයෙන්. අපි කවුරුත් දන්නවා මේ තේමාව එහෙම සරල තේමාවක් නෙමෙයි කියල. මේක පුළුල් ක්‍ෂේත‍්‍ර තණනාවක පැතිරෙන දෙයක්. මෙතෙක් පැවති ආණ්ඩු මොන විදිහටද කරයුතු කළේ? පවතින ආණ්ඩු මොන විදිහටද කටයුතු කරන්නේ, කියන එක පිළිබඳව යම් අවබෝධයක් තියෙනවා. මේ ප‍්‍රශ්නයට එක එල්ලේ පිළිතරක් දීමට වඩා මම කරන්න යන්නේ මේ හා ගැටගැසුණු ප‍්‍රශ්න කිහිපයක් මතු කරමින් සාකච්ඡුා කරන්නයි.
මොකක්ද මේ බර කියන්නේ? ඒ මේ ආණ්ඩුවෙ බරද? මෙතෙක් තිබුණු හැම ආණ්ඩුවකම බරද? ආණ්ඩුවක් අපිට අවශ්‍ය වෙනවද? වැඩිය ගැඹුරට යන්නැතුව මේ ටික සාකච්ඡුා කරපුවම අපිට දැනෙනව රාජ්‍යයක ජීවත්වෙන කොට ඒ රාජ්‍යයක් ඉබාගාතේ පවතින්නේ නැහැ. එක එක්කෙනාට  ඕන විදිහකට පාලනය කරගෙන, අරාජික මට්ටමට දුවන්නේ නැහැ. ඊට ක‍්‍රමවේදයක් අවශ්‍ය වෙනවා.
ඒ නිසා තමයි අපි රාජ්‍ය පාලනය කරන්න ආණ්ඩු පිහිටුවා ගන්නේ.  ආණ්ඩුව කියන්නේ රාජ්‍ය යාන්ත‍්‍රණය ක‍්‍රියාත්මක කරන්න තියෙන නිල ව්‍යුහය. එවැනි ආණ්ඩුවකින් අපි බලාපොරොත්තු වෙනවා පොදු දේවල්. ඒ් රටේ ජනතාවගේ ජීවිතය සුඛිත මුදිත කරවන්නේ කොහොමද? ඒ රට සම්පත් හරියට කළමනාකරණය කරන්නේ කොහොමද? පොදු ප‍්‍රතිපත්ති තීන්දු තීරණ ගන්නේ කොහොමද? ඒවායින් පෙරළා මහජනතාවට ප‍්‍රතිලාභ ලබා දෙන්නේ කොහොමද කියන පොදු තීන්දු තීරණ ගැනීම සඳහා තමයි මේ ක‍්‍රියාවලිය තියෙන්නේ.
ඒකට අවශ්‍ය යාන්ත‍්‍රණය සකස් වෙනව ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ඇතුළත දි. අධිකරණ පද්ධතියක්, විධායකයක්, ව්‍යවස්ථා දායකයක් කියන යනාදි වශයෙන් ප‍්‍රබලන බල කරුණු තුනක් තියෙනව. මේ කාර්යභාරය ඉෂ්ඨ කිරීමේ වගකීම, අපි කොතෙක් දුරට මහජනතාව විදිහට තේරුම් අරගෙන ඉන්නවද කියන කාරණය පළමුවෙන්ම අපි ප‍්‍රශ්න කරන්නට  ඕනෙ. මේක සමාජගත වේලා තියෙන හැටි ආණ්ඩුවක් කියන්නේ මොකක්ද කියන කාරණේදි බරපතල ගැටළු කීපයක් මතු වෙනව.
මම ඊයේ පත්තරේක සිරස්තලයක් දැක්ක, ලොතරැුයි මණ්ඩල දෙකම අහවල් පුද්ගලයාට කියල තිබුණ. ඒ වගේ විෂය පථයන් බෙදලා තිබුණා අහවලාට, අහවලාට කියලා. මේකෙන් අපිට ප‍්‍රවෘත්තියක් නිර්මාණය වෙන බව සැබෑව, නමුත් අපි මොහොතකටවත් හිතන්නේ නැහැ එම ප‍්‍රවෘත්තිය ඇතුළෙ සමාජගත වෙනවා, ඇමති ධූරයක් දරනවා කියල කියන්නේ, යම් යම් ආයතන ටිකක් තමුන් යටතට පවරා ගන්නවා වගේ කියමනක්. ඒවාගේ වගකීම තමන් යටතට ගන්නවා වගේ එකක් නෙමේ, ඒ හෙඩිමෙන් ලොතරැුයි මණ්ඩල දෙකම රවීට’  කියලා තිබුණා. ඒකෙන්ම එයාට ඔපන් ලයිසන් එකක් දෙනවා ‘උඹ  ඕන දෙයක් කරපං, මේ ලොතරැුයි මණ්ඩල දෙකට’ සමාජය තුළට එහෙම හැ`ගීමක් දීලා තියෙනව. එතකොට සමාජයේ අපේ මොළ කුහර තුුළට බහින්නේ මෙන්න මෙහෙම අදහසක්, ආණ්ඩුවක් පවත්වාගෙන යෑමෙදි, ඒගොල්ලන්ට  ඕන කරල තියෙන්නේ, ඒගොල්ලන්ට  ඕන  ඕන විදිහට මේ ආයතන කරන්න කියල. මේක ඒ ගොල්ල කරනව. එතන ඝට්ඨනයක් ඇති වෙන්නේ නෑ,  ඒ ගොල්ල ඒක කරන ආකාරයයි, අපි මේක දකින හැටියි අතර. ඒක සමාජ ගතවෙලයි තියෙන්නෙ. ඒ නිසයි එයාල  ඕන  ඕන දේ කරන්නේ.
අපි දන්නව, අතීතයේ ඉඳලම ඒ ගොල්ලන්ගෙ ආයතන ලැබිච්ච හැටියෙම කරන්නේ තමුන්ගෙ ප‍්‍රදේශයෙන් සේවයකයො, තමුන්ගෙ ආයතනයට පුරවනව. රස්සා දෙනව අපිත් ඒකම තමයි බලාපොරොත්තු වෙන්නෙ. අනේ අමතිතුමෝ, මට රස්සාවක් දෙන්න, මට ලියුම් කෑල්ලක් දෙන්න, මගෙ දරුවා පාසැලට දාලාදෙන්න. ඔය යනාදි වශයෙන් අපිත් මේක අඩුවැඩි වශයෙන් කරනවා. මෙන්න මේ ගැටළුව පළමුකොටම ලිහා ගන්න  ඕන කියල මට හිතෙනව.
ආණ්ඩුවක බර සකච්ඡුාකරන්න මම තවත් උදාහරණයක් සම්බන්ධ කරගන්නම්, පාලනයට සම්බන්ධ වෙලා තියෙන පොදු ව්‍යාපාරික සමාගමක්. අපි දන්නවා මේ ව්‍යාපාරික ලෝකයේ පොදු සමාගම් කියලා ව්‍යාපාර තියෙනව. මහජනතාවගෙන් මුදල් එකතු කරගෙන, නිශ්චිත අරමුණකින් ව්‍යාපාර කරන ආයතන. එවැනි මහජනතාවගෙ මුදල් එකතුකරගෙන පුද්ගලික ව්‍යාපාරයක් කරන තැනකදි පවා, ගැටුමක් නිර්මාණය වෙනවා, අරමුණු නිර්මාණය පිළිබඳව. මොකක්ද ඒ අරමුණ කළමණාකරුවන් හා අයිතිකරුවන් අතර ඝට්ඨනය, අයිතිකරුවන්ගෙ සල්ලි තමයි ව්‍යාපාරයට යොදන්නෙ, කොටස් හිමියන්ගෙ සල්ලි, කළමණාකරුවො ඒක පාලනය කරන්න  ඕනෙ අධ්‍යක්‍ෂ මණ්ඩලයෙ උපදෙස් ඇතිව. පාළකයො විදිහට ලාභ ලබල, අයිතිකාරයන්ට යම් කිසි ලාභයක් ලබා දෙන්න. නමුත් ප‍්‍රායේගිකව කළමනාකරුවො බොහෝ දුරට සිද්ධ කරන තත්ත්වය තමයි,  පරිපාලන ව්‍යූහයක් නොතිබුනොත්, කොටස් කරුවන්ට මේ පිළිබඳව අවබෝධයක් නොතිබුනොත්, ඉහළ කළමණාකරුවො දෙන්නෙක් තුන්දෙනෙක් හා අධ්‍යක්‍ෂ මණ්ඩලයත් එක්ක එකතුවෙලා සමාගමේ ධනය තමුන්ට හිතූ හිතූ පරිදි වියදම් කරනව. තමුන්ට කැමති යාන වහාන පරිහරණය කරනවා, සුඛෝපබෝගි දෙවල් පරිහරණය කරනව. රට සවාරි යනවා. ඒ වගේම තමුන්ගේ හිතවත් සමාගම්වලට මේ ධනය මාරු කරගැනීමේ කටයුතු කරනවා.
මම එක උදාහරණයක් ගන්නම් මිහින් ලංකා ආයතනය අර්බූධ කාරිතත්ත්වයක පවතින කොට ලංකා බැංකුවෙන් මිලියන පන්දාහක හෝ හය දාහක ණයක් ඉල්ලපුවම, ඒ ගොල්ලන්ගෙ මූල්‍ය තත්ත්වය තක්සේරු කරල බලපුවම මිහින් ලංකා එකට ණයක් දෙන්න බෑ. පාඩු ලබමින් තිබුණේ.  එතකොට ඒ ගොල්ල අළුතෙන් බැංකුවක් නිර්මාණය කෙරුවා ලංකා පුත‍්‍ර බැංකුව කියල. ඒ ගොල්ල ණය ඉල්ලූව ලංකා පුත‍්‍ර බැංකුවෙන්. එතකොට ලංකා පුත‍්‍ර බැංකුව කියන්නෙ රාජ්‍ය ආයතනයක්. ලංකා පූත‍්‍ර බැංකුවට දේශපාලන බලපෑම ලැබිච්ච නිසා ඒ ණය නිදහස් කරන්න කිව්වා. නමුත් ලංකා පුත‍්‍ර බැංකුවට එච්චර ණය මුදලක් නිදහස් කරන්න සල්ලි තිබුණෙ නැහැ.
ඒ ගොල්ල ලංකා බැංකුවට ඇප්ලිකේෂන් එකක් දැම්මා, ඒ මිලියන පන්දාහ හෝ හයදාහ දෙන්න කියල. ඉහළින් ආපු නියෝගවලට ලංකා බැංකුවට සිද්ධ වෙනව, ඉහළින් ආපු නියෝග අනුව අර මුදල නිදහස් කරන්න. ඒ මුදල ලංකාපුත‍්‍ර සමාගම මිහින් ලංකා ආයතනයට දෙනව ණයක් විදිහට. ඒ ණය බහිරවයාගේ කටට ගියා වගේ ආයෙ කවදාවත් එන්නෙ නැහැ. වක‍්‍ර ආකාරයෙන් මොකද කළේ, ලංකා බැංකුවෙන් තමයි ණය ගත්තේ. නමුත් ඒ ණය ගැනීම සඳහා පාවිච්චි කරනවා තවත් රාජ්‍ය ආයතනයක්. ඒ පොදු ධනය පුද්ගලික විදිහට පාවිච්චි වෙනව වෙනත් විදිහකට. මේ මොඩල් එකම තමයි ආණ්ඩුවට රටේ සමස්ථ ධනය පරිහරණය කරන්න තියෙන්නෙත්. එහි අයිතිකරුවන් මහජනතාව. මහජනතාවගේ ධනය පාලනය කරන්න, පරිහරණය කරන්න, කළමනාකරණය කරන්න රාජ්‍ය යාන්ත‍්‍රණයක් තියෙනව. එතෙන්දි දේශපාලඥයො විතරක් නෙමෙයි. ප‍්‍රබල රාජ්‍ය යාන්ත‍්‍රණයෙන් තමයි මේක ක‍්‍රියාත්මක වෙන්නෙ. දේශපාලය තමයි ආදාල මග කියාදෙන්නේ. සැබෑ අයිතිකරුවන් මේ පිලිබඳව දන්නෙ නැත්නම් අර දේශපාලඥයො එකතුවෙලා රාජ්‍ය යාන්ත‍්‍රණයේ ඉන්න කිහිප දෙනෙක් ¥ෂිත නිලධාරින් කිහිප දෙනෙක් එක්ක එකතුවෙලා මේ කාරණය කරගෙන යන්න පුළුවන්.  අපි එහෙම හිතන්නෙ නෑ ඒක වැරැුද්දක් කියලා. මොකද සමාජ ගතවෙලා තියෙන්නෙ, ලොතරැුයි මණ්ඩල දෙක අරයට දුන්නා වගේ මේ සියලූ ආයතන එක එක්කෙනාගෙ පරිහරණයට තමයි තියෙන්නෙ කියන කාරණය. ඒ නිසා අපි කොහොමද මැදිහත් වෙන්න  ඕනෙ කියන කාරණය වැදගත්, අපි කොහොමද දැනුවත් වෙන්න  ඕනෙ කියන කාරණය ඉතාමත් වැදගත්.
අතීතයේ ඉඳලා බලපුවාම ප‍්‍රායෝගිකව වෙලා තියෙන්නේ පැවතිච්ච ආණ්ඩු හා පවතින ආණ්ඩු තමුන්ගෙ පුද්ගලික අරමුණු ඉෂ්ඨ කරගන්න මේ මහජනතාවගේ ධනය පාවිච්චි කිරීම. ඒ සඳහා ඒ ගොල්ලන්ට ප‍්‍රදාන වශයෙන් ආකාර දෙකක් සකස් වෙනව. පළවෙනි කාරණය තමයි නිල බලය. ව්‍යවස්තාවෙන් ඒ ගොල්න්නට ලබා දෙන සැප සම්පත් ප‍්‍රමාණය.  ඇමතිකෙනෙක් වුණාම රථවාහන  ඕනෙ. ඒ ආදාල පරිශ‍්‍රයක්  ඕනෙ.
මේ දවස්වල පුවත්පත් වලින් අහන්න ලැබෙනවා වාහන මිලදී ගන්න මේ තරම් පරිපූරක ඇස්ත මේන්තු දැම්මා. කාර්යාලවලට මේ තරම් ඇස්තමේන්තු දැම්මා. ඒක නිල බලෙන් ලැබෙන්නෙ. පිටින් බලපුවාම ඒක ¥ෂණයක් කියලා තර්ක කරන්න බැහැ. ඒ ගොල්ලන්නට විවෘත ලැයිසන් එකක් දීලා තියෙනව  ඕන සුඛෝපබෝගී වාහනයක් ගෙන්න ගන්න. අපි ඒක ප‍්‍රශ්න කරන්නේ නෑ. අපි කියනව, ඇමතිතුමාට මේක  ඕනෙ මහජනතාවට සේවය සලසන්න. ඒක පාවිච්චි කරනව, සුඛෝපභෝගිව ගොඩනැගෙන්න තමන්ගෙ පරිසරය ලස්සනට හදා ගන්නව. රට සවාරි, සම්මන්ත‍්‍රණ මේ වගේ ගොඩක් ප‍්‍රතිලාභ තියෙනව. ඒවා පාවිච්චි කරනව එක පැත්තකින්. අනෙක් පැත්තෙන් අපි දන්නවා බොහෝ දේශපාලඥයින් වංචාවට හරි ¥ෂණයට හරි පෙළඹෙනව. ඒවා පිලිබඳ පරීක්‍ෂණ යනව. විවිධ වූ කතාබහ නිර්මාණය වෙලා තියෙනව. මාධ්‍ය මගින් කතා කරනවා. ඒවට ගත්ත පැහැදිලි ක‍්‍රායාමාර්ගයක් නැති වුණත්, අපි අඩු වැඩි වශයෙන් දන්නවා වංචා හා ¥ෂණ අක‍්‍රමිකතා සිද්ධ වෙනව කියල.
ආණ්ඩුවක් හොබවන්න දීලා තියෙන කෙටි කාලය ඇතුළතදි පොදු අරමුණ වෙනුවට පෞද්ගලික ව්‍යාපෘති කි‍්‍රයාත්මක කරගන්නව, පොදු සම්පත් පාවිච්චි කරල. ඒ ගොලන්ගෙ පුද්ගලික අවශ්‍යතාවයන් නිර්මාණය කරන බල ව්‍යාපෘති තමයි ක‍්‍රියාත්මක කරන්නෙ, ඊ ළ`ග ඡුන්දය සඳහා. මේක චක‍්‍රයක් විදිහට අඛණ්ඩව පැවතීගෙන එනවා අපිත් මේකෙ ගොදුරු බවට පත් වෙනව.
අපි ඉතිහාසය පුරාවදි ප‍්‍රශ්න කළේ නෑ කවම කවදාවත්, උඹලා ආණ්ඩු කරද්දි රටේ සම්පත් හරියාකාරව කළමණාකරණය කලාද? ජාතියේ ධනය හරි විදිහට පාළනය කරල වටිනාකමක් එකතු කළාද? නැද්ද? ජනතාවගේ ජීවිතය සුඛිත මුදිත කරන්න මොනවද කළේ කියන එක ප‍්‍රශ්න කළේ නෑ. ඒ නිසා ඡුන්දයක් එනකොට කරන්නේ පොදු ඡුන්ද සටනකට අපිත් නොදැනුවත්වම අහුවෙලා, පක්‍ෂයක් වෙනුවට තව පක්‍ෂයක් ගේන එක. මේ ආණ්ඩුව වෙනුවට තව ආණ්ඩුවක් පිහිටුවනව.  කවුරු ආණ්ඩුවට ආවත් අර ගියෙන යාන්ත‍්‍රණය ඇතුළෙමයි ක‍්‍රියාත්මක වෙන්නෙ.

(‘ආණ්ඩුවේ බර දැරිය යුත්තේ ජනතාවද?’ යන මැයෙන්  කොළඹ මහජන පුස්තකාලයේ දී පැවති සම්මන්ත‍්‍රණයේ දී, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අචාර්ය අනිල් ජයන්ත විසින් කරන ලද කතාවෙන් උපුටා ගන්නා ලද සටහනකි.)

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *