හිතවත් විග්නේෂ්ට හිතවත් සම්බන්ධන්ගෙන් ලිපියක්

2017.06.16
-ගරු සී.වී. විග්නේෂ්වරන්, විනිසුරු
උතුරු පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍ය,-

මා හිතවත් විග්නේෂ්,-

ඔබ විසින් කරන ලද කථාවේ පිටපතක් ද සමඟ 2017.06.14 වැනි දින මා වෙත එවා තිබූ ඔබතුමාගේ ලිපිය පිළිබඳව මාගේ ස්තූතිය පුදකරමි.

ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය පිණිස පහත සඳහන් කරුණු සඳහන් කිරීමට කැමැත්තෙමි.

ඔබ විසින් පත් කරනු ලැබූ පරීක්‍ෂණ මණ්ඩලය විසින් අමාත්‍යවරුන් 4 දෙනා පිළිබඳව පරීක්‍ෂණය පවත්වා ඇත. පරීක්‍ෂණය අවසන් කර ඒ පිළිබඳ ඔවුන්ගේ වාර්තාව ඔබ වෙත ඉදිරිපත් කර ඇත.

ඉන් දෙදෙනෙකු වරදකරුවන් ලෙසත් අනෙක් දෙදෙනා වරදකරුවන් නොවන බවත් වාර්තාවෙන් අනාවරණය වී ඇත.

පරීක්‍ෂණ මණ්ඩලයේ වාර්තාව පදනම් කරගනිමින් කටයුතු කරනු ලබන බවට ඔබ පළාත් සභාවේදී සඳහන් කර ඇත.

වරදකරුවන් වූ අමාත්‍යවරුන් දෙදෙනාට ඉල්ලා අස්වෙන ලෙසට ඔබ දන්වා ඇති අතර, එම තීරණය සම්බන්ධයෙන් කිසිවෙක් පැමිණිලි කර නොමැත.

පරීක්‍ෂණ මණ්ඩලය විසින් වරදකරුවන් ලෙස නම් නොකළ අනෙක් අමාත්‍යවරුන් දෙදෙනාට එරෙහිව ඔබ විසින් ගනු ලැබූ පියවර සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇත. එම ක‍්‍රියාවෙන් ස්වභාවික යුක්තියේ මූලධර්ම උල්ලංඝනය වී ඇති අතර, එය අයුතු ක‍්‍රියාවකි.
වරදකරුවන් නොවූ අමාත්‍යවරුන් දෙදෙනා හා පළාත් සභා මන්ත‍්‍රීවරුන් විසින් එවැනි ක‍්‍රියාමාර්ගයකට විරෝධය පලකර හැකි බැවින් එවැනි ක‍්‍රියාමාර්ගයක් ගැනීම අනතුරුදායක වන බව මම ඔබට 13 වෙනි අඟහරුවාදා දුරකථන සංවාදයේදී දැන්වූයෙමි.

එමෙන්ම දෙමළ ජාතික සන්ධානයට අයත් අනෙකුත් පක්ෂ නායකයන් සමඟද මේ සම්බන්ධයෙන් සාකච්ඡුා ඔබ සාකච්ඡුා කර ඇත. එහෙත් ඔබ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මැතිතුමා සමඟද සාකච්ඡුා කර නොතිබුණ ඔබතුමාගේ අවධානයට යොමු කළෙමි. ඔබ එතුමාට කථා කර ඇත්තේ ඉන් පසුවය. වරදකරුවන් නොවූ අමාත්‍යවරුන් දෙදෙනාට එරෙහිව පියවර නොගන්නා ලෙසට එතුමා ඔබට දන්වා තිබුණි.

වරදකරුවන් නොවූ අමාත්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් පවා ද`ඩුවම් ක‍්‍රියාමාර්ග ගන්නා බවට ඔබ 14 වෙනි බදාදා නිවේදනය කර තිබුණි. ඉන්පසු සිදුවූ කුමන දෙයක් වුවත් ඇති වූයේ ඔබගේ ඉහත සඳහන් ක‍්‍රියාමාර්ගවල ප‍්‍රතිඵලයක් වශයෙනි.

මෙම තත්වයේ අවසානයක් දැකීමට නම් පළමුවෙන්ම කළ යුතු වන්නේ වරදකරුවන් නොවූ අමාත්‍යවරුන් දෙදෙනාට එරෙහිව ගනු ලැබූ ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප‍්‍රතිකර්මයක් කළ යුතු බව මගේ හැඟීමයි.

අසමගිය හා බාධාවන් ප‍්‍රවර්ධනය වන අත්තනෝමතික ක‍්‍රියාවන් කිසිම ආකාරයකට උතුරු පළාත් සභාවේ ක‍්‍රියාකාරීත්වයට හේතු නොවිය යුතුය.

එබැවින් ඔබගේ පරීක්‍ෂණ මණ්ඩලය මගින් වරදකරුවන් නොකළ අමාත්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් ඔබ විසින් ගනු ලැබූ ක‍්‍රියාමාර්ගය හැකි ඉක්මනින් නිවැරදි කිරීමට කටයුතු කරන ලෙසට මම ඉල්ලා සිටිමි. තවදුරටත් කෙරෙන පරීක්‍ෂණ කටයුතුවලට මෙය බාධාවක් නොවනු ඇත.

මෙයට හිතවත්,

……………………………….
ආර්. සම්බන්ධන්
දෙමළ ජාතික සන්ධානයේ නායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *