අල්ලස් කොමිසමේ සහායට විශේෂඥයෝ 200 ක්

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාවේ පරීක්‍ෂණ කටයුතු සඳහා පොලිස් නිලධාරීන් පමණක් යොදා ගැනීමෙන් ඉවත්ව, විවිධ ක්‍ෂේත‍්‍ර පිළිබඳ විශේෂඥයක් බඳවාගෙන විමර්ශන කටයුතු වඩා කාර්යක්‍ෂම කිරීමට කටයුතු කරන බව කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් සරත් විජේමාන්න මහතා ප‍්‍රකාශ කොට ඇත.
පොලිස් නාලධාරීන් සතු නොවන විගණනය, බැඳුම්කර ප‍්‍රශ්න, ඉංජිනේරු තොරතුරු තාක්‍ෂණ, බැංකුකරණය, කොටස් වෙළඳ පොළ හා ජාත්‍යන්තර වෙළඳාම වැනි ක්‍ෂෙත‍්‍රවල විශේෂඥයන් 200ක් පමණ බඳවා ගැනීමට කොමිසම තීරණය කොට ඇත. ඔවුන්ගේ සහය ලබාගෙන කොමිසමේ කටයුතු වඩා කාර්යක්‍ෂම හා වේගවත් කිරීමට බලාපොරොත්තුවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *