යහපාලන ආණ්ඩුවේ පදනම් බිඳ දමන දේශපාලන අවස්ථාවාදය – භාතිය බරුකන්ද

යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීමට හේතු වුණු කරුණු එකින් එක බිඳ වැටෙමින් පවතින ස්වභාවයක් ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බව මධ්‍යස්ථ දේශපාලන විචාරකයෝ පවසනවා. මේ ගැන ඔවුන්ටත් වඩා සංවේදී ජනතාව, විශේෂයෙන් වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා ඡුන්දය භාවිත කළ ජනතාව කියන්නේ ‘ආණ්ඩුව කරන කියන දේවල් ගැන තමන් තුළ කිසිඳු ආකාරයක ප‍්‍රසාදයක් නැති බවයි.
දේශපාලන ප‍්‍රවණතා ගැන සංවේදී දේශපාලන විචාරකයින් වගේම එදිනෙදා සිදුවන සිදුවීම් තමන්ට දැනෙන ආකාරය අනුව දේශපාලනය වටහා ගන්නා සාමාන්‍ය ජනතාව මේ ආකාරයෙන් කතා කරන්නේ හිතේ වේදනාවෙන්. ඒ වගේම අපේක්ෂා භංගත්වයෙන්. මොකද ඔවුන් ජනවාරී 08 වැනිදා ඡුන්ද පොළට ගිහින් තමන්ගේ ඡුන්දය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දුන්නේ දෙඩිගියාවකින් තොරව. ඒ ‘මෛත‍්‍රී පාලනයක් ආවොත් අලූත් රටක් හදයි’ කියලා තියෙන විශ්වාසයෙන්. ඒත් අද මේ ජනතාවගේ ඒ බලාපොරොත්තුව මොහොතින් මොහොත දියාරු වෙමින් තිබෙනවා.
සුළු ජාතීන්ගේ කණස්සල්ල උග‍්‍ර වෙයි
මේ තත්ත්වය වඩාත් දැනෙන්නේ, මේ ගැන වඩාත් සංවේදීව සිටින්නේ දමිළ ජනතාවට සහ මුස්ලිම් ජනතාවට බවයි බැලූ බැල්මට පේන්නේ. ඒ වෙන කිසිවක් නිසා නොවෙයි වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා දැවැන්ත වැඩ කොටසක් කළේ මේ ජනතාව. ඔවුන්ගේ ඡුන්දවලින් අති බහුතරය වත්මන් පාලකයින්ට නොලැබුණා නම් අදත් ලංකාවේ තියෙන්නේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවක්.
මෙවැනි තත්ත්වයක් තිබියදීත්, ආණ්ඩුව බලයට පත් වෙලා අවුරුදු 2 2/1 ඉවර වුණත් සුළු ජාතීන්ගේ සාධාරණ ඉල්ලීම්වලින් ප‍්‍රමාණවත් තරමක් ලබා දෙන්න වත්මන් පාලනයට හැකියාවක් නැති බවට සුළු ජනතාව අතරින් දැවැන්ත මැසිවිල්ලක් මෝදු වෙමින් තිබෙනවා. මේ මැසිවිල්ල ආණ්ඩුව කෙරෙහි කළකිරීමක් බවට පත් වීමට තිබෙන්නේ කාලය පිළිබඳ ගැටලූවක් පමණක් බවයි පේන්න තිබෙන්නේ.
මේ ගැන වඩාත් සංවේදී වූ ලෝ ප‍්‍රකට පර්යේෂණ ආයතනයක් වන ‘ගැටුම් අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය’ විසින් නිකුත් කළ වාර්තාවක් මගින් ද පසුගිය දා ආණ්ඩුවට අනතුරු අඟවා තිබුණා. ලංකාවේ මාධ්‍යවල හා ආණ්ඩුවේ ප‍්‍රමාණවත් අවදානයට ලක් නොවුණ මේ වාර්තාව මගින් පහත සඳහන් කරුණු කිහිපය විශේෂයෙන් අවධාරණය කරලා තිබුණා.
1. සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කෙරෙන සඳහා ජනාධිපතිවරයාගේ ප්රමධානත්වයෙන් මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කරමින් නව ව්යනවස්ථාව කෙටුම්පත් කිරීමේ උත්සාහය දෙගුණ කිරීම
2. උතුරේ සහ නැගෙනහිර සිවිල් පරිපාලනය ස්ථාපිත කර ජනතා විශ්වාසය දිනාගැනීම පිණිස,
අ* හමුදාව යටතේ පවතින ඉඩම් යළි ඉඩම් හිමියන්ට ලබාදීමේ ක්රියයාදාමය වේගවත් කිරීම
ආ* ප්රාාදේශීය ව්යාළපාරවලට හානිකර ලෙසින් හමුදාව ව්යාමපාරවල නිරතවීම අවසන් කිරීම
ඇ* දෙමළ සහ මුස්ලිම් ජනතාව වෙසෙන ප්රයදේශවල හමුදාවේ මැදිහත්වීම මත බුද්ධ ප්රලතිමා ඉදිකිරීම නැවැත්වීම
ඈ* නීත්යාහනුකූල ප්රාෙදේශීය දේශපාලන කටයුතු පිළිබඳව රහස් තොරතුරු රැස්කිරීම නැවත්වීම
3. යුද්ධයේ ප්ර්තිවිපාකවලට පිළියම් යෙදීමේ වැඩපිළිවෙල යළි ශක්තිමත් කිරීම පිණිස,
අ* අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය වහාම පිහිටුවීම
ආ* සංහිඳියාව පිළිබඳ ප්රඳවිචාරන කාර්ය සාධක බලකායේ වාර්තාව පිළිගෙන එහි නිර්දේශ ක්රි යාත්මක කිරීම
4. ත්රිස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරල දූෂිතයන්ට සහ මානව හිමිකම් උල්ලංඝනය කළ පුද්ගලයන්ට දඬුවම් කර නීතියේ ආධිපත්යළය යළි පිහිටුවීම
ඒත් සුපුරුදු පරිදිම මේ ඉදිරිපත් කිරීම් ගැන ජනමාධ්‍ය තුළ, සමාජය තුළ, විශේෂයෙන් සිවිල් සමාජය තුළ කිසිම ආකාරයක සංවාදයක් ඇති වුණේ නැහැ. ඒ සමහර විට ‘අපිත් දන්න දේ අපිට කියලා දෙන්න පිටරට එන්.ජී. ඕ. මොකටද කියලා හිතපු නිසාද ? නැතිනම් මේ වාර්තාවේ නිර්දේශ ආණ්ඩුවට වගේම සිංහල මතවාදී සමාජයට ඔරොත්තු නොදෙන නිසාද කියලා කියන්න බැහැ.
කෙසේ වුවත් මේ වාර්තාව මගින් ඉතාමත් පැහැදිලි අනතුරු ඇඟයීමක් කරලා තිබුණා. ඒ තමයි ‘‘මේ තත්වය හමුවේ, කාලය ඉතා ඉක්මනින් ගෙවී යමින් පවතීග රාජපක්ෂවරුන්ගේ යළි ආගමනය පිළිබඳව පක්ෂ දෙකේම :ශ්රීකලනිප සහ එජාප* නායකයන් නොසලකා හැරිය යුතු නැත’ යනුවෙන් වන සඳහන.
මහින්ද රාජපක්ෂ මහතාගේ යළි ආගමනයක් ගැන දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සිදුවන සංඥා නිකුත් කිරීම ගැන ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට සහාය දක්වන පාර්ශ්වය කොතරම් අවධානයක් දක්වනවාද යන්න මේ මොහොත වන විට ප‍්‍රශ්නයක්.
ජනතාව එසේ ප‍්‍රකාශ කරන්නේ ඉහතින් සඳහන් කළ ආකාරයට කරුණු කාරණා ඇතිව. මේ අතරින් ප‍්‍රධාන වන්නේ දමිළ හා මුස්ලිම් ජනතාව.
ඉහතින් සඳහන් කළ ගැටුම් අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය විසින් නිකුත් කළ වාර්තාව මගින් අවධාරණය කර ඇති බොහොමයක් කරුණු පදනම් වන්නේ මේ රටේ දමිළ ජනතාව විෂයෙහි පසුගිය කාලය තුළ සිදුකරන බවට සහතික දුන් ඒත් ක‍්‍රමිකව අතපසු වෙමින් පවතින පොරොන්දු බව අප වටහාගත යුතුයි.
ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය
වත්මන් ආණ්ඩුව බලයට පැමිණි තීරණාත්මක සාධකය වශයෙන් සැලකිය හැක්කේ වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා වෙනුවට වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී, සුජාතභාවයක් සහිත අඅලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා මෙරට ජනතාව තුළ තිබූ අසීමිත උනන්දුවයි. දකුණේ සිංහලයින් 78 ව්‍යවස්ථාවේ ඒකාධිපති බලතල ගැන වඩාත් සංවේදී වෙමින් සිටින විට මෙරට සුළුජාතීන් වැඩි වශයෙන් උනන්දු වුණේ 78 ව්‍යවස්ථා මගින් පමණක් නොවෙයි පසුගිය කාලය පුරාම සම්මත කරගත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මගින් පැහැර හැර තිබූ හෝ උදුරාගත් සුළුජන අයිතිවාසිකම් වඩාත් සුරක්ෂිත කර ගැනීම පිළිබඳවයි.  මෙහිදී දමිළ ජනතාව විෂයෙහි වඩාත්ම වැදගත් වුණේ ‘බලය බෙදාහදා ගැනීම’ පිළිබඳ කරුණ බව පැහැදිලියි.
වත්මන් ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය තුළ පවතින තීරණාත්මක කොන්දේසි කිහිපය වන, විධායක ජනාධිපති ක‍්‍රමය ඉවත් කිරීම, බලය බෙදා හැරීම හා බුද්ධාගම සම්බන්ධයෙන් වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාපිත විධිවිධාන ( බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය ලබාදීම* දේශපාලන පා පන්දුවක් බවට මේ වන විට පත් කර ගැනීමට වත්මන් රජය බලයට පත් කිරීම කෙරෙහි කිසිදු ආකාරයක සහායක් නොදැක් වූ නමුත් ජාතික ආණ්ඩු මුවාවෙන් ආණ්ඩුව තුළ ගොනු වූ යම් පිරිසක් ක‍්‍රියාත්මක වන ආකාරය අපට ඉතාම පැහැදිලියි. ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය හා සිතුම් පැතුම් අනුව පැහැදිලි වන්නේ මේ පිරිසට නව ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය ‘නයාට අඳුකොළ’ මෙන් වන බවයි.
ජනතාවට මේ තත්ත්වය ඇති වීමට බලපෑ හේතු පැහැදිලියි. පසුගිය ජනාධිපතිවරණයෙන් සහ මහ මැතිවරණයෙන් පරාජයට පත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අති බහුතරයකට ලංකාව තුළ පුළුල්, ධනාත්මක දේශපාලන ප‍්‍රතිසංස්කරණ සිදුවීම අනවශ්‍ය මෙන්ම දරාගත නොහැකි දෙයක්. ඒ වෙන කිසිවක් නිසා නොවෙයි යහපාලන ආණ්ඩුවේ තීරණාත්මක කාර්යභාරයක් වන නව ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය අඩපණ කිරීමකින් හෝ එය කිසිසේත් ඉටු නොවන තැනට කටයුතු කිරීම මගින් පමණයි ඔවුන්ට ඉදිරි දේශපාලන පැවැත්මක් තිබෙන්නේ.
මෙහිදී ඉදිරියට එන තීරණාත්මක කොන්දේසිය වන්නේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළහොත් එය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි බල ව්‍යාපෘති විෂයෙහි ඍණාත්මකව බලපාන නිසා. හේතුව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළහොත් එහි පීතෘත්වය සම්බන්ධයෙන් ගෞරවය හිමිවන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාටයි. එහි කිසිදු ගෞරවයක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ එහි වත්මන් ප‍්‍රබලයින් වශයෙන් සිටින ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, ඩිලාන් පෙරේරා, ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න ආදීන්ට හිමි වෙතැයි සිතීම මුලාවක්.
ඉතිං මෙහිදී නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පාර්ශ්වය හැසිරෙන ආකාරය අපට තේරුම් ගත යුතුයි. උදාහරණයක් වශයෙන් පසුගිය දා පාර්ලිමේන්තුුවට පැමිණි යුරෝපා සංගම් නියෝජිතයින් පිරිස නව ව්‍යවස්ථා සම්පාදනය, විශේෂයෙන් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් අදහස් විමසූ අවස්ථාවේ ඔහු කොතරම් කෝපයෙන් හා උද්දච්ච ස්වරයෙන් ඔවුන්ට කතා කළාද යන්න ‘රාවය’ ඇතුළු පුවත්පත් කිහිපයක් වාර්තතා කරලා තිබුණා.
මධ්‍යස්ථ දේශපාලන විචාරකයින්ට අනුව නිමල් සිිිරිපාල ද සිල්වා ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අති බහුතරයකට නව ව්‍යවස්ථාවක් මගින් සිදුවන විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම හෝ එහි බලතල කප්පාදුව අවශ්‍ය නැහැ. ඒකට හේතුව ඇතැම් පිරිස් කියන ආකාරයට 2020 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඔවුන් විශ්වාසය තබා සිටින දේශපාලන ප‍්‍රවේශය ( ගෝඨාභය රාජපක්ෂගේ ආගමනය * විය හැකියි.
නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පිරිස නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මේ ආකාරයෙන් අවස්ථාවාදීව හා කඩාකප්පල්කාරී ස්වභාවයකින් ක‍්‍රියාකරන විට ආණ්ඩුව අර්බුදයකට යාම තාර්කික ක‍්‍රියාවක් වශයෙන් ඇතැමෙකුට පෙනී යා හැකියි. එහෙත් ප‍්‍රශ්නය වන්නේ නිමල් සිිරිපාල ද සිල්වා ඇතුළු පාර්ශ්ව පිනවීමට යාම තුළ ආණ්ඩුව බලය රඳවා ගෙන සිටින වඩාත්ම වැදගත් බලවේග වෙතින් වේගයෙන් දුරස් වීමයි. ඒ නව ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය තුළින් තමන්ගේ දේශපාලන ගැටලූ විසඳා ගැනීමට අවස්ථාවක් උදා වනු ඇතැයි විශ්වාසයෙන් සිටි දමිළ ජනතාව යළි යළිත් රැුවටීමට හෝ නොසලකා හැරීමට ලක් කිරීමයි.
නව ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය අඩපණ වීම දෙමළ ජනතාවගේ දේශපාලන හා සමාජයීය වුවමනා එපාකම් හා අභිලාෂයන් සමග තදින් බැදී තිබියදීත් ඒ ගැන කිසිඳු සංවේදීභාවයකින් තොරව කල් මැරීම දමිළ සමාජය දකින්නේ ඔවුන්ව යළි රැුවටීමට ලක් කිරීමක් වශයෙනුයි. මේ තත්ත්වය ආණ්ඩුව විසින් උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම ඇතුළු යම් මට්ටමකින් ඉටුකර ඇති සංහිඳියාත්මක ප‍්‍රවේශයන්ගේ අගය සම්පූර්ණයෙන්ම පාහේ බාල්දු කිරීමට හේතු වන බව නම් පැහැදිලියි.
සංහිඳියාවට අත වනනවාද ?
ජාතික සංහිඳියා ප‍්‍රවේශය සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ තදින්ම එකිනෙක බැඳි තිබෙන තත්ත්වය තුළ ඍණාත්මක ප‍්‍රවේශයක් ගන්නා ආණ්ඩුව දමිළ ජනතාව තුළ මෝදු වෙමින් පැවැති සැබෑ සංහිඳියාත්මක අභිලාෂයන් කොතරම් දුරට වටහා ගෙන තිබේද යන්නත් මේ අවස්ථාව වන විට ප‍්‍රශ්න කිරීමකට ලක් වෙමින් තිබෙනවා. ඒ සඳහා දියහැකි හොඳම උදාහරණය වන්නේ යුද්ධයෙන් මියගිය තමන්ගේ මිනිසුන් සැමරීමට දමිළ ජනතාව පසුගිය කාලය තුළ ගත් සියලූ උත්සාහයන් ආණ්ඩුව විසින් මහින්ද රාජපක්ෂ යුගයේදී මෙන් මර්දනය කිරීම. උදාහරණයක් ලෙස 2015/2016 වසරවලදී උතුරේ ජනතාව යුද්ධයෙන් මියගිය සිය ඥාතීන් සැමරීමට ගත් ප‍්‍රවේශයන් හමුවේ ආණ්ඩුව නිහඬව සිටියත් මේ වසරේදී ඒ සඳහා දැඩි බාධා කිරීම් කළා. මේ ගැන දමිළ ජනතාව තුළ දැඩි කණස්සලක්ලක් තිබෙන බව පැහැදිලිව දැකිය හැකියි.
මේ සම්බන්ධයෙන් වන අවධානය යළි අලූත් වුණේ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් ජනාධිපතිවරයාට යොමු කළ ලිපිය සමගයි. එහිදී මානව හිමිකම් කොමිෂන් සභාව ජනපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ යුද්ධයෙන් මියගිය පුද්ගලයින් සිහිකරන පිරිස්වල ආරක්ෂාව සහතික කරන ලෙසයි.
මෙය මානව හිමිකම් කොමිසම දක්වා නොයා යුතු තත්ත්වයක්. ඊට හේතුව වන්නේ ජාතික සංහිඳියාව සඳහා දැවැන්ත ව්‍යාපෘති දියත් කරන, දැවැන්ත රාජ්‍ය යාන්ත‍්‍රණයක් දියත් වෙමින් පවතින ආණ්ඩුවක් තුළ මෙවැනි අති සංවේදී කාරණා ගැන අති සංවේදීභාවයක් සේම සවිඥානිකභාවයක් ද තිබිය යුතු නිසයි.
අන්තවාදය ශක්තිමත් වෙයිද ?
එහෙත් කරුණු කාරණා සිදුවන අදිලි පිළිවෙළ අනුව සිදුවෙමින් තිබෙන්නේ ජාතික සංහිඳියාව වෙනුවට ඊට එරෙහිව එක්වන බලමුළු ශක්තිමත් වන හා ඔවුන්ට මතවාදී පදනමක් සපයන තත්ත්වයක්. මේ මොහොත වන විටත් නිදැල්ලේ පසුවන ගගොඩඅත්තේ ඥානසාර භික්ෂුව ලබා දෙන්නේ මේ සංඥාවයි. එනම් 2015 ජනවාරී 08 වැනිදාට පෙර තිබූ රට වෙත කිසියම් අදෘශ්‍යමාන හස්තයක් විසින් ලංකාව රැුගෙන යාමට දැවැන්ත ශක්තියක් යොදවන බවට වන පණිවුඩයයි.
මේ අනතුර හමුවේ යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමය කැප වූ ලක්ෂ 62 ක් වන ජනතාවගේ අදහස වන්නේ යහපාලන ආණ්ඩුවේ මුල් සිඳලන කිසිඳු ඍණාත්මක ප‍්‍රවේශයකට කිසිදු ඉඩක් නොතැබිය යුතු බවයි. යහපාලන ආණ්ඩුව විෂයෙහි කිසිඳු ආකාරයක වගවීමක් නොමැති කණ්ඩායම් හෝ කල්ලි වලට එහි ජීවගුණය හා විශ්වාසනීයභාවය බිඳ දැමීමට කිසිදු ආකාරයක අවස්ථාවක් නොදිය යුතු බවයි.

සටහන
භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *