ගංවතුර පාලන සැලසුම් ක්‍රියාත්මක කරන්න රජයට බලකරන්න – ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන

පසුගියදා ඇති වු මහා දැවැන්ත ගංවතුර සම්බන්ධයෙන් බොහෝ දෙනා විවිධ මත ප්‍රකාශ කරන බව අප සියලු දෙනාම දන්නා කරුණක්.න  මොන මතය දැරුවත් පළමුව සිතිය යුතු කරුණ නම් මේ මහා දැවැන්ත ගංවතුර රටක් හැටියට අපව ඉතා වැදගත් හා තීරණාත්මක සන්ධිස්ථානයකට ගෙනවිත් තිබෙ බවයි.  ඒ වගේ ම අප තේරුම්ගත යුතුයි මහා පරාක්‍රමබාහු රජතුමා  ර්‍”පොළොවට වැටෙන එක ජල බිදුවක්වත් අපතේ යවන්නේ නැතුව” වාරිමාර්ග දියුණු කර ජලකඳ රැස් කළා සේ අපත් වාරිමාර්ග දියුණු කළා නම් අද අපට මේ වගේ ඛේදවාචකයක් සිදුවන්නේ නැහැ කියන කාරණාව.
පසුගිය දා ගාල්ලේ දී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළා සියලුම දේශපාලනඥයන් දේශපාලන බේද පසෙකින් තියලා රට ගැන හිතලා ජනතාව ගැන හිතලා නොබියව මේ ප්‍රශ්නය විසඳන්න අවශ්‍ය  ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා. මේ වෙලාවේවත් ගංවතුර ඇතුළු ස්වභාවික ව්යසන විසඳන්න නිවැරදි තීන්දු නොගත්තොත් අනාගතයේ දී මහා විනාශයක් වේවි කියලාත් ජනාධිපතිතුමා අනතුරු හැඟෙව්වා.
ගංවතුර වළක්වන්න අවශ්‍ය  නිවැරදි සැලසුම් අනුව ක්‍රියාකරනවානම් ඒ සඳහා මුදල් ලබා ගැනීමට හැකියාව ඇති බවත් එතුමා පෙන්වා දුන්නා. එතුමා උපදෙස් දුන්නේ මේ සැළසුම් ක්‍රියාත්මක කරද්දී යම් යම් අසීරු තීරණ ගන්න සිදුවුණත් බලය ගැන නොසිතා මනාප ගැන නොසිතා දේශපාලනික ආත්මාර්ථයන් ගැන නොසිතා තීරණ ගන්න කියලා.

ගරු අග්‍රාමාත්‍ය  රනිල් වික්රආමසිංහ මැතිතුමා මේ ප්‍රශ්නය කල්වේලා ඇතිවම තේරුම් ගත්තා.

මීට අවුරුදු 14ට පෙර 2003 වර්ෂයේ සිදු වු මෙවැන් මහා ඛේදවාචකයකින් ජනතාව ගොඩගැනිම සඳහා අප රජයක් හැටියට පියවර ගත්තා. මහජන විරෝධතා හේතුවෙන් ගංවතුර පාලනය කරන්න කටයුතු නොකළ හරියට පාලනය නොකරපු නිසා මේ ජල කඳ ගෙවල්වල වහලට උඩින් අඩි 08 ක්ල 10ක් උඩින් ගියා. මුළුතැන්ගෙයි බඩුල ශිතකරණ ඇතුළු විද්යුත් භාණ්ඩල ගෘහ උපකරණ, ඔරලෝසු, පතපොත සියල්ලම 2003 වර්ෂයේදී වගේම නැවතත් ගහගෙන ගියා. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ගරු අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රම සිංහ මැතිතුමා  ප්‍රමුඛ රජයත්, අප සියලු දෙනාත්, එකතුවෙලා තව මාස දෙකක් ඇතුලත ආපදාවට පත් ප්‍රදේශ හා ජන ජීවිත යථා තත්වයට පත් කිරිමට බලාපොරොත්තු වෙනවා.

ගංවතුර ප්‍රශ්න නිවැදිව තේරුම්ගත යුතුයි. නැතිනම් ජීවිත දහස් ගණනක් විනාශ වෙනවා.

ගංඟාවල ජලය නිසි පරිදි පාලනය කරමින් ප්‍රයෝජනයට ගත යුතුයි

2003 දී ගංවතුර ගාල්ල දිස්ත්රිරක්කයට, මාතර දිස්ත්රිාක්කයට, හම්බන්තොට දිස්ත්රිනක්කයේ කොටසකට, රත්නපුර දිස්ත්රිදක්කයට ඒ වගේම කළුතර දිස්ත්රි ක්කයට තදින් බලපෑවා. මෙවරත් ඔය කියන දිස්ත්රි්ක්කව ජනතාව එදා 2003දී වගේම පීඩාවට පත්ව බිංදුවටම වැටුණා.

ගාල්ල දිස්ත්‍රික්කයේ මේකට හේතුව ගිං ගඟේ ජලය අපි හරියට පාලනය නොකිරීමයි.  ඊළඟට බලන්න නිල්වලා ගඟල එහි ජලයත් හරියට පාලනය කරලා නැහැ. ඊළඟට අපි බලමු කළුගඟ. එහි තත්ත්වයත් ඒ වගේමයි. දැන් මෙහෙම ගංඟා තුනක ජලය අපිට හරියට හසුරුවන්න බැරිවුණහම සිදු වන දේ තමයි මුළු මහත් ජල කඳම නිස්කාරනේ  කිසි ප්‍රයෝජනයක් නැතිව මහ මුහුදට ගලාගෙන යෑම. අනෙක් අතට ගං වතුර තත්ත්වයක් ඇති වුණාම  මේ සියලු ප්‍රදේශ විනාශ කරගෙන අපේ ආදායම් මාර්ග නැති කරලා ජනතාවගේ ගෙවල් දොරවල් නැති කරලා ජිවිත කාලයම හරිහම්බ කරගත්ත දේවල් නැති කරලා මහත් විනාශයක් කරනවා.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ වාරිමාර්ගල විදුලිබල අමාත්‍යාන්ශයේ වාර්තාවට වසර 60යි

ඒ නිසා මං මේ වේලාවේ මතක් කරන්න කැමතියි මේ මොහොත මුළු මහත් ජාතියම ඇත්ත වශයෙන්ම කම්පා විය යුතු අවස්ථාවක් බව. මම මෙහෙම කියන්නේ කාරණා දෙකක් උඩ. එකක් මේ සිදුවන අපරාධය නිසා. අනෙක මේවාට ඉතා පැහැදිලි විසඳුම් තිබියදීත් ඒ විසඳුම් මේ  රටේ ජනතාව අතරට ගෙන යා ගැනීමට නොහැකි වීම. මේ පිළිබඳව අප ගැන අපි සියලු දෙනා ජාතියක් හැටියට කනගාටු විය යුතුයි. දැන් මට කියන්න පුළුවන් ප්රාධාන කාරණයක් තමයි 1960 දශකයේ  ඇමරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝහි පිහිටි ECI ENGINEERING CONSULTANT  ආයතනය මඟින්ල අපේ රට ශ්‍රී  ලංකා‘‘ නෙවෙයිි‘සිලෝන්‘‘ නමින් තියෙන කාලයේ අපේ කෘෂිකර්මල වාරි මාර්ග සහ ඉඩම් හා විදුලි බල අමාත්යාංිශය  වෙනුවෙන් එදා සක්‍යතා අධ්‍යයනයක්  එකක් කලා. එහි වාර්තාව දී ඇමරිකා එක්සත් ජනපදයේ ECI ENGINEERING ආයතනය අපේ රටට භාර දුන්නා. ඒ පොත ඇත්ත වශයෙන් මා සම්පුර්ණයෙන් කියවලා බැලුවා. ඒ පොතේ තිබෙන කරුණු අනුව එදා ඔවුන් සඳහන් කරනවා මේ ගංඟා තුන නියමිත වේලාවට අපි හසුරුවා නොගත්තොත් පළාත්වල නාය යෑම් සිදු වෙයි, මෙම පළාත් වල ජන ජීවිතය අඩාල වෙයි, කියල ඇතැම් ස්ථාන ඉතා පැහැදිලිව මේ පොතේ සඳහන් කර තියෙනවාග ගංගා ද්රෝ ණි තුන හොඳින් අධ්‍යායනය කරල වේලී 6ක් සෑදිය යුතුයි කියලා නිර්දේශ කර තිබෙනවා.

උදාහරණයක් ලෙස ගිං ගඟ ගන්න පුළුවන්.  ගිං ගඟ ආරම්භ වෙන්නේ ගාල්ල දිස්ත්රිදක්කයේ ගොන්ගල ප්‍රදේශයෙන්ග මෙය මුළින්ම සිංහරාජ වනාන්තරයේ ලංකාගම හරහා ගලාගෙන එනවා. ලංකාගමින් පටන් ගත්තම ගිංගඟ ගමන් කරන ගමන් අතුරු මාර්ග ඔස්සේ මුහුදට වෙනත් මෝය කටවල් වලට ද ගමන් කරන ගමන් ප්‍රනධාන ගංගාව ගලා බසිනවා මුහුදට ගිංතොටින්. එතකොට මේ දවස් කිහිපයක් ඇඳහැළුණු වර්ෂාව නිසා බිහිවුණු ජල කඳ අප හරියට පාලනය කර ගෙන තිබුණේ නැති නිසා මේ මොහොත වෙන කොට මහා විනාශයක් කරමින් සම්පූර්ණයෙන්ම මුහුදගසාගෙන ගිහින් තිබෙනවා.

ඇත්ත වශයෙන්මල අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2001දී මට කිව්වා ගිංගඟ ක්‍රමානුකූලව හසුරුවා ගන්න ඕන විදුලිය නිෂ්පාදනය කර ගන්න ඕන, වාරිමාර්ග ක්‍රමය වෙනස් කර ගන්න ඕන කුඹුරු අස්වද්ද ගන්න ඕන කියල. මට මතකයි ඒ සඳහා චීන ආණ්ඩුව එදා සම්බන්ධ කරලා මේ පිළිබඳව කටයුතු කරන්න කිව්වා. මම ගියා ලංකාගම ඉඳන් වාරුකන්දෙණිය ප්‍රදේශයේ සංචාරයක් චීන කණ්ඩායමක් සමඟ. ඊට දවස් කිහිපයකට පස්සේ වාරුකන්දෙනිය ප්‍රදේශයේ ජනතාව මගෙන් අහනවා අපේ ඉඩම් අත්පත් කර ගන්නවා නේද කියලා. ඔවුන් මොනවත් නොදැන ඉඩම් රජයට ගන්නවා කියා මට විරෝධය ප්‍රකාශ කරනවා.  ඒත් එක්කම ඇතැම් දේශපාලඥයින් කණ්ඩායමුත් විරුද්ධ වුනා මේ හදන්නේ ජනතාවගේ ඉඩකඩම් ගන්න කියලා.
නිමල් සිරිපාල ද සිල්වා ඇමතිතුමා රත්නපුරයේ ගංවතුර නවත්වන්න ඒ ප්‍රදේශයේ මේ ව්යා පෘතිය ක්‍රියාත්මක කරන්න උත්සාහ ගන්නවිට එතුමාට ජනතා විරෝධය නිසා ව්‍යාපෘතිය  නවතන්න සිදුවුණා නමුත් එදා ඒ ව්‍යාපෘතිය  කරන්න දුන්නානම් අද ගංවතුරින් රත්නපුරය විනාශ වෙන්නේ නැහැ. එදා විරෝධය පෑ අයට අද අඩන්න වෙලා තියෙනවා. මේ දේ ජනතාව තේරුම්ගත යුතුයි.
අපිට එදා ඒ වැඩේ කරන්න අවස්ථාව ලැබුණානම් අද මේ මහා ජල කඳ ඇවිල්ලා මිනිස් ජීවිත හා දේපල විනාශ වෙන්නේ නැහැ. අද විශාල වශයෙන් ජනතාව ගංඟා ආශ්රිේතව පදිංචි වෙලා හිටියත්, අනාගතයේ අපි ගංඟා නිසියාකාරව හැසුරුවේ නැතොත් සියලු දෙනාටම තමන්ගේ ප්‍රදේශ අතහැරලා යන්න වෙනවා. ඒ අතරේ අපට පෙනෙනවා සමහර අය විවිධ කතා කියනවා. ගඟ දෙපස නිවාස තිබෙනවා. මාත් පිළිගන්නවා එම නිවාස අයින් කරන්න ඕන. හැබැයි මේ ගංවතුරට සම්පුර්ණ ප්‍රශ්නය සොබාදහම නෙවෙයි. සොබාදහමෙන් දිලා තිබෙන දායාදය හරියට හසුරුවා ගැනීමට නොහැකි වීම තමයි ප්‍රශ්නය .
දැන් කල්පනා කරලා බැලුවොත් ගාල්ල දිස්ත්රිුක්කයේ ලංකාගම ඉස්කෝලය ලඟ මුහුදු මට්ටමේ සිට අඩි 755ක් උසයි. එහි තිබෙන කඳු ඊට වඩා උසයි. හැබැයි ලංකාගම පාසල 2003දී සම්පුර්ණයෙන්ම ගහගෙන ගියා. කිසිම දෙයක් ඉතිරිවුණේ නැහැ. පාසල කියලා ගොඩනැගිල්ලක් ඉතුරු වුණේ නැහැ. මට මතකයි ඒ අවස්ථාවේ අග්රා  රනිල් වික්ර්මසිංහ මැතිතුමා ලේක්හවුස් ආයතනයේ මුදල් ලක්ෂ 350ක් යොදවලා ඔය දැන් තියෙන ලංකාගම පාසල ඉදි කළා. ආපදාව සිදුවූ අවස්ථාවේ අගමැතිතුමා මට කතා කරලා කීවා කෙසේ හෝ ලංකාගමට ගිහින් තත්ත්ව ය බලන්න කියා. මම ලංකාගම පාසල ළඟට මැයි 26 වෙනිදා ගොස් ලංකා ගම පාසල බැලුවා. පාසල පිටුපස කන්ද නාය ගිහිල්ලා. ඒ වගේම අපි ලංකාගමට ගුවණින් යද්දි දැක්කා මිනිසුන් පදිංචි නැති ප්‍රදේශයක විශාල නායයාමක් පස් කියුබ් දහස් ගණනක් ගඟට එකතු වෙලා තිබෙනවා. ගඟ පහළට ගලන එක අපට නවත්වන්න බැහැ. ගඟ පහළට ගලන විට ඇති වන වැලි ඒ ඉංජිනේරුවන් සහ ඒ අදාළ නිලධාරීන් මැනුම් බලලා අදාළ තැනින් ඉවත් නොකරනවා නම් ගඟේ තිබෙන්න ඕන ජල ධාරිතාව වෙනුවට ඉතිරිවෙන්නේ වැලි ධාරිතාවක් හා පස් ධාරිතාවක්. එවිට ගඟේ ජල ධාරිතාව විශාල වශයෙන් අඩුවෙලා පිටාර ගැලීමේ ප්‍රමාණය  වැඩි වෙනවා මේ දේවල් අපි වෙනම  විසඳන්න ඕන

රන්දෙණිගල වගේ මහා වේල්ලක් ඉදිකළ යුතුයි.
මං පැහැදිලිව කියනවා ගාල්ල දිස්ත්රිතක්කයේ ඇතිවුනු මේ මහා ගංවතුර අපිට නවත්වන්න පුළුවන් බවග ගිං ගඟ හරහා රන්දෙණිගල වගේ පටු, උසින් වැඩි මහා වැව් බැම්මක් ඉදි කල යුතුව තිබෙනවා. එතකොට මහා ජලාශයක් ඉදි වෙයි.ඒ ජලාශයෙන් විදුලිය මෙගාවොට්  50- 60 ක් නිපදවන්න පුළුවන් වෙයි. දකුණට විදුලිය ලබාදීමට හැකි වෙයි. වතුරත් අපිට මුහුදට යන්න නොදි නවත්ත ගන්න පුළුවන් වෙයි. කුඹුරු අස්වද්ද ගන්න පුළුවන් වෙයි. දැන් අපි මෙවැනි ඛේදවාචකයක් සිදුවන වේලාවේ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉදිරියේදී මේ වගේ ඛේදවාචකයෙන් මිදෙන්න අපට මේ වැඩේට උදවු කරන්න කියලා. නැත්තම් තව  අවුරුදු දහයකින් තව තුන් හාරසියයක්, නෙමෙයි දහස් ගණනක් මිය යන්න පුළුවන්.

රජයට විරුද්ධව උද්ඝෝෂණ කරන්න. මේ විසඳුම ක්‍රියාත්මක කරන්නැයි බලකර සිටින්න.

ඒ නිසා තමයි අපි මේ ජනතාවට කියන්නේ හරිනම් රජයට විරුද්ධව උද්ඝෝෂණ කරන්න ඕනේල කවදද මෙම  ව්‍යාපෘතිය පටන් ගන්නේ? කවදද අපිව ආරක්ෂා කරන්නේ? කියලා. අපි ඒක නොකළොත් සිද්ධ වෙන්නේ තවත් විනාශයක් වීමට මග පෑදීමයි. ගාල්ල දිස්ත්රිපක්කයේ පමණක් ලක්ෂ 13ක් පමණ ජනකායක් අතරින් ලක්ෂ දෙකක් පීඩාවට පත්වුණා. දිස්ත්රිලක්කයේ තිබෙන ග්රා්ම සේවක වසම් 896ක් අතරින් 490ක ජනතාව පීඩාවට පත්වුණාග අනාගතයේ ඊටත් වඩා පීඩාවට පත් වේවි. නෙළුව, තවලම, නාගොඩලනියාගම,උඩුගම, බද්දේගම, වැලිවිටිය දිවිතුර මෙම ප්‍රදේශවල නායයාම් වැඩිවෙයි. සොබා දහමෙන් ලැබුණු ජලය නිසියාකාරව හසුරුව ගන්න බැරිවෙච්ච ජාතියක් හැටියට තමයි අප ඉතිහාස ගත වන්නේ.

මාතර දිස්ත්රිික්කය
මේ තත්ත්වය ගාල්ල දිස්ත්රියක්කයට පමණක් නෙවෙයි. මාතර දිස්ත්රික්කයටත් බලපානවා. දෙනියාය මහා විද්යා්ලය ලඟ බැලුවාහම මුහුදු මට්ටමේ සිට අඩි 1230ක් උසයි. එතකොට මේ කන්ද උඩ තමයි ගංවතුර ඇති වෙන්නේග කන්ද උඩ ගංවතුරේ උස අඩි 20ල25 යි නැතිනම් 30යිග අධි බලැති විදුලි රැහැන් උඩින් ඒවා යට කරමින් ගංවතුර ඇතිවෙන්නේ. ඒ නිසා අපි මේ ප්ශ්නය හරියට තේරුම්ගත යුතුව තියෙනවා.

රත්නපුර දිස්ත්රිුක්කය
රත්නපුර දිස්ත්රිුක්කයේ රක්වාන ප්රනදේශය ගත්තොත්ල ලංකා බැංකු ශාඛාව ළඟ උස මුහුදු මට්ටමේ සිට අඩි 1350කටත් වැඩියි. අවට කඳු ඊටත් වඩා උසයි. හැබැයි ජල කදත් අඩි 20ක්ල25ක් උසයි. රත්නපුර සීවලී විද්යාහලය මුහුදු මට්ටමට වඩා අඩි 161ක් උසින් තමයි පිහිටා තිබෙන්නේ.  හැබැයි ජල කඳත් ඊට වඩා උසයි. ඉතින් ඒ නිසා රට මැද දකුණු ප්දේශයේ පමණක් නොවේ උස්බිම් පහත් බිම් හැම තැනකම ගංවතුර උවදුර තිබෙනවා.

කළුතර දිස්ත්රිවක්කය
කළුතර දිස්ත්රිවක්කයෙත් මේ ප්රරශ්නය තිබෙනවා. කළුතර දිස්ත්රිගක්කයේ බුලත්සිංහල ගත්තොත් බුලත්සිංහල තැපැල් කාර්යාලය මුහුදු මට්ටමේ ඉඳන් අඩි 92ක් උසයි. මතුගම පොලිස් කාර්යාලය ගත්තොත් අඩි 85ක් උසයි. අලුත්ගම දුම්රිය ස්ථානය ගත්තොත් අඩි 26යි. කළුතර – දකුණ දුම්රිය ස්ථානය ගත්තොත් අඩි 30යි. හැබැයි අපිට ජල කඳ හරියට හසුරුවා ගන්න බැරිවෙලා තියෙනවා. ඒ නිසා ඒ තැන්වලට වඩා අඩි 20ක්ල 25ක් උඩින් ජලය ගලා යනවා.

ගංවතුර පාලනය කරන්න, කුඹුරු අස්වද්දන්න වගේ ම විදුලිය නිපදවන්නත් පුළුවන්
වර්ෂ 1968 දී ප්රයකාශ කරපු ඇමරිකා එක්සත් ජනපදයේ ECI ENGINEERING ආයතනයේ වාර්තාව අනුව අද ඇතිවී තිබෙන තත්ත්වය ඉතා පැහැදිලියි. අලුතින් කරන්න කිසිම දෙයක් නැහැ. මේ වාර්තාවේ සඳහන් කරලා තියෙන ව්යා්පෘති ටික අපට පුළුවන් වුනොත් ලබන අවුරුද්දේ අප්රේ ල් මාසයට කලින් මුල්ගල් තියලා වැඩ කටයුතු ආරම්භ කරන්න, අනාගතයේදී මෙවැනි ගංවතුරකට මුහුණ නොදී ඉන්න පුළුවන් අවස්ථාවක් අප සියලු දෙනාට උදාවෙයිග ඒ නිසා තමයි ඒ වාර්තාව ඉතා පැහැදිලිව සඳහන් කරන්නේල මීට අවුරුදු 60කට උඩදීල නිල්වලා ගඟල ගිංගඟල කළුගඟ යන මේ ගංඟා තුනේ ද්රෝාණි වල ගංවතුර ආරක්ෂණ ක්රුමය ඉදිකිරීම සහ ජල විදුලිය නිපදවීම පිළිබඳව.

මගුර වේල්ලල කුකුලේවේල්ලල රත්නපුර වේල්ල ඇතුළු වේලි හයක් ඉදිකළ යුතුයි.
මේ ශක්යගතා අධ්යලයන වාර්තාව දිහා බැලුවිට පේනවා එහි ඉතාමත් පැහැදිලිව සඳහන් කරලා තියෙනවා ගිං ගඟ හරහා ජස්මින් වේල්ල හදන්න ඕන කියලා. ගංවතුර ආරක්ෂණ යෝජනා ක්‍රමයක් හැටියට කළු ගඟේ ගං වතුරේ ආරක්ෂණ යෝජනා ක්රකමය හැටියට මගුරවේල්ල, කුකුලේවේල්, හා රත්නපුර වේල්ල යනුවෙන් වේලී තුනක් යොජනා කර තිබෙනවා අවුරුදු 60කට උඩදී. ඊළගට මේ කියන වේලී ඉදි කරන ගමන් කියනවා රත්නපුර හාල ගාල්ල දිස්ත්රිවක්ක වලට ජල විදුලි බලාගාරත් ඉදි කරන්න පුළුවන් කියලාග ඒ වගේ ම නිල්වලා ගඟ සම්බන්ධයෙන් බිංගමාර වේල්ල හා හුලන්දාව වේල්ල ඒ වාර්තාවේ යෝජනා කරලා තියනවාග බිංගමාර වේල්ල හදන තැන ජල විදුලි බලාගාරයකුත් හදුනාගෙන තියනවා එතකොට ජල විදුලි බලාගාර තුන හතරක් ඇති වෙලා මහ දැවැන්ත වේලි ඇති වෙන්න ඕනග එදා මෙදා තුර අවුරුදු 60 ක කාලය තුළ ජාතියක් හැටියට අපට එම වාර්තාව තුළින් හඳුනාගත් ඉලක්ක ජයගන්න බැරිවෙලා තියනවාග
මහවැලි කඩිනම් ව්යා්පාරය පටන් ගන්නටත් පෙර තමයි මේ වාර්තාව හදලා තිබුනේග හැබැයි මහවැලිය හැදුවා වික්ටෝරියා හැදුවා රන්දෙනිගල හැදුවා රන්ටැබේ හැදුවා ඉඟිනිමිටිය හැදුවා මාදුරු ඔය හැදුවා පොල්ගොල්ල හැදුවා විදුලිය නිෂ්පාදනය කළාග ගාල්ලට මාතරට හම්බන්තොටට රත්නපුරේට මහවැලි ව්යාවපාරයෙන් තමයි  විදුලිය අරගෙන ආවේග

දකුණට අවශ්යෙ විදුලිය දකුණේම නිපදවිය හැකියිග
ඇත්ත වශයෙන් ම දකුණට විදුලිය මුළුමනින් ම පිටින් ගෙන ආ යුතු නෑග මේ ව්යා පෘති වැඩ අවසන් කළාම දකුණට අවශ්යව විදුලිය නිශ්පාදනය කර ගන්න පුළුවන් කම තිබුණාගග හැබැයි ජාතියක් හැටියට අවාසනාවට අපි සියළු දෙනාම කැකෝ ගහගත්තා මිසක් වැඩේ පටන්ගන්න යනකොට කවුරු හරි ඇවිල්ලා බෝඩ් ලෑල්ලක් අල්ලලා විරෝධය පානවා මිසක් වැඩේ කරන්න කවුරුවත් සහයෝගය දුන්නේ නෑග ඒ නිසා මේ වෙලාවේ සමස්ථ ජනතාවටම අපි මතක් කරන්න කැමතියි අනිවාර්යෙන්ම රජයට බල කල යුත්තේ බෝඩ් ඇල්ලිය යුත්තේ මේ මහා ව්යාවපෘති කිහිපය ඉක්මනින් අවසන් නොකළොත් ආයෙත් අවුරුදු 10 කින් 15කින්  මේ අවාසනාවන්ත තත්ත්වයට අපි සියළු දෙනාට මුහුණ දෙන්න වෙයි කියලාග ඒ නිසා බෝර්ඩ් අල්ලන්න මේ ජලය අවුරුදු 60කට පෙර කියු විදිහට පාලනය කරන්න කියලාග
දැන් බලන්න කොත්මලේ ජලාශය ඉඳිකරන්න කලින් පේරාදෙනියල ගැටඹේ ල සහ ගම්පොළ යට උනාග ඒක වුනේ ඒ කාලේග ජලාශය හැදුවට පස්සේ ඒ යට වීම නැවතුනාග කොත්මලේ ජලාශය ඉදිකිරීමේදී තිස්පනේල කඩදොරල වටද්දරල නවංගමල දිහින්තලාවල හැඳුනාවල මොරපේල මාස්වෙලල සංගිලි පාලම සහ නියංගංදොර යන ප්රඅදේශ වතුරින් යටවුණාග දැන් බලන්න කොත්මලේ ජලාශය ඇති කරන්න කලින් ස්ථාන ගණනාවක් යට උනාග ඒත් කොත්මලේ ජලාශය හැදුවට පස්සේ ඒ නගර යට වීම නැවතුනාග වික්ටෝරියා ජලාශය හැදුවට පස්සේ නගර ඇති වුණා තෙල්දෙණියේ නව නගරයක් ඇති උනාග පරණ නගර ජලයට යට වෙලා ගියා වෙහෙර විහාරස්ථාන පල්ලි කෝවිල් සියල්ලම යටවෙලා ගියාග ඒ නිසා තමයි මහවැලි මහා සෑය හැදුවේග පන්සල් සියගණනක් ජලයට යටවෙලා නව නගර ඇති උනාග රටක් දියුණු වෙන්න නම් ජනතාවගේ ජීවිත හා දේපල ආරක්ෂා කරන්න නම් මේ වගේ ව්යාවපෘති අවශ්යනයිග මෙය විරෝධය පාන අය තේරුම් ගත යුතුයිග

අනාගත ගංවතුරින් දහස් ගණනකගේ ජීවිත බේරාගන්න මේ ව්යාුපෘතිය හදන්නැයි දේශපාලකයන්ට බලකිරීම ජනතාවගේ වැඩක්
ඒ නිසා දකුණේ ජනතාව මේ ප්රගශ්නයෙන් බේරෙන්න ඕන නම් රත්නපුර සබරගමුව ජනතාව මේ ප්රිශ්නයෙන් බේරෙන්න ඕන නම් අනිවාර්යෙන්ම විකල්පයක් තිබෙනවාග ඒ විකල්පය තමයි ඉතා පැහැදිලිව අපි රජය හැටියට කියනවා මේ මහා ගං වතුර වැලැක්වීමට ඔබේ සහයෝගය අවශ්යපයිග කවුරු හරි වෙනත් තර්ක ඉදිරිපත් කරනවා නම් ඒ විශේෂඥයන්ට මම කියන්නේ ඒ අයට මේ පැත්ත පේන්නේ නැතුව ඇතිග මුහුදු මට්ටමේ ඉඳලා අඩි එක්දාස් ගණන් ගං වතුර එනවානම් එහෙනම් ලංකාව දාලා අපිට අඟහරු ලෝකෙට යන්න වෙයිග ලංකාව දාලා අපිට හඳට යන්න වෙයිග ඔය මෝඩ කතාව සුනාමිය ආපු වෙලාවෙත් අපේ මිනිස්සු කිව්වාග අපේ රටේ මිනිස්සු සුනාමි ආවහම රට ඇතුලට මීටර් 100 ක ටේප් එකක් ඇල්ලුවාග ජපානයේ සුනාමි ආවහම මිනිස්සු මුහුද පැත්තට මීටර් 500ක් ටේප් එක ඇල්ලුවාග ඒ නිසා තමයි සුනාමිය ආවම ජපානය අලුත් නගර ඇති කළේග සුනාමිය වෙලාවේ ජනතාව මුහුද අයිනෙන් ඉවත්කරන විට අපේ අගමැතිතුමයි මමයි ගිහින් ගාල්ලේ දී මුහුද පැත්තට ටේප් එක ඇල්ලුවා ජනතාවට සවියක් දෙන්නග ජපානයේ අළුත් නගර ඇති කරාග මුහුද ගොඩ කලාග මිනිස්සු පදිංචි කලාග අද ලෝකේ ගංඟා මැද්දේ හෝටල් ගහලා තියනවාග අද ලෝකේ මුහුද මැද්දේ හෝටල් ගහලා තියනවාග එතකොට මම කියන්නේ නෑ ලංකාවේ ගංගා  මැද්දේ හෝටල් ගහනවාද නැද්ද කියලාග ඒවා පසුව තිරණය කරන්න පුළුවන්ග

සමස්ථ ජාතියම මේ ප්ර ශ්නය හරියට තේරුම්ගත යුතුයිග මෝඩකම් කළොත් අඟහරු ලෝකෙට යන්න වෙයිග
එතකොට අප මේ ප්රගශ්නය හරියට තේරුම් ගතයුතුව තියනවා සමස්ථ ජාතියම මෙය තේරුම් ගත යුතුයිග ජනතාවත් දැන් කියනවා අධිවේගී පාර නිසා ගංවතුර ආවා කියලාග අධිවේගී පාර ගැන මම දැක්කා හිටපු ජනාධිපතිතුමා කියනවාි‘අපි නෙමෙයි ඒක කළේ එක්සත් ජාතික පක්ෂය ර්‍ණ කියලා මෙහෙම වෙලාවක හරි බයවෙලා එහෙම කියපු එක ලොකු දෙයක්ග ඒක මුල් ගල් තිබ්බේ අපිග රනිල් වික්ර්මසිංහ සහ චන්ද්රිිකා කුමාරතුංගගේ ආණ්ඩුවග තිලක් මාරපන මහාමාර්ග ඇමතිතමාල මමල ආනන්ද කුලරත්න මැතිතුමා මුලින්ම මුල්ගල් තිබ්බේග එහි සැළසුම තිබුණේ 2007 දී මේ මාර්ගයේ වැඩ අවසන් කරන්නග ඒ මාර්ගය විවෘත කරන්නේ 2011 නොවැම්බර් මාසයේ දී අතිරේක බිලියන ගණනක පාඩුවක් වුණාග නමුත් පසුව අධිවේගී මාර්ගය විවෘත කරන කොට  කිව්වේ මේ ආශ්චර්ය ඒගොල්ලන්ගේ කියලාග දැන් ජල කඳ එනකොට බයවෙලා කියනවා ඒක අපේ නෙමෙයි එක්සත් ජාතික පක්ෂය කළේ  කියලාග අපි ඒක බාර ගන්න කැමතියිග ඒක තමයි ඇත්ත අපි තමයි දක්ෂිණ අධිවේගී මාර්ගය හැදුවේග
ඉමදුවේ සිට කුරුඳුගහ හැතැප්ම දක්වා දැන් ඉස්සරට වඩා දැන් යටවීම අඩුයිග අලුත් තැන් කිහිපයක් යටවෙනවාග නමුත් ඊට අධිවේගී මාර්ගයේ බලපෑමක් නෑග කළුතරට යම් බලපෑමක් තියෙනවාග මේවා වෙනස්කරන්න පුළුවන් දේවල්ග අධිවේගී මාර්ගය තිබූ නිසා ගංවතුර වෙලාවේ පාරේ එක පැත්තක් වහලා විපතට පත්වූවන්ට ආධාර ලබාදෙන්න සාමාන්යඅ නීති වෙනස් කරමින් රජය කටයුතු කළාග අපි අධිවේගී මාර්ගය හරියට සකස් කළාග ඒකේ යම් තැනක් යටවෙනවා නම් ඒක වෙනත් සරල ප්රනශ්නයක්ග මේ මාර්ගය වැටෙන්නත් ඉස්සෙල්ලා ඔය ප්රමදේශ යටවුණාග ඒවාට පිළිතුරු තියෙනවාග පරිසර ප්රජශ්න කියමින් සෑම දෙයක් දිහාම සැකයෙන් බැලීම නවත්වන්න ඕනේග

ගං වතුර පාලනය කළ හැකියිග ගංඟාවල ජල කළමණාකරණය රජයේ වගකීමක්ග
මහජලාශ ඉදි වූවායින් පස්සේ ජලය මේ වගේ විනාශ කරමින් පහළට ගමන් කරන්නේ නෑග ඒ නිසා නොදන්න දේවල් බොහොම පරිස්සමෙන් ජාතිය හමුවේ ප්ර කාශ කල යුතුව තියනවාග ඒ නිසා මම මේ ගැන දීර්ඝ වශයෙන් කතා කරන්න යන්නේ නෑග නමුත් එක ප්රශධාන කාරනයක් මේ රටේ ජනතාවට කියන්න කැමතියි මේ ගං වතුරට විසදුමක් තියනවාග මේ ජලාශ ඉදිකළ යුතුව තිබෙනවාග ඒ ජලාශ ඉදිකළාට පස්සේ මේ ප්රසදේශ යටවෙන්නේ නෑග මේකට උදාහරණයකුත් අපිට ගාල්ල දිස්ත්රි ක්කයෙන්ම කියන්න පුළුවන්ග අවුරුදු 40 කට උඩදි ගිං ගඟ යෝජනා ක්රටමයේ පලවෙනි අදියර ක්රිසයාත්මක කලාග බද්දේගම නගරයේ ඉඳලා ගාල්ලට හැතැම්ම 12යිග ඉතිහාසයේ නම් වැස්සහම බද්දේගම නගරයේ ඉඳලා  අක්මීමණ ආසනයේ ඊරියගහ හන්දිය දක්වා කිලෝමිටර් 4 කණුව දක්වා අඩි 7ක් යට උණාග ඒ කාලේ දෙපැත්තේ මිනිස්සු පදිංචි වුණේ නෑග ඇයි ඒ යට වෙන නිසාල හැබැයි ගිංගඟ ව්යාසපෘතිය ආවට පස්සේ කිලෝමීටර් 4 කණුව දක්වා බද්දේගම ඉඳලා ඒ කියන්නේ ගාල්ලට කිලෝමිටර් 4ක් කලින් වෙනකන් මිනිස්සු පාර දෙපැත්තේ ගෙවල් හැදුවාග ගිං ගඟ යෝජනා ක්රවමයේදී මහ වේල්ලකින් ගංවතුර පාලනය කරලා තිබුණාග  ඒ වේල්ල දැන් ගොඩාක් පරණයිග ඒ වේල්ල කොයි වෙලාවේ හරි කඩාගෙන ගියොත් හැතැප්ම 10 ක පමණ දුර සම්පුර්ණයෙන් යටවෙනවාග දහස්ගණනක් මැරෙනවාග
ඒ නිසා අපේ වගකීම තමයි හරියාකාරව ජලය කළමනාකරණය කිරීමග ගංඟාවල ජලය කළමනාකරණය :උ්එැර ඵ්බ්ටැපැබඑ* කියන එක රජයක් හරියට කල යුතු කාරණයක් බව අප සියළු දෙනා තේරුම්ගත යුතුයිග ඒක හරියට නොකළොත් එයින් ජනතාව දැඩි ලෙස පිඩාවට පත්වෙනවාග මහා වර්ෂාවක් කියන්නේ මහා ජල කඳක් ජලය කියන්නේ මහා සම්පතක්ග ඒ සම්පත ජාතියක් හැටියට හරියට හසුරුවා ගැනීමට නොහැකි වීම ජාතියේ මහා ආවසනාවක්ග ඉතින් ඒ නිසා වර්තමානයේ මතක් කරන්න කැමතියි අපේ ජනාධිපති තුමා හිටපු වාරි මාර්ග ඇමතිවරයෙක්ග එතුමා මේ ගැන හොදට දන්නවාග අපේ අග්රාමමත්ය තුමාටත් මේ පිළිබඳ හොඳ දැනුමක් තිබෙනවාග ඒ නිසා ඉදිරියේදී මේ ආපදාවට පිළියමක් වගේම මනා ජල කළමනාකාරීත්වය මඟින් මෙම ප්රගදේශවලට ඉදිරියේදී විය හැකි ගංවතුර උවදුර නැවැත්විය හැකියිග ඒ සඳහා ජනතාව මෛත්රීරපාල සිරිසේන ජනාධිපතිතුමාටල රනිල් වික්රැමසිංහ අගැමතිතුමාට පූර්ණ සහය දිය යුතුයිග විශේෂයෙන් ම දේශපාලන නායකයන්ල  තමන්ගේ පටු දේශපාලන අරමුණු පසෙකින් තියලා ජනතාව වෙනුවෙන් මේ වෙලාවේ කටයුතු කිරීම අවශ්ය්යිග ගංවතුර වැළැක්වීමේ මේ දැවැන්ත ව්යාලපෘතිවලට ලබන වසරේ අප්රේිල් මාසයේ මුල්ගල් තියලා ඔබේ සහයෝගය ලබා දෙනවානම්  2022 වනවිට වැඩ අවසන් කරන බව මේ අවස්ථාවේ වගකීමකින් යුතුව අප කියනවාග

වජිර අබේවර්ධන
ස්වදේශ කටයුතු අමාත්‍ය
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *