තුන්වන බලවේගය ජවිපෙ නොවනබව ඔවුන් විසින්ම ඔප්පුකරනවා – එස් ජී පුංචිහේවා

S.Gඔහු ගේ සිත තුළ වාමාංශික දේශපාලන බීජය පැලවෙන්නේ කොමිනියුස්ට් පක්‍ෂයේ තිඹිරිගෙය වශයෙන් සැලකෙන මාතර දී ය. ඒ ඔහු උපන් ප‍්‍රදේශ වීමත්, ඔහුගේ සොහොයුරෙක් කොමියුනිස්ට් පක්‍ෂයේ ක‍්‍රියාකාරිකයකු විමත් නිසාය. රැුකියාව වශයෙන් ගුරුවෘත්තිය ප‍්‍රථමයෙන්ම තෝරාගන්නා ඔහු 1965 වසරේදී සේවය කරනු ලබන්නේ අම්පාර දිස්ත‍්‍රික්කයේය. මේ වනවිට ඔහු කොමිනියුස්ට් පක්‍ෂයේ ක‍්‍රියාකාරී සාමාජිකයකු වශයෙන් සැලකියයුතු වැඩකොටසක් පක්‍ෂය වෙනුවෙනු කරනු ලබයි.
1977 දී මහ මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ තර`ගය පිවිසෙන්නේ වාමාංශික පක්‍ෂ සම`ග සන්ධාන ගතවෙමින්, නිතර`ග ගිවිසුම් මගින් අපේක්‍ෂකයන් ඉදිරිපත් කරමිනි. එම නිතර`ග ගිවිසුම මගින් ඉන්දික ගුණවර්ධන සහෝදරයා කඩුවෙල ආසනයෙන් තර`ග කිරීමට අපේක්‍ෂා කළත්, ඔහුට නාමයෝජනා නොලැබේ. මේ හේතුව නිසා ඉන්දික ගුණවර්ධන ස්වාධීන අපේක්‍ෂකයකු ලෙස තර`ග කිරීමට තීරණය කිරීම  නිසා, එස්.ජී. පුංචිහේවා ඇතුළු කණ්ඩායමක් පක්‍ෂයෙන් ඉවත්වී ඉන්දික ගුණවර්ධන සහෝදරයාට සහයෝගය දීමට ඉදිරිපත් වූහ. එතැන් පටන් ඔහු පක්‍ෂ දේශපාලනයට සමුදී නිදහස් මතධාරියකු ලෙස ක‍්‍රියාකාරනු ලබයි. එස්.ජී. පුංචිහේවා නමැති නිදහස් මතධාරියා සම`ග කරන ලද සාකච්ඡුාවක් පහත දැක්වේ.

පසුගිය ජනවාරී 8 වෙනිදා ජනාධිපත් ධූරයට පත් වූ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට තරම්ම ජනප‍්‍රියත්වයක්, ජනතා ප‍්‍රසාදයක්, එහෙමත් නැත්නම් ජන රැුල්ලක් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියටත් ලැබුණා. ඇය විශිෂ්ඨ ජයග‍්‍රහණයක් කෙරුවා. ජනතාව, රට ඇය කෙරේ තැබූ බලාපොරොත්තු ඉෂ්ඨ කිරීමට ඇය සමත් වුණාද?

නෑ. චන්ද්‍රිකා මැතිණිය එය ඉටු කිරීමට සමත් වුණේ නැහැ. එයාගේ ප‍්‍රධාන  තේමාව, ප‍්‍රධාන පොරොන්දුව වුයේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම. ඇය ඒක කිරීම හිතා මතාම මග ඇරියා. ඇයට බලයට ඒමට සහයෝගය දුන්න පක්‍ෂ පවා ඇගෙන් ඈත් වුයේ ඒ හේතුව නිසා. ඊල`ගට ඇගේ පොරොන්දුව වූයේ ජාතික සමගිය ගැන කටයුතු කිරීම. ඒක ඇගේ සැමියාගේ දේශපාලන දැක්මක් එක්ක ඇයට ලැබුණ ආභාෂයක් වෙන්න ඇති. එහෙත් ඇයට එම ප‍්‍රශ්නයත් විසඳන්න බැරි වුණා. ඇය එම ප‍්‍රශ්නයට, ජාතීන් අතර ගැටළුවට දේශපාලන විසඳුමක් දීමට සමත් වුණානම් විනාශ කාරී යුද්ධයක් නිර්මාණය වෙන්නේ නෑ.

පළවෙනි වතාවට ඇයට ජනතා ප‍්‍රශ්න විසඳීමට නොහැකි වුණත්, ජනතාව චන්ද්‍රිකා මැතිණියව යළිත් වතාවක් බලයට පත්කරනවා. ඇය දෙවෙනි වතාවෙදිවත් ජනතා සිතුම් පැතුම් ඉටු කරන්න සමත් වෙනවද?

නෑ. ඇය වඩාත්ම අසාර්ථක දෙවෙනි වතාවෙදි. එම වතාවේදිතමයි ඇය අතින් වැඩිපුර වැරදි සිදුවුණේ. ඇයට නොයෙක් ¥ෂණ චෝදනා එල්ල වුණා. ඇය වටා සිටියේ ඇයටත්, රටටත් අයහපත් පිරිසක්. ඇය බලතල අධික ලෙස පාවිච්චි කළා. ප‍්‍රශ්නවලය විසඳුම් නොව ප‍්‍රශ්න යටපත් කරන තත්ත්වයකුයි තිබුණේ. ඇය හිස උදුම්මාගත්ත තැනැත්තියක් හැටියටයි කටයුතු කෙරුවේ. විධායක බලතල අහෝ්සි කරනවා වෙනුවට එය උපරිම අයුරින් පාවිච්චා කෙරුවා. ක‍්‍රමාණුකූලව භීෂණය දියත් වෙමින් තිබුණා. සටන පුවත්පතේ කර්තෘ රෝහණ කුමාර ඝාතනය වෙනවා. ඇයගේ කාලයේ ඒ පිළිබඳව නිසි පරීක්‍ෂණයක් කෙරෙන්නේ නැහැ. ඒ ඝාතන චෝදනාවට ඇයවටා සිටි පිරිස වෙතට අ`ගිල්ල දිගුවෙනවා. ඒ පිළිබඳව අද වෙනතුරු ස්ථිර නිගමනයක් නැහැ.

වික්ටර් අයිවන් ඇය චෞර රැුජිණක් ලෙස නම් කරමින් පොතක් පවා ලියා ප‍්‍රකාශයට පත් කරනවා. එහි ඇතුළත් සියල්ලම ඇත්ත කියලා පිළිගන්න බැහැ. සත්‍ය නොවන තැනුත්, අතිශයෝක්තියෙන් ලියන ලද තැනුත් තියනවා. එහෙත් එහි ඇත්ත කරුණුත් ඇතුළත් වෙලා තියනබව පිළිගන්න පුළුවන්.

ඇයගේ සැමියාගේ ඝාතනය ගැන පරීක්‍ෂණයක් කරලා ඒක හෙළිකරන්න තිබුණා. එහෙත් ඒක ඇය කෙරුවේ නැහැ. එම ඝාතනය ජේ.වී.පී. එකෙන් කෙරුවේ නැහැ කියලා ප‍්‍රතික්‍ෂේප කෙරුවෙත් නැහැ. පිළිගත්තෙත් නැහැ. ජේ.වී.පී. සන්නද්ධ අංශයවන දේශපේ‍්‍රමි ජනතා ව්‍යාපාරයේ සාමාජිකයෙක් විසින් කරන ලද්දක් බවයි ජනගත වේලා තියෙන්නේ. එහෙත් එය කාගේ උවමනාවක් ඉටුකිරීමක්ද කියලයි සොයා බැලිය යුත්තේ. ඝාතකයා මෙන්ම, ඝාතනය කිරීමට තීන්දු තීරණ ගත්ත කෙනා හෝ කණ්ඩායමද හෙළිකරගත යුතුයි.
ඇගේ අගය කළයුතු වටිනාකම් ද තිබුණා. ඇගේ ධූරකාලය පිළිබඳව ගැටළුවක් මතුවුණා. ඇය අවුරුදු 6 බැගින් අවුරුදු 12 ක් බලයේ සිටීමට අවශ්‍ය අනපනත් සම්මත කරගන්න උත්සාහ කෙරුවෙ නැහැ. ඇය අධිකරණ තීන්දුවට හිස නමලා දෙවන වතාවෙදි අවුරුදු 5 කින් තනතුරෙන් ඉවත්වෙලා මැතිවරණයක් කැඳවනවා. තෙවනවතාවට හෝ අසීමාන්තිකව තර`ග කිරීමට අවස්ථාව සලසාගත යුතුයයි ඇය සිතුවේ නෑ.
ඊළ`ගට ජනාධිපති තර`ගයට මුහුණ දෙන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අගමැති වරයාවන මහින්ද රාජපක්‍ෂ මහත්මයා. එවරත් එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයා ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වෙනවා. මහින්ද රාජපක්‍ෂත්, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය වගේම ජනප‍්‍රිය චරිතයක් වෙමින්, ජන රැුල්ලක් සම`ගයි තර`ග වදින්නේ. ඔහුත්  ජයග‍්‍රහණය කරනවා. ජනතා බලාපොරොත්තු ඉටුනොකරපු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ රජයක් තමයි යළිත් බහුතර ජනතාව බලයට ගේන්නේ. ඇයි මෙවන් පසුබිමක් නිර්මාණය වෙන්නේ.
මහින්ද බලයට ඒමට ප‍්‍රධාන වශයෙන් හේතු වන්නේ ‘යුද්ධය (කොටි ත‍්‍රස්තවාදය* තුරන් කරන බවට දුන් පොරොන්දුව. එක්සත් ජාතික පක්‍ෂය ස්ථාවරය වුයේ සාම සාකච්ඡුා මගින් මෙම ප‍්‍රශ්නය විසඳිය හැකියි යන විශ්වාසය. ඇතැම් විට යුධ ක‍්‍රියාමාර්ග වලට එළඹීමේ ප‍්‍රවනතාත් තිබුණා. එහෙත් මහින්ද රාජපක්‍ෂගේ එකම තේමාව වුයේ් එල්.ටී.ටී.ඊ එක යුධමය වශයෙන් පරාජය කළයුතුයි කියන එකයි. ඒකට අති විශාල ජනතා ප‍්‍රසාදයක් ලැබුණා. මහින්ද බලයට ගෙන ඒමට එම තේමාව ප‍්‍රබල සාධකයක් වුණා.
සාම මාවත අවලංගු මාතෘකාවක් වුණා. එම තත්ත්වය නිර්මාණය කලේ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින්මයි. ඔවුන් නිරායුධ මිනිසුන් ඝාතයන කරන්න පටන් ගත්තා. ගම්වලට පැන අහිංසක මිනිසුන් ඉතාම කුරිරු විදිහට ඝාතනය කරන්න පටන් ගත්තා. ජනතාවට  ඕන වුනේ එල්.ටී.ටී.ය නැතිකරලා දාන්න. විනාශකරලා දාන්න. එල්.ටී.ටී.ඊ යුධමය වශයෙන් පරාජය කරනවා කියන මහින්ද රාජපක්‍ෂගෙ පොරොන්දුව ඔහුට ජනතාව ආකර්ක්‍ෂණය කරගැනීමටත්, ජයග‍්‍රහණය කිරීමටත් හැකි සාධයක් වුණා.

මහින්ද රාජපක්‍ෂට ජනතාවට දුන්න බලාපොරොත්තු ඉටු කරන්න හැකිවුණාද?

ඔව්. ඔහුගේ පළවෙනි පොරොන්දුව ඉටු කරන්න සමත් වුණා. එල්.ටී.ටී.ඊ ය යුධමය වශයෙන් පරාජය කරන්න කැපවුණා. අනිත් හැම නායකයෙක්ම යුද්ධ කරනකොට ජාත්‍යන්තර නීතිරීති ගැන කල්පනා කළා. මානව හිමිකම් ගැන හිතුවා. මානව හිමිකම් කඩනොවීමට වග බලා ගත්තා. එහෙත් මහින්දට  ඕන වුනේ කෙසේ හෝ යුද්ධය දිනා ගැනීමට.
මේ අතර හමුදාපති සරත් ෆොන්සේකා එල්.ටී.ටී.ඊ. බෝම්බයකට අසුවෙලා ඉතාම අසාධ්‍ය තත්ත්වයට පත්වෙලා ජීවිතය බේරගන්නවා. ඔහු මුහුණ පෑ තත්ත්වය අනුවත්, ඔහුට දැනුන වේදනාත්මක සිද්ධිය අනුවත්, ඔහුත් එම පුද්ගලික තත්ත්වය අනුව එල්.ටී.ටී.ය යුධමය වශයෙන්  පරාජය කළයුතුය යන දැඩි තීරණයක හිටියා. මේ තත්ත්වයත් ත‍්‍රිවිධ හමුදා, පොලිස් නිලයන්ගේ හා සාමාජිකයන්ගේ කැපවීම නිසාත් යුද්ධය අවසන් වුණා.

ජනාධිපති මහින්දත්, හමුදාපති සරත් ෆොන්සේකා යන දෙදෙනා අතුළු ත‍්‍රිවිධ හමුදාව හා පොලීසිය පමණද මේ යුද්ධය නිමා කිරීමට දායකවුණේ?

නැහැ. චන්ද්‍රිකා රජයත්, කෙටි කාලීන එ.ජා.ප රජයත් එයට විශාල දායකත්වය දුන්නා. ලක්‍ෂ්මන් කදිරගාමර් කරනලද සේවය අති විශාලයි. ජාත්‍යන්තරව එල්.ටී.ටී.ඊ එක ගොඩ නගාගෙන තිබුණ තත්ත්වය විනාශ වූයේ කදිරගාමර් මහතාගේ විදේශ ¥තසේවාවයි. ශ‍්‍රී ලංකාව පිළිබඳව ජාත්‍යන්තරය තුළ ඇති කරන ලද පැහැදීම නිසයි. එහෙම නොවුනා නම් මේ යුද්ධයේදී විශාල වශයෙන් ජාත්‍යන්තර බලපෑම් ඇති වෙන්න ඉඩ තිබුණා. රටවල් 4 ක් එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ ශ‍්‍රී ලංකාවට විරුද්ධව, එල්.ටී.ටී.ඊ යට සහයෝගය දෙන්න තීරණය කරලා තිබුණා. ඒක සිද්ධ වුණා නම් බරපතල තත්ත්වයක්. ඒක නැති කෙරුවේ ලක්‍ෂ්මන් කදිරගාමර් මහතායි.

එල්.ටී.ටී.ඊ එකේ විනාශයට ඔවුන්ගේම ක‍්‍රියාමාර්ගත් හේතුවුණා. රජිව් ගාන්ධි ඝාතනය නිසා ඉන්දියාව තරහ කරගත්තා. එහෙම නොවෙන්න ලංකාවේ සිදුවෙන යුද්ධයට ඉන්දියාව ඍජු මැදිහත්වීමක් වෙන්න තිබුණා.    කලින් සඳහන් කෙරුවා වගේ එල්.ටී.ටී.ඊ ය බස් බොම්බ තියනකොට, දළදා මාළිගාවට පහර දෙනකොට, රටේ තැන තැන බෝම්බ පිපිරෙනකොට යුද්ධයෙන්ම එල්.ටී.ටීඊ ය පරාජය කළ යුතුයි කියන මහින්ද ව ඉතාම ජනප‍්‍රිය තත්ත්වයකට පත් වුණා.

මහින්ද යුද්ධය පරාජය කරලා ජනතාවගේ සිතුම් පැතුම් ඉටු කෙරුවාද? ඒ ගැන ජනතාව සෑහීමකට පත්වෙනවද?

කොටි ත‍්‍රස්තවාදය නැති කරපු එක ගැන ඔහුට ජනතා ප‍්‍රසාදය හිමි වුණා. එම ජයග‍්‍රහණයේ අනෙක් පාර්ශවකරුවන් අමතක කරලා ජයග‍්‍රහණයේ තනි අයිතිය ඔහු ගත්තා. ඒ ජයග‍්‍රහණය තුළ අති විශාල ප‍්‍රචාරක වාසියක් ඔහු ලබා ගත්තා. ඒ හැර ඔහු කළ දෙයක් නැහැ. අදත් ඔහුට කියන්න ඉතිරිවෙලා තියෙන්නේ යුධ ජයග‍්‍රහණය ගැන පමණයි.

යුධ ජයග‍්‍රහණයෙන් පසු ජනතාවට ලැබිය යුතු සහන ලැබුණද?  රට දියුණුවක් කරා ගියාද?

ඒක එහෙම වියයුතු වුවත් එහෙම වුණේ නෑ. හැබැයි ඒක එහෙම වුනේ නෑ කියලා සාමාන්‍ය ජනතාවට තේරුණේ නෑ. අදත් බොහෝ දෙනාට තේරෙන්නේ නෑ. ඒතරමට යුද ජයග‍්‍රහණයේ ප‍්‍රචාරක බලඇනිය බලවත්. ජනතාව යුධජයග‍්‍රහණයේ ආශ්වාදයෙන්, උන්මාදයෙන් සිටින අතරතුර මහින්ද වීරයෙක්. වීර රජෙක් බවට තමන් විසින්ම නිර්මාණය කරගත්තා.

මේ යුද්ධය තුළ මර්ධනය වුනේ එල්.ටී.ටී.ඊ ය පමණක් නෙමේ සාමාන්‍ය ද්‍රවිඩ ජනතාවත් මර්ධනය වුණා. ඒ මර්ධනය දිගටම පවත්වාගෙන යන්න උත්සාහ දැරුවා. ඔහු වටා එකතු වුණේ ජාතිවාදි කණ්ඩායම්. යුද්ධයෙන් පස්සේ සිදුවිය යුත්තේ හදවත් වල ඇති වූ තුවාල සුවපත් කිරීමයි. වෛරය, ක්‍රෝධය තුරන් කර ගැනීමයි. එහෙත් සිද්ධ වුණේ එක් කණ්ඩායමක හදවත් පාරවමින්  යුධ ජයග‍්‍රහණය මත යැපීමයි. ජනාධිපතිවරණය පරාජය වෙලත් අදටත් එම තත්ත්වයෙන් මිදෙන්න බැරිවීම කණගාටුයි.

ප‍්‍රභාකරන්ට යුධ මාවත අතහැරලා සාම මාවතට ඇවිත්, ප‍්‍රජාතන්නත‍්‍රවාදි දේශපාලනය පිළිගත්තා නම් සිද්ධ වූ විනාශය වෙනුවට  ජයග‍්‍රහණයක් ලබාගන්න තිබුණෙ නැද්ද?

තිබුණා. හැබැයි ඒක මුලින්ම සිද්ධ කෙරුවා නම්. ඔවුන් මුල සිටම වරද්ද ගත්තා. මුලින්ම කෙරුවේ තමන්ගේ ව්‍යාපාරයට නතු නොවන නිදහස් මතධාරීන්, උගතුන් ඝාතනය කිරීම. රාජිණි තිරනාගම වැනි උගතුන් ඝාතනය වන අතර උගත් දේශපාලඥයින්ද ඉවක් බවක් නැතිව ඝාතනය වෙනවා. ඒ විතරක් නෙමෙයි. ඔවුන් සම`ග එකට නැගීසිටිය, එකට සටන් කළ ඊ.පී.ආර්.එල්.එෆ්., ටෙලෝ, ප්ලොට්, ඊරෝස් වැනි කණ්ඩායම් සහමුලින්ම විනාශ කරනවා. ඒ කණ්ඩායම්වල ප‍්‍රභාකරන්ට වඩා උගතුන්, නිදහස් මතධාරීන් හිටියා. ප‍්‍රභාකරන්ට  ඕන වුනේ තමන්ගේ අණට නතුවන පිරිසක් තබා ගැනීමටයි. ඔහුට විරුද්ධවාදීන් ඝාතනය කරමින් ඔහු කටයුතුකළේ පැසිස්ට් පාලකයෙක් වගෙයි.

1971 දකුණේ තරුණ නැගිටීමක් ඇති වෙනවා. ජනතා විමුක්ති පෙරමුණ නමැති තාරුණ්‍ය ආකර්ශනය කරගත් කණ්ඩායමක් බිහිවෙනවා. ඔවුන් එවකට සිරිමා රජය විසින් යුධමය වශයෙන් පරාජය කරනවා. ඉන්පසු ජනතා මතය වුනේ යළිත් එවන් කැරැුල්ලක් කිසිදා නිර්මාණය නොවන බවයි. එහෙත් වසර 17 කදි පමණ එනම් 1988 – 1989 වකවානුනේ යළිත් එදාටව ඩා බලවත්ව දකුණේ සන්නද්ධ කණ්ඩායමක් ආණ්ඩුවට විරුද්ධව කැරලි ගසනවා. එයම ඉදිරියේදී උතුරෙත් වෙන්න බැරිද?

එහෙම වෙන්න තියන ඉඩකඩ බොහොම අඩුයි. රට වෙනස් කරන හිටිය තරුණ ජවයක්, දැනුමක් ඇති කණ්ඩායම 1971, 1989 යන වකවානුවල ඇති වූ අසාර්ථක අරගලයෙන් නැති වුණා වගේම එල්.ටී.ටී.ඊ එකේ තරුණ ජවය නිරර්ථක, අසාර්ථක යුද්ධයෙන් විනාශ වුණා. දැන් ඔවුන්ට අලූතෙන් හිතන්න, නව ජවයකින් නැගිටීමක් ඇති වෙන්න ඉඩක් නැති බවයි. පෙනෙන්නේ. ඒක සිද්ධ වෙන්නේ ඔවුන්ගේ ප‍්‍රශ්න විසඳිලා නෙමෙයි. එසේ නැගිටීමක් වෙන්න පසුබිමක් නැති වීමෙන්. එදා හිටිය තරුණ පරපුර වගේ ජීවිත පරිත්‍යාගයෙන් සටනට එන කොටසක් යළි ඇති නොවෙන්න තියන ප‍්‍රවනතාවය වැඩියි. තරුණ පරපුර අද නොයෙක් බලාපොරොත්තු පුරෝගෙන. ඔවුන් නවීන තාක්‍ෂණයත් සම`ග බද්ධ වෙලා. තාක්‍ෂණයේ වහල්ලූ වෙලා. ඔවුන්ට හතුරා ගැන හිතන්න බැරිවෙයි. අවධි මනසක් නැති වෙයි.
ස්පාටකස් කියන වහලාට දැනුනා තමන් වහලෙක් කියලා. තමා වහල් හිමියෙක් යටතේ ඉන්න වහලෙක් බව ඔහුට ඍජුව තේරෙනවා. ඔහු වහල් හිමියා සම`ග සටන් කරනවා. ඔහුට සටන් කරන්න හේතුවක්, සටන් කරන්න ශක්තියක්, කැපවීමක්, පෙළඹවීමක් ඇති වෙනවා. එහෙත් අද තත්ත්වය වෙනස් අද අපි හැමදේකම වහල්ලූ වෙලා. රූපවාහිනියේ, හෑන් පෝන් එකේ, පරිගණකයේ වහල්ලූ වෙලා. ජනතාව වැළඳ ගන්නේ ඒවායින් දෙන දේ.

තවත් අතකින් කෙඩිට් කාඞ්එකේ, ලීසින් ක‍්‍රමවල වහලෙක් වෙලා. අපිට එයින් ලැබෙන ප‍්‍රයෝජනය කියා දෙන්නේ ඒවා පාවිච්චි කරන්නනන්ට අභිමානයක්, ගෞරවයක් ලැබෙන විදිහට. අපිට ඒක හරි ගෞරවයක්. ආඩම්බරයක්. කෙඩිට් කාඞ්එකෙන් සුපර් මාර්කට් එකට මුදල් ගෙවන්නේ. ලීසින් එකට ගත්තට වාහනේකින් ගමන් යන්නේ බොහොම ජයග‍්‍රහී මානසිකත්වයකින්. ඒත් අපි දන්නෙ නෑ මේ දෙකටම අපි අහුවෙලා කියලා. (අද අපිට සිදුවෙලා තියෙන්නේ අදට විතරක් නෙමෙයි, අනාගතය වෙනුවෙන් ද උපයන්නයි.* මේ තත්ත්වය යටතේ හිතන්න අමාරුයි යළි එවන් නැගිටීමක් ඇතිවෙයි කියලා.

මේ අසාර්ථක කැරලි දෙක තුනෙන්ම උතුරේත්, දකුණේත් තරුණ කොටස් නැති වුණා. මේ දෙපැත්තෙම සටන් බොහෝ දුරට එකම ප‍්‍රශ්න, එකම අරමුණු මුල් කරගත්ත සටන්. කොටි සංවිධානය සාමාන්‍ය වැසියන්ට කිසි හිරිහැරයක් නොකර, ආරක්‍ෂක හමුදා සම`ග පමණක් සටන් කෙරුවා නම්, දකුණේ ජන ජීවිතයට කරදර බාධක නොකෙරුවා නම් මොනවගේ තත්ත්වයක් නිර්මාණය වෙයිද?

දෙපැත්තෙම තිබුණේ එකම ප‍්‍රශ්න. එසේ  එකතුවීමක් වුනානම් ජාති වාදය මේතරම් ලේසියෙන් දෙපිරිස අතරම වපුරන්න බෑ. සමහරවිට දෙගොල්ල අතර එකතු වීමක් ඇති වෙලා එකම සටනක් ඇතිවෙන්නත් ඉඩකඩ තිබුණා. ප්ලොට්, ඊරෝස් ඇතුළු ඇතැම් සංවිධාන වල ඒ වගේ අදහස් තිබුණා. එම පක්‍ෂවල නායකයින් එල්.ටී.ටී.ඊ ය විසින් මරා දැම්මා. එම පක්‍ෂ විනාශ කෙරුවා. කොළඹදී ඝාතනය වුන උමා මහේෂ්වරන් දකුණේ ඇතැම් දේශපාලන පක්‍ෂ සම`ග සම්බන්ධකම් පැවැත්වූ බවට එකල වාර්ථා වුණා.

හින්ද පළමුවතාවෙදි ජනාධිපති ධූරයට තර`ග වැදුනේ යුද්ධය ගැන කියලා. ඔහු ඒක ඉටු කරනවා. මොන අඩුපාඩු තිබුණත්  ඔහු යුධය දිනූ නායකයා විදිහට දෙවන වතාවටත් ජනාධිපතිවරණ තර`ගයට මුහුණ දෙනවා. දිගටම එ.ජා.ප. නායකයා දිගටම පරාජය වෙද්දී ඒ සඳහා ඉදිරිපත් වෙන්නේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහත්මයා. ඔහුට එ.ජා.ප. ය, ජේ.වී.පී. ය, තවත් පක්‍ෂ හා සංවිධාන, මාදුලාවේ සෝභිත ස්වාමීන්වහන්සේ ඇතුළු තවත් සමාජ ක‍්‍රියාකාරීන් උදව් කරනවා. ඒත් ඔහුට මහින්දව පරාජය කරන්න බැරිවෙනවා. යළිත් වතාවක් ජයග‍්‍රහණය කරන මහින්ද ජනතා සිතුම් පැතුම් ඉටුකිරීමට, රටේ ආර්ථිකය දියුණු කිරීමට සමත්වෙනවද?

නියම මහින්ද රාජපක්‍ෂ කියන්නේ කවුද කියලා අනාවරණය වෙන්නේ ඔහුගේ දෙවන ජයග‍්‍රහණයෙන් පස්සේ. පළමු වතාවෙදිත් සියුම්ව නිරීක්‍ෂණය කරන කෙනෙකුට මහින්ද රාජපක්‍ෂව හඳුනගන්න හැකියාව තිබුණා. මහින්දගෙ විතරක් නෙමේ ජාතික වශයෙන් හෝ ප‍්‍රාදේශීය වශයෙන් දේශපාලනයට එන චරිතවල නියම ස්වභාවය දකින්න ලැබෙන්නේ ජයග‍්‍රහණයෙන් පස්සේ.  හිටපු බොහෝ නායකයොත් එහෙමයි. මනාව දියුණු කරන ලද උත්තුංග චරිතයකට හැර සෙසු අයට වෙනස් නොවී ඉන්න බැරිවෙනවා.

මහින්ද පළමුවතාවෙදිත් අසාර්ථක පාලකයෙක්, දෙවන වතාවෙදි අන්තිම අසාර්ථක දූෂිත පාලකයෙක්. ඔහු බලයෙන් අන්ධ වෙනවා. හිස උදුම්මාගත්ත චරිතයක් වෙනවා. ඔහු දිගටම බලයේ ඉන්න කෙටුම්පත් සම්මත කරගන්නවා. කිසිම කෙනෙකුට ඇහුම්කන් දෙන්නේ නෑ. තම තමන්ගේ ¥ දරුවන්, සහෝදරයින්, නෑදෑයින් ළංකර ගෙන ඉතාම දූෂිත පාලනයක් ගෙන යනවා. ඔහු වටා සිටියේ දූෂිතයන්. ඔවුන්ට හොකරම් කරන්න ඉඩදීලා නිශ්ශබ්දව ඉන්නවා. ඔහුටත් පවුලේ අයටත් නොයෙක් දූෂිත චෝදනා තියෙනවා. ඔහුගේ දූෂිත පාලනය ගැන මෙවන් ලිපියක් නෙමේ පොත් ගණනාවක් ලියලවත් අවසන් කරන්න බැරිවෙයි.

ඔහු ධ්‍ය නිදහස නැති කරනවා, ඔහුගේ කාලයේ මාධ්‍යවේදීන් ඝාතනය වෙනවා, ඇතැම් මාධ්‍යවේදීන් ජීවිත ආරක්‍ෂාවට රට හැරලා යනවා. වෙනත් කිසිම නායකයෙකුට මතුවෙන්න ඉඩ දෙන්නේ නෑ. සියලූම පක්‍ෂ ඉතාම සියුම්ව විනාශ කෙරුවා.  දූෂිතකම් කරමින් ඔහු විශ්වාස කරන්නේ යුධ ජයග‍්‍රහණය මතම යැපෙන්නයි. ජාතිවාදය වපුරමින්, සිංහලකම විකුණමින් යැපෙන්න තමයි ඔහු හැමවිටම උත්සාහ දරමින් කටයුතු කරන්නේ.
කෙසේ වෙතත් ඔහු කුමන පසුබිමක හෝ තෙවන වරටත් ජනාධිපතිතර`ගයට මුහුණ දෙනවා. පොදු අපේක්‍ෂකයාගේ ආගමනය මගිනුත්, සිවිල් සංවිධානවල ක‍්‍රියාකාරීත්වය මගිනුත් ඔහුව පරාජය කරන්න හැකිවෙනවා. ඔහුව පරාජය කර බලයට පත්වෙන පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිතුමාගේ පාලනය ජනතා හිතකර පාලනයක් වේවිද, ඔහුට රටේ දියුණුවට, ජනතා සුභසාධනයට කටයුතු කරයිද?

මම හිතනවා පසුගිය වකවානුවේ බිහිවූ නායකයන් අතරින් වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියෙන් ඉන්නවා කියලා. ඔහු රටේත්, ජනතාවගේත් සුභසිද්ධිය සඳහා සාධනීය පියවර ගනියි කියලා හිතන්න පුලූවන්. දැනටමත් ඔහු ඒක පෙන්නුම් කරලා තියනවා. ඔහු තමන්ට පාවිච්චි කිරීමට හැකියාව තිබූ විධායක ජනාධිපති බලතල අඩුකරනවා. පාර්ලිමේන්තුවට බලය පවරනවා. ඔහු ධූරකාලය අවුරුදු 5 කට සීමා කරනවා. තමා යළිත් වතාවක් තර`ග නොකරන බවත් ඔහු ප‍්‍රකාශ කරලා තියනවා. 19 වන ව්‍යවස්ථා සංසෝධනය තුළින් මෙතෙක් කරගැනීමට නොහැකිවූ රටට හිතකර පනත් සම්මත වෙනවා.

එම තත්ත්වය යටතේ ඔහු වැනි නායකයෙක් එක්වතාවක් පමණක් බලයේ නොරැුඳී දිගටම බලයේ තබාගැනීමට තරම් සුදුස්සෙක් වෙනවා නේද? ඔහු ගැන ජනතාව තැබූ බලාපොරොත්තු ඉටු වීම යනු යහපත් රටක්, යහපාලනයක් ගොඩනැගීම නේද?

එක්වතාවක් පමණක් බලයේ රැුඳීසිටිනවා යන අදහස ඔහු විසින්ම ප‍්‍රකාශය කරන ලද්දක්. ඔහු ජනතාවගේ සිතුම් පැතුම් ඉටුකිරීමට සිය උපරිමයක් කිරීමට උත්සාහයක් ගන්නාබව අනුමාන කරන්න පුළුවන්. එහිදීත් ඔහුට යම් සීමාවන් ඇති වෙයි. ඒක ඔහුගේ දැක්ම තුළින්, ඔහු ගොඩනගාගත් පෞරුෂය තුළින්, ඔහුගේ ධාරිතාවය තුළින් ඇතිවෙන දෙයක්.

ඔහු සිය චරිතය තුළින්, හික්මීම තුළින්, දැනුම තුළින් පෝෂණය වූ නිසා තමයි ජනතාව දිනා ගෙන බලයට ඒමට හැකි වුණේ. ඉදිරියටත් එම තත්ත්වය රැුකගෙන වැඩකටයුතු කරයි. එහිදී ඔහුගේ දැක්මේ ප‍්‍රමාණය තුළ යම් සීමාවක් ඇතිවෙයි. ඔහු තව තවත් පෝෂණය වුවහොත් තව තවත් වඩාත් යමක් කිරීමට හැකිවෙයි.

මේ අනුව බලනවිට මේ කිසිම නායකයෙක්, පක්‍ෂයක් නිවැරදි පාලනයක් කිරීමට සමත්වෙන බවක් පෙනෙන්න නැහැ. ජනතාව ඊළ`ගට තුන්වෙනි බලවේගයක් කරා එකතුවීමට නැඹුරුවක් තිබෙනවා. ඒ ස්ථානය ගන්නේ ජනතා විමුක්ති පෙරමුණද? ජනතා විමුක්ති පෙරමුණ පසුගියදා සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේ විශේෂ සමුළුවක් තියලා තරමක් දුරට ස්වයංවිවේචනාත්මක ප‍්‍රකාශක් කෙරුවා. අනිත් අතින් අද ජනතා විමුක්ති පෙරමුණේ තියෙන්නේ අලූත් නායකත්වයක්. ඔවුන් සමාජ කතිකාවතකට පත්වෙලා.

ඉදිරියේදී ජනතාව බලාපොරොත්තුවන තුන්වෙනි බලවේගය ඔවුන් නොවන බව ඔවුන් විසින්ම ඔප්පුකර තිබෙනවා. අද වගේම මීට පෙරත් ජ.වි.පෙ. ඔය ආකාරයටම වරින් වර මතුවෙලා තියනවා. ඒක අලූත්දෙයක් නෙමේ. එහෙත් ඔවුන්ගේ තීන්දු තීරණ, ක‍්‍රියාකාරකම් මගින් ඒවා යටපත් වුනා. අද ජාතීන් අතර සමගිය පිළිබඳව ඔවුන් තරම් කතාකරන පිරිසක් නැහැ. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගුනේ ජාතිවාදය පදනම් කරගෙනයි. ජතික සමගිය ගැන අවංක හදවතකින් කතාකරපු විජය කුමාරණගුංග වැනි අවංක නායකයින් ඝාතනය වුනේ ඔවුන්ගේ ජාතිවාදි ව්‍යාපාර නිසයි.

පසුගිය යුද්ධය පැවති වකවානුවේ ඔවුන් සිටියේ ජාතිවාදි පිලේ. එයින් සිංහල ජනතාව දිනාගැනීමට උත්සාහ දැරුවා. අද ද්‍රවිඩ ජාතිකයන්ට සහොදරත්වයට ආමන්ත‍්‍රණය කරනවා. එහෙම කරන්න අයිතියක් තියනවා. ඒක හොඳ දෙයක්. ඒක අව්‍යාජව පැන නැගෙන එකක්ද කියන එකයි ගැටළුව. ඔවුන් තමන්ගේ අතීත ක‍්‍රියාකාරකම් වලින් ඒබව පෙන්නලා නැහැ. ඒක පැනනැගිය යුත්තේ ඇතුළතින්මයි.

එසේ නම් ඒ තුන්වෙනි බලවේගය කුමක්ද? එහි නායකත්වය ගන්නේ කවුරුන් විසින්ද? එය මෙහෙය වන්නේ කුමන පක්‍ෂය විසින් ද?

අනිවාර්යෙන්ම තුන්වෙනි බලවේගයක් ගොඩනැගෙනවා. ඒක කුමන නායකයෙක්, කුමන පක්‍ෂයක් විසින් ඉටු කරන ලබන්නක්දැයි කියන්න බැහැ. එය පැන නගින්නේ ජනතාව තුළින්. දැනටමත් එහි මූල බීජය පැලවෙලා. ඒකට අඩිතාලම වැටෙන්නේ සාහිත්‍ය හා කලාව තුළින්, ඒ ප‍්‍රබුද්ධ, සංවේදී කලාව වටා දැනුවත් වන රසික සමාජයක්, ඥාණනය වූ සමාජයක්, අවංක සමාජයක් බිහිවෙනවා. ඒ තුළින් රටට හිතකර පෙළගැස්මක් ඇති වෙනවා. දැනටමත් තමන්ගේ පක්‍ෂ මේකයි. කැපුවත් කොළ පාටයි, නිල් පාටයි, රතු පාටයි කියලා පක්‍ෂවල එල්ලිලා ඉන්න පිරිස සීග‍්‍රයෙන් අඩුවෙලා යනවා. ඔවුන් වඩාත් නිවැරදි තැනට ගොනුවෙන්න සූදානම් වෙනවා.

ප‍්‍රසන්න විතානගේ, ආශා්ක හඳගම, ධර්මසිරි බන්ඩාරනායක ඇතුළු නව පරපුරේ සිනමා කරුවන්ගේ සිනමා භාවිතය සම්ප‍්‍රදායික සිනමාව ඉක්මවා ගිහින්. ඔවුන් මානූෂීය ප‍්‍රශ්න ගැන කතා කරනවා. පුවත් පත්වල කවි පිටුවල අදුනික ලේඛක ලේඛිකාවන් හොඳ නිර්මාණ පල වෙනවා. ඇතැම් නිර්මාණ අමුයි. ඒ කවි හොඳට හසුරවන ලද කවි නොවුනට ඒ කවිවලින් දැනෙනවා දැක්මක් ඇති පිරිසක් ටටේ බිහිවෙමින් පවතින බව. සමාජ ජාල වෙබ් අඩවිවලත් නිර්මාණශීලී අදහස්, කවි බිහිවෙනවා. ඒතුළින් සමාජයේ හොඳ දැක්මක් ඇති පරපුරක් බිහිවෙනවා. දේශපාලන අන්ධයන් නොවී, දැනුවත් භාවයෙන්, අවධියෙන් සිටීම තුළින් තුවෙනි බලවේගයක් මගින් රට හොඳ තැනකට ගේන්න හැකි වේවි. ඒකට නායකයා කවුද කියන එකවත්, පක්‍ෂය කුමක්ද කියන එකවත් වැදගත් නැහැ. අවශ්‍ය වෙලාවට සමාජ ක‍්‍රියාමාර්ගය තුළින් නායකත්වයක් බිහිවෙයි.

සාකච්ඡුා කළේ – මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *