දැන් කළ යුත්තේ මහින්දවාදී සංස්කෘතියට එරෙහිව ජනයා පෙළගැස්වීමයි

පාර්ලිමේන්තව විසුරුවා පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා පමා වී හෝගත් මේ තීරණය ගැන ප්‍රජාතන්ත්‍රවාදය අගයන කවුරුත් සතුට ට පත්වේ. තිබුණු පාර්ලිමේන්තුව සම්පුර්ණයෙන්ම අවලංගු වූ පාර්ලිමේන්තුවක් ඒ වගේම අකාර්යක්ෂම පාර්ලිමේන්තුවක්. ආපස්සට අදින පාර්ලිමේන්තුවකි. තිබුණේ මොනම සාධනීය Gamini_viyangoda_CIදෙයක්වත් ඉටුකර ගන්නට පුළුවන් පාර්ලිමේන්තුවක් නොවේ. එම නිසා තව තවත් මේ රට ආජිකත්වයට තල්ලූ නොකර තවතවත් මේ රටේ ආර්ථිකය පරිහාණියට පත් නොකර වහාම මීට සෑහෙන කාලයකට පෙර මේ මැතිවරණය කැඳවිය යුතුව තිබුණි. නමුත් විවිධ හේතු නිසා ජනාධිපති තුමා ඒක කල්දමමින් සිට අවසාන මොහොතේ හෝ මෙසේ කිරීම ගැන අපි ඇත්ත වශයෙන්ම එතුමාට ස්තුති විය යුතු ය.
දැන් ප්‍රශ්ණය තිබෙන්නේ ඊ ළග පාර්ලිමේන්තුව මොන වගේ විය යුතු ද යන්න ය. දැන් මේකට අපිට මග පෙන්වන තරු ලකුණක් තිබේ. ඒ තමයි ජනවාරි 8 වෙනිදා මේ රටේ මිනිස්සු තමන්ගේ අභිමතය ප්‍රකාශ කිරීම හරහා බලාපොරොත්තු වූ අපේක්ෂාවන්. ඒක තමයි අපේ මඟ පෙන්වන අර තරු ලකුණ. එහි වැඩ පිළිවෙලක් තිබුණි. ඒ වැඩ පිළිවෙල දින 100යේ වැඩ සටහන යටතේ සංගෘහිත කරලා තිබුණි.
අපි දන්නා පරිදි දූෂණය හා භිෂණය වැනි දේ නියෝජනය කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ඔහුගේ ඒ මතවාද නියෝජනය කළ සියළු දෙනා ම හා එම දේශපාලන සංස්කෘතියත් ප්‍රතික්ෂේප කිරීම තමයි ජනවාරි 8වෙනිදා සිදුවූණේ. එවැනි සංස්කෘතියක්, එවැනි පුද්ගලයෙකයන් පිරිසක් ප්‍රතික්ෂේප කළාම ජනවාරි 9 වෙනිදා සිට පටන්ගතයුතු වැඩපිළිවෙල වෙන්නේ අර දේවල් වල සම්පූර්ණ ප්‍රතිපක්ෂයයි. ඒ කියන්නේ යහපාලනය සඳහා වන වැඩපිළිවෙලක් සඳහා ජනතාව ඒකරාශි කිරීමයි.
ඇත්ත වශයෙන්ම දැන් අපිට අලූත් මැතිවරණය තුළ කිරීමට සිදු වී තිබෙන්නේ ඒ දේ කිරීමට ය. ඒකට අමතරව තව කාරණයක් තිබේ. ජනවාරි8 වෙනිදා දුන් පොරොන්දු වලට අන්තර්ගත නොවූ මේ රටේ තවත් ජාතික වැදගත්කමක් ඇති කාරණාවල් තිබේ. එයින් ප්‍රමුඛස්ථානය ගන්නවා මේ රටේ ජාතික ප්‍රශ්නය පිළිබඳ කාරණය. දැන් මහින්ද රාජපක්ෂව පරාජය කළ එම සටනේ දී මේ ජාතික ප්‍රශ්නය පිළිබඳ කථාන්තරය අපි ගත්තේ නැහැ. ඒකේ හේතුව තමයි මූලික වශයෙන් ම ඒක අපි පෙරමුණට ගෙනාවා නම් ජාතිවාදියෝ එය පාවිච්චි කරනවා මේකට කොටි ලේබල්, බෙදුම්වාදි ලේබල් වගේ දේ අලවන්නට. එයත් මහින්ද රාජපක්ෂට බොහෝ දුරට වාසියක් වෙන්නට ඉඩ තිබුණා. ඒ නිසා අපි උපාය මාර්ගිකව ඒ මොහොතේ තීරණයකර තිබුණා ජාතික ප්‍රශ්නය එම වැඩ සටහනට ඇතුල් නොකල යුතු බව. නමුත් දැන් අපි ඊට වඩා නිදහස් පරිසරයක සිටිමු. දැන් නිදහසේ මිනිසුන්ට තොරතරු ගලා එනවා. මිනිසුන් බිය නැතිව අදහස් ප්‍රකාශ කරනවා. සුදු වෑන්දැන් නැ. මෙන්න මේ පරිසරය තුළ අපි තව දුරටත් මේ ජාතික ප්‍රශ්නය පිළිබඳ කථිකාව අතපසු කළයුතු නෑ මේක දැන් පෙරමුණට ගතයුතුව තිබේ. ඒක ඉදිරියට ගතයුතු අළුත් දෙයකි. ජනවාරි 8 වෙනිදායින් පසු මේ රටේ යහපාලනය වෙනුවෙන් අප විසින් සාකච්ජාවට ගතයුතු ප්‍රධාන කාරණය එයයි. ඒ ආකාරයට තවත් කාරණා තිබේ ඒ සියළු දේ එකතු කරගෙන ජනතාව දැණුවත් කිරීම ත් මැතිවරණ ක්‍රියාදාමය තුළ කළ යුතුව තිබෙනවා දේශපාලන පක්ෂ කිසිවක් නියෝජනය නොකරන සිවිල් සමාජය නියෝජනය කරන කණ්ඩායම් ලෙස මං හිතන්නේ අපිට මේ වෙලාවේ කරන්නට තිබෙන්නේ ජනතාව දැණුවත් කිරීමයි. එවිට ජනතාව තීරණය කරාවි ඒ ප්‍රශ්න වලට දියයුතු විසඳුම් මොනවාද යන්න. ඒ විසඳුම් සඳහා පෙනී සිටින්නෝ කවරහු ද යන්න තේරුම් ගැනීමට අප උදව් විය යුතු ය. සාමාන්‍යයෙන් අපේ ඡන්දදායකයෝ බුද්ධිමත් ලෙස කටයුතුකරන්නා හ. ඒක ජනවාරි 8 බුද්ධිමත් තීරණයක් ගැනීමෙන් ඔවුහු ඔප්පු කළ හ. එහි දිගුවක් ලෙස තමයි දැන් මේ පාර්ලිමේන්තු මැතිවරණය එන්නේ. එවිට එම පාර්ලිමේන්තු මැතිවරණයෙන් එදා ඒ ජනවාරි 8වෙනිදා දුන් පොරොන්දු සහ ජනවාරි 8 වෙනිදායින් පසුව මා කී ආකාරයේ ජාතික ප්‍රශ්නය වැනි කරුණු සම්බන්ධයෙන් මිනිසුන් සාමදානව කල්පනා කර බුද්ධිමත්ව තීරණයක් ගනීවි. ඒ සඳහා ඔවුන්ව මෙහෙයවීමේ කාරයභාරය පුරවැසි සංවිධානවලට පැවරී තිබේ. මේ මැතිවරණ ක්‍රියාදාමය තුළ අපි කරන්නට බලාපොරොත්තු වන්නේ එයයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *