|

මාතර දිසා සම්බණ්ධීකරණයේදී ඒකාබද්ධයෙන් ආණ්ඩුවට පැසසුම්

අරන්තලාව භික්ෂු ඝාතනය සිදුවී වසර තිහක් පිරීම සැමරීම පසුගියදා සිදුවූයේ අම්පාර, අරන්තලාව ශ්‍රී ඉන්ද්‍රසාර බෞද්ධ මධ්‍යස්ථානයේදී යි. ජනාධිපතිතුමා එයට සහභාගී වූයේ දයා ගමගේ, ලසන්ත අලගියවන්න, රංජිත් සියඹලාපිටිය ඇතුළු මැති ඇමැතිවරුන් රැසක් සමගයි.

එම සැමරුමේදී අරන්තලාව ඝාතනය සිහිකරන සමරු නිර්මාණයක් නිරාවරණය කරනු ලැබුවා. ඝාතනය සිදුවූ බස් රථය මෙම බෞද්ධ මධ්‍යස්ථානයේ තබා ඇත්තේ ස්මාරකයක් වශයෙන්. ඝාතනය සිදු වූ ආකාරය හා භික්ෂුන් වහන්සේ ඝාතනයට ලක්ව සිටින ආකාරය බස් රථය තුළ නිර්මාණය කර තිබෙනවා ජනාධිපතිතුමා එය නැරඹුවේ සිත් කම්පනයකින් යුතුව බව පෙනෙන්නට තිබුණා.

එම අවස්ථාවේ අරන්තලාව ශ්‍රී ඉන්දසාර බෞද්ධ මධ්‍යස්ථානාධිපති කිරිඳිවැල සෝමරතන නායක ස්වාමින් වහන්සේ “මට මතකයි එදා නියෝජ්‍ය ඇමැතිවරයෙකු වූ අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දස වෙනි සැමරුම් උත්සවයට සහභාගී වෙමින් ප්‍රබල මැති ඇමැතිවරුන් අතර පසෙකට වී එදා උත්සවයට සහභාගී වූ ආකාරය. ඒ අවස්ථාවේ ගත්ත ජනාධිපතිතුමාගේ පොටෝ එකකුත් මා ළඟ සිහිවටනයක් විදියට තවම තිබෙනවා. ජනාධිපතිතුමා අයිනක වාඩි වී උත්සවයට සහභාගීවෙලා අප සමග කතා බස් කර ගිය හැටි තවම මතකයි යනුවෙන් පැවසුවා.

අනතුරුව ජනාධිපතිවරයා උත්සව සභාව අමතමින් කියා සිටියේ “‍මගෙත් මතකයේ තිබෙනවා මේ හෑගොඩ ඉන්දසාර නායක ස්වාමින් වහන්සේ ඇතුළු පිණිස මේ සිද්ධිය පිළිබඳව පැවැත් වූ දහ වෙනි ගුණ සමරුවට මම එදා නියෝජ්‍ය ඇමැතිවරයෙක් විදියට සහභාගී වුණා. ඒ නිසා මෙවැනි සිද්ධින් පිළිබඳව ඉතිහාසයේ මතක සටහන් වගේම අත්දැකීම් වගේම අප විසින් කළ යුතු යුතුකම් වගකීම් පිළිබඳව අපි සෑම කෙනෙකුටම අවබෝධයක් තියෙනවා.

මේ සමාජ පරිසරය, රට තුළ අපි වඩාත් යහපත් සාමකාමී නිදහස් පරිසරයක් ගොඩනගන්න ජාතීන් අතර සමගිය ගොඩනගමින්, ජාතීන් අතර සංහිඳියාව ශක්තිමත් කරමින් මේ රටේ සෑම කෙනෙකුටම නිදහසින් සතුටින් ජීවත්විය හැකි සමාජයක් ගොඩනැගීමේ අවශ්‍යතාවයයි අපි දකින්නේ. ඒ සඳහා ඔබවහන්සේලා ඇතුළු අපි සෑම කෙනෙක්ම කැපවී සිටිනවා.

අරන්තලාව භික්ෂු ඝාතනයේදී බරපතළ තුවාල ලබා දිවි බේරාගත් ආඳාඋල්පත බුද්ධසාර හිමියෝද එම අවස්ථාවේ රෝද පුටුවක වැඩ සිටියා. ජනාධිපතිතුමා උන්වහන්සේ හමුවට ගොස් සුවදුක් විමසුවා.

ආපදා සහන පිළිබඳව සාකච්ඡාවක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා පැවැත්වුණා. මංගල සමරවීර, ගාමිණී ජයවික්‍රම පෙරේරා, අනුර ප්‍රියදර්ශන යාපා, ෆයිසර් මුස්තාපා , ගයන්ත කරුණාතිලක, සාගල රත්නායක ඇමැතිවරුන් මෙන්ම එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයාද එයට සහභාගී වුණා. අමාත්‍යාංශ ලේකම්වරුන්. පොලිස්පතිවරයා සමග නිලධාරින් රැසක් එයට සහභාගි වුණා. ආපදා කළමනාකරණය සමගම එම ප්‍රදේශවල කසළ කළමනාකරණය ගැනද අවධානය යොමුකරන ලෙස මෙහිදී ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නා.

බෙන්තර උඩකොටුව භීමතිත්ථ රජමහා විහාරාධිපති පූජ්‍ය බෙන්තර ජිනානන්ද ස්වාමීන් වහන්සේට ගාලු කෝරළයේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ සන්නස් පත්‍රය පිළිගැන්වීම අඟහරුවාදා හවස සිදුවූයේ ජනාධිපතිතුමා අතින්. එම විහාරයේ ඉදිකොට ඇති අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමද ජනාධිපතිතුමා අතින් සිදුවුණා. ගයන්ත කරුණාතිලක , මහින්ද අමරවීර, චන්දිම වීරක්කොඩි ඇමැතිවරුන්ද එයට සහභාගී වී සිටියා.

හම්බන්තොට දිසාවේ ආපදා කළමනාකරණය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමක්ද අඟහරුවාදා පැවැත්වුණා. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමට සජිත් ප්‍රේමදාස, මහින්ද අමරවීර අමාත්‍යවරුන් හා දකුණු පළාත් ප්‍රධාන ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතා ද සහභාගී වී සිටියා.

සංහිඳියාවේ අගය ජනපති අරන්තලාවේදී පහදයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගත වූ සතිය ගත කළේ අමෙරිකාවේ නිව්යෝක් නුවර. මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය සමගින්. නිව්යෝක් නුවරට ගිය අගමැතිවරයා වෛද්‍ය ප්‍රතිකාර සඳහා එහි රෝහලකට ඇතුළත් වුණා. වික්‍රමසිංහ මහතාට බයිපාස් සැත්කමක් සිදු කළ බවට සමාජ ජාලා වෙබ් අඩවිවල ලැව් ගින්නක් ලෙස ප්‍රවෘත්ති පැතිර ගියා.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙක් මෙම සැත්කම පිළිබඳ ප්‍රවෘත්තිය ප්‍රතික්ෂේප කළා. වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වු වෛද්‍ය පරීක්ෂණවල වාර්තා සියල්ලම ඉතා සතුටුදායක බවත් ඉතා ඉක්මනින් යළි දිවයිනට පැමිණෙන බවත් එම ප්‍රකාශකයා සඳහන් කළා. පසුගිය ඉරිදා (04) අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ අගමැති වික්‍රමසිංහ මහතා නිව්යෝක් නුවරදී පසුවදා පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සාගර සහ සාගර සම්පත් තිරසර භාවිතය හා සංරක්ෂණය පිළිබඳව සමුළුව අමතන බවයි. අගමැතිවරයාට බයිපාස් සැත්කමක් සිදු කළ බවට පැතිරුණු ආරංචි අසත්‍යයක් බව මෙයින්ද සනාථ වුණා.

05 දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමුළුවට සමුළුව ඇමතුවා. එහිදි ඔහු සඳහන් කළේ නීතී විරෝධී සහ නියාමනය නොකෙරෙන ධීවර කටයුතු නිමා කිරිම සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ජාත්‍යන්තර සැලසුම්වලට ශ්‍රී ලංකාවේ සම්පූර්ණ සහයෝගය ලබා‍ දෙන බවයි. ඉන්දියන් සාගරයේ නාවුක ගමනාගමනය සඳහා ඇති නිදහස තහවුරු කිරිමට පියවර ගත යුතුව ඇතැයිද ආරක්ෂිත සාගර ගමනාගමනය තහවුරු වූ විට සාගර ආර්ථිකය වඩ වඩාත් දියුණු වීමට එයින් රුකුලක් ලැබෙන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නා.

වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නිව්යෝක් ගිය අගමැති වික්‍රමසිංහ මහතාට සෙත් පතා බෝධි පූජාවන්ද මෙහි පැවැත්වුණා. කොළඹ හුණුපිටියේදී ගලබොඩ ඤාණිස්සර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් 04 දා ගංගාරාම විහාරස්ථානයේදී පැවති බෝධි පූජා පිංකමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සහභාගි වුණා. අගමැතිවරයාට සෙත් පතා ජනාධිපතිවරයාද පිංකමට සහභාගි වීම විශේෂත්වයක් වුණා.

මේ අතර පෙරේදා අගමැතිවරයා සිය මුහුණු පොතේ සටහනක් යොදමින් තමන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා නිව්යෝක් නුවර පැමිණි දා සිට තමාගෙන් සුව දුක් විමසූ අයටත් නොයෙක් ආකාරයෙන් තමාට සුවය ප්‍රාර්ථනා කළ අයටත් ස්තුතිය පුද කළා.

පසුගියදා ඇති වු ගංවතුර සහ නාය යාමෙන් විපතට පත් ජනතාවට මූල්‍ය සහන සැලසීම සඳහා නිව්යෝක් නුවර සිටින අගමැතිවරයාගේ උපදෙස් මත, අරලිය ගහ මන්දිරයේදී පසුගිය 06 දා සාකච්ජාවක් පැවැත්වුණේ ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ සහභාගිත්වයෙන්. සාකච්ජාවේ මූලිකත්වය ගත්තේ සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය තිලක් මාරපන මහතා. ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහත්වරුන්ද සාකච්ජාවට සහභාගි වුණා‍. ආපදා කළමනාකරණය සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන වැඩසටහන් දියත් කිරීම ගැන‍ මෙහිදි සාකච්ජාවට ගැනුණා.

සජිත්ගෙන් ජනපතිට ගිලන් රථ ඔත්තුවක්

අඟහරුවාදා, හම්බන්තොට බලා ගිය ජනාධිපතිවරයා රැගත් හෙළිකොප්ටරය පැමිණියේ රුහුණු මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා භූමියටයි. එතුමා පිළිගැනීමට එහි ගොස් සිටි සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාද සිය මෝටර් රථයට නංවාගත් ජනාධිපතිතුමා කීවේ මෙහේ වැඩ හොඳින් සිදුවෙනවා කියලා මට ආරංචියි යනුවෙන්.

මොනවද මේ දවස්වල කරන්නේ යි ජනාධිපතිතුමා ඇසුවා. සජිත් කීවේ “උග්‍ර පානීය ජල ප්‍රශ්නයකට මුහුණදුන් ජනයාට ජලය සැපයීම කරගෙන යනවා. තව වට කිහිපයකින් සහනාධාර දෙනවා. මගේ අමාත්‍යාංශයේ සේවකයන් යොදවලා නිවාස , මංමාවත් පිරිසිදු කිරීම, නායගිය පස් කඳු ඉවත්කිරීම වගේ කටයුතු කරනවා” කියායි.

ප්‍රගති සමාලෝචන රැස්වීමේදී දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා දිස්ත්‍රික්කයේ තියෙන ගිලන් රථ හිඟය ගැන අවධානය යොමු කළා. එවිට සජිත් ජනාධිපතිවරයාට රහසින් කීවේ “මේකට හොඳ විසඳුමක් තියෙනවා සර් ආපසු යනකොට කියන්නම්” යනුවෙනි. පසුව ජනාධිපතිතුමාගේ මෝටර් රථයට නැගුණු සජිත් කීවේ අවුරුදු තුනක් විතර පාවිච්චි කළ ගිලන් රථ නොමිලේ දෙන වැඩපිළිවෙළක් ජපානයේ තියෙනවා. අපට තියෙන්නේ ඉල්ලීමක් කරන්න විතරයි. මමත් ඒවා ගන්න හැදුවා.

සැත්කම් කතාව බොරුවක් කරමින් අගමැති එක්සත් ජාතීන්ගේ සමුළුවක් අමතයි

නොයෙක් කතා කියමින් නිලධාරින් ඒකට ඉඩ දෙන්නේ නෑ. ඒ අයට ඕනෑ රජයේ මුදලින් ඇණවුම් කර ගිලන් රථ ගෙන්වන්නයි’ යනුවෙන්. ‘සජිත් මේ ගැන විස්තර මට දෙන්න. අපි වැඩේ පටන් ගන්න බලමු’ යි ජනාධිපතිතුමා කීවා.

ඇති වු හදිසි ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් මහජනතාව පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ උපදෙස් මත, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඉකුත් සතියේ ද ක්‍රියාත්මක වෙමින් සිටියා.

ගාලු දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් ඉකුත් 01 වන බ්‍රහස්පතින්දා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම සාකච්ජාවට ප්‍රථමයෙන් දිස්ත්‍රික්කයේ ආපදා සහන සේවා නිලධාරීන් සමඟ හමුවකට ජනාධිපතිවරයා එක් වුණා. එය මනා ලෙස සංවිධානය කිරීම හා සහන සැලසීම පිළිබඳවත්, එම නිලධාරීන්ගේ කැපවීම පිළිබඳවත් ජනාධිපතිවරයා ඇගයීමට ලක් කළා.

අනතුරුව දිවයිනේ දිස්ත්‍රික්ක රැසකින් ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ලැබුණු සහනාධාර නිල වශයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා වෙත භාරදීම ජනාධිපතිවරයා අතින් සිදු වුණා.

ඉකුත් 05 වන සඳුදා උදෑසනම ඇමති වජිර නියාගමට ගියේ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වුවන්ට සහන හා ආධාර සැලසීම පිළිබඳව රාජ්‍ය හා ක්ෂේත්‍ර නිලධාරීන්ට උපදෙස් දීමේ හමුවකට එක්වීමටයි. එය අවසන් කිරීමෙන් අනතුරුව ඇල්පිටිය, වැලිවිටිය – දිවිතුර සහ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ද ගියා.බද්දේගම රාජ්‍ය නිලධාරී හමුව අවසන් කිරීමෙන් පසු මාතර ගියේ ජනපති ප්‍රධානත්වයෙන් පැවැති මාතර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වීමටයි. එම රැස්වීමේදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා, ඇමති වජිර ආපදා අවස්ථාවේදී ඉටු කළ කර්තව්‍යය පිළිබඳව විශේෂ පැසසුමකින් කතා කිරීම එහි සිටි කාගේත් අවධානයට ලක් වුණා.

අනුර කුමාරට ග්‍රාම නිලධාරි ප්‍රශ්නයක්

මාතර සිට වජිර අබේවර්ධන ඇමතිවරයා ගාලු ආවේ ගාල්ල දිස්ත්‍රික් උසස් පොලිස් නිලධාරී හමුවකට එක්වීමටයි. ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති එම හමුවට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක ඇමතිවරයා ද සහභාගී වී සිටියා . ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේදී පොලිස් නිලධාරීන්ට ඇති ගැටලු හා දුෂ්කරතා පිළිබඳව එහිදී කතා කළා.

මේ වනවිට ග්‍රාමනිලධාරී පුරප්පාඩු 1850ක් පමණ ඇතිවී තිබෙන අතර වසම් ගණනාවක වැඩබලන නිලධාරීන් පත් කර තිබෙනවා.ග්‍රාමනිලධාරීන්ගේ හිඟය නිසා ජනතාවට සපයන සේවා අඩාලවී ගැටලූකාරී තත්ත්වයක් මතුවුණා.පසුගිය වසරේ සැප්තැම්බර් මස එක්ලක්ෂ අසූදහසක පමණ පිරිසක් රුපියල් පන්සියය බැගින් ගාස්තු ගෙවා විභාගයට පෙනී සිටියද එහි ප්‍රතිඵල නිකුත් කර නෑ.

එසේ තිබිය දී විශ්‍රාමලත් ග්‍රාම නිලධාරීන් පිරිසක් නැවත සේවයේ පිහිටුවීමට ආණ්ඩුවේ සැලසුමක් ඇති බවට ලැබුණු තොරතුරකට අනුව ජවිපෙ මන්ත්‍රී කණ්ඩායම මේ පිළිබඳව විෂය භාර ඇමතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට තීරණය කළා.ඉන්පසුව පසුගිය හත්වෙනිදා පක්ෂ නායක අනුර දිසානායක වජිර අබේවර්ධන අමාත්‍යවරයාගෙන් මේ බව ප්‍රශ්න කළා.”ගරු කතානායක තුමනි පවතින පුරප්පාඩුවලට විශ්‍රාම ගියපු ග්‍රාමනිලධාරීන් පත්කරන්න යනවා.

අදාළ ප්‍රදේශවල ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ නිර්දේශ මත තමයි මේක කරන්නේ.”අනුර දිසානායක කියා සිටියා ..”ග්‍රාම නිලධාරී වසම් 14022න් 5700ක් ආපදාවට ලක්වෙලා තිබෙනවා.ඒ වගේම කොට්ඨාස නීර්ණයේ ගැටලූ තිබෙනව නම් විශ්‍රාම ගිය නිලධාරියාම තියාගන්න අපිට උපදෙස් ලැබිලා තිබෙනවා. වහාම අපි බඳවාගන්න කටයුතු කරනවා.”ඇමතිවරයා කියා සිටියා .”නමුත් ඔබතුමා ලිපිය යවලා තිබෙන්නේ 2017.අපේ‍්‍රල් 24.ඒ කියන්නේ කතානායකතුමනි ජුනි මාසේ ගංවතුරක් එන බව මෙතුමා දැනගෙන ඉඳලා තිබෙනවා.

ඒ නිසා මෙතුමා සුදුසු ස්වදේශ කටයුතු අමාත්‍යංශයට නෙවෙයි ආපදා කළමනාකරණ අමාත්‍යංශයට.අර ඩොප්ලර් යන්ත්‍රය තියෙන්නේ ඔබතුමාගේ ඔළුවෙද කොහෙද?”අනුර දිසානායක ඇමතිවරයාගෙන් විමසා සිටියේ සියලූ දෙනා සිනාගස්වමින්.ඉන් අනතුරුව ඇමතිවරයා කියා සිටියේ කොට්ඨාස නීර්ණයන්ගේ ගැටලූ තිබෙන නිසා කල්තියා එම කටයුතු සැලසුම් කළ බවයි.”නමුත් ප්‍රශ්නය තියෙන්නේ මන්ත්‍රීවරු මේ පත්වීම් නිර්දේශ කරන එකයි.”අනුර දිසානායක කියා සිටියා .

ජවිපෙ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා සහන කටයුතු අතරතුර දී පාහියන්ගල ලෙන ආශ්‍රිත ප්‍රදේශයේ විපතට පත්වූ ජනතාව හමුවීමට ගියා ..ඒ වනවිටත් පාහියන්ගල ලෙන ආශ්‍රිත ප්‍රදේශය නායයෑමේ අනතුරුදායක තත්ත්වයකට පත්ව තිබුෙණ් ප්‍රදේශයේ ජනතාව මේ පිළිබඳව මන්ත්‍රීවරයා හා ප්‍රකාශ කළේ මෙම ස්ථානය ආරක්ෂා කර ගැනීමට කුමන හෝ ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි ..”මන්ත්‍රීතුමා ඔබතුමා දන්නවනේ මේ ලෙන කියන්නේ ඉතාම ඓතිහාසික වටිනාකමක් තියෙන තැනක්.වසර 7000ක් පමණ පැරණි නූතන මානවයාගේ ඇටසැකිලි හමුවුණු තැනක්.නමුත් ඒ ස්ථානයත් දැන් අනතුරක තියෙන්නේ.”ප්‍රදේශවාසියෙක් කියා සිටියා ..”ඔව්, මේක ඓතිහාසික වටිනාකමක් තියෙන භූමියක්.මේක කොහොම හරි ආරක්ෂා කරගන්න ඕනෑ.

මේ ප්‍රදේශයට අක්කර දෙකහමාරක් විතර අයත් වෙනවා.පහුගිය කාලේ නායයෑම් නිසා මේ ප්‍රදේශයත් දැන් අනතුරක තියෙන්නේ.”එම ප්‍රදේශයේ භික්‍ෂූන්වහන්සේලා කිහිප නමක්ද මේ පිළිබඳව පැහැදිලි කළා .එම තොරතුරුත් සමඟ වෛද්‍ය නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා මේ පිළිබඳව පසුගිය පාර්ලිමේන්තු සභාවාරයේ දී විෂය භාර ඇමැති අකිල විරාජ්ගෙන් ප්‍රශ්න කළා .නමුත් එහි දී දැනගන්නට ලැබුණේ තවමත් ඒ පිළිබඳව නිසි වැඩපිළිවෙළක් ආණ්ඩුවට නොමැති බවයි .

ෙපන්ෂන් යන්න බැහැ මහින්ද ජපන් පුවත්පතකට කියයි

ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයින් පිරිසක් ද කැටුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජපානයේ සංචාරයක නිරත වනවා. එරට සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ ආරාධනය මත මෙය සිදුවෙනවා. ජපන් මිත්‍රත්ව සංගමය සහ ජපානය රැකගැනීමේ සමාජ ආධාර සංවිධානය වෙනුවෙන් ජයන්ත හෙට්ටිආරච්චි නමින් ලැබුණු ආරාධනයක් මත මෙම සංචාරය සිදුවනවා.

සංචාරය සඳහා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම් පිටත්ව ගියේ පසුගිය සිකුරාදායි. විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග, ලොහාන් රත්වත්තේ, රෝහිත අබේගුණවර්ධන, ජානක වක්කුඹුර සහ රොෂාන් රණසිංහ මන්ත්‍රීවරුන්ද, ධනසිරි අමරතුංග, උදිත ලොකු බණ්ඩාර ඇතුළු පිරිසක් සමඟ මේජර් නෙවිල් වන්නිආරච්චි මහතා සහ ආරක්ෂක භටයන් දහ දෙනකුද මෙම සංචාරයට එක්ව සිටිනවා. සංචාරයට සහභාගීවන සම්පූර්ණ සංඛ්‍යාව විසිතුන් දෙනෙක්.

මෙම සංචාරයේ ප්‍රධාන කටයුත්තක් වූයේ ජපානයේ ලංකාජි විහාරස්ථානයේ පැවැත්වෙන ආගමික උත්සවයකට සහභාගී වීමයි. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම පසුගිය සෙනසුරාදා එයට සහභාගී වුණා. එහි ආගමික කටයුතු මෙහෙයවන ලද්දේ ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස හිමියන් විසින්.

සිය සංචාරය අතරතුර ජපෑන් ටයිම්ස් පුවත්පතට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශකොට තිබුණේ දැන් තමන්ට තෙවන වතාවට ජනාධිපතිධුරයට තරග කළ නොහැකි වුවද දේශපාලනඥයන් විශ්‍රාම නොයන බවයි. පුවත්පත සඳහන්කොට තිබුණේ අගමැති තනතුරට තරග කිරීමට රාජපක්ෂ මහතාගේ සූදානමක් තිබෙන බවයි. එහි දී රාජපක්ෂ මහතා තවදුරටත් කියා තිබුණේ ජපානයට ශ්‍රී ලංකාවේ තව තවත් ආයෝජනය කිරීමට අවස්ථා තිබෙන බවයි. ආරෝග්‍ය ශාලා හා මහාමාර්ග සඳහා ආයෝජනය කළ හැකි බව රාජපක්ෂ මහතා කීවා.

ජපාන සංචාරය අතරතුර රාජපක්ෂ මහතා ඔහුට ආරාධනාකොට අනුග්‍රහය දැක් වූ පිරිස හමුවී කතා බහ කළා. ජපානයෙන් ශ්‍රී ලංකාවට වාහන එවන මොරටු සමන් නැමැත්තාද එහි දී ඔහුට හමු වුණා. එහි දී එම ව්‍යාපාරිකයා කීවේ වාහන ගෙන්වීම අඩපණ වී ඇති බවයි. මෙම ව්‍යාපාරිකයා විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණට දිගින් දිගටම ආධාර කළ අයෙක්. පසුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට ඔහු අත දිගහැර වියදම් කළා. ඔහු හිටපු ජනාධිපතිවරයාට කීවේ ඉක්මනින් යළි බලය ගැනීමට කටයුතු කරන ලෙසයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *