පළාත් පාලන මැතිවරණයට අදාළව අවශ්‍ය නීති කෙටුම්පත් සකස් කර අවසන් -අමාත්‍ය ෆයිසර් මුස්තාෆා

පළාත් පාලන මැතිවරණයට අදාළව අවශ්‍ය නීති කෙටුම්පත් මේ වන විට සකස් කර අවසන් කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.

තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති ආපදා කළමනාකරණ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ අනවසර ඉදිකිරීම් හේතුවෙන් ගං වතුර තත්ත්වය වර්තමානයේ දිවයිනට දැඩිව බලපා ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *