සොබාදහමෙන් තොර පැවැත්මක් මිනිසාට නැහැ – ජනපති

සොබාදහමේ තිරසර පැවැත්මෙන් තොර පැවැත්මක් මිනිසාට නොමැති බව වර්තමානයේ අනතුරු ඇඟයීම් තුළින් පිළිගැනීමට සියලු දෙනාට සිදුව තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
අදට යෙදී තිබෙන ලෝක පරිසර දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.
මහා කඳු නාය යමින්, ගංගා උතුරා දෙගොඩ තලා යමින් නියං සාගත පැතිරෙමින් අපට සිහිකැඳවන්නේ සොබාදහමේ ඒ අනතුරු ඇඟැවීම බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
එහි මෙසේ ද සඳහන් වෙයි.
“මිනිසා සොබාදහමේ තවත් එක් නිමැවුමක් පමණක් බව පිළිගන්නා තරමට ඔහු නිහතමානී වූයේ සියවස් ගණනාවක්ම ගෙවුණු පසුවය.
නිසි දෙය නිසි තැන්හි නිසි වර්ණ ගන්වා සැකසී තිබුණු සොබාදහම නම් අපූරු ගෙත්තම තම සිතැහි පරිදි වෙනස් කරන්නට මිනිසි දැරූ තැත අපගේ ශිෂ්ටාචාරයේ ආරම්භවය වුව ද සොබාදහමේ තිරසර පැවැත්මෙන් තොර පැවැත්මක් මිනිසාට නැති බව දැන් දැන් කෙරෙන අනතුරු ඇගැවුම් හමුවේ පිළිගන්නට අපට සිදුව තිබේ. මහා කඳු නාය යමින්, ගංගා උතුරා දෙගොඩ තලා යමින් නියං සාගත පතිරෙමින් අපට සිහිකැඳවන්නේ සොබාදහමේ ඒ අනතුරු ඇඟැවුමයි.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *