ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සහ ඓතිහාසික පසුබිම- මහාචාර්ය නවරත්න බණ්ඩාර

 1978 මේ ව්‍යවස්ථාව හදපු දවසේ ඉදන් මේකට විරෝධතා පැන නැගුනා. . 94 වන විට ලොකු මහජන මතයක් පැන නැගුනා. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න කියලා. අපි දන්න විදියට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන සාකච්ඡුා ඇති වුණේ ක‍්‍රි.ව 5 වන සියවසේ ගී‍්‍රසියේ ඇතැන්ස් නගරයේදී. නමුත් සම්භව්‍ය ඉතිහාසඥයෙක් ප‍්‍රකාශ කරලා තියෙනනවා මේ පිළිබඳව ප‍්‍රථමයෙන් සාකච්ඡුා ඇති වි තිබෙන්නේ පර්සියාවේ කියලා, ඒ ක‍්‍රි.පු 522 දී, ඔහු ප‍්‍රකාශ කරන්නේ ඇරිස්ටෝටල්, ප්ලේටෝ වැනි දාර්ශණිකයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හොඳ පාලනයක් කියලා ප‍්‍රකාශ කරලා නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදි රටක වන්නේ මානවයා විශාල වශයෙන් පාරට බැහැලා කරන විශාල සාමුහික බලයක් මිසක් තාර්කික බලයක් නොවෙයි. ග‍්‍රිසියේ තිබුණා ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව මතු වුණ අදහස් කීපයක් තිබෙනවා. ඒවා අපේ ව්‍යවස්ථාව තියෙනවාද කියලා අපි සොයා බලන්න ඕන.
1. යුක්තිය නිති පතා කළමණාකරණය කරනවා සහ ගරු කරනවා නිතිය සියලූ දෙනාට සමානයි. (නිතියේ ආධිපත්‍ය)
2. විධායකයට තදබල සිමා පනවල තියෙනවා එම තනතුරට පැමිණිම තහවුරු කරන්නේ වරින් වර පවත් වන ඡුන්ද වලින් සහ එම තනතුර දරන්නට විමර්ෂණයට ලක් කරනු ලැබේ. නඩු විභාග හා අධිකරණයට යටත්ව තමයි පැවතිය   යුතු වන්නේ.
3. සියලූම වැඩිහිටි නිදහස්ව ඉපදුණු පුරවැසියන් බහුතරය නියෝජනය වන ආකාරයට තිරණ ගැනිම යුක්තිය විසින් සමානත්වය හසුරවනු ලබයි.
මෙහි අඩු පාඩු රාශියක් තියෙනවා නමුත් මේ සාකච්ඡුාව ක‍්‍රි.පු 525 තරම් ඇතට දිවෙනවා. ග‍්‍රිසියේ ඇතැන්ස් වල ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් පැවතුනා. එදා එහි පාලකයා නව ව්‍යවස්ථාවක් හදලා සියලූ පුරවැසියන්ට පාලන තත්ත්වයට සහභාගි විමට හැකියාව ඇති වන පරිදි ව්‍යවස්ථාවක් හැදුවා. මෙහි ප‍්‍රධාන පරමාර්ථය වුණේ දේශපාලනමය වශයෙන් යුක්ති සහගතව භාවයක් ඇති කිරිමයි. ඡුන්දයෙන් තේරිපත් විම තුලින් දේශපාලන යුක්ති සහගතභාවය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය බලාපොරොත්තු විමේ හැකියාවක් නැත. සොක‍්‍රටිස්ට මරණ දඩුවම ලැබුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් තමයි. බහුතරයේ අත උස්සලා නඩු තින්දු ලබා දිමක් එහිදි සිදු වුණා. සොක‍්‍රටිස් ගේ ගෝලයා වන ප්ලේටෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කිසිම සමාවක් ලබා දුන්නේ නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය විග‍්‍රහ කරලා ඔහු අවසානයේ ප‍්‍රකාශයට පත් කලේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන නමේ අර්ථය සියලූ දෙනාටම රට පාලනය කිරිමේ හැකියාවක් නොමැති බව ඒ සඳහා ජනතාව විසින් වෙනම පිරිසක් හෝ පුද්ගලයෙක් පාලනය  තෝරා පත් කර ගැනිම නිසා ඒකාධිපතියෙක් බිහි වෙන්න පුලූවන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හොඳ ඒකාධිපතියන් නිර්මාණය කිරිමේ හැකියාව පවතිනවා ජනප‍්‍රියතාවය රැුක ගැනිමට බලය ආරක්‍ෂා කර ගැනිමට තනතුර ආරක්‍ෂා කර ගැනිමට පාලකයන් හිතුමතෙ තම බලතල පාවිච්චි කරන බව ප්ලේටෝ පවසනවා ලංකාව වැනි රටකට මෙය තදින් බලපැමක් සිදු වෙලා තියෙනවා නායකයින් තමන්ගේ ජනප‍්‍රියතාවය රැුක ගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනිසි ලෙස පාවිච්චි කරනවා.
1978 ව්‍යවස්ථාව ඇති කරපු දා පටන් බොහෝ විරෝධතාවයන් පලවුණා සහකාර කථීකාචාරිය වරයෙක් හැටියට මමත් ඒකට විරුද්ධ වුණා. ඒකට හේතුව තමයි එකග නොව්ය හැකි කාරණා බොහෝමයක් තිබෙන නිසා නමුත් දැන් මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් මුලික පියවරයන් රාශියකට අත ගසලා තිබෙනවා ව්‍යවස්ථාව වෙනස් කිරිම සම්බන්ධයෙන් පුර්ණ බලතල දරන්නේ රටේ පාර්ලිමේන්තුව එහි ඉන්නේ දේශපාලනික වශයෙන් පත් කල නියෝජිතයෝ ඇතැම් අයට මේ සම්බන්ධයෙන් දැනුම තිබුණාට බොහෝමයක් අයට ඒ සම්බන්ධ දැනුම අඩු බවක් තමයි පෙනි යන්නේ. ලංකාවේ තිබෙන ව්‍යවස්ථාවට අනුව ජනතාව ඡුන්දය ලබා දෙන්නේ අපේක්‍ෂකයාට නොව පක්‍ෂයට ආසන වල සියලූ බලතල හිමි වන්නේ පක්‍ෂයට මේ නියෝජිතයෝ පක්‍ෂයෙන් එන අය ඒ අයගේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පවතින දැනුම් මට්ටම පිළිබඳව ප‍්‍රශ්ණයක් අපිට තියෙනවා උතුරු මැද මහ ඇමති සම්බන්ධයෙන් වු ප‍්‍රශ්ණයේද් ආණ්ඩු පක්‍ෂයේ මහ ඇමති වරු දෙන්නේක් ඉන්න බැ. මොකද ඒ දෙපිරිසම එකම පක්‍ෂයේ. ඒ අයගේ ප‍්‍රධාන තිරකයා තමයි පත්ෂයේ ලේකම්, අවසාන තිරණය ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ වැඩිම ආසන ලබා ගනනා පක්‍ෂයට මහ ඇමතිධුරය පිරිනැමිය යුතුය කියලා. පක්‍ෂ ඇතුලේ අර්බුධ ව්‍යවස්ථාවට අදාල වන්නේ නැහැ.
තෝමස් පේන් කියන දේශපාලන කි‍්‍රයාකාරිකයා 1762 දි ”මිනිසාගේ අයිතිවාසකම්” කියලා පොතක් ලියනවා උගත් ශිෂ්ඨ සම්පන්න මනුෂ්‍යයෙකු ලෙස ජිවත් විමට අයිතිය තිබෙන බව ඔහු එම පොතෙන් දක්වා සිටිනවා. අධ්‍යාපනයට මෙන්ම සුබ සාධනයට අයිතියක් තිබෙන බව එහි දැක්වෙනවා. මේවා සමාජ, ආර්ථික අයිතිවාසිකම් ලෙස හදුන්වනු ලබනවා. තෝමස් පේන් එදා තිබුණු රාජාණ්ඩුවට විරුද්ධව සටන් කරපු සමුහාණ්ඩුව අවශ්‍ය කියපු අයගෙත් එක් පුද්ගලයෙක් මොහුට ප‍්‍රංශ විප්ලවය කරපු නායකයා ආරාධනා කලා ප‍්‍රංශයේ ව්‍යවස්ථාව ලියන්න එන්න කියලා රාජාණ්ඩුව ඇති වැරදි පෙන්වා දෙමින් ප‍්‍රංශ ව්‍යවස්ථාව ලියන්න පේන් සහභාගි වුණා. එම ව්‍යවස්ථාවට මිනිසාගේ හා පුරවැසියාගේ අයිතිවාසිකම් ඇතුලත් කලා විශ්ව සමාජයේ පුරවැසියන් ඉල්ලකම් කරමින් මෙය සම්පාදනය කලා. මිනිසාගේ පොදු යහපත සඳහා පමණක් ව්‍යවස්ථාව වෙනස් කලයුතු බව ඔහු පෙන්වා දුන්නා.
ව්‍යවස්ථාව යනු ආණ්ඩුවට පෙර එන දෙයක් ආණ්ඩුව යනු ව්‍යවස්ථාවෙන් එන සත්වයෙක් එනිසා ව්‍යවස්ථාව ලියන්නේ ආණ්ඩුව නොව ජනතාවයි. හැබැයි ලංකාවේ සිදුවන්නේ එය නොවෙයි. ආණ්ඩුවේ මුලිකත්වයෙන් තමයි ව්‍යවස්ථාව හදන්නේ ආණ්ඩුවේ මුලිකත්වයෙන් තමයි ව්‍යවස්ථාව හදන්නේ ආණ්ඩුවේ සිටින අය ආණ්ඩුවට එන්නට ඉන්නා අය විසින් ව්‍යවස්ථාව ලිවිම සිදුවෙනවා. එහිදි ඔවුන්ගේ බලය පිලිබඳ දැනුම මත පදනම්ව තමයි ව්‍යවස්ථා සම්පාදනය සිදුවන්නේ. ඇතැම් විට සිදුවිය හැක්කේ ජනතාවට අවශ්‍ය ව්‍යවස්ථාවක් නොව ආණ්ඩු කරවන අයට අවශ්‍ය ව්‍යවස්ථාවක් සම්පාදනය විමයි. විධායකයේ ව්‍යවස්ථාදායකයේ සංයුතිය තිරණය වන්නේ එයින් තමන්ගේ පක්‍ෂ වලට ඇති බලපැම සම්බන්ධයෙන් විමසා බැලිමේ පසුවයි. ඡුන්ද ක‍්‍රමය වෙනස් වන්නේද ඒ ඒ අයට වුවමනා විදියටයි.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් මගින් මුලිකවම සිදුවන්නේ බලය පිළිබඳ කාරණා තිරණය විමයි. බලය සංවිධානය වන ආකාරය අනුව මුලික විම සිදු වේ. ලංකාවේ ව්‍යවස්ථාවට බලය පිලිබඳ ව්‍යුහය සැකසිය යුත්තේ ජනවාර්ගික, ආගමික, ප‍්‍රාදේශිය වශයෙන් සලකා බැලිමකින් පසුවයි. දැනට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කාරක සභා වලින් මේ සම්බන්ධ මුලික තිරණ ගැනීම සිදු වෙනවා එම මෙහෙයුම් කාරක සභා වල සැම පක්‍ෂයක්ම නියෝජනය වන ආකාරයට මන්ත‍්‍රිවරු, පක්‍ෂ නායකයෝ කටයුතු සිදු කරනවා ඒ සම්මුතින් ඇතුලේ කොතෙක් දුරට මේ රටේ දේශපාලනික ප‍්‍රජාතන්ත‍්‍රිකරණය පුරවැසියාගේ බලය කොයිතරම් දුරට සිදුවෙනවා යන්න අපට ඉතා වැදගත් ජනවාර්ගික ප‍්‍රශ්ණ, පංති භේදය ව්‍යන්‍ස්ථාව වෙනස් කල පමණින් විසඳිමට හැකියාවක් නැහැ. 72 ව්‍යවස්ථාවේ මුලික පරමාර්ථය ලෙස ලියලා තියෙන්නේ ”කොමියුනිස්ට් රාජ්‍ය කරා ගමන් කරමු” කියලා ඇත්තටම එහෙම දෙයක් සිදු වුණේ නැහැ ජාතික ප‍්‍රශ්ණය නැති කරන්න සමාජ මානසිකත්වයේ ගැඹුර මත පදනම් වි තිබෙනවා. එයට සරිලන සුදුසු පරිසරයක් හා අධ්‍යාපන ක‍්‍රමවේදයක් සකස් කිරිම සිදු කල යුතු වෙනවා. අද පවතින ව්‍යවස්ථාවේ දර්ශණයම, ජාතික ඒකාග‍්‍රාතාවයට, සමාජ සංවර්ධනයට, අධ්‍යාපනයේ දියුණුවට පටහැනිව සම්පාදනය කර තිබෙනවා.
ජේ. ආර් මහත්තයා ඒ කාලේ කිව්වේ Development Fist, Dimocracy Later කියලා. එදා දාපු later කියන වචනය තවමත් එසේම පවතිනවා. අද පවතින අධ්‍යාපනයෙන් සාර්ථක පුරවැසි භාවයක් ඇති කරන්නේ නැහැ. දරුවන්ට නිවැරදි අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ. සමහර උපාධි කොල කෑල්ලකට පමණක් සිමා වෙලා ඒකට හේතුව ප‍්‍රතිපත්තියක් නොමැති කමයි. ප‍්‍රජාතන්ත‍්‍රවාද පුරවැසියාගේ පාලන ක‍්‍රමයක් ඇති කිරිමට නම් සක‍්‍රිය පුරවැසි භාවයක් තිබිය යුතුයි. ගාලූ, මුවදොර, ගැටඹේ, කැම්බල් පාක් වලට පැමිණියේ බුද්ධිමය ප‍්‍රවාහනයක් නොවෙයි.
උතුරේ පැවති යුද්ධය ඉවරයි. නමුත් යුද්ධයෙන් අවතැන් වු අය තවම ඉන්නේ කඳවුරු වල ඒ අයට රැුකියා නෑ ජිවනෝපාය මාර්ග නැහැ ඒ අයගේ ඉඩකඩම් ඇතැම් මැති ඇමතිවරු පැහැරගෙන නැති නම් හමුදා කඳවුරු වලට අරන් ඒ අයට ස්ථාවර විමට කිසිම ක‍්‍රමවේදයක් තවම නිර්මාණය කරලා නැ ජාතික ප‍්‍රශ්ණය විසඳිම කියන්නේ මේ අයට දකුණේ ජනතාවට වගේම ජිවත් විමේ අයිතිය ලබා දිමයි ව්‍යවස්ථාවට කරන්න පුළුවන් වන්නේ මුලික කටයුතු පමණයි. එතකින් එපිටට දේශපාලන බලය හසුවෙන නායකයන් කිසියම් වු සම්මුතියකට එකග කරවා ගත යුතුයි. 1978 ව්‍යවස්ථාවෙන් ඇති කර තිබෙන පාලන සංවිධානය එක්තරා බරපතල කාරණයක් ජනපතිට ව්‍යවස්ථාදායක විධායක අධිකරණ බලතල යටත් කිරිමට හැකි බලයක් නිර්මාණය කර තිබෙනවා. සිවිල් සමාජයට එකට ගොනුකරන්න පුලූවන් බලයක් එක. Total Terriessim කියලා හදුන්වන්න පුලූවන් අවසානයේ දේශපාලන බලය බවට පත් වුණේ ලැජ්ජ බය නැතිකමයි. 1978 නැති වු ඡුන්ද ක‍්‍රමය ජනතා පරමාධිපත්‍යය අභියෝගයට ලක් කොට තිබෙනවා, අපි පක්‍ෂයට ලබා දෙන ඡුන්දයෙන් අපිට කිසිම ප‍්‍රයෝජනයක් නැති පුද්ගලයෙක් විමේ අවකාශය මෙම ඡුන්ද ක‍්‍රමය තුලින් ඇති වෙලා තියෙනවා.

ගයාන් රත්නායක

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *