නියෝජ්‍ය හා රාජ්‍ය ඇමැතිවරු අටක් දිවුරුම් දෙති

නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය යටතේ රාජ්‍ය අමාත්‍ය ධූර 04 ක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර 04 ක් වෙනුවෙන් පත් කෙරුණු නව අමාත්‍යවරු අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

ඒ අනුව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.

රන්ජන් රාමනායක මහතා සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළ කරුණාරත්න පරණවිතාන මහතා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය ධුරයේත්  දිවුරුම් දී ඇත.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඉරාන් වික්‍රමරත්න මහතා, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇති අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරයේ මීට පෙර කටයුතු කළ ලක්ෂ්මන් යාපා මහතා  රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

පාලිත රංගේ බණ්ඩාර මහතා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් වසන්ත සේනානායක මහතා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී තිබේ.

මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ලසන්ත අලගියවන්න මහතා දිවුරුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *