බොදු බල සේනාවේ අන්තවාදීන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොවෙන්නෙ ඇයි ද කියන එක ප‍්‍රශ්නයක් – වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා

අන්තවාදය පිළිබඳ තත්ත්වයක් රට තුළ මතුවෙමින් තිබෙනව. මේක භයානක තත්ත්වයක්. නැවත අන්තවාදයකට යනව නම්, ඒ අන්තවාදීන්ට අවශ්‍ය විදිහට රට හසුරුවන්න පුලූවන්නම් ඒක බරපතල තත්ත්වයක්. අපි පසුගිය සතිය, සති දෙක තුළ අපි දැක්කා බොදු බල සේනා වැනි අන්තවාදී සංවිධාන, විවිධ පාර්ශවයන් ඉලක්ක කරගනිමින්, මුස්ලිම් ජනතාව ඉලක්ක කර ගනිමින් කරන ප‍්‍රහාරයන් දියත් කරනව.
අපි දන්නවා පසුගිය දශකය මහින්ද රාජපක්‍ෂ පාර්ශ්වයේ පාලන තන්ත‍්‍රයේ අනුග‍්‍රහය යටතේයි බොදු බල සේනාව කටයුතු කළේ. ගෝඨාභය රාජපක්‍ෂ මෙහෙය වූ අතුරු හමුදාවක් තමයි බොදුබල සේනාව. බොදුබල සේනාවට අති විශාල බලයක් තිබුණා අපි දැක්කා ඒ බලය කොහොමද පාවිච්චි කළේ කියල.  ජුලි මාසයට (2017* අලූත්ගම සිදුවීම අවුරුදු තුනයි. ඒ ඝාතන, ඒ විනාශය, ඒ මිනිස්සුන්ගේ දෙපොල, විනාශ කරපු ජුලි මානසයට අවුරුදු තුනයි. තවමත් බැරි වී තිබෙනව යුක්තිය ඉටු කිරීමට, වැරදි කරුවන්ට දඬුවම් දීමට.
මේ පහරදීම්, ඝාතන, ගිනිතැබීම් සිදුවුනේ මහින්ද රාජපක්‍ෂ යුගයේ ගෝඨාභය රාජපක්‍ෂ අනුග‍්‍රහය යටතේ. බොදුබල සේනාවෙ අන්තවාදීන්ට සහය දැක්වුවේ ගෝඨාභය රාජපක්‍ෂ. අපි ඒක පසුගිය කාලය පුරාම බොහොම පැහැදිලිව කිව්වා. නමුත් යුක්තිය ඉටු වුනේ නැහැ. සාධාරණත්වයක් ඉටු වුනේ නැහැ. ආමාත්‍යාංශවලට කඩා වැදුනා. නීතිවිද්‍යාලයට කඩා වැදි විදුහල්පතිගෙ බෙල්ලෙන් අල්ලගත්ත බොදු බල සේනාවේ නායක චීවරධාරියා. එහෙමයි ඒ සංවිධාන කටයුතු කළේ. නමුත් නීතිය ක‍්‍රියාත්මක වුනේ නැහැ.
හැමදාම බොදුබල සේනාව යොදා ගත්තා තමන්ගෙ ප‍්‍රශ්න මග හැරීමට. ඔබට මතක නම් ගිය ආණ්ඩුව ජේමිස් පැකර් එක්ක සූදු පනත ගෙනෙන අව්ස්ථාවේ දී ඒ පිළිබඳ විරෝධයක් රට තුළ ඇතිවෙද්දි, මාදුලාවේ සෝභිත ස්වාමින් වහන්සේ ගමින් ගමට ගොස් මේ සුදු පනතට විරුද්ධව ජනතාව සංවිධානය කරන කොට හිටපු පාලනය කළේ මොකක්ද කෙරුවෙ? බොදුබල සේනාව යොදාගෙන මුස්ලිම් ව්‍යාපාරිකයන් විරුද්ධ හාලාල් ප‍්‍රශ්නය ගෙනාව. එදා හලාල් ප‍්‍රශ්නය ගෙනාවේ එදා සූදු පනත මගහරින්න. ඒදා මහානායක හාමුදුරුවරු ඒ ගැන ප‍්‍රශ්න කරද්දි ඒක වෙනත් අතකට යොමුකරන්න තමයි එදා බොදු බල සේනාව වගේ සංවිධාන යොදා ගත්තේ.
මේ ආකාරයට රට තුළ අන්තවාදයක් ඇති කරමින්, අනෙක් ජාතීන් පිළිබඳ බියක් ඇති කරමින්, අනෙක් ජාතිකයන්ට අයත් ව්‍යාපාරික ස්ථානවලට පහර දුන්නා. මහින්ද රාජපක්‍ෂ යුගයේ මේ අන්තවදීන් ආරක්‍ෂා කළේ කොහොමද කියන එක අපිට ප‍්‍රශ්නයක්. අදත් ඇයි බොදු බල සේනාවේ අන්තවාදීන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොවෙන්නෙ කියන එක අපිට ප‍්‍රශ්නයක්. එදා මහින්ද රාජපක්‍ෂ මේ අයව ආරක්‍ෂා කෙරුව. ගෝඨාභය රාජපක්‍ෂ මේ අයව ආරක්‍ෂා කෙරුව. අද කවුද මේ අයව ආරක්‍ෂා කරන්නේ? ඇයි තාමත් නීතිය ක‍්‍රියාත්මක වෙන්නෙ නැත්තෙ. ගලබඩඅත්තේ ඥානසාර නම් වූ මේ හාමුදුරුවො, බොදු බල සේනාවෙ ප‍්‍රධානියා මේ වනවිට අධිකරණය මගින් ඇප පිට මුදා හැර තිබෙන පුද්ගලයෙක්. ඇ`ග බැඳල තිබෙන පුද්ගලයෙක්.  ඕනැම මොහොතක ඔහු අත්අඩංගුවට ගන්න පුලූවන්. අපි දැක්ක ඔහු උසාවි භූමියක හැසිරුනු විදිහ. මෙවැනි පුද්ගලයෙකුට මේ විදිහට හැසිරීමට ඉඩ දීම පරපතල ප‍්‍රශ්නයක්. ඒ නිසයි අපි අහන්නේ එදා රාජපක්‍ෂලා ආරක්‍ෂා කෙරුව. අද කවුද ඒ පිටිපස්සෙ සිටින්නෙ? අපි දැක්කා මේ ආණ්ඩුවේම ප‍්‍රධාන ඇමතිවරු මේ බොදුබල සේනාවත් සමග සාකච්ඡුා කරනව. අපි දැක්ක අධිකරණය මගින් මුදා හැර තිබෙන මේ පුද්ගලයාව, අධිකරණ ඇමතිවරයා විසින් තමන් ළ`ගට ගෙන්වමින් අගය කරනව.
අපි රජයෙන් ඉල්ලා සිටින්නේ තව දුරටත් අන්තවාදයට ඉඩ දෙන්න එපා. අන්තවාදය උතුරෙන් ආවත් එකයි. දකුණෙන් ආවත් එකයි. නැගෙනහිරින් ආවත් එකයි. බටහිරින් ආවත් එකයි අන්තවාදය ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ කරනව.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *