දේශපාලන ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් නිර්භීතව කැපවීම නායකයන් දෙදෙනාගේම වගකීමක් – මහාචාර්ය සරත් විජේසූරිය

අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ අවශ්‍යතාව, මේ ආණ්ඩුව බලයට ඒමට  පෙර සිටම අපි කියා සිටියා. මහින්ද රාජපක්‍ෂ රට පාලනය කරන සමයේ දීත් අපි පෙන්වාදුන් කාරණාවක් තමයි භූමිය එක්සේසත් කළාට එහි දීර්ග කාලින ප‍්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ, ජාතිය එක්සේසත් නොකොළොත් කියන එක.. ඒ නිසා රටේ සංහිඳියාව වෙනුවෙන් ඒ වගේම යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් මේ විධායක ජනාධිපදවිය අහෝසි කිරීම්, නව මැතිවරණ ක‍්‍රමයක් හඳුන්වාදීම් වැනි යෝජනා ජනවාරි අටට පෙර සිටම අපි පසක් කරල තියනව ලියල තියනව.
ජනවාරි 08 වෙනිදා පොදු අපේක්‍ෂකයෙක් ජයග‍්‍රහණය කරන්නේ අලූත් ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් මගින් විධායක ජනාධිපදවිය අහෝසි කිරීමට. අදත් පොදු අපේක්‍ෂකයා ලෙස පෙනීසිටි, ජයග‍්‍රාහකයා බවට පත් වූ මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැහැදිලිව පවසා සිටිනවා තමා ජනවාරි 08 වෙනිදා රටට ලබාදුන් පොරොන්දුව ඉටු කරන බව. ඒ වගේම එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා හැටියට රනිල් වික‍්‍රමසිංහ මහතා අවධාරණයෙන් පවසා තිබෙනවා අලූත් ව්‍යවස්ථාවක් සම්මත කිරීමේ ක‍්‍රියාවට දායක වන බව. මේක ෙඓතිහාසික අවස්ථාවක්. මීට පෙර ප‍්‍රධාන පක්‍ෂ දෙකේ නායකයො මේ එක`ගතාවට ඇවිල්ලා නෑ. නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ කාර්යභාරයක් යහපත් මට්ටමකට මේ වෙනකොට සිද්ධ වෙලා තියෙනවා. ඉතිහාසයේ පළවෙනි වතාවට මහජනතාවගේ අදහස් ලබාගැනීමක් සිද්ධ වෙලා තියෙනවා. පාර්ලිමේන්තුම දායක කරගෙන ව්‍යාවස්ථාවක් නිර්මාණය කිරීමේ කටයුත්තේ නිමග්න වෙලා සැලකිය යුතු දුරක් ගමන් කරල තියෙනව. අපි මෙබඳු පසුබිමක මේ ගැන කතා කරන්නේ මෙය අවසානයක් දක්වා යායුතු නිසයි. අවසානයක් කරා යාමට නම් මේ ප‍්‍රධාන පක්‍ෂ දෙකේ නායකයන් දෙපළ අතර සංහිඳියාව පමණක් නෙමේ පක්‍ෂ දෙක තුළත් මේ සංහිඳියාව තියෙන්නට  ඕනැ. ඒකට ප‍්‍රධාන හේතුව මේ දෙපළම නායකත්වය දෙන්නට  ඕනැ ජනමත විචාරණයකට. ජනමත විචාරණයකින් අනුමැතිය නොලබන ව්‍යවස්ථාවක් නෙවෙයි අපි අපේක්‍ෂා කරන්නේ ජනමත විචාරණයකින් අනුමැතිය ලබනව්‍යවස්ථාවක්. නැවත සංසෝධනයකින් රටේ පක්‍ෂ නිරාකරණ කරන්නට බැහැ. ඒ නිසා සිවිල් සමාජය හැටියට අපි ආණ්ඩුවට දිගටම බලපෑම් කරනව පොරොන්දු වූ ප‍්‍රකාරව අලූත් ව්‍යවස්ථාවක් නිර්මාණය කොට, ජනමත විචාරණයකට ඉදිරිපත් කොට එය සම්මත කරන ලෙස.
තව එක කාරණාවක් මෙහිදී අවාධාරණයෙන් පැවසීමට අවශ්‍යයි. චන්ද්‍රිකා බන්ඩාරණායක මැතිණියටත් අලූත් ව්‍යවස්ථාවක් සම්මත කරගන්නට බැරුව ගියේ එක්සත් ජාතික පක්‍ෂය එදා විරුද්ධ වෙච්ච නිසයි. අද දෛවොපතගතව එක්සත් ජාතික පක්‍ෂය කැමැත්ත පළ කරල තියෙනව අලූත් ව්‍යවස්ථාවක් වෙනුවෙන්. සිවිල් සමාජය නියෝජනය කරන අප තුළ කිසියම් විචිකිච්චාවක් ඇති වෙලා තියෙනවා මොකක් හෝ අවසනාවකට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ අවසාන මොහොතේ දී එදා එක්සත් ජාතික පක්‍ෂය කරපු දේ කරයි ද කියලා. මේක සිදුනොවිය යුතු දෙයක්. ඒක එම තත්ත්වයට පත් නොවන්නට වගබලා ගැනීම ජනාධිපතිවරයාතේ පරම වගකීම බවට පත් වෙනව.
2020 දීඅපි නැවත ජනාධිපතිවරණයක් අපේක්‍ෂා කරන්නේ නෑ, ජනවාරි 8 වෙනිදා මාදුලූවාවේ සොභිත හාමුදුරුවො ප‍්‍රකාශ කෙරුව මේ පවත්වපු ජනාධිපතිවරණය තමයි මේ රටේ අවසාන ජනාධිපතිවරණය කියල. ඒ නිසා  ජනාධිපතිවරණයකට නැවත බල අරගලයක් නායකයන් දෙදෙනාගෙන්ම අපි අපේක්‍ෂා කරන්නේ නැහැ. නායකයන් දෙදෙනාගේම වගකීම තමයි දේශපාලන ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් නිර්භීතව කැපවීම. ඒ වගේම අපි ආණ්ඩුවට දන්වා සිටින අනෙක් කාරණාව තමයි ජනමත විචාරණයකට ජනතාව ඉදිරියට යාමට නම්, ජනවාරි 8 වෙනිදා රටට ලබාදුන්නු ප‍්‍රතිඥා ඉටු කළ යුතුයි. ¥ෂිතයන්ට දඬුවම් ලාබාදීම කියන කටයුත්ත සිද්ධ කරන්නට  ඕනැ. අපාරාධකරුවන් නීතිය අභිමුවට පැමිණීම සිද්ධකරන්නට  ඕනැ. ගජ මිතුරන්ට හරි හම්බ කරන්නට දෙන කටයුතු අත්හිටුවන්නට  ඕනැ. මෙබඳු දේවල් තුළින් ජනතාව තුළින් ගෞරවයක් දිනා ගැනීම ආන්ඩුවේ පරම වගකීමක්.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *