නව ව්‍යවස්ථා යෝජනාවලිය ලබන මසදී පාර්ලිමේන්තුවට – අමාත්‍ය මනෝ ගනේෂන්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වූ යෝජනාවලිය ලබන මස අවසන්වීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ජාතික සංවාද පිළිබඳ අමාත්‍ය  මනෝ ගනේෂන් මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වූ මෙහෙයුම් කමිටුව පසුගිය දින තුනක කාලය තුළ රැස්වී ඒ සඳහා වූ මූලික ඒකඟතාවලට පැමිණ ඇති බවයි.
ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුව පසුගිය 23 වනදා සිට දින තුනක කාලයක් අඛණ්ඩව රැස්වී දේශපාලන පක්ෂවල අදහස් සහ යෝජනා ලබාගෙන තිබේ.
ඉදිරි සතිය තුළ ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුව යළි රැස්වී නව ව්‍යවස්ථාව සඳහා වූ යෝජනාවලිය සකස් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය
Gayan

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *