ශෂී විරවංශගේ හොර ගමන් බලපත්‍රය අධිකරණයේ තිබියදී උස්සලා ?

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිද වන ශෂී විරවංශ සන්තකයේ තිබියදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය භාරයට පත් කළ අවිධිමත් විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැදුනුම්පත අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ කරන ලෙස නිතිපතිවරයා    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තාවේ.

නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ කරුණූ දක්වමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පීරිස් මහතා එම ඉල්ලීම කරන ලදි.
කූට ලේඛන ඉදිරිපත් කළ අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාව එල්ල වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය සතුව තිබූ විදේශ ගමන් බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත කොළඹ ප්‍රධාන මාහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරිය බාරදී තිබූ බව සඳහන්ය.
ශෂී වීරවංශ මහත්මියට එරෙහි චෝදනා ඔප්පුකිරීමට මෙම නඩු භාණ්ඩ ඉතා වැදගත්ය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *