ගෝඨාභයගේ නියෝග මත රතුපස්වල නිරායුද මිනිසුන් ඝාතනය කළ බ්‍රිගේඩියර් අත්අඩංගුවට!

රතුපස්වල පානීය ජලය ඉල්ලු ප්‍රදේශවාසීන්ට වෙඩි තැබූ කණ්ඩායම මෙහෙයවූ බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

රහස් පොලිසියේ දැනුම් දීම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමෙන් පසු ඔහුගෙන් යළි ප්‍රකාශයක් සටහන් කරගත්තේය.ඔහුගෙන් මීට පෙරද ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණි.

ඒ අනුව මේ වන විට රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ සිව් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.ගුණවර්ධන මහතා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා සහ උප පොලිස් පරීක්ෂක උපාලි බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ සිදු කෙරිණ.

2013 අගෝස්තු 1 වැනිදා සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *