අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු නිලධාරී මාරුවක්- අමාත්‍ය ලක්ෂමන් යාපා

ඉදිරි දින කිහිපය තුළ ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මත රාජ්‍ය ආයතන කිහිපයක අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු නිලධාරී මාරුවක් සිදු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි. අද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය. රජය ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑම සඳහා මෙවැනි වෙනස් වීම් වෙත ජනාධිපතිවරයා අවධානය යොමුව ඇති බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
කැබිනට් සංශෝධනය සිදු කිරීමේ දී යම් බේදයක් පක්ෂ දෙක තුළ ඇති වී ආණ්ඩුව කඩා වැටෙණු ඇති බවට බොහෝ අය අපේක්ෂා කළ නමුත් එය ඉතා සාර්ථකව ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් එය සිදු කළ බවත් එම වෙනස් වීම් තුළින් විශාල වැඩ කොටසක් ඉදිරියේ දී සිදු කිරීමට ඇති බවත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙහිදී කියා සිටියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *