පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල පිලිගත් ප‍්‍රමිතියක් තිබිය යුතුයි – ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

පෞද්ගලික අධ්‍යාපනය සම්බන්ධයෙන් අපේ මතය
පෞද්ගලික අධ්‍යාපනයට ඉඩ දෙන අතර, රාජ්‍ය අධ්‍යාපනය දුර්වල වනවාට අප තරයේ විරුද්ධයි. රාජ්‍යය අධ්‍යාපනයට වෙන් කරන 6% ඉලක්කය සපුරා ගැනීමට කටයුතු යෙදීම අත්‍යාවශ්‍යයි. පුද්ගලික අධ්‍යාපන ආයතන වැසිය යුතු යැයි අපි පවසන්නේ නැත. එය එසේ සිදුවනවා නම් උසස් පෙළ ළමුන්ට ලබා දෙන පුදගලික අධ්‍යාපනය නතර කල යුතුයි. නීති ක්ෂේත‍්‍රයේ උපාධියක් ලැබීමට ලංකාවේ සිට ලන්ඩන් විශ්ව විද්‍යාලයේ නිත්ි උපාධිය ලබා ගෙන නීති විද්‍යාල විභාගයේ සමත් විමෙන් නිතිඥ වෘත්තියට ඇතුලත් විමේ හැකියාව පවතිනවා. එයට නිතිඥ ප‍්‍රජාවගේ විරුද්ධත්වයක් නැහැ.
අධ්‍යාපනය හා සම්බන්ධ සංවේදි ක්ෂේත‍්‍රයන් තිබෙනවා. වෛද්‍ය විද්‍යාව ඒකෙන් ප‍්‍රධාන තැනක් ගන්නවා. ඒ පිළිබඳව අපේ යෝජනාව තමයි, පුද්ගලික වෛද්‍ය විද්‍යාල තිබෙනවානම් එම විශ්ව විද්‍යාලයට ඇතුලත් කරන ශිෂ්‍යයන් කිසියම් වු ක‍්‍රමවේදයකට අනුව බඳවා ගත යුතුයි.
1. රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ප‍්‍රවේශ වීමට නොහැකි වු Z අගය අනුව ඉහලින්ම සිටිනා ශිෂ්‍යයින්ගෙන් 10% කට නොමිලයේ පුර්ණ ශිෂ්‍යයින්ව ලබා දිය යුතුයි.
2. Z අගය අනුව ඊලග සිටිනා 10% කට පාඨමාලා ගාස්තුව පමණක් ගෙවිමට හැකි අර්ධ ශිෂ්‍යත්ව ක‍්‍රමයක් ඇති කල යුතුයි.
සැම ක්ෂේත‍්‍රයකටම අදාල වු ප‍්‍රමිතිය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලටත් අදාලයි. ඒ සම්බන්ධයෙන් පුර්ණ අවධානය යොමු කිරිම අනිවාර්යයි. සයිටම් ආයතනය හා සම්බන්ධයෙන් වෛද්‍ය සභාව විසින් මුලිකවම ගෙන ඇති නිර්දේශ වලට රජයේ අනුමැතිය ලැබි තියෙනවා. කුමන විශ්ව විද්‍යාලයකින් වෛද්‍ය අධ්‍යාපනය ලැබුවත් වෛද්‍ය සභාව මගින් ACT 16 විභාගය සමත් විම අනිවාර්ය කරුණක් ලෙස පෙන්වා දිය හැකියි.
ලෝකයේ පුද්ගලික විශ්ව විද්‍යාල රාශියක් තියෙනවා. සාර්ථකම පුද්ගලික විශ්ව විද්‍යාලය වන්නේ ලාභ නොලබන ආයතනයයි. යම් ලාභයක් ලැබෙගනවා නම් එය නැවතත් එම විශ්ව විද්‍යාලයේ කටයුතු සඳහාම ආයෝජනය කිරිම සිදුවෙනවා. පැහැදිලිවම අපේ මතය වන්නේ ලාභ පරමාර්ථය නැති විශ්ව විද්‍යාල වලට රාජ්‍ය අනුග‍්‍රහය ලබාදිය යුතු වා සේම, රාජ්‍ය විශ්ව විද්‍යාල අඩපණ කිරිම නොකල යුතුයි

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *