මහින්ද රාජපක්‍ෂගෙ ආණ්ඩුව ගෙදර යවන්න ගලබඩඅත්තේ ඥාණසාර කියන භික්‍ෂුව තීරණාත්මක සාධකයක් වුණා – ගාමිණි වියන්ගොඩ

නව ව්‍යවස්ථාවක් පිළිබඳ කමිටුව විසින් ඊයේ  (23 දින) පිටකෝට්ටේ සෝලිස් ශාලාවේ දී පැවති මාධ්‍ය හමුවේ දී පුරවැසි බලය සම කැඳවුම්කරු ගාමිණි වියන්ගොඩ විසින් කරනලද කතාව.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විශාල වැඩ කොටසක් මේ ආණ්ඩුවෙන් දියත් කරල තියනව. ඒක මීට පෙර දකින්න තිබුණ තත්ත්වයක් නෙවෙයි. මීට කලින් ජනධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය බලයේ සිටිය දී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඇති කරන්න සහ ජනාධිපතික‍්‍රමය අහෝසි කරන්න යම්කිසි උත්සාහයක් අරගෙන තිබෙන බව පේනවා. ඒ උත්සාහය උනත් ඉතාමත් සීමිත ආකාරයකින් තමයි සිද්ද වුනේ. ඉතාම කෙටි දුරක් තමයි ගමන් කළේ. එකත් එක්ක සංසන්ධනය කිරීමේ දී වර්තමාන තත්ත්වය පිළිබඳව බොහෝ දුරට අපිට සෑහීමක්ට පත්වෙන්න පුලූවන්.
මොකද අපි දන්නවා මුලින්ම මේ අලූත් ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් වියයුතු කරුණු පිළිබඳව ජනතාවගෙන් අදහස් විමසීමේ ක‍්‍රියාවලියක් මේ ආණ්ඩුව පටන් ගත්තා. ලාල් විජේනායක මහත්මයගෙ ප‍්‍රධානත්වයෙන් ලංකාව පුරා ජනතා අදහස් ඒකරාශි කර ගත්තා. ඒ අනුව වාර්තාවක් සම්පාදනය කරල ආණ්ඩුවට බාර දීල තියෙනව. ආණ්ඩුව ගෙනියන පාර්ලිමේතුව ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් හැටියට පාර්ලිමේන්තුව පරිවර්තනය වෙලා, මේ ක‍්‍රියාදාමය තවත් අදියරකින් පටන් ගත්තා. ඒකෙ ප‍්‍රතිඵලයක් විදිහට මෙහෙයුම් කමිටුවක් පත්කරල තියනව, සියලූ පක්‍ෂ වල නායකයන්ගෙ ප‍්‍රධානත්වයෙන්. ඒ මෙහෙයුම් කමිටුව යටතේ තව අනු කමිටු හයක් පත්කරල තියෙනව. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙ විවිධ විෂයපතයන් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට. ඒ අනු කමිටු හයේ වාර්තා වාර්තාව දැන් ඉදිරිපත් කරල තියෙනව අර මෙහෙයුම් කමිටුවට. දැන් මෙහෙයුම් කමිටුවත් තමන්ගේ වාර්තාව සකස් කරල තියෙනව. එය මේ මාසය ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනව බව  දැනුම් දීල තියෙනව. මෙහෙම බැලූවම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව යම්කිසි විදිහකට සෑහීමකට පත්විය හැකි ක‍්‍රියාවලියක් දැනට දියත්වෙලා තියෙන බව අපිට පැහැදිලිවම කියන්නට පුලූවන්. නමුත් ප‍්‍රශ්නය තියෙන්නේ මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත කරුණු පිළිබඳව යම් යම් මතබේද ඇතැම් පාර්ශව විසින් මතු කරනු ලබමින් තිබීමයි. උදාහරණයක් විදිහට කිව්වොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුව ඇතුළෙ ඉන්න සමහර මැති ඇමතිවරු විධායක ජනාධිපති ක‍්‍රමය තියාගත යුතුයි කියල කියකව අපිට ඇහිල තියෙනව. ඒ වගේම තවත් මැති ඇමතිවරුන් ජනමත විචාරණයකට යායුතු නැතැයි කියල කියනව අපිට ඇහිල තියෙනව. ඉතින් මෙන්න මේ කාරණා නිසා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳව යම්කිසි විධිහක සැකයක්, විචිකිච්චාවක් රටේ ඇති වෙලා තියෙනව.
අපි දන්නව ජනාධිපති ක‍්‍රමය අවශ්‍ය නැහැයි කියන එක කාලාක්තරයක් තිස්සෙ මේ රටේ මහජනතාවගෙන් ඇති වී තිබෙන ඉල්ලීමක්. ඒක ඇත්ත වශයෙන්ම ජනාධිපති ක‍්‍රමය ඇති කරපු 1978 සිටම ඇති වී තිබෙන තත්ත්වයක්. නමුත් ඒ පිළිබඳව කිසිම ක‍්‍රියාමාර්ගයක් ගැනීමක් සිදුවුනේ නෑ 1978 සිටම මේ දක්වා. එවැනි තත්ත්වයක් තුළ මුලූ රටම මේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතුයි කියල දශක ගණානාවක් තිස්සෙ ඉල්ලා සිටින තත්ත්වයක් තුළ, අද යම්විධියක ජනාධිපති ක‍්‍රමය තියාගත යුතුයි කියලා කියන තත්ත්වයකට ඇවිල්ලා. ඇත්තවශයෙන් ඒක ඉතිහාසයේ ඇවිල්ල තියෙන ඒ ප‍්‍රවාහයට පටහැනිව පටු දේශපාලන අභිමතාර්ථ ඇතුව කියන කතාවක් හිටියටයි අපිට සලකන්නට තියෙන්නෙ. ඉතින් ඒක නිසා අපි මේ වෙලාවෙදි ආණුඩුවට කියන  ඕනැ ඔවුන් මේ පොරොන්දුව දීලයි මේ සැරේ බලයට ඇවිල්ලා තියෙන්නෙ. මීට ඉස්සෙල්ලා හිටපු අයත් ඒ පොරොන්දුම දීල බලයට ආව. නමුත් විශේෂයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහත්තය කියල තියෙනව බලයට පත්වෙන්න කලින් පමණක් නෙමේ බලයට පත් වුනාට පස්සෙ පවා, මේ ක‍්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් මම පෙනී සිටිනවා කියල.
අද ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම පිළිබඳව ජනාධිපතිවරයා සම්බන්ධයෙන්වත්, අගමැතිවරයා සම්බන්ධයෙන්වත් ප‍්‍රශ්න නෑ. දෙන්නම ඒකමතිකව මේ මතයේම ඉන්නව. නමුත් අපිට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අලූතෙන් ඇතිකර ගැනීම සඳහා මහජනයාගේ කැමැත්ත අවශ්‍යවන නිසා හැම වෙලාවෙම අපි සැලකිලිමත් වෙන්න  ඕනැ ‘ආණ්ඩුව පිළිබඳව මහජනතාවගේ තියෙන කැමැත්ත මොකක්ද?’ කියල. යම් විදිහකින් ආණ්ඩුව පිළිබඳව අප‍්‍රසාදයක් ඇති වුවහොත් මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ඇති කරගැනීමේ ප‍්‍රයත්නයටත් ඒ ජනතා අප‍්‍රසාදය විශේෂයෙන් ජනමත විචාරණයකදි නරක විදිහට බලපාන්නට පුලූවන්.
ජනමත විචාරණයකදි ආණ්ඩුවක් ඉදිරිපත් කරන ප‍්‍රශ්නය හා ආණ්ඩුව අපේක්‍ෂා කරන උත්තරය නොදෙන්නේ ඒ ප‍්‍රශ්නයට ඒ උත්තරය නොදිය යුතු නිසා නොවෙයි. ආණ්ඩවට කරන විරෝධතාවය ප‍්‍රකාශ කිරීමක් සඳහා තමයි ආණ්ඩුව බලාපොරොත්තුවන උත්තරය නොදී සිටින්නෙ. මේ කියන කාරණයේදී ආණ්ඩුව අපේක්‍ෂා කරන උත්තරය තමයි අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකට අපි කැමතියි කියන එක. ඒක තමයි ජනමත විචාරණයකට ගියාට පස්සෙ ආණ්ඩුව ජනතාවගෙන් බලාපොරොත්තු වෙන්නෙ. අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකට අපි කැමතියි කියන එක. නමුත් ආණ්ඩුව පිළිබඳව ජනතාවගෙ අප‍්‍රසාදයක් නිර්මාණය වෙලා තියෙනව නම් ජනතාව අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාකට කැමති වුණත් ජනමත විචාරණයකදි කියනව අපි මේකට විරුද්ධයි කියල. ඔවුන් මේ විරුධයි කියල කියන්නෙ මොකද ආණ්ඩුවට තියෙන විරෝධය ප‍්‍රකාශ කිරීම සඳහා. ඒක නිසා ජනමත විචාරණයකදි ඉතාම වැදගත් වෙනව ආණ්ඩුව පිළිබඳව ජනතාව තුළ තියෙන අප‍්‍රසාදය පුලූවන් තරම් අවම කරගැනීම. ඒක ඉතාමත් වැදගත් කොන්දේසියක් වෙනව. මේ අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ජයග‍්‍රහණය කිරීම සඳහා වන ව්‍යාපාරය තුළ ඉතා වැදගත් සාධකයක් වෙනව, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා තුළම පවතින සාධනීය කාරණා වලට අමතරව ආණ්ඩුව පිළිබඳවත් සාධනීය ආකල්පයක්  ආරක්‍ෂා කර ගැනීම. මෙය ඉතාම වැදගත් කාරණයක්. ආණ්ඩුව පිළිබඳව ඒ සාධනීය ආකල්පය ජනතාව තුළ නොතිබුණොත්, ආණ්ඩුවට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ජනතාමතය දිනාගන්න බැරිවෙනව.
නමුත් අවාසනාවකට අද ආණ්ඩුව පිළිබඳව විවිධ කාරණා සම්බන්ධයෙන් රටේ මතු වෙමින් තියෙනව.  පුසුගිය මහින්ද රාජපක්‍ෂ කාලයේ අවසාන වකවානුවේදී ඒ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව රටේ බරපතල විදිහට විවේචනයට ලක්වුණේ, මේ රටේ සුළු ජාතීන්ට එරෙහිව, විශේෂයෙන්ම ගෝඨභය රාජපක්‍ෂ වැනි නායකයන්ගේ අනුග‍්‍රහයෙන් යුතුව ජාතිවාදී ව්‍යාපාරයක් මේ රටේ දියත් කිරීම නිසයි. පානදුරේ පැත්තෙ මුස්ලිම් ජාතිකයින්ට විරුද්ධව ගලබඩඅත්තේ ඥාණසාර කියන භික්‍ෂුව ප‍්‍රමුඛ කරගෙන දියත් කරපු ප‍්‍රහාරය තීරණාත්මක එක් සාධකයක් වුණා මහින්ද රාජපක්‍ෂගෙ ආණ්ඩුව එදා ගෙදර යවන්නට. මෙයින් අදහස් කරන්නෙ මහින්ද රාජපක්‍ෂගෙ ආණ්ඩුවට එම සිදුවීම නිසා සුළු ජාතීන් ඡුන්දය නොදුන්නා කියන එක විතරක් නෙමෙයි. දකුණේ සිංහල ජනතාව පවා අනුමත කළේ නැහැ මේ විදිහට මුස්ලිම් ජාතිකයන්ට විරුද්ධව රාජ්‍ය අනුග‍්‍රහය යටතේ ප‍්‍රහරයන් දියත් කිරීම, ගලබඩඅත්තේ ඥාණසාර කියන භික්‍ෂුව ප‍්‍රමුඛ කරගෙන. ඒක සිංහල බෞද්ධයන් පවා ඒක අනුමත කරපු නැති කාරණයක්. මේක මහින්ද රාජපක්‍ෂගේ පරාජයට බලපෑවෙ උතුරු නැගෙන හිර සුළු ජාතීන්ගේ ඡුන්දවලට පමණක් නෙමෙයි. දකුණේ සිංහල බෞද්ධ ඡුන්ද සම්බන්ධයෙනුත් බලැපෑමක් තිබුණ.
අපේ රටේ ජනතාව අපි දියුණු මට්ටමක ඉන්නව. මීට වසර තිහ හතලිහකට ඉස්සර හිටපු තත්ත්වයේ නෙමෙයි. විශේෂයෙන්ම 1983 කළු ජූලිය වෙලාවෙ හිටපු තත්ත්වයෙ නෙමෙයි අද මේ රටේ දකුණේ ජනතාව ඉන්නේ. දකුණේ ජනතාව තේරුම් අරගෙන තියෙනව මේ වගේ ජාතිවාදී ව්‍යාපාර  රටකට මොනතරම් විනාශකාරී වෙන්න පුලූවන්ද කියල. ඒක නිසා ඔවුන් අද දෙවරක් නෙමෙයි දහපාරක් හිතල බලනව. එහෙම තත්ත්වයක් තුළ යම්කිසි විදිහකින් තත්ත්වයක් නිර්මාණය වෙනව නම්, මේ රටේ සුළු ජාතීන්ට එරෙහිව මහ ජාතිකයන් විසින් අසාධරණ ව්‍යාපාරයක් දියත් වෙනව නම් ඒකට මහ ජාතියෙන්ම විරෝධයක් සහ චෝදනාවක් එනව.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *