නොපෙනෙන බලය – අනුර සූරියබණ්ඩාර

දුම්රියක පූජ්‍ය පක්‍ෂයට වෙනු කෙරුණු ආසන දෙකෙන් එකක භික්‍ෂුවක්ද අනෙකෙහි ගැලවීමේ හමුදාවේ පූජක වරයෙකුද වාඩි වී සිටි අතර තවත් භික්‍ෂුවක් නැග පූජ්‍ය පක්‍ෂයට වෙන් කළ ආසන දෙක අසලට පැමිණියේය. සිය අසුනින් නැගිට භික්‍ෂුවට දී වෙනත් අසුනක වාඩිවීමට ගැලවීමේ හමුදාවේ පූජකවරායට සිදුවිය. එකී පූජකයා වාඩි වූ අසුන ගැබිනි මවුවරුන්ට වෙන් කළ එකකි. එකී අසුන හිස්ව පැවතියේ ද ගැබිනි මවක් ආවහොත් පිරිනැමීමට සිදුවනු ඇතියි යන බියෙන් කිසිවකු එහි අසුන් නොගත් බැවිනි.  ගැලවීමේ හමුදාවේ පූජකවරයාගේ වාසනාවටදෝ ගමනාන්තයට ළංවනතුරු ගැබිනි මවක් ඒ දුම්රිය මැදිරියට ගොඩවූයේ නැත. යම් හෙයකින් ගැබිනි මවක් ගොඩවූයේ නම් පූජකවරායට මහත් අපහසුතාවකට ලක්වන්නට සිදුවන්නට ඉඩ තිබුණි.
මෙකී සිද්ධිය ඔස්සේ අපේ මහා සමාජයේ චින්තන රටාවේ විශාල පදාසයක් අර්ථකථනය කරගත හැකිය. එනම් බෞද්ධ බලයේ මහන්තතත්වය සහ අනෙකුත් ආගම් කෙරෙහි මහා සමාජය අවිඥනකව කල්පනාකරන ආකාරයයි.
පූජ්‍ය පක්‍ෂය යනු බෞද්ධ භික්‍ෂුව පමණක් නොවේ. හින්දු, ඉස්ලාම්, ක‍්‍රිස්තියානි හෝ වෙනත්  ඕනෑම ආගමක පූජකයකුයනු පූජ්‍ය පක්‍ෂයයි. එසේනම් පොදු මගී ප‍්‍රවාහන සේවයක පූජ්‍ය පක්‍ෂයට වෙන්කෙරුණු ආසනයේ අයිතිය එකී සෑම පූජකවරයෙකුටත් තිබේ. එහෙත් අප රටෙහි බහුතර පිරිස බෞද්ධ වන නිසාදෝ පූජ්‍ය පක්‍ෂය යනු බෞද්ධකම සමග ගැටගැසුනු දෙයක්ය යන හැ`ගීම පොදු විඥනයේ තිබේ. ගැලවීමේ හමුදාවේ පූජකවරයාට සිය අසුන බෞද්ධ භික්‍ෂුවට පරිත්‍යාග කරන්නට සිදු වූයේ එහෙයිනි.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංසෝධනය පිළිබඳ කතාබහක් මේ දිනවල පවතී. ආණ්ඩුවිරෝධීන් දිගින් දිගටම පවසන්නේ එකී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට හිමි තැන අහෝසිවන බවයි. එවැන්නක් සිදු නොවන බව පෙන්වීම සඳහා ආණ්ඩුව පාර්ශ්වයෙන්ද නොගන්නා තැතක් නැත.
ඒ අතරතුර අගරදතුමා වරෙක කියා තිබුණේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් බෞද්ධාගමට තැනක් ලැබීම කිතුනුවනට ගැටලූවක් නොවන බවයි.
1972 ව්‍යවස්ථාව ක‍්‍රියාත්මක වන තුරු මෙරට ආණ්ඩුවට ආගමක් තිබුනේ නැත. එසේ නොතිබීම බෞද්ධාගමට හෝ ආණ්ඩුවලට හෝ ප‍්‍රශ්නයක් වූයේද නැත. ආගමේ කටයුතු ආගම කළ අතර ආණ්ඩුවේ කටයුතු ආණ්ඩුව කරගෙන ගියේය.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් යනු රටේ මූලික නීතියයැයි කියවේ. ආගම් රැුසක් ඇති, ජාතීන් රැුසක් ජීවත්වන රටක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකින් එක්තරා ජනකොටසකට හෝ ආගමකට විශේෂත්වයක් දක්වන්නේ නම් එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලධර්ම උල්ලංගනය කිරීමකි. එක්කෝ ඒ රටේ ඇති සියලූම ආගම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුය. නැතහොත් සියලූම ආගම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් බැහැර කළ යුතුය.
ආණ්ඩුවක් පත්වන්නේ තනිකරම බෞද්ධ ඡුන්ද වලින් නොවේ. හින්¥න්ද, කතෝලිකයන්ද, ඉස්ලාම් ආගම අදහන්නන්ද ආණ්ඩුවකට ඡුන්දය ලබා දෙති.   එසේම හින්¥න්ද ඉස්ලාම්වරුන්ද කතෝලිකයන්ද බෞද්ධයන් සේම පාර්ලිමේන්තුවට තේරී පත්වෙති. ඒ සියල්ලන්ටම පාර්ලිමේන්තුව තුළත් ඉන් බැහැරත් සමාන අයිතියක් තිබිය යුතුවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු ජන අනුපාතය අනුව බෙදීයන්නක් නොවන බැවිනි.
ගැටලූව වන්නේ එය ප‍්‍රසිද්ධියේ කීමට හෝ පිළිගැනීමට අන්‍යාගමිකයන් ඉදිරිපත් නොවීමයි. ඒ බෞද්ධ බලයට ඇති බිය නිසාවෙනි.
අනෙක් ආගම් ඉක්මවා බලතල හෝ වරප‍්‍රසාද ලැබීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලධර්මවලට පමණක් නොවේ බෞද්ධ දර්ශනයේ මූලධර්මවලටද පටහැනි නමුත් ඒ ගැන තර්ක කරන්නට කිසිවකු ඉදිරිපත් නොවන්නේ බෞද්ධකමට ඇති නොපෙනෙන බලයට බිය නිසාය.
නීතිය ඉදිරියේ සියල්ලන්ම සමාන බව කීවද ආගම් ඉදිරියේ නීතිය පවා දෙවරක් හිතන බව හොඳින් කල්පනා කරන කෙනෙකුට පැහැදිලි වනු ඇත. බෞද්ධ භික්‍ෂුවක් නම් තත්ත්වය වඩාත් බරපතලය. උද්ඝෝෂණ ආදිියේදී භික්‍ෂුන් පෙරමුණට දමන්නේද එකී භිතිකාවෙන් ප‍්‍රයෝජන ගැනීම සඳහාය. එය ඉබේම සිදුවන්නක් නොවේ. සැලසුම් සහගතව කෙරෙන්නකි.
සයිටම් විරෝධතාවයකදී පොලිස් නිලධාරියෙකුට ඇ`ගිල්ල දිගුකර අභියෝග කරන භික්‍ෂුවකගේ ඡුායාරූපයක් මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය විය. සාමාන්‍ය සිසුවෙකු එලෙස හැසිරුනේ නම් පොලිස් නිලධාරියාගේ හැසිරීම වෙනස්වන්නට තිබුණි.
රාජ්‍ය ආයතනවලට කඩා පැන ඇමතිවරුන්ට පවා තර්ජනය කරන්නට පසුගිය සමයේ ගලබොඩඅත්තේ වැන්නුන්ට බලය ලැබුනේ ආරක්‍ෂක ලේකම්වරු නිසා පමණක් නොවේ සිවුරේ බලය ද නිසාය.
ගැටලූව වන්නේ කිසිවකු ඒ ගැන ප‍්‍රශ්න නොකරීමයි. එය එසේ වූවාට කමක් නැත වැනි මතයක් සමාජයේ ස්ථාපිතව තිබීමයි.
ආණුඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ කාරණය සම්බන්ධව ගත් කල ප‍්‍රජාතන්ත‍්‍රවාදී පිවිසුමට නම් සෑම ආගමකටම සම තැන ලැබිය යුතුය යන්නයි. බෞද්ධාගමට මුල් තැන දී අපේ ආගමට දෙවන හෝ තුන්වන ස්ථානයට ලැබුණාට කමක් නැත යන හැ`ගීමක් සමාජගත කරන්නට ආගමික නායකයන්ම ඉදිරිපත් වීම වරදකි. කතෝලිකයන්ට වඩා වැඩි බලයක් බෞද්ධයන්ට ව්‍යවස්ථාවෙන් හිමිවීම වරදක් නැතැයි සිතන සමාජයක් මුස්ලිම්වරයාට වැඩි බලයක් සිංහලයාට තිබුණාට කමක් නැත, දෙමළ ජනයාට වඩා වැඩි බලයක් සිංහලයාට තිබුණාටත් කමක් නැත වැනි සංකල්පයකට ගමන් කිරීමට ඉඩ කඩ ඇති නිසාවෙනි.
දේශපාලකයන් බෞද්ධාගමට තැන දෙන්නට කතා කරන්නේ භක්තිය හෝ ශ‍්‍රද්ධාව නිසා යැයි සිතන්නට පුළුවන් කමක් නැත. ඔවුන් එසේ කරන්නේ ඡුන්ද පදනම ගැන කල්පනා කිරීමෙනි. එය දේශපාලන ව්‍යාවහාරය අනුව නම් අවස්ථාවාදයයි.
ඒ අර්ථයෙන් ගත් කල බෞද්ධාගමට හිමි තැන ව්‍යවස්ථාවෙන් නැති කරන්නේයැයි කියමින් බලය වඩා ගන්නට උත්සාහ කිරීමත්, බෞද්ධාගමට හිමි තැන නැති කරන්නේ නැතැයි කියමින් බලය වඩා ගැනීමත් එක කාසියේම දෙපැත්තයි. භික්‍ෂුවට අසුන දී පිටුපසට යාමට ගැලවීමේ හමුදාවේ පූජකවරායාට සිදුනන්නේ එකී බලදේශපාලනයේ ප‍්‍රතිඵලයක් වශයෙන් නොවේද?

අනුර සූරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *