මාව කපන්න හදන අය කියන්නේ සන්ධානය පරදින බවයි

‘“දුමින්ද චන්දයෙන් පස්සේ ඇමතිකම් අරගෙන යු එන් පී ආණ්ඩුවට යනවා .එයාට චන්දය දෙන්න එපා “ කියන අය මේ කියන්නේ මැතිවරණයෙන් සන්ධානය පරදින බවයි . මෙහෙම කියන එක අපට විශාල පාඩුවක් . මාව කපන්න ගිහින් මේ අය ගහන්නේ පක්ෂයටයි .’ යනුවෙන් ඇමති දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේය .

බොරු කියා භාණ්ඩ බෙදා චන්දය ගත් උදවියට දැන් තමා අභියෝගයක් වී ඇති බවත් තමාව පක්ෂයෙන් එළවීමට කිසිවකුට හැකියාවක් නොලැබෙන බවත් දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය .

අනුරාධපුරයේ එජනිසය දුමින්ද දිසානායක කණ්ඩායම හා එස් එම චන්ද්‍රසේන කණ්ඩායම ලෙස බෙදී මැතිවරණ කටයුතුවල නිරතවෙයි . දුමින්ද දිසානායක මහතාට එරෙහිව චන්ද්‍රසේන කණ්ඩායම ගෙනයන ප්‍රචාරයකට පිළිතුරු ලෙස දිසානායක මහතා මෙම ප්‍රකාශය කොට ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *