වෘත්තීය සමිතියක ලක්ෂ 39 ක් සාවද්‍ය ලෙස පරිහරණය කල මහින්දානන්දට නඩු —

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයේ වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 03ක් යටතේ අධි චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා අද (22) අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු ඇප නියම කර තිබේ.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී රුපියල් ලක්ෂ 20 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා විසින් ඇප නියම කර ඇති අතර ඔහුගේ විදෙස් ගමන්ද තහනම් කරමින් එම බලපත්‍රය ද අධිකරණය වෙත භාර ගෙන තිබේ.

ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇති අධිචෝදනා සම්බන්ධයෙන් මූලික විරෝධතා දැක්වීමට අවශ්‍ය බව මහින්දානන්ද අළුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කියා ඇති අතර ඊට අදාළ මූලික විරෝධතා ජුනි මස 27 වන දිනට පෙර ඉදිරිපත් කරන ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත.

අදාළ නඩුව ලබන ජුනි මස 27වනදා යළි කැඳවීමට නියමිත ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *