බාබර්ලාගෙන් දේශපාලනය ඉගෙනගන්නා මහින්දවාදී බොරුකාරයෝ – අනුර සුරියබණ්ඩාර

මැයි 12 සිකුරාදා ලංකාදීප පුවත්පතෙහි කිවිදා දැක්ම පිටුවට ලිපියක් ලියමින් පෙරාදෙනිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චරිත හේරත් මහතා අපූරු තර්ක කීහිපයක් මතුකොට තිබිණ ඉන් කිහිපයක් මෙසේය.
1. මෙවර මැයි දිනයේ ගෝල්ෆේස් රැුස්වීම හරහා ආණ්ඩුවට බලයක් නැතැයි ද ආණ්්ඩුව ඉවරයි යැයිද දේශපාලන අවිඥානයක් රටේ මතුවී ඇත.
2. ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය පිළිබඳ බරපතල නැ`ගිටීමක් රටේ සිදු වී ඇත.
3. රටේ ණයබර ඉහළ ගොස් ඇත.
බැලූ බැල්මට ඉහත කරුණුවල සත්‍යතාවක් ඇතැයි කෙනෙකුට පෙනුණද පැහැදිලිව විග‍්‍රහ කරන විට ඔහුගේ ලිපිය එහෙම පිටින්ම කොරහේ කිඹුලන් මවා පෙන්වා සාමාන්‍ය ඡුන්දදායකයා බිය වද්දා මහින්දගේ ගොඩ ලොකුකර දීමේ උත්සාහයක් මිස අන්කිසිවක් නොවේ. ඔහු ඒ කටයුත්ත සිදු කරන්නේද වෙස්වලාගෙන පහරදෙන ආකාරයටය. අප එසේ කියන්නේ ඔහු පෙනී හිටින්නේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ ජ්‍යේෂ්ඨ කතිකාචාරය යන  නාම විශේෂනයෙන් බැවිනි. ඒ හැදින්වීමත් සමග ඔහුගේ වචනවලට සිවිල් බලයක් ලැබේ.
එහෙත් මෙහිදී මතුවන ගැටලූව ඔහු පෙරාදෙනිය විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ ආචාර්යවරයකු පමණද යන්නයි. විශ්වවිද්‍යාල ආචාර්ය පට්ටම එළියට දමා ඔහු සිය මහින්දවාදීකම ස`ගවාගනු ලබයි. තමා මහින්දගේ පාලන සමයේ ඔහුගේ ආණ්ඩුවේ විවිධ තාන්න මාන්න ලැබූ බව හෝ නිලතල දැරූබව හෝ ඔහු මහජනයාට හෙළි කරන්නේ නැත.
ඔහු පවසන්නේ ආණ්ඩුව පරාද බව බාබර් කෙනෙක් පැවසූ බවයි. බාබර්ගේ කීම සකස්වන බව තහවුරු කරන්නට ඔහු බවත් කදිම විකාර උදාහරණයක් පවසයි. එනම්, 2014 දෙසැම්බරයේ මුල මහින්දගේ  පරාජයක් ගැන කිසිවකු පුරෝකථනයක් නොකළ අවස්ථාවක ඒ බාබර්වරායම මහින්ද පමාජය විය හැකි බව කී බවය.
චරිත්ගේ ඒ කියුමද පට්ටපල් බොරවකි. 2014 දෙසැම්බර් වන විට මහින්දගේ පරාජය ආණ්ඩුවේ සමීපතමයන් සියල්ලන්ටම වැටහී තිබුණි. ඒ ඊට කලින් පැවති පළාත්සභා මැතිවරණය හරහාය. අවුරුදු දෙකක් තිබිය දී මැතිවරණයකට යාමට මහින්ද තීරණය කරන්නේද එකී පරාජය ඉවවැටුණු නිසාය. ඒ සරල සත්‍යවත් නොවැටහෙන්නේ නම් එය චරිත්ගේ දේශපාලන විඥානය පිළිබඳ ගැටලූවකි. බාබර් කෙනෙකට තරම්වත් දේශපාලන බුද්ධියක් විශ්වවිද්‍යාල ආචාර්වරයාට නැතිවීම පුදුමයකි.
ගෝල්ෆේස් රැුළිය හරහා ආන්ඩුවට බලයක් නැතැයි හෝ ආණ්ඩුව ඉවරයි යන මතයක් ඇති වී ඇතැයි යන කියුමද අප වටහාගතයුත්තේ ඔහුගේ දේශපාලන නොදැනුවකමේම කොටසක් ලෙසිනි. බාබර් කෙනෙකුගෙන් අංජනම් බැලීමට ගොස් අචාර්යතුමා සුමනේගෙන් නැකැත් බැලීමට ගොස් ඔහුගේ ලොක්කා මහින්ද රාජපක්‍ෂ වැටුණාටත් වඩා ලොකු අමාරුවක වැටී තිබේ.
ගෝල්ෆේස් පිට්ටනියේ සෙන`ග පිරවීම ඇස්බැන්දුමක් බව චරිත නොදන්නවා නොවේ. එහෙත් ඔහු උත්සාහ කරන්නේ ඒ ඇස්බැන්දුම හරහා ජන විඥානය මහින්ද දෙසට හැරවීමට හෝ එසේ නොහැකිනම් අඩුම තරමින් ආණ්ඩුවේ බලය පිළිබඳ සැක කරන තැනකට හෝ ජනවිඥානය ගොනු කරන්නටය.
ගෝල්ෆේස් පිට්ටනියේ  සෙන`ගින් තීරණය වන්නේ ආණ්ඩු විරෝධි පිරිස යැයි පිළිගත යුතුය. අනෙක් අතින් ගත්විට කැම්බල්පිටියේ, මහනුවර රැුලියේ, ජවිපෙ රැුලියේ මේ සියලූ මේ සියලූ තැන්වල එක්රැුස්ව සිටියේ මහින්ද විරෝධි ජනසේනාවන්ය. ඒ සියලූ තැන්වලට එකතු වූ සෙන`ග එක්ව ගතහොත් ඊට වැඩි පිරිසක් ගෝල්ෆේස් පිටියේ සිටියාදැයි චරිත තමාගෙන්ම අසා ගතයුතුය. ඊළ`ග මැතිවරණයේදී ඒ සියලූ ජන්ද ක‍්‍රියාත්මක වන්නේ මහින්ද විරෝධිවය. එහෙයින් චරිත වැනි අය අපේක්‍ෂා කරන ජයග‍්‍රහණයක් ඊළ`ග මැතිවරණයේ දී මහින්දට ලබා දීම ද සිහිනයක් පමණි.
චරිත ඊළ`ගට කියන්නේ ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය පිළිබඳ බරපතල නැගිටීමක් රටේ ඇතිබවයි. ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය පිළිබඳ කිසිම ගැටලූවක් රටේ ජනතාවට ඇත්තේ නැත. ගැටලූව වන්නේ ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්නට සංවිධානාත්මක සුළුතරයක් උත්සාහ කරමින් සිටීමය.
හම්බන්තොට වරාය ප‍්‍රශ්නයේ දී හෝ වැට් ප‍්‍රශ්නයේදී හෝ ත‍්‍රිකුණාමල තෙල් ටැංකි ප‍්‍රශ්නයේ දී හෝ ප‍්‍රශ්න ඇතිකළේ ආණ්ඩුව වෙනුවෙන් ජන්දය පාවිච්චි කළ පිරිස නොවේ. ඒකාබද්ධයේ හෝ ජවිපෙ හෝ හිතවතුන් විසිනි. ඒ රටේ ආර්ථිකය බේරා ගැනීමේ පරම පවිත‍්‍ර චේතනාවෙන් නොවේ. ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල කඩාකප්පල්කර තමන්ගේ  පිලට බලය ලබා ගැනීමේ පටු චේතනාවෙන් යුතුවය. ආණ්ඩුවේ ආර්ථික උපක‍්‍රම සාර්ථක වුවහොත් තමන්ට කටඋත්තර නැති තත්ත්වයක් උදාවන බව ආණ්ඩු විරෝධීන්ට වැටහෙන බැවිනි.
ආර්ථික කළමනාකරණය ගැන විශේෂඥ කතා කියන මේ කිසිවෙක් එදා මහින්ද පාලනය යටතේ අහස අපට යැයි කියමින් මිහින් ලංකා නමැති ගුවන් සේවය අරඹා රටේ ධනය කබාසිනියා කරන විට කටක් අරියේ නැත. මුහුද ගොඩ කර චීනයට විකුණන විටත් කතා කළේ නැත. ෂැංගි‍්‍රලා වැනි ගනුදෙනු සිදු වෙද්දී ඔවුන් සිටියේ කසාය බිව් ගොළුවන් සේය.
මෙරට ආර්ථිකයේ විනාශයට මග පෑ¥ හේතු හේතු ඒවාය. වත්මන් ආන්ඩුව උත්සාහ කරන්නේ එසේ විනාශකළ ආර්ථිකය ප‍්‍රතිසංස්කරණය කරන්නටය. මහින්දවාදින් අකුල් හෙළිමින් සිටින්නේ ඒ උත්සාහටය.
චරිත හේරත් මහතා ඊළ`ගට පවසන්නේ රටේ ණය බර ඉහළගොස් ඇති බවයි. එය ඔහුගේ අලූත් සොයා ගැනීමක් නොවේ. නිදහස ලැබූ දා පටන් මේ දක්වා පැවති සෑම ආණ්ඩුවක්ම කළේ රටේ ණය බර වැඩි කිරීමයි. ණය බර අඩු කළ කිසිම ආණුවක් නැත. මහින්ද රාජපක්‍ෂ ආන්ඩු සමයේ වරාය, ගුවන්තොටුපළ, ක‍්‍රිඩාංගන ඉදිකළේ ණයටය. ඔහු ණය ගත්තේ ලෝක බැංකුව හෝ මූල්‍ය අරමුදල වැනි සහනදායි ණය සපයන ආයතනවලින්ද නොවේ. මහින්දගේ කැරැුට්ටුව නරක නිසා එවැනි ආයතන ණය නොදුන් බැවින් ගිනි පොලියට චීන බැංකුවලිනි.
නැවු නැති වරාය, ගුවන් යානා නැති තොටුපලවල්, වැඩකට නැති සම්මන්ග‍්‍රණ ශාලා හදන්නට රාජපක්‍ෂ ගිනි පොලියට ණය ලබාගත් කාලයේ චරිත හෙරත්ලා  කළේ කුමක්දැයි අසන්නට අයිතියක් මෙරට ජනතාවට  තිබේ. එකල මුවින් නොබැන රට ණය උගුලක හසුකරන්නට ඉඩ දී සිටි උදවියට දැන් හදිසියේ රටේ ණයබර ගැන රුදාවක් ඇතිවී තිබෙන්නේ රටට ආදරයට නොව බලතන්හාවටය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ නිතර කියන්නේ රට ගොඩනැ`ගීමට ආයෝජකයන් ගෙන්වා ගත යුතු බවයි. ණය බරින් හෙම්බත්වී ඇති රටකට තවතවත් ණය ලබා ගැනීමෙන් මිය යාමක් මිස ගොඩයාමක් නැතිබව ඔහු දන්නා බැවිනි. මහතිර් මොහමඞ් ද වරෙක කීවේ ශ‍්‍රී ලංකාවට අවශ්‍යව ඇත්තේ ණය නොව ආයෝජන බවයි.
හම්බන්තොට වරායට ආණ්ඩුව සකස්කර ඇත්තේ ආයෝජන සැලසුමකි. ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි සඳහා  ආරාධනය ඇත්තේ ද ආයෝජකයින්ටයි. සම්පත් විකුණනවායැයි හඬනගමින් ඒකාබද්ධය ජනතාව කුපිත   කරන්නේ එකී සැලසුම්වලට විරුද්ධවය. චරිත මහතා අයත්වන්නේද එකී කල්ලියටය. අප අනුමාන කරන ආකාරයට ඒ මහතාට ඇත්තේ රට ගැන කැක්කුමක් නොව බලය ගැන රුදාවකි. මහින්ද රටේ ආර්ථිකය අනතුරේ හෙළන විට තනතුරු රැුකගෙන නිහඬව හිටියා මිස ඔහු ඊට විරුද්ධව කතා නොකළ නිසාය.

  අනුර සුරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *