දවල් මිගෙල් රෑ දනියෙල් – භාතිය බරුකන්ද

‘දවල් මිගෙල්, රෑ  දනියෙල්’ කියලා උපහැරණයක් ගමේ තියෙනවා. මේ උපහැරණයෙන් එකිනෙකට හාත්පසින්ම වෙනස් චරිත ලක්ෂණ ප‍්‍රකට කරන පුද්ගලයින් හෙළා දැකීම සිද්ධ වුණා. මේ කතාවේ හැටියට නම් ‘මිගෙල්’ කියන පුද්ගලයා දවල්ට ඉන්නේ උපාසකයෙක් වාගේ. ඒත් මිනිහා රෑට හොරකම් කරන ‘මිගෙල් ’ කියන පල් හොරා.
මේ වාගේ තවත් හොඳ උපහැරණයක් තමයි ‘කන්න ඕනෑ වුණාම කබරගොයත් තලගොයා කරනවා’ කියන කතාව. මේ කතාවෙන් කළේ තමන්ගේ වාසියට ඕනෑම වැඩක් සාධාරණීකරණය කරන පුද්ගලයින් හෙළාදැකීම.
ගමේම භාෂාවෙන් කිවුවොත් අපේ ගැමියෝ මේ වාගේ කතා, උපහැරණ හදාගත්තේ ‘කට කහනවට’ නෙවේ. මේ වාගේ දෙපිටකාට්ටු ගතිගුණ තියෙන පුද්ගලයින් ගමට රටට හූනියමක් නිසා ඔවුන්ව හඳුනාගෙන අතේ දුරින් තියා ගන්න ඕනෑ. එහෙම නොවුනොත් සිද්ධ වෙන්නේ විහින් වළේ වැටෙන්න. මෙහෙම වළේ වැටුණ කෙනෙක් ගොඩ ගන්න ‘සක්ක‍්‍රයාගේ පුතා වයිමාටවත් බැහැලූ’
මේ කතා සේරම මතක් වුණේ පසුගිය 11 වැනිදා ලෝ ප‍්‍රකට බී.බී.සී සන්දේශය ( සිංහල* වෙබ්අඩවිය මුළු ලෝකයාටම වාර්තා කළ ප‍්‍රධාන ප‍්‍රවෘත්තියක් නිසා.
බී.බී.සී කතාව කෙටියෙන්
‘‘ශ්රීෙ ලංකාවේ සංචාරයක යෙදී සිටින ඉන්දීය අගමැති නරේන්ද්ර මෝදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඉල්ලීම මත ඔහු මුණ ගැසී සාකච්ඡා කළ බව ඉන්දීය බලධාරීහු පවසතිග ඉන්දීය අගමැතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මුණ ගැසී තිබෙන්නේ ජනාධිපති මෛත්රිසපාල සිරිසේන සමග ජනපති මැදුරේදී රාත්රි භෝජන සංග්රගහයකටද එක්වීමෙන් අනතුරුවයග මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග හමුවක් ඉන්දීය අගමැතිවරයාගේ සංචාරයේ න්යාඑය පත්රුයට ඇතුළත්ව නොතිබිණිග සාකච්ඡා වූ කරුණු පිළිබඳව මාධ්ය වේදිනියක් කළ විමසීමකට පිළිතුරු දුන් මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්ධුල දෙදෙනා අතර ඉතා සුහද සාකච්ඡාවක් පැවති බව සඳහන් කළේයග ,ගතව ගිය වසරවල සහ වර්තමානයේත් ඉන්දියාව ශ්රීා ලංකාවට ලබා දුන් සහ ලබාදෙමින් තිබෙන සහයෝගය පිළිබඳව සතුටුවන බව හිටපු ජනාධිපතිතුමා සඳහන් කළා, ඔහු පැවසීයග (බී.බී.සී. සන්දේශය, මැයි 11*
මේ ප‍්‍රවෘත්තිය බැලූ බැල්මට බොහෝ දෙනකුට සාමාන්‍ය ප‍්‍රවෘත්තියක් විය හැකියි. මේ ප‍්‍රවෘත්තිය තුළ පහත සඳහන් කරුණු අවධාරණය වෙනවා.
1. ශ්‍රී  ලංකාවේ සංචාරයක යෙදී සිටින ඉන්දීය අගමැති නරේන්ද්ර‍්‍ර මෝදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඉල්ලීම මත ඔහු මුණ ගැසී සාකච්ඡා කළ බව.
2. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග හමුවක් ඉන්දීය අගමැතිවරයාගේ සංචාරයේ න්යාගය පත්ර්යට ඇතුළත්ව නොතිබිණිග
3 ගතව ගිය වසරවල සහ වර්තමානයේත් ඉන්දියාව ශ්රීඉ ලංකාවට ලබා දුන් සහ ලබාදෙමින් තිබෙන සහයෝගය පිළිබඳව සතුටුවන බව හිටපු ජනාධිපතිතුමා සඳහන් කළ බව.
4 මෙම හමුව සිදුව තිබෙන්නේ රාත‍්‍රී 11 පමණ බව.
මේ ගැට ලිහා ගනිමු
දැන් අපි මේ කරුණු හතර එකින් එක පැහැදිලි කරගත යුතුයි. ඒ වෙන කිසිවක් නිසා නොවෙයි මේ හරහා හිටපු පාලකයින්ගේ ‘දවල් මිගෙල්  රෑ දනියෙල් පිළිවෙත’ මනාව පැහැදිලි කරගත හැකි නිසා.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග හමුවක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ න්‍යාය පත‍්‍රයේ ඇතුළත්ව තිබුණේ නැහැ. ඊට හේතුව ඉතාම පැහැදිලියි. එයින් ප‍්‍රධාන වන්නේ මහින්ද රාජපක්ෂ මහතා හිටපු ජනපතිවරයෙක් පමණයි. සාමාන්‍යයෙන් සිදුවිය යුතු පරිදි දේශපාලනයෙන් විශ‍්‍රාම නොගෙන ( 18 සම්මත කර නොගත්තා නම් එතුමා තම දෙවැනි ධූර කාලය අවසානයේ ගෞරවණීය ලෙස විශ‍්‍රාම යාමට නියමිතව සිටියා * යළිත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු බවට පත්ව සිටින මහින්ද රාජපක්ෂ මහතා අවම වශයෙන් පක්ෂ නායකයෙකුවත් නොවෙයි. වත්මන් නීතිය අනුව ඔහුට යළි ජනපති පදවිය සඳහා පත්විය නොහැකියි. ඒ නිසා ඉන්දීය අගමැතිවරයා වැනි අතිෂයින් කාර්ය බහුල අයෙකුට බලයෙන් පරාජයට පත් වූ හිටපු ජනපතිවරයෙක් හමුවීමට කිසිදු අවශ්‍යතාවක් තිබිය නොහැකියි. එසේ නම් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට වඩා ඉන්දීය අගමැතිවරයාට හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය හමුවීම වැදගත් විය හැකියි. මන්ද ඇය වත්මන් ආණ්ඩුවේ නිල නායිකාවක් නොවුණත් ආණ්ඩුව කෙරෙහි ප‍්‍රබල බලපෑමක් කළ හැකි චරිතයක්. අනෙක් අතින් ඉන්දීය දේශපාලන න්‍යාය පත‍්‍රය තුළ සුවිශේෂ අවධානයක් තිබෙන ලංකාවේ ජාතික සංහිඳියා ක‍්‍රියාවලිය තුළ ඇය ප‍්‍රබල භූමිකාවක් නිරූපණය කරනවා. ඉතිං ඉන්දීය අගමැතිවරයා මහින්ද රාජපක්ෂ හමුවීමට නිල වශයෙන් වුවමනාවක් නොතිබීම ඉතාම පැහැදිලි කරුණක්.
මෙහි සඳහන් දෙවැනි කරුණ තමයි මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීමට ඉල්ලීමක් කළ බව. ඒ අනුව ‘මහින්ද – මෝදි හමුව’ මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉල්ලා ගත් එකක්.
දැන් අපට තියෙන ප‍්‍රශ්නය තමයි ඇයි මහින්ද රාජපක්ෂ මහතා මෙවැනි පියවරක් ගත්තේ කියන එක. මේකට උත්තරය ඉතා පැහැදිලියි. ගමේ කතාවක් තියෙනවා ‘අබ කෑව මිනිහගේ නහය දනවා’ කියලා. මහින්ද රාජපක්ෂ මහතාගේ හෘද සාක්ෂිය දන්නවා මෝදිගේ ලංකා සංචාරය පමණක් නොවෙයි මෛත‍්‍රීපාල සිරිසේන ආණ්ඩුව බලයට පත් වූ දා සිට තමන් හා තමන්ගේ ගෝලබාලයින්, විශේෂයෙන් විමල් වීරවංශ ආදීන් ඉන්දියාව සම්බන්ධයෙන් කොතරම් අශිලාචාර හා අඳබාල ආකාරයෙන් ක‍්‍රියා කළාද කියන එක.
ඉන්දියාවට එරෙහිව කළ කී දේ
මේ සම්බන්ධයෙන් ප‍්‍රධාන උදාහරණ කිහිපයක් දැක්විය හැකියි. එයින් ප‍්‍රධාන වන්නේ ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව ප‍්‍රවර්ධනය කිරීම සඳහා අත්සන් තැබීමට සැලසුම් කරමින් සිටින ‘එට්කා’ ගිවිසුම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දරන කල්ලිය දක්වන දැවැන්ත විරෝධය. මෙම කල්ලියේ අවශ්‍යතාව මත මෙහෙය වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් එට්කා ගිිවිසුමට දිවි හිමියෙන් විරෝධය දක්වනවා. ඒ සමග දැවැන්ත ඉන්දීය විරෝධයක් ද දක්වනවා. මේ තත්ත්වය ඉන්දීය භූ දේශපාලනික වුවමනා එපාකම්වලට වගේම උපාය මාර්ගවලටත් දැවැන්ත තර්ජනයක්. මේ ගැන ඉන්දියාව දැඩි සෝදිසියෙන් මෙන්ම කණස්සල්ලෙන් ද සිටිනවා.
ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි
එට්කා ගිිවිසුමට පමණක් නොවෙයි ඉතාම අවස්ථාවාදීව, පටු අරමුණු වෙනුවෙන් දැඩිව ක‍්‍රියාත්මක වන මේ ඒකාබද්ධ කල්ලිය පසුගිය දා ඉන්දීය විරෝධය තවත් වටයකින් ඔසවා තැබුවා. ඒ කිසිම තර්කානුකූල පදනමක් නැති, යල්පැන ගිය ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දිය සමාගමකට විකුණන්න යනවා කියලා මහා ප‍්‍රවාදයක් ඇති කරමින්. එය අවසාන වුණේ තෙල් සංස්ථා සේවකයින්ගේ වැඩවර්ජනයකින්. මේ වැඩවර්ජනය හා විරෝධය පිටුපස හිටියේ මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙන ඒකාබද්ධ විපක්ෂයේ කල්ලිය.
සුදු කොඩියක් වූ කලූකොඩි කතාව
ඉන්දීය අගමැතිවරයාගේ ශ‍්‍රී ලංකා සංචාරයේ ප‍්‍රධාන අරමුණ වුණේ ජාත්‍යන්තර වෙසක් උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වීම. ඒත් මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙන ඒකාබද්ධ විපක්ෂයේ කල්ලිය මේ සංචාරය අර්ථකථනය කළේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයට. ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රධාන ප‍්‍රකාශකයා විදිහට සලකන්න පුළුවන් විමල් වීරවංශ මේ විරෝධයේ උපරිමයට ගිහින් ඉන්දීය අගමැතිවරයාගේ ශ‍්‍රී ලංකා සංචාරයට විරෝධය පා කලූකොඩි ඔසවන්න කියලා ජනතාවගෙන් ප‍්‍රසිද්ධ ඉල්ලීමක් පවා කරන තැනට ගියා.
මේ තමයි ඉන්දීය අගමැතිවරයාගේ ශ‍්‍රී ලංකා සංචාරය සිදුවන විට මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙන ඒකාබද්ධ කල්ලියේ සමස්ත හැසිරීමේ ශේෂපත‍්‍රය. මෙවැනි දැවැන්ත හා කුහක විරෝධයක් මැද සිදුවුණ ඉන්දීය අගමැතිවරයාගේ ශ‍්‍රී ලංකා සංචාරයේදී මහින්ද රාජපක්ෂ කෙනෙක් ගැන කිසිම සඳහනක් නොවීම ගැන අපට පුදුමයක් නැහැ. පුුදුමේ තියෙන් මෙවැනි තත්ත්වයක් තුළ මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අගමැතිවරයා හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටීම ගැනයි.
දවල් මිගෙල් – ? දනියෙල්
ලිපිය ආරම්භයේදී සඳහන් කළ ‘දවල් මිගෙල් – ? දනියෙල් ’ කතාව මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් වඩාත්ම අදාළ වෙන්නේ මෙන්න මේ නිසා. ඒ බව තහවුරු කරන්නේ බී.බී.සී සන්දේශය හමුවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා කියන මේ ප‍්‍රකාශය ‘‘ ගතව ගිය වසරවල සහ වර්තමානයේත් ඉන්දියාව ශ්රීන ලංකාවට ලබා දුන් සහ ලබාදෙමින් තිබෙන සහයෝගය පිළිබඳව සතුටුවන බව හිටපු ජනාධිපතිතුමා සඳහන් කළා’’
ඉන්දිය මහ කොමසාරිස්වරයා කියන ආකාරයට මහින්ද රාජපක්ෂ මහතා මේ මහ ? ඉන්දීය අගමැතිවරයා හමුවෙන්න තකහනියේ දුවන්නේ මොකටද ? විමල් වීරවංශගේ, තෙල් සංස්ථා සේවකයින්ගේ එහෙම නැති නම් එට්කා ගිවිසුමට මාරාන්තිකව විරුද්ධ පාදෙණිය දොස්තර මහත්තයාගේ ඉන්දීය විරෝධය අගමැති මෝදිට නිල වශයෙන් ප‍්‍රකාශ කරන්නද ? නැහැ ඊට වඩා වෙනස් අරමුණකින් තමයි මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අගමැතිවරයා හමුවෙන්න යන්නේ. ඒ බව ඉහත සඳහන් කළ ප‍්‍රකාශයෙන් අපූරුවට තහවුරු වෙනවා.
දැන් ඉතිං විමල් වීරවංශලා, දොස්තර පාදෙණියලා මොකද කියන්නේ ? මෙන්න මහින්ද රාජපක්ෂ මහත්තා ගිහින් මෝදිට තමන්ගේ පාලන සමයේ කළ උදව් උපකාරවලටයි දැන් මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පාලන සමයේ කරන උදව් උපකාරවලටයි තමන් සතුටු වෙන බව කියනවා.
මහින්දට කළ උදව් මොනවාද ?
ඉන්දියාව තමන්ගේ පාලන සමයේදී කළ උදව්වලට අද ස්තූතිය පළ කරන මහින්ද රාජපක්ෂ මහත්තයා ඇත්තටම තමන්ගේ පාලන සමයේදී ඉන්දියාවට කෘතගුණ සැලකුවාද ? ඉන්දියාවට ඒ ගරුත්වය දුන්නාද ? උත්තරය නැහැ. එක්සත් ජාතීන් මානව අයිතිවාසිකම් කොමිෂම හමුවේ ඉන්දියාව මුල් අවස්ථාවේ ලංකාවට සහාය දුන්නා. ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ මහතා ‘13 ප්ලස්’ විසඳුමක් ලංකාවේ ජාතික ගැටලූවට ලබාදෙන බව ප‍්‍රකාශ කළා. ඒත් ඒක යථාර්ථයක් කරනවා වෙනුවට මහින්ද රාජපක්ෂ මහත්තයා තමන්ගේ අතේවාසිකයින්ට අනුබල දුන්නේ දැවැන්ත ඉන්දීය විරෝධයක් වෙත යන්න. පසුගිය කොන්ග‍්‍රස් ආණ්ඩු සමයේ උතුරේ ගැටලූව ගැන සොයා බලන්න ලංකාවට පැමිණි ඉන්දීය ජනපතිනියට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දැක්වූ නොසැලකිල්ල ඉන්දියාවට කිසිමදාක අමතක නොවන බව සහතිකයි. ඊට පසුව මානව හිමිකම් කවුන්සිලයේදී ඉන්දියාව ඇමෙරිකානු යෝජනාවට පක්ෂ වූ විට රාජපක්ෂ ආණ්ඩුව සියලූ වැර යොදා ඉන්දියාට පහර දුන්නේ යුද සමයේ ඉන්දියාව විසින් ලබා දුන් දැවැන්ත සහාය හා රැුකවරණය ගැන කිසිදු තැකීමකින් තොරව.
ඒ නිසා මහින්ද රාජපක්ෂ ඇතුළු කල්ලිය බලය තිබුණ කාලයේ සහ බලයෙන් පහ වූ විටත් හැසිරුණේ ඉන්දියාව ලංකාව විනාශ කිරීමට දත කට නියවන් ඉන්න රකුසෙක් ගානට සලකමින්. ඒ නිසා මේ රටේ ජනතාවට අයිතියක් තියෙනවා ‘ඔබතුමාගේ කාලයේ ඉන්දියාව ලබා දුන් සහාය මොකක්ද ? කියලා අහන්න. නැතිනම් අපිට සිද්ධ වෙන්නේ පටු දේශපාලන අවස්ථාවාදය උඩ දමමින් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කල්ලියේ ඉන්දීය විරෝධය හමුවේ අසරණ වෙන්න. මොකද අපිට දැවැන්ත ඉන්දීය විරෝධයක් දැක්වූවාට අපි නොදන්න උදව් මහින්ද මහත්තයාට ඉන්දියාව කරලා තියෙනවා. එතකොට මේ විමල් වීරවංශලා, පාදෙණිය දොස්තර මහත්තයලා කියන්නේ ගමේ බාසාවෙන් කිවුවොත් ‘පයිත්තියං කතා’ කියලා තමයි අපිට හිතෙන්නේ.
මෛත‍්‍රීට කළ අපි නොදන්න උදව් මොනවාද ?
මහින්ද මහත්තයා තමන්ගේ කාලේ විතරයක් නොවෙයි අද මෛත‍්‍රීපාල සිරිසේන මහතාට කරන උදව් ගැනත් ඉන්දීයාවට ස්තූති කරනවා. ඇත්තටම ඉන්දියාව වත්මන් ආණ්ඩුවට කරන අපි නොදන්න උදව් මොනවාද ? එට්කා ගිවිසුමද ? තෙල් ටැංකි සංකීර්ණය බදු ගැනීමද ? ජාතික ගැටලූව විසඳා ගැනීමට උපකාර කිරීමද ? ඒත් ඇත්තටම පසුගිය කාලේ පුරාවමට මේ වැඩ එකක්වත් කරගන්න මහින්ද මහත්තයයි එතුමාගේ කල්ලියයි කිසිම උදව්වක් කළා ? නැහැ. අපි දැක්කේ මේ සියලූ ප‍්‍රයත්නයන් ඊනියා ඉන්දීය විරෝධයක් මවමින් කඩාකල්පල් කරන එක. අඩුම ගානේ ජාත්‍යන්තර වෙසක් උත්සවයටවත් ඉන්දීය අගමැතිවරයා එනවාට මහින්ද මහත්තයාගේ ගෝල බාලයින් කැමැති වුණේ නැහැ.
ඒත් ඉන්දීය අගමැතිවරයා ලංකාවට ආවාම මෙන්න ඉල්ලගෙන ගිහින් හමුවීම් ලබා ගන්නවා. ගිහින් ස්තුති කරනවා. මේ වාගේ කතාවලට කියන සිංහල උපහැරණේ මොකක්ද කියලා මේ මොහොතේ මතකයට එන්නේ නැති වුණත් ‘කන්න ඕනෑ වුණාම කබරගෙයත් තලගොයා වෙනවා’ කියලා කියන කතාව නම් මතක් වෙනවා.
ඉතිං එවැනි තත්ත්වයක් තුළ අපට මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අගමැතිවරයා හමුවීම විශ්මයට වගේම හාස්‍යයට කරුණක්. ඒත් දේශපාලනයේදී මේ තත්ත්වය ‘රාජ්‍ය තාන්ත‍්‍රිකභාවය’ කියලා නාමකරණය කරන්න පුළුවන් ඇති. ඒත් අපේ ගමේ ගොඬේ බාසාවෙන් නම් මේවට කියන්නේ ‘දවල් මිගෙල් ? දනියෙල් ’වැඩ කියලා.
තවත් කතා තිබේ
මහින්ද රාජපක්ෂ මහතා මේ ආකාරයෙන් හැසිරුණේ ඉන්දීය අගමැතිවරයා හමුවේ පමණක් නොවෙයි. එතුමා බලයේ සිටියදීත් මේ ආකාරයටම ප‍්‍රදර්ශනකාමී වැඩ හරි හරියට කළා. ඒවාට උදාහරණ ඕනෑ තරම් තිබෙනවා. අපි පුංචි උදාහරණයකට ගියොත් එතුමා සහ එතුමාගේ ආණ්ඩුව දැවැන්ත බටහිර විශේෂයෙන් ඇමරිකානු විරෝධී ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේ. ඒත් අපි ක‍්‍රියාවෙන් දැක්කේ ලංකාවේ ඡුන්දදායකයින් හමුවේ සිදුවන ඊනියා බටහිර, ඇමරිකානු විරෝධී රඟපෑම වෙනුවට බටහිර නායකයින් හමුවේ බොහොම මෘදු ආකාරයට හැසිරෙන ජනාධිපතිවරයෙක්. කුප‍්‍රකට ඔක්ස්ෆර්ඞ් දේශනයට ගිය ගමන, ඔබාමා සහ බි‍්‍රතාන්‍ය මහ රැුජිණ සමග ඡුායාරූප ගැනීම මේ සඳහා නිදසුන් කිහිපයක් පමණයි.
මේ තත්ත්වය තුළ මේ රටේ ජනතාව යළි යළි සිතා බැලිය යුතු තත්ත්වයක් තිබෙනවා. ඒ තමයි මොවුන් මේ කරන්නේ සම්පූර්ණයෙන්ම රඟපෑමක් බව. ජනතාව තුළ නානාප‍්‍රකාර විරෝධයන් ඇති කරමින්, විවිධාකාරයේ බිල්ලන් මවමින් මේ හදන්නේ යළි බලය අත්පත් කර ගැනීමට කෙටිමං තනා ගැනීමට උප්පර වැට්ටියක් පමණයි. ඒ නිසාය තමයි ලංකා ආණ්ඩුවේ බලය යළි අල්ලා ගැනීමට බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ වාගේ ඇමෙරිකානු පුරවැසියන් උදේ ? වෙහෙසෙන්නේ.
මේ රටේ සබුද්ධික ජනතාව මේ දවල් මිගෙල් ? දනියෙල්ලාගේ ඊනියා රඟපෑම වහාම වටහා ගෙන ඒ සඳහා නිසි පිළිතුරු ලබාදිය යුතුයි. එහෙම නොවුනොත් මුළු රටටම සිද්ධ වෙන්නේ ? වැටුණ වළේ මහ දවාලේ වැටෙන එක.

සටහන
භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *