|

කැබිනට් මණ්ඩලය වෙනස් වෙයි ! මංගලට මුදල් හා ජනමාධ්‍යය – රවීට විදේශ

යහපාලන රජයේ පළමු කැබිනට් සංශෝධනය මීට සුලු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී සිදුවිය.එම සංශෝධනයේදී අමාත්‍යවරු දිවුරුම් දුන් ආකාරය මෙසේය.

මංගල සමරවීර – මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යංශය

රවී කරුණානායක – විදේශ කටයුතු අමාත්‍යංශය

මහින්ද සමරසිංහ – වරාය සහ නාවුක කටයුතු

ගයන්ත කරුණාතිලක – ඉඩම් හා පාර්ලිමෙන්තු

අර්ජුන රණතුංග – ඛනිජ තෙල් සම්පත් සංවර්ධන

චන්දිම වීරක්කොඩි – නිපුණතා සංවර්ධන

තිලක් මාරපණ – විශේෂ සංවර්ධන අමාත්‍ය

SB දිසානායක – සමාජ සවිබල ගැන්වීම්, සුභසාධන සහ කදුරට උරුමයන් පිළිබඳ අමාත්‍ය

WDJ සෙනවිරත්න – කම්කරු සහ සබරගමුව සංවර්ධන

මේ අතර ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කල මහින්ද අමරවීර මහතා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත්කර තිබේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *