ශ‍්‍රී ලංකාව තහනම් කළ ග්ලයිෆොසේට් වල් නාශකයට යුරෝපා සංගමයේ අවසරය තව වසර දහයකට දික්කරයි

මොන්සාටෝ සමාගම රවුන්ඞ් අප් නමින් ඉදිරිපත් කරන ග්ලයිෆොසේට් වල් නාශකයට දී ඇති අවසරය තමත් වසර දහයකින් දිගුකිරීමට යුරෝපා කොමිසම යෝජනා කොට ඇත. මෙම වල් නාශකයේ සෞඛ්‍ය ආරක්‍ෂිත බව පිළිබඳව පරිසරවේදීන් මතු කර තිබූ විරෝධය නිසා යුරෝපා රසායනික නියේජිතායතන විසින් කළ පරීක්‍ෂණයේ ප‍්‍රතිඵල මත මෙම තීරණය ගෙන ඇත.
ග්ලයිෆොසේට් වල් නාශකය ගැන විරෝධය එල්ලකොට තිබුණේ එමගින් පිළිකා ඇතිකරන බවටය. කෙසේ වෙතත් පරීක්‍ෂණයෙන් නිගමනය වී ඇත්තේ පිලිකා කාරකයක් ලෙස ග්ලයිෆොසේට් වර්ගීකරණය කළ නොහැකි බවය.
කෙසේ වෙතත් පරිසරවේදින්ගේ ඉල්ලීම මත ශ‍්‍රී ලංකාව ග්ලයිෆොසේට් වල් නාශකය ගෙන්වීම, බෙදාහැරීම, භාවිතය තහනම් කොට ඇති අතර එයින් කෘෂි කර්මයට හා තේ වගාවද  බරපතල පසුබෑමකය ලක්ව ඇත.
ලෝකයේ මෙම වල් නාශකය තහනම් කළ එකම රට ශ‍්‍රී ලංකාවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *