සෑම පුරවැසියෙකුගේම ජීවිතය ආරක්‍ෂා කිරීම රජය සතු වගකීමකි – පාර්ලිමේන්තු මන්ත‍්‍රි එම්.එම්.එම්. සල්මාන් (මුස්ල්ලිම් කොන්ග‍්‍රසය)

සෑම පුරවැසියෙකුටම ජීවත් වීමේ අයිතිය තියනවා. පැහැරගැනීමකට ලක්වීමේ දී ඔවුන්ගේ නිදහස ඇතුළු සෑම අයිතිවාසිකමක්ම අහිමිවීමේ තර්ජනයක් තියනවා.  සෑම පුරවැසියෙකුගේම ජීවිතය ආරක්‍ෂා කිරීම රජය සතුයි. ඒ නිසා රාජ්‍යයට මෙහිදී විශාල වගකීමක් තියනවා.
ශ‍්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් මෙහෙයවන ලද, කොළඹ තැපැල් ශ‍්‍රවණාගාරයේ පැවති ‘‘පුද්ගලයන් අතුරුදහන් වීම අපරාධ වරදක් කරනු’’ යන මැයෙන් පැවැත් වූ සම්මන්ත‍්‍රණයේ දී මුස්ලිම් කොන්ග‍්‍රස් පාර්ලිමේන්තු මන්ත‍්‍රි එම්.එම්.එම්. සල්මාන් කළ කතාව.
ශ‍්‍රී ලංකාව බලහත්කාරෙයෙන් හෝ කැමැත්තෙන් තොරව අතුරුදහන් කිරීම් වලින් ලෝකයේ දෙවන ස්ථානයට පත්වෙලා තියනවා කියලා, ඇමන්ස්ටි‍්‍ර ඉන්ට‍්‍රනැෂල් ස`ගරාවෙ තියනවා. ඒක රටකට ඒ තරම් හොඳ වාර්තාවක් නොවෙයි. කෙසේ වෙතත් අතුරුදහන් කිරීම, අතුරුදහන් වීම යන දෙකම මොන අර්ථයෙන් ගත්තත් ඉතාම බරපතල මානව හිමිකම් කඩකිරීමක්. එම කරුණ මානව හිමිකම් ගණනාවක් උල්ලංගනය කිරීමේ හැකියාවක් තියන වරදක්. එමගින් එතුළින් එම පහැරගනීමට හෝ අතුරුදහන්වන පවුල්වල අයගේ ඥාතීන් මිත‍්‍රාදීන් සියලූ දෙනාට ඇතිවන මානසික හා ශාරීරික පීඩනය අමුතුවෙන් කිවයුතු නැහැ.
ශ‍්‍රී ලංකාවේ අතුරුදහන්වීම් හෝ අතුරුදහන් කිරීම් පිළිබඳ නීතිය දිහා බලන විට, ඉතිහාසයෙ ප‍්‍රධාන වශයෙන්ම පැහැදිලිවම සඳහන් වෙච්ච කාලයක් විදිහට 1971 හා 1989 අවස්ථාවන්දි ඇතිවූ කැරලි අවස්ථාවන් හා 1983 සිට 2009 කාල වකවානුවේ දී උතුරු නැගෙනහිර පළාත්වල සිදු වූ යුද්ධය සමග ඉතාම ප‍්‍රචලිත තත්ත්වයකට පත්වුනා.
ඒ වගේම සාමාන්‍ය පිළිගැනීම අනුව සෑම පුරවැසියෙකුටම ජීවත් වීමේ අයිතිය තියනවා. පැහැරගැනීමකට ලක්වීමේ දී ඔවුන්ගේ නිදහස ඇතුළු සෑම අයිතිවාසිකමක්ම අහිමිවීමේ තර්ජනයක් තියනවා.  සෑම පුරවැසියෙකුගේම ජීවිතය ආරක්‍ෂා කිරීම රජය සතුයි. ඒ නිසා රාජ්‍යයට මෙහිදී විශාල වගකීමක් තියනවා. මම මුලින් සඳහන් කරපු අතුරුහන් වීම් ප‍්‍රමාණය ක‍්‍රම ක‍්‍රමයෙන් වැඩිවෙලා එක්දහස් නමසිය අනූගණන් වලදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ ජිනීවා කමිටුවට පැමිණි දහසය දාහක් පමණ ඉදිරිපත් වෙලා තිබුණා. මම ඒ අවස්ථාවේ දී ශ‍්‍රී ලංකාවේ පුනරුත්තාපන අධිකාරීයේ සභාපති වෙලා හිටියා. ඒ අවස්ථාවෙදි විදේශ අමාත්‍යංශය අපිට බාර දුන්නා දහසය දාහක් වූ අතුරුදහන් වූ සංඛ්‍යාව  පිළිබඳව කරුණු හොයලා මේ ගොල්ලන්ට මොනවද වුනේ කියලා, මේ ගොල්ලන්ගෙ වතගොත දැනුම් දෙන්න කියලා. මේ අනුව අපි ඒ අනුව විශේෂ ඒකකයක් හදලා මේ දහසය දාහක් දෙනාගේ අතුරුදහන් පිළිබඳව සම්පූර්ණ විස්තර අපි විදේශ අමාත්‍යාංශය හරහා ජිනිවාවල තියෙන මානව හිමිකම් කොමිසමට ලබා දුන්නා. ඒ අවස්ථාවේ දීම රජය ගත්තු පියවරක් තමයි ඒ අතුරුදහන් වූ අය මියගිය අයසේ සලකලා මරණ සහතික නිකුත් කිරීමේ විශේෂ පනතක් ගෙනල්ලා, අපි පුනරුත්තාපන අධිකාරිය හැටියට කෝටි 200ක පමණ මුදලක් එම එම දහසයදාහක් අතර එම බෙදා දුන්නා. අද තියන මාතෘකාව ගැන කතා කරනව නම් විශේෂයෙන්ම අතුරුදහන් වූවන් පිළිබඳ පනත් කෙටුම්පත ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක කිරීම සඳහා ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡුා කරන කොට මගේ අදහස නම් මෙය හුදකලාව සාකච්ඡුා කරන බෑ.
මේක පනතක් හැටියට තනියෙන් අරගෙන කතා කිරීම මම හිතන විදිහට ඒ තරම් ප‍්‍රයෝජනවත් නෑ. අපි යම්කිසි සන්දර්භයක සිට මෙය කතා කරනව නම් හොඳයි කියලා හිතනවා. ශ‍්‍රී ලංකාවේ 1833 අතීතයේ බි‍්‍රතාන්‍ය යුගයේ දී ප‍්‍රථම වතාවට මේ අතුරුදහන් වීම් වලට අදාල කරගත්ත හැකි, යම් කිසි නීතියක සඳහනක් තිබුණා. ඒ හබයස්කෝප් රීට් ආඥාව. ඒ පිළිබඳව හු`ගදෙනෙක් දන්නවා ඇති. නමුත් අවසානාවකට වගේ මෙතුළ තිබන නීතිමය හා වෙනත් ගැටළු නිසා හබයස්කෝප්  කියන රීට් ආඥාව හරහා යම් යම් ප‍්‍රතිකර්ම ලබා ගැනීමට ජනතාව යොමු වීමේ ප‍්‍රවනතාවය එන්න එන්නම අඩුවෙලා තියනවා. ඒකට හේතු ගණනාවක් තියෙන්න පුළුවන්. නීතිමය කරුණු තියෙන්න පුළුවන්, වියදම් අධික වීම, අධිකරණ කටයුතුවල දී අධික ලෙස කල්ගත වීම වැනි සාමාජික කරුණු තියෙන්න පුළුවන්. වසර ගණනාවක් මෙම නඩුව උසාවියෙ කතා කරල අවසානයක් නැතුව අත්හැර දාන තත්ත්වයකට පත් වුණා.
හබයස්කෝප් කියන රීට් ආඥාවෙ තියන නඩු තීන්දුවලින් කරන ලද සිද්ධාන්ත අනුව තමයි එය සිද්ධ වෙන්නෙ. එම නිසා ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය හැටියට අපි යෝජනා කරනවා, පුළුවන්නම් මේ හබයස්කෝප් කියන නීතිය පනතක් හැටියට පාර්ලිමේන්තුව විසින් අනුමත කරලා එය වඩා ක‍්‍රමවත්ව විදිමත්ව ජනතාවට ඉදිරිපත් කරල ඒ තුළින් මේ පැහැර ගැනීමට ලක්වෙන ජනතාවට සහනයක් ලබාගැනීමට උපකාරීවන ක‍්‍රමයක් හදන්න කියලා. බොහෝවිට එහෙම පනතක් හදන්න පුලූවන් නම්, එහෙමත් නැත්නම් මේ හබයස්කෝප් රීට් ආඥාවට තියෙන්නේ අභියාචනාධිකරණයට එය අභිමතනානුසාරී බලයක්. ඉදිරිපත්වන සාක්‍ෂි හා කරුණු අනුව අභියාචනා අධිකරණය තීරණය කරනවා. ඊට පස්සෙ මහෙස්ත‍්‍රාත් අධිකරණයට දෙනවා පරීක්‍ෂණය කරන්න. අවුරුදු ගාණක් මේක ඇදිල යනවා. අවසානයේ දී ප‍්‍රතිඵලයක් නැතිව හැමෝම අතහැරලා දාලා නිකම් ඉන්නව. අපරාධය කරපු අයයි, වින්දිතයනුයි අපරාදෙ කාලයයි, මුදලූයි නාස්තිකරගෙන වැඬේ අතහැරලා දානව. ඒ වගේම අපි චෝදනා කරනවා, මෙහිදී විශේෂයෙන්ම මේ හබයස්කෝප් කියන නීතිමය සහනය තුළින් අපරාධයකට වරදකාරයෙක් කරන්න බෑ. සහනයක් ලබාගන්න පුළුවන් වන්දියක් ලබාගැනීමෙන්. නැතිවෙච්ච කෙනා හොයාගන්න පුලූවන් ආදී වශයෙන් ඔය සහන පමණයි ලබාගන්න පුලූවන්. එම නිසා අපිට පුලූවන් නම් ඒ සියලූම සිද්ධාන්ත ඇතුළත් කරලා හබයස්කෝප් නීතියක් ලංකාවේ නිතිගත කරන්න, මම හිතන්නේ  විශේෂයෙන්ම මේ වගේ දෙවල් ඉදිරියට කරන්න හිතන් ඉන්න අය ඊට පෙර හිතයි මේ වගේ ශක්තිමත් නීතියක් ශ‍්‍රී ලංකාවේ ගියෙනව නම් මේ වගේ දේකට පෙළඹෙන්න.
ඊළ`ග කාරණය තමයි අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය. ගිය අවුරුද්දෙ පාර්ලිමේන්තුව සම්මත කළා. මේ දක්වා ක‍්‍රියාත්මක වෙලා නෑ. ජනතා විමුක්ති පෙරමුණෙන් කරන ලද ඉල්ලීමක් අනුව පනත නැවත සංශෝධනය කිරීමට සූදානමක් තියනව. කෙසේ වෙතත් මෙම පනත තුළින්, මෙම කාර්යලය තුළිනුත් දත්ත එක් රැුස් කරන්න පුළුවන්. සහන යෝජනා කරන්න පුලූවන්. නමුත් ඉතාම බරපතල අපරාධය වන පැහැර ගැනීම සිදුකරන පුද්ගලයින්ට දඬුවම් කිරීමේ හැකියාව මෙම අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට නැහැ. කෙසේවෙතත් ඉතාම පුළුල් විදිහට අපි යෝජනාවක් කරන්න  ඕනැ මෙය ශක්තිමත් කරලා ජනතාවට වැඩදායි වන විදිහට මෙයත් හබයස්කෝප් නීතිමය සහනය වගේ බලවත් ඒ වගේම ප‍්‍රතිඵලදායක නීතිමය කාර්යයක් බවට පරිවර්තනය කරන්න.
අතුරුදහන් වූවන්ගේ කාර්යාලය පිළිබඳ කතා කරන කොට, මෙහිදී අතුරුදහන් වූ තැනැත්තා කියන එක අර්ථ නිරූපණය කරන කොට බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ සම්මුතිය අර්ථනිරූපණයත් මෙයට ඇතුළත් කර තියෙනව.
මේ සාකච්ඡුාවේදී අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ඉතාම වැදගත් වෙනවා එයත් අපි ශක්තිමත් කරල ඉදිරියට ගෙනයායුතුයි කියල අපි යෝජනා කරනවා. මෙවැනි සන්දර්භයක් තුළ ඉඳගෙන තමයි අපි මේ පුද්ගලයින් අතුරුදහන් කිරීම අපරාධ වරදක් කියන එක කතාකරන්න අද මේ ස්ථානයට එක්රැුස් වෙලා ඉන්නේ. එය පාර්ලිමේන්තුවට ඉදරිපත් වෙලා සුප‍්‍රීම් උසාවියෙන් සලකා බලලා, පාර්ලිමේන්තුවට දැනුම් දීලා යම්කිසි දවසක නීතිගත වෙයි. අපේ අරමුණ විය යුත්තේ හැකිතාක් ඉක්මනට මෙම පනත් කෙටුම්පත පනතක් බවට පත් කිරීම. එහි සාධනීය ලක්‍ෂන තියනවා. ලංකාවෙන් එපිට සිදුවෙන පැහැරගැනීමක් පවා ඇතුළත් කර තිබෙනව. නමුත් අපිට මතකයි සිවිල් හා දේශපාලන සම්මුතිය ශ‍්‍රී ලංකාවේ නීතිගත කරනකොට පාර්ලිමේන්තුවට පනත් පැනෙවුවා ලංකාවේ ක‍්‍රීයාත්මක කරන්න.  එම පනත කිසිම ප‍්‍රයෝජනයකට නැති වැදගැම්මකට නැති පනතක්. ඊට වඩා හු`ගාක් ඉදිරියට ගිය, හු`ගාක් බලසම්පන්න පනතක් වගන්ති ඇතුළත් පනතක් හැටියට මම දකිනව මෙම පනත් කෙටුම්පත. ඒ වගේම මෙහිදී මම දැකපු එක දෙයක් තමයි මේ නීතිය වෙනත් නීති හා ගැටෙන කොට මේ නීතිය ඉදිරියෙන් බලපානව කියල තියෙනව. නමුත් මෙහි එක අනතුරක් තියෙනව. ඒ තමයි මහජන ආරක්‍ෂා පනත යටතේ ජනාධිපතිවරායට පුලූවන් ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන හැර අනෙක් සියලූම නීති බලරහිත කරන්න. හදිසි අවස්ථා නීතිය පවිච්චි කරන්න. ජාත්‍යන්තර සම්මුතියෙ තියනවා කවර තත්ත්වයක් යටතේ වුවත්, දේශපාලන අස්ථාවර භාවය තියන කොටත්, මහජන හදිසි අවස්ථාවල දී පවා බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම සාධාරනීකරණය කරන්න බැරි බවට. එහෙම නම් අපි යෝජනා කරන්නේ මෙම පනතේ විධිවිධාන කිසිම අවස්ථාවක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පමණක් යටත්විය යුතු නීතියක් බවට පරිවර්තනය කළොත් තමයි කවද හරි මේ බලහත්කාරයෙන් හෝ වෙනත් ආකාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳව අවසානයක් දකින්න.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *