චීනය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හා තාක්‍ෂණ සහයෝගීතාවට යුවාන් මිලියන 400 ක්..

චීනය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හා තාක්‍ෂණ සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා යුවාන් මිලියන 400 ක ප්‍රදානයක් ශ්‍රී ලංකාව වෙත ලබා දීම සඳහා වූ ගිවිසුමට 16 වන දා සන්ධ්‍යාවේ චීනයේ බෙයිජිං නුවර මහජන මහා ශාලාවේ දී අත්සන් තැබිණි.

චීන අග්‍රාමාත්‍ය ලී ක’ඡියාන් (Li Keqiang) මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දී මෙම ගිවිසුමට අත්සන් තැබූයේ චීනයේ නියෝජ්‍ය වෙළඳ අමාත්‍ය ෆු ෂියිං (Fu Ziying) මහතා සහ සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *