දුම්රිය සේවය, පටු අරමුණු දිනා ගැනීම වෙනුවෙන් ඉත්තෙකු කර ගන්න එපා! – ජාතික දුම්රිය සේවක සංගමයෙන් විශේෂ නිවේදනයක්!

දුම්රිය වෘත්තීය සමිතිවල එකමුතුවක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කරන ‘දුම්රිය වෘත්තීය සමිති සන්ධානය’ නමැති සමිතියක් විසින් පසුගිය සමයේ දිගින් දිගටම දුම්රිය දෙපාර්තමේන්තුවේත්, එහි පාලනාධිකාරියේත්, ශ්‍රී ලංකා දුම්රිය සේවය විසින් ක්‍රියාත්මක කරන විවිධ ව්‍යාපෘතිත් අපකීර්තියට පත් කිරීම් චේතනාවෙන් විවිධ මාධ්‍ය නිවේදන නිකුත් කර ඇති බව දක්නට ලැබිණි.

දුම්රිය දෙපාර්තම්න්තුවේ සේවයේ නියුතු සේවකයින් ලෙසත් දුම්රිය වෘත්තීය සමිති හා ඒවායේ නායකයින් ලෙසත් ඊටත් වඩා දුම්රිය සේවාවේ ප්‍රගමනය හා දියුණුව ප්‍රාර්ථනා කරන පුරවැසියන් ලෙසත් යටකී නිවේදන සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම අත්‍යාවශ්‍ය බව කල්පනා කළෙමු. අදාල සමිතිය විසින් විගණකාධිපති දෙපාර්තම්න්තුව විසින් විටින් විට විවිධ ආයතන වලට යොමු කරනු ලබන විගණන විමසුම්, විගණකාධිපතිවරයාගේ අවසන් නිර්දේශ හෝ නියමයන් ඇතුළත් වාර්තා ලෙස ‘වැරදි අදහසක්’ සන්නිවේදනය කිරීමට උත්සාහ දරා ඇත.

එක්කෝ, අදාල සමිති විසින් විගණන විමසුමක හා විගණකාධිපති වාර්තාවක වෙනස නොදැනුවත්ව මෙම වරද සිදු කරනවා විය හැක. එසේත් නැතිනම්, චේතනාන්විතවම මහජනයා නොමග යැවීමේ අදහසින් මෙවැන්නක් ස`දහන් කරනවා විය හැක. වෘත්තීය සමිතියක් නම් පළමුව විගණන විමසුමක හා විගණකාධිපති වාර්තාවක වෙනස නිසි ලෙස හදුනාගැනීම සිදු කළ යුතු බව සිහිපත් කරනු කැමැත්තෙමු. කෙසේ නමුත්, මෙම වෘත්තීය සමිතිය ඉටු කරනු ලබන්නේ කාගේ හෝ පුද්ගලික උවමනාවක් මුදුන් පත් කර ගැනීම වෙනුවෙන් දියත් කර ඇති කොන්ත්‍රාත්තුවක කොටසක් බව මේ වන විට පසක් වෙමින් තිබේ. දක්නට ඇත්තේ, පසුපසින් සිට අදෘශ්‍යමාන බළල් හස්තයක් විසින් සිදු කරනු ලබන රූකඩ නැටවීමක රූකඩයක් බවට මෙම සමිතියත් එහි නිළධාරීන් බව පවසන පුද්ගලයිනුත් පත්ව ඇති බවයි.

දුම්රිය සේවයේ ඉහළම තනතුරක් ද අමාත්‍යාංශ ලේකම්ධුරයක් ද දරා ඇති පුද්ගලයකු විසින් මෙම කණ්ඩායම මෙහෙයවනු ලබන බව පොදු වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ගේ හා දුම්රිය සේවකයින්ගේ නිරීක්ෂණයයි. සිය සේවා කාලය තුළ පුහු මාධ්‍ය සංදර්ශනයන් පමණක් සිදු කරමින් සිටිය ද දුම්රිය සේවයේ හෝ රටේ ඉදිරි ගමන වෙනුවෙන් කිසි`දු ඵලදායී සංවර්ධනයක් ඉටු නොකළ එම තැනැත්තා, වත්මන් සාමාන්‍යාධිකාරිවරයාගේ කාර්යක්ෂම සේවාව හා ඵලදායී සංවර්ධන කටයුතු මගින් අත්කරගෙන ඇති ජයග්‍රහණයන් ඉවසා දරා ගැනීමේ නොහැකියාවෙන් මෙසේ කටයුතු කරන බව දක්නට ලැබේ.

එසේම, දුම්රිය සේවය කෙරෙහි ජනතා අප්‍රසාදයන් මිස ප්‍රසාදය වර්ධනය කිරීමට කටයුතු නොකළ මෙවැනි පුද්ගලයින් දැන් දුම්රිය සේවයට ව්‍යාජ ප්‍රේමයක් පහළ කිරීම දුම්රිය සේවයේ කාගේත් හාස්‍යයට ලක්ව තිබේ. මාධ්‍ය හා සමාජ මාධ්‍ය මගින් දුම්රිය සේවයේ ඉදිරි ගමන වලකාලමින් මග හරස් කිරීමේ ප්‍රයත්නයක නිරත මෙම වෘත්තීය සමිති, විද්වතුන් බව සංගම් හා බැනර් මගින් පමණක් කියා සිටිය ද භාවිතාවෙන් එසේ නොවන හිටපු දුම්රිය ප්‍රධානීන්, අසාර්ථක හා අපකීර්තිමත් අතීතයක් ඇති තවත් ඇතැම් අන්තේවාසිකයින් සම`ග එක්ව අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා මෙන්ම ගරු අමාත්‍යතුමන් හා නියෝජ්‍ය අමාත්‍යතුමන් ද නොම`ග යැවීමට උත්සාහ දැරීමේ අසාර්ථක මෙහෙයුමක් දියත් කර ඇති බව දක්නට ලැබේ.

කෙසේ නමුත්, බොරු ඇගෑලුම්කම්පානා මෙම ඊනියා විද්වතුන්ගෙන් හා වෘත්තීය සමිතිවලින් බේරී සිටීමට රාජ්‍ය නායකයින්ද ප්‍රවේසම් විය යුතු බව ගෞරවයෙන් සිහිපත් කරමු. එසේම, දුම්රිය සේවාවේ සංවර්ධනය වෙනුවෙන් ගනු ලැබ ඇති තීරණ හා ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට අකුල් හෙළීම හෝ ඒවා බිද වැට්ටවීමට උත්සාහ දැරීම වෙනුවට කළ යුතු වන්නේ ඒවාහි දියුණුව වෙනුවෙන් සහාය දීමය. එසේ සහාය දැක්වීමට හෝ ආශීර්වාද කළ නොහැකි නම් දුම්රිය සේවය වලපල්ලට තල්ලු කිරීමේ විවිධ කුමන්ත්‍රණ දියත් නොකර සිටීම හෝ ප්‍රමාණවත් වන බව ගෞරවයෙන් ස`දහන් කරනු කැමැත්තෙමු.

දුම්රිය සේවාව යනු ඔබගේ හෝ මගේ හෝ වෙනත් හිටපු හෝ ඉන්නා පාලකයකුගේ හෝ පුද්ගලික දේපලක් හෝ බූදලයක් නොවන බව ද එය රැක ගැනීම අප සියලු දෙනාගේ වගකීම බව ද සිහිපත් කරන අතර ජනතාවගේ දේපලක් වන දුම්රිය සේවය තම තමන්ගේ පුද්ගලික හා පටු අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස ඉත්තෙකු කර නොගන්නයැයි කාරුණිකව ඉල්ලා සිටිමු. ස්තූතියි,

එච්. නිහාල් ගුණරත්න

ප්‍රධාන ලේකම් –  ජාතික දුම්රිය සේවක සංගමය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *