කැප්පෙටිපොල වීරයෙක්ද ? – අනුර සූරියබණ්ඩාර

තමාගේ නිවසේ බිත්තිවල සුදු හුණු ගෑමේ වරදට දඬුවම් නොලබා බේරුණේ තමා එය කළේ නොදැනුමත්කම නිසා බව රජු ද පිළිගත් නිසා බව එදා හෙළදිව කෘතියේ රෝබට් නොක්ස් පවසයි. එකල බිත්තියක සුදු හුණු ගෑමට අවසර තිබුණේ රජුට රදළයන්ට හා ආගමික ස්ථාන වලට පමණි.
ඉතිහාස කතාවක් ලෙස බලන කල එහි වරදක් නොතිබුණද මානව හිමිකම් කෝණයෙන් බලන්නෙකුට බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට යටත් වීමට පෙර උඩරට රාජ්‍යයේ පැවැති නීතිය පිළිබඳ ගැටලූවක් මතුවීම වැලැක්විය නොහැකිය. එනම් තමන්ගේ නිවෙසක හුණු ඩිංගක් අතුල්ලා ගැනීමේ නිදහස පවා එකල උඩරට සාමාන්‍ය ජනතාවට නොතිබුණු බවයි.
ඇහැලේපොළගේ දරුවන් හිසගසා දමා හිස් වංගෙඩියේ දමා මව ලවා කෙටවූ බව අප අසා අත්තෙමු. එපමණක් නොවේ ඩොයිලි සිය දින පොතෙහි සටහන් කර ඇති පරිදි 1812 කිර්ති ශ‍්‍රී ගේ පුතාවූ මාපිටියේ ලොකුබණ්ඩාර රාජ ද්‍රෝහි ක‍්‍රීයාවකට හුණුකොටුවේ දී කැලිවලට කපා මරා දමන ලදී. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට යටත් වීමට පෙර කන්ද උඩරට පැවතියේ කෙතරම් මිජේච්ඡු නීතියක්ද යන වග ඉන් පැහැදිලි වේ.
‘‘පදුවන්ට හා බෙරවායන්ට කොණ්ඩා හෝ රැුවුල් වැවීම තහනම් විය. හකුරන්ට දුරාවේ හා හාලින්ට රැුවුල් වැවීමත් වෙහොර හැට්ට ඇඳීමටත් අවයසර නැතිවිය. එහෙත් කොණ්ඩ බැඳිය හැකිය.’’
(ඩොයිලිගේ දින පොත*
ක‍්‍රි.ව. 1800 පමණ වන විට යුරෝපයේ ඇතිව තිබුණු සමාජ ආර්ථික සහ තාක්‍ෂණික විප්ලවයේ සුළ`ගක් වත් ඒ වන විට කන්ද උඩරට රාජ්‍යට වැදී නොතිබුණ බව ඉහත පාඨයෙන් පැහැදිලිවේ. බටහිර නීතිරීති, සදාචාරය පසෙක තැබුවා වුවද අවම වශයෙන් බෞද්ධ දර්ශනයේ සඳහන් මානව ගුණාංග බුක්ති විඳීමේ අයිතිය පවා මෙරට පොදු ජනතාවට ලැබී නොතිබුණු බවට ඉහත සටහන කදිම සාක්‍ෂියකි.
යම් සමාජ ව්‍යාපාරයක හොඳ හෝ නරක ඊට නායකත්වය හෝ දායකත්වය සපයන්නන්ගේ වීරත්වය හෝ ද්‍රෝහීත්වය වටහා ගත යුත්තේ එම සමාජ ව්‍යාපාරය රටේ ජනතාවටත්, රටේ සංවර්ධනයටත් කොතෙක් ධනාත්මකව බලපාන්නේද යන සාධකය මතය.
යම් හෙයකින් උඩරට කැරැුල්ල සාර්ථක වූයේයැයි ද කන්ද උඩරට තවමත් පවතින්නේ එදා පැවති පාලන ක‍්‍රමය යැයි ද උපකල්පනය කළහොත් කන්ද උඩරට ජනතාවගේ කොණ්ඩ රැුවුල වැවීමේ කැපීමේ අයිතිය තවමත් තීරණය වන්නේ කුල ක‍්‍රමය අනුවය.
(තෙන්නකෝන් විමලානන්ද ගේ උඩරට කැරැුල්ල කෘතියේ එන සටහන් දෙකක් මෙසේය.
1. පසුගිය කාලයේ රාජපාක්‍ෂිකව සිටි නිළමේවරු සතුටු කිරීමට මා හැකිතාක් මහන්සිගත් බව සඳහන් කරමි. එසේ වුවද රජයේ තත්ත්වයට හානිකර වූ ද මහජනයාට පීඩාකාරී වු ද සියලූ බලතල ඔවුන් ගෙන් ගැනීමට අත්‍යාවශ්‍ය විය.
– බවුන්රීගේ සටහනකි –
මේ සටහන අනුව කියැවෙන්නේ නිලමේවරු සතුටු කිරීමට (ඔවුන් රජුකෙරෙන් ඉංග‍්‍රීසින් කෙරෙහි දිනා ගැනීමේ අරමුණින් යුතුව හා බි‍්‍රතාන්‍ය ආණ්ඩුවේ බලය ස්ථාවර කර ගැනීමේ අරමුණෙන් යුතුව වුවද රදළයන් සතු වූ මහජන පීඩාකාර බලය අහිමි කරන්නට බි‍්‍රතාන්‍ය ආණ්ඩුව කටයුතු කළ බවයි. එය වනාහි යුරෝපීය පන්නයේ පුරවැසි අයිතීන් මෙරට ද ස්ථාවර කිරීමට ගත් උත්සාහයකි. එකී උත්සාහයට එරෙහිව රදළ පැලැන්තිය උඩරට කැරැුල්ලට පිවිසීමට හේතුවද විමලානන්ද තෙන්නකෝන් කෘතියෙන්ම උපුටා ගන්නට පුලූවන. ඉහත සඳහන් කළ දෙවන සටහන වන එය මෙසේය.
2. ප‍්‍රධාන නිළමේවරු යටත් වැසියාගේ ධනය සූරාගත් ආකාර තුන වූයේ දැකුම්, නඩු ගාස්තු සහ දඩමුදල්ය. රදළයන්ට තිබූ අසීමිත බලය හේතුවෙන් ඔවුනට ජනතාව පීඩාවට පත්කරන්නටත්, සූරාන්නටත් අසීමිත ඉඩක් සැලසී තිබුණු ආකාරය ඩොයිලිගේ දිනපොතේද පැහැදිලි කරයි.
සුද්දට එරෙහි වූවා හැරෙන්නට තමන්ගෙන් සිදුවුණු පීඩනය අවසන් කිරීමට බාදා ලිහිල් කිරීමට හෝ අරමුණක් උඩරට කැරැුල්ලේ නායකත්වයට තිබුණු බවක් පෙනෙන්නට නැත.
බරහිට නීතිය පසෙක තැබුවද බෞද්ධ දර්ශනය මත පදනම්ව බුද්ධ දේශනාවේ සඳහන්ව ඇති උත්තරීතර මානව ගුණාංග ස්ථාපිත කරවන සමාජ රටාවක් ස්ථාපිත කරන්නට උත්සාහ කළ වගටත් උඩරට කැරැුල්ලේ කොතැනකදීවත් සාක්‍ෂි ලැබෙන්නේ නැත. බුදු දහමේ සඳහන් සමානාත්ම තාව පිළිබඳ හැ`ගීමක් රදළයන්ට හෝ භික්‍ෂුන්ට තිබුණු බවක් හැෙ`ගන්නේ ද නැත.
මානව හිමිකම් වලට අමතරව අධිරාජ්‍යවාදින්ගෙන් මෙරටට හිමි වු තවත් යහපත් අංගයක් වන්නේ කාර්මික විප්ලවයේ ප‍්‍රතිඵල මෙරටට ගලා ඒමයි. එතෙක් පැවති යැපුම් කෘෂිකර්මය මහා පරිමාන වතු වාගාවන් දක්වා වර්ධනය වන්නේ අධිරාජ්‍යවාදීන්ගේ මැදිහත් වීම නිසාය. රාජකාරී ක‍්‍රමයේ ප‍්‍රවේණිදාසයා වෙනුවට වැටුප් කම්කරුවා බිහිවීම වතු ආර්ථිකයේ ප‍්‍රතිඵලයකි.
බෙරවායාගේ දරුවාට විශාරද හෝ සංගිත් නිපුන් වීමට පාර කැපුණේ අධිරාජයවාදයට පින්සිදු වන්නටය. එසේ නොවන්නට සිදුවනු ඇත්තෙ කම්මල් කාරයාගේ දරුවාට යකඩ තලන්නටය. කුඹල් කරුවාගේ දරුවාට වළං තලන්නටය.
ජෝසප් ස්ටාලින් පවසන ආකාරයට ප‍්‍රවාහනය එනම් මාර්ග පද්ධතියේ දියුණුව යනු සංස්කෘතික විපර්යාසයේ ගාමක බලයයි. වතු ආශ‍්‍රිත නිෂ්පානය ප‍්‍රවාහනය කිරීමේ  අරමුණ  ඇතිව වුව අධිරාජ්‍යවාදීහු මෙරට මාර්ග පද්ධතියේ හා ප‍්‍රවාහන සංස්කෘතියේ දෑවැන්ත විප්ලවයක් කළහ. ඇතුපිට, දෝලාවෙන්, පයින් ගමන් කළ රටකට වාහනයෙන් යාමට කඩුගන්නාවේ ගල සිදුරු කරන්නේ ඩෝසන්ය.
1818 කැරැුල්ලේ වීරයන් නිදහස් කිරීම පිළිබඳව බරපතල හාහෝවක් පසුගිය දිනවල පැවතිණ. වීරයන් නිදහස් කිරීමේ යෝජනාව ගෙනාවේ ජවිපෙ සංස්කෘතික ඇමතිකම් කළ කාලයේ බව ද එසේම පැවසිණ. දැන් ඔවුන්ගේ උත්සාහය අපේ‍්‍රල් සහ ඉල් විරුවන් ද නිදහස් කර ගැන්මය.
වීරයන් නිදහස් කිරීම හෝ වීරයන් ගැසට් කිරීම ගැටළුවක් දැයි කිසිවකු විමසිය හැකිය. ගැටළුව ගැසට් කිරීම නොවේ එහි යටි අරුතයි. ආණුඩුවක් වුවද එය සියුම්ව වටහා ගත යුතුය.
එදා දුම්රිය මාර්ගය ඉදිකෙරෙන මානව හිමිකම් ස්ථාපිත කෙරෙන ක‍්‍රමයකට එරෙහි වූ කැරැුල්ලට අද පක්‍ෂපාතීත්වය දක්වන පිරිස් අද දවසේ කරමින් සිටින්නේ කුමක්ද? ත‍්‍රිකුණාමල තෙල් ටැංකි ලෝක යුධ සමයේ පටන් වැඩකට නොගෙන තැබුවාට ඔවුන්ගේ විරෝධයක් නැත. එහෙත් ඒවා ප‍්‍රයෝජනයකට ගත හැකි පරිදි විදෙස් ආයෝජකයන් සමග කටයුතු කරනවාට විරුද්ධය. නිදහස් අධ්‍යාපනය හුදු නාම පදයක් වූ රටක ඔවුන්ගේ සයිටම් විරෝධයද එසේමය.
සියල්ලෙන් වැටහෙන්නේ රටට අලූත් වීරයකු අවශ්‍ය බවය. වීරත්ය යනු හුදු විරෝධය පෑම නොවේ. පොදු ජනතාවගේ යහපත පරදුවට තබා එක් පැලැන්තියක් හෝ පක්‍ෂයක යහපත සලසා ගැනීමේ වෑයමට ද නොවේ.  සමාජයක රටක ඉදිරි ගමනට බාධාවන පරිදි හැසිරෙන්නෝ වීරයන් නොවේ. සමාජ ප‍්‍රගමනයට තිරිංග දමන්නා කවරෙකු වුවද ඔහු සැබෑ දෝහියෙකි.
අනුර සූරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *